බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

මේ අවුරුද්දත් කොවිඩ් එක්කම ගතකරන්න වේවි! – ආචාර්ය චන්දිම ජීවන්දර…

by editor
ජනවාරි 1, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ඊයේ (31) ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වූ බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති  හා සෛල ජෛව විද්‍යායතනයේ  අධ්‍යක්ෂ ආචාර් වෛද්‍ය චන්දිම ජීවන්දර කීවේය. සෞඛ්‍යය අමාත්‍යාංශ බලධාරීන් කීවේ රටේ සියයට 12ක් ඔමික්‍රොන් අවදානමක බවය. මෙවන් තත්වයක් තුළ බොහෝ දෙනා බූස්ටර් එන්නත මගහැර යෑම රටේ කොවිඩ් සුනාමියක් ඇතිවීමට පාර කපන බව විද්වත් සෞඛ්‍යය  වෘත්තිකයෝ අපට කියමින් සිටිති.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති  හා සෛල ජෛව විද්‍යායතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර විමසුවෙමු. අප ඇසූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු පහත දැක්වේ.

  • ප්‍රශ්නය – ඔමික්‍රෝන් ආසාදිතයින් කී දෙනෙකු මේ වන විට රට තුළින් සොයාගෙන තිබෙනවාද? 

පිළිතුර – ආසාදිතයින් 41ක්  ඊයේ 931)  සොයා ගත්තා.  මීට පෙර ආසාදිතයින් 5ක් සොයා ගත්තා.

  • ප්‍රශ්නය – මේ ආසාදිතයින් සියලුම දෙනා විදේශයන්ගේ සිට පැමිණි අයද?

පිළිතුර – අපට ආසාදිතයින්ගේ නිදර්ශක ලැබෙන්නේ රසායනාගාරයන් හරහා. විශේෂයෙන්ම ගුවන්තොටුපල පරිශ්‍රයේ තියෙන රසායනාගාරයෙන්, ගම්පහ  සහ කොළඹින් තමයි මේ නිදර්ශක ලැබුණේ. ඒ නිසා මේවා විදේශගතව සිට පැමිණි අයගේද යන්න අප කියන්න දන්නේ නැහැ.  ඒ බව තහවුරු කරන්නේ වසංගත රෝග විද්‍යා අංශය මගින්.

  • ප්‍රශ්නය –  ජාන ජාන විශ්ලේෂණ පර්යේෂණ වාර්තාවක් වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදීමක් සිදුවෙන්නේ කොපමණ කාලයක් තුළදීද?

පිළිතුර –  සෑම සතියකට වරක්ම ජාන විශ්ලේෂණ පර්යේෂණ වාර්තාවක්අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ලේකම්වරයාට බාරදෙනවා. ඊයේ (31) දිනයේදී මේ සතියට අදාල වාර්තාව ඔවුන්ට භාරදුන්නා.

  • ප්‍රශ්නය –  වාර්තාව සකස් කිරීමේදී කොපමණ නියැදි ප්‍රමාණයක් පරික්ෂාවට ලක්කරනවාද?

පිළිතුර – සාමාන්‍යයෙන් නියැදි 96ක් වගේ තමයි පරික්ෂාවට ලක්කරන්නේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ඔමික්‍රෝන් වයිරසය මෙරට තුළ පැතිර පවතින්නේද යන්න සොයා බැලීම සදහා   නියැදි 176ක් පරික්ෂා කළා.  

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

  • ප්‍රශ්නය –  වසර 2021 අවසාන දිනයේදී  නව වසර උදාවීමත් සමග කොරෝනා අවසන් වේවිද?

පිළිතුර – කොරෝනා අවසන් වෙන එකක් නැහැ. කොරෝනාත් සමගයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මොකද වසර ආරම්භ වෙන විටට ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවෙලා තියෙනවා.  විශේෂයෙන්ම‌ මේ වන විට එංගලන්තය, එක්සත් රාජධානිය , ඇමරිකාව වැනි රටවල් වල කොවිඩ් වයිරසය සීඝ්‍රයෙන් පැතිරලා. දකුණු ආසියානු රටවල් වෙත එවැනිම බලපෑමක් ඉදිරියේදී එල්ල කරයි. මොකද ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගිය අවස්ථාවේත් වුණේ මේ දේමයි.

