බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

26000ක් මරා දැමූ පසු ලෝකය  ඊශ්‍රයාලයට දුන් තීන්දුව!

by editor
ජනවාරි 27, 2024
in ජීවිතය
Gaza

ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගියදකුණු ප්‍රදේශයේ ඛාන් යුනිස් හි දරුවෙක් රැගෙන යන වේදනාවට පත් පියෙක්....

Share on FacebookShare on Twitter

ගාසා තීරයේ අමානුෂිය යුද්ධය මානව ධර්මතාමත පදනම්ව නිර්වචනය වෙමින් ඇත. ජාත්‍යාන්තර අධිකරණය ගාසා තීරයේ සිදුවන සමූහ මනුෂ්‍ය ඝාතන පිළිගෙන ඇත. එවැනි ඝාතන නවත්වන ලෙස ද ඊශ්‍රයාලයට නියෝග කර තිබේ.

දකුණු අප්‍රිකාව ඉල්ලූ නඩුව

මාස තුනකට වැඩි කාලයක් තුළ පලස්තීනුවන් 26,000කට වඩා මරා දැමූ සහ ජනගහණයෙන් සියයට අනූවක්  අවතැන් කළ ගාසාහි  සටන නැවැත්වීමට හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව මේ මස මුලදී ජාත්‍යන්තර අධිකරණයට (ICJ) නඩුවක් ගෙන ආවේය.

එම නඩුව මගින් ඊශ්‍රායලයට   ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කළේය. ඊශ්‍රායලය මෙම නඩුව ඉවත දැමීමට උත්සාහ ගෙන තිබුණේය.

ඊශ්‍රායලයේ භට පිරිස් සිදුකරන සමූල ඝාතනය වැළැක්වීමටත්, උසිගැන්වීම් ක්‍රියාවන්ට දඬුවම් කිරීමටත්, මානුෂීය තත්ත්වය වැඩිදියුණු කිරීමටත්  පියවර ගෙන  එහි ප්‍රගතිය මාසයකින් වාර්තා කරන ලෙස ජාත්‍යාන්තර අධිකරණයේ විනිසුරුවරු ඊශ්‍රායලයට නියෝග කළහ.

තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි වුවද, එහි තීන්දුව බලාත්මක කිරීමට අධිකරණයට යාන්ත්‍රණයක් නොමැත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දකුණු අප්‍රිකාවේ චෝදනා අසත්‍ය සහ “දරුණු විකෘති” ලෙස හඳුන්වමින් ඊශ්‍රායලය නඩුව ඉවත දමන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල කළ සතුරෙකුට එරෙහිව ගාසා තීරයේ ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවත්, ඔවුන් අතර ක්‍රියාත්මක වීම නිසා සිවිල් වැසියන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් හමාස් සංවිධානයට දොස් පවරන බවත් ඊශ්‍රයාලය පැවසුවේය . නමුත්    සටන්කාමීන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව විසින් ඉල්ලා සිටි පරිදි සටන් විරාමයක් සඳහා නියෝග නොකළත්  පලස්තීනුවන්ට එරෙහි ජන සංහාර ක්‍රියා නවත්වන ලෙසත්,    සිවිල් වැසියන් කෙරෙහි වැඩි අවධානයක් සහිතව උපකාර කිරීම සඳහා කටයුතු කරන ලෙසත්  ජාත්‍යාන්තර අධිකරණය ඊයේ (26) ඊශ්‍රායලයට නියෝග  කිරීම ඉතාම වැදගත් ප්‍රවනතාවයක් ලෙස ජාත්‍යාන්තරය පිළිගෙන තිබේ.