  • ප්‍රශ්නය – වයිරසයට සාර්ථකව මුහුණ දීම සදහා ඇති  හොදම ක්‍රමය එන්නත ලබා ගැනීමද?

පිළිතුර – ඔව් . එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කිරිමෙන් ඔමික්‍රෝන් වයිරසයට සාර්ථකව මුහුණ දීමට පුළුවන් වෙන බව පර්යේෂණයන්ගෙන් සොයා‌ගෙන තිබෙනවා. ඒ නිසා සුදුසුකම් සපුරා ඇත්නම් බූස්ටර් එන්නත ලබා ගන්න. 

වයස අවුරුදු 60ට වැඩිනම් අවදානම වැඩියි. දරුණු රෝග තත්තවයන් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩියි. මරණයට පත්වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා එන්නත් ගන්න.

  • ප්‍රශ්නය –  බූස්ටර් එන්නත ඔමික්‍රෝන් වයරසය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද?  

පිළිතුර – අපි විද්‍යාඥයින් විදිහට විද්‍යාත්මක දත්ත තමයි අධ්‍යනය කරන්නේ. මේ වන විට ඊශ්‍රයලයේ කරන ලද පර්යේෂණයන්ගෙන් හෙලිව තිබෙනවා බූස්ටර් මාත්‍රාව  ලබාගත් පුද්ගලයින්ට ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් විශේෂ රැකවරණයක් ලැබෙන බව. නැවත කොවිඩ්  19 වයිරස් රෝගය වැලදීමේ හැකියාව අඩු වන බව.  බූස්ටර් එකෙන් කරන්නේ ප්‍රතිදේහ වැඩිකර දීමක්. ඒ නිසා අනිවාර්යයෙන්ම තුනවන මාත්‍රාව ලබා ගැනීම හොඳයි.

  • ප්‍රශ්නය – ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම කොයිවගේද? 

පිළිතුර –  දැනට දත්ත වාර්තාවන් අනුව තහවු කර තිබනවා   රෝග ලක්ෂණ පෙන්වීමට දින දෙකකට කලින් තමයි වයිරසය පිටකරන්නේ .  රෝග ලක්ෂණ පෙන්වා දින දෙක තුනක් යන විට වයිරස පිටවිම අවම වෙනවා. 

ඔමික්‍රොන් ප්‍රභේදය ප්‍රතිශක්තියට ප්‍රතිරෝධීබවක් දක්වනවා. එනම් අපේ ප්‍රතිශක්තිය ලබා ගත හැකි ක්‍රම දෙකයි. රෝගය සෑදීමෙන් ලැබෙන ප්‍රතිශක්තිය. නැතිනම් එන්නත්කරණය මගින් ලැබෙන ප්‍රතිශක්තිය. මේ ක්‍රම දෙකෙන්ම ප්‍රතිශක්තිය ලබා ගත්තත් එය මගහැරීමේ අවස්ථාවක් තියෙනවා 

ඩෙල්ටාවලට සාපේක්ෂව මෙයට ප්‍රතිශක්තිය මගහැරයාමේ හැකියාවක් තියනවා. ඔමික්‍රොන් හැදුන කෙනෙකුට ඉන් ලැබෙන ප්‍රතිශක්තියෙන්  ඩෙල්ටා ආසාදනය විම මගහරයවා ගැනීමේ  හැකියාවක් පවතින බව පර්යේෂණ වාර්තාවන්ගෙන් හෙළිව තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෑස් ලොරියෙන් සිලින්ඩර් බලෙන් අරන් ගිය තිදෙනෙක් අත්අඩංගුවට

Next Post

හඟුරන්කෙත රුපියල් කෝටියේ ගුරු වැටුප් හොරා වලපනේ ප්‍රාදේශීය සභාවේ සල්ලිත් ගසා කාලා….

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.