ජන සංහාරය කෙතරම් බරපතල අපරාධයක් ද යත් එය වැළැක්වීමට සියලු රටවල් බැඳී සිටින බව නෛතික ප්‍රධානියා යටතේ ඉදිරිපත් කිරීමට අවසර දුන් දකුණු අප්‍රිකානු රජය, අධිකරණ නියෝගය ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයේ “තීරණාත්මක ජයග්‍රහණයක්” ලෙස    ප්‍රශංසා කළේය. දකුණු අප්‍රිකාව අවංකවම බලාපොරොත්තු වන්නේ ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇති පරිදි මෙම නියෝගය  පැහැර හැරීමට   ක්‍රියා නොකරනු ඇති බවය. නමුත් ඒ වෙනුවට එය කිරීමට බැඳී සිටින පරිදි එය සම්පුර්ණයෙන්ම පිළිපැදීමට ක්‍රියා කරනු ඇත,”  දකුණු අප්‍රිකාවේ  විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක පැවසුවේය.

ඊශ්‍රයාල යුද ටැංකි පෙරේදා (25) ගසා තීරයේ මායිම් අසල…

අන්තර්ජාතික අධිකරණයේ නියෝගය

ගාසා තීරයේ යුද්ධය නැවැත්වීම සඳහා   නියෝගයක් පිළිබඳ පලස්තීන අපේක්ෂාව මෙම තීන්දුව ප්‍රතික්ෂේප කළේය.

එමෙන්ම එම තීන්දුව  සමූලඝාතනයේ අළු මත පිහිටුවන ලද ජන සංහාර සම්මුතිය යටතේ ගෙන එන ලද නඩුවක් ඉවත දැමීමට බලාපොරොත්තු වූ ඊශ්‍රායලයට බරපතල පිළිතුරක් ලබා දුන්නේය.

මෙම තීන්දුව යටතේ පලස්තීනුවන් ආරක්ෂා කර ඇති බවත්, දරුණු මානුෂීය හානියක් සිදු කරන බව අධිකරණය ප්‍රකාශ කළ යුද්ධයකදී ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්නේද යන්න විමසිය යුතු බවත් අන්තර්ජාතික අධිකරණය   පැවසුවේය.

ගැටුම වේගවත් කළ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද ජාත්‍යාන්තර අධිකරණය  පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේය.

පලස්තීන නිලධාරීන් මෙම තීරණය බොහෝ සෙයින් අගය කළහ. පලස්තීන විදේශ අමාත්‍යාංශය පැවසු  එය “කිසිදු රාජ්‍යයක් නීතියට ඉහලින් නැත” යන්න මෙම තීන්දුවෙන් ප්‍රකාශ වුන බවය.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Sami Abu Zuhri රොයිටර් පුවත් සේවයට පැවසුවේ මෙම තීරණය “හුදකලා කළ ගාසා තීරයේ   අපරාධ හෙළිදරව් කිරීමට” දායක වනු ඇති බවය.

අන්තර්ජාතික අධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාව..

බෙන්ජමින් නෙතන්යාහු ගේ හැසිරීම

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ඊශ්‍රායලයට “ආරක්ෂා වීමේ මූලික අයිතිය” ලෙස හැඳින්වූ දෙය අහිමි කිරීමට සටන් නැවැත්වීමට නියෝග  කරන ලෙස උසාවියෙන් ඉල්ලූ   “අමුතු ඉල්ලීම “ උසාවිය සාධාරණ ලෙස ප්‍රතික්ෂේප කළ” බවය.

“නමුත් ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට කරන ලද ප්‍රකාශය අසත්‍යයක් පමණක් නොව, එය සාහසික ක්‍රියාවක් බවත් නෙතන්යාහු පැවසුවේය. ඔහු කීවේ  මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පවා අධිකරණය ඉදිරිපත් වීම පරම්පරා ගණනාවකට නොමැකෙන නින්දාවක් බවය.”

ඛාන් යූනිස්ට පහර දීම

ඛාන් යුනිස් හි ඊශ්රායල භූමි මෙහෙයුමක් අතරතුර දකුණු ගාසා තීරයේ රෆාහි දුම් නැගෙන අයුරු…

ගාසා තීරයේ, යුද්ධය දැඩි විනාශකාරී අවධියකට අවතීර්ණ වී තිබේ. මෑත වකවානුවේ දරුණුම සටන් දැන් සිදුවෙමින් පවතින්නේ ජනාකීර්ණ ප්‍රදේශවලය. ජීවිතය පමණක් ආරක්ෂා කරගෙන පැමිණි මිනිසුන් ජීවත් වෙමින් සිටින ලක්ෂ සංඛාතය ජනකායක් වෙසෙන තැන්වලය.

සිකුරාදා, ඊශ්‍රායලයේ ප්‍රධාන දකුණු නගරයක් වන ඛාන් යුනිස් වෙත බෝම්බ හෙලීම දිගටම කරගෙන ගියේය, එහිදී ඔවුන්   කියා සිටියේ තමන් “දැඩි සටන්” වල යෙදී සිටින බවය. හමුදා භටයින් හමාස් සටන්කරුවන්ට සහ යටිතල පහසුකම් වලට ගුවනින් සහ ගොඩබිමෙන් පහර දුන් බවය.

නිවැසියන් පැවසුවේ ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් අතරේ  නගරයේ බටහිර ප්‍රදේශයේ ගොඩනැගිලි සහ නිවාස   පු ඊශ්‍රායල හමුදා  විසින් පුපුරුවා දැමූ බවය. ඔවුන් පවසන්නේ එය ඛාන් යූනිස්හි මෙතෙක් සිදුවූ විශාලම ප්‍රහාරවලින් එකක් බවය.

ඊශ්‍රායලය කියා සිටියේ තම නවතම මෙහෙයුම් වලදී උමං පතු 200ක් පමණ සොයාගෙන හමාස් සටන්කාමින් විශාල ප්‍රමාණයක් විනාශ කළ බවය. උමං පතුල්  130කට වැඩි ප්‍රමාණයක් විනාශ කළ බවත්, ඔහු පැවසුවේය.

පලස්තීනුවන් පවසන්නේ ඊශ්‍රායලය විසින් රෝහල් අවහිර කර ඇති අතර මුදා ගැනිම් කණ්ඩායම්වලට  මියගිය සහ තුවාල ලැබූවන් වෙත ළඟා වීමට නොහැකි බවයි.

“බොහෝ වින්දිතයින් තවමත් සුන්බුන් යට සහ මාර්ගවල සිටින බව අපි විශ්වාස කරමු, හමුදා අවහිර කිරිම්  නිසා ගිලන්රථවලට සහ  සහ මුදා ගැනීමේ  සිවිල් හදිසි කණ්ඩායම් ඔවුන් වෙත ළඟා වීම වළක්වයි” යනුවෙන් ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක අෂ්රෆ් අල්-කිද්‍රා පැවසීය.

කෙසේ වෙතත් බටහිර කුපාඩිකම ලෝකය හමුවේ යම් මට්ටමකට ගර්හාවකට ලක් වෙමින් ඇත. එහෙත් ඒ සීමිත අධිකරණයමය විරෝධය මතුවන්නට අසරණ සිවිල් වැසියන් 26000ක් මිය යන තුරු ලෝකය බලා සිටියේය. ජනගහණයෙන් සියයට 90ක් අවතැන්වන තුරු බලා සිටියේය. මේ මොහොතේත් ඒ මිනිස්සු මැරෙන්න අත්හැර සිටිති. ලෝකය ඒ තරම් තුච්ඡ තැනක් බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සනත් නිශාන්තගේ මාරක රිය අනතුරින් පසු ගුවන්තොටුපල අධිවේගී මාර්ගය ආලෝකමත් වෙයි!

Next Post

“සිංහල ජාතිය බේරාගන්නට” පැමිණි අප්‍රකට පාතාල  අපරාධකරු ඝාතන සැලසුමේ මුල මැද අග!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.