බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ

by editor
පෙබරවාරි 4, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගයේ වර්තමාන ව්‍යාප්තිය , රෝගයට ගොදුරු වීම හා එන්නත්කරණය සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සමග ලංකාසර කළ සාකච්ඡාවකි.

  • සෞඛ්‍ය සේවකයින් 1000කට වඩා කොවිඩ් ආසාදිත වෙලා…

  • ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස තවත් සේවකයින් විශාල ප්‍රමාණයක් නිරෝධායනයේ…

  • සෞඛ්‍ය පද්ධතියට බරපතල තර්ජන ඇතිවෙන්න පටන් අරන්…

  • දැනට රටට ඇති එන්නත් විකල්පය කොවිෂීල්ඩ් විතරයි…

ප්‍රශ්නය – කොවිඩ් වෛරසය ආසාදිත වූවන් හමුවීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ශ්‍රි ලංකාව මේ වන විට  සිටින්නේ බරපතල තත්ත්වයක නේද?

පිළිතුර – මෙය ‌ගෝලීය වසංගතයක් මේ ගැන අධ්‍යයනය නොකර අපිට ඉදිරියටයන්න බැහැ. මේ වන විට අප කොවිඩ් පළමු රැල්ලට වඩා දෙවන රැල්ලට ධරුණු ලෙස මුහුණ දෙමින් සිටිනවා. හොඳටම කොවිඩ්  පාලනය කල රටවල් පවා දැන් දෙවන හා තුන්වෙනි රැල්ල පිලිබඳව අනතුරු අඟවමින් සිටිනවා.

දැන් ඒ රටවල් තුළත් දිගැස්මක් ඇති වී තිබෙනවා. කොවිඩ් රෝගීන් හමු වීමත් සමග චීනය දකුණු කොරියාව හා ජපානය තුළත් මේ වගේ තත්ත්වයක් තමයි ගොඩනැගුණේ.   කොවිඩ් පාලන කළ රටවල් විශේෂයෙන් ඒ අද්දැකීම් උකහා ගන්නේ නැතිවඅපිට ඉස්සරහට යන්න බැහැ‍. අපිට මීට පෙර මාසෙකට රෝගීන් 300 , 500 වාර්තා වුණත් දැන් දෛනිකව රෝගීන් 800 සීමාව ඉක්මවා යනවා.  මෙසේ රෝගීන්ගේ වැඩිවීමත් සමග අපට පණිවිඩයක් දෙනවා රටතුළ කොවිඩ් යම් බැරෑරුම් සහ අවදානම් තත්ත්වයකට ගමන් කර තිබෙනවා කියන කාරණය. අපි මේ දෙවන රැල්ලේදී තමයි රෝගීන් සහ මියගිය අය  වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ.

ජනවාරි මාසේ 1 වෙනිදා රෝගීන් 20000ක් වාර්තා වුණා හැම මාසෙකම රෝගීන් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. ඔක්තෝම්බර් මාසේ තමයි දෙවන රැල්ල පටන් ගත්තේ. ඔක්තෝම්බර් මාසේ වාර්තා වුණේ රෝගීන් 7267යි මරණ වාර්තා වුණේ 7 නොවැම්බර් මාසේ රෝගීන් ගණන 6000ක් වැඩිවුණා. ඒ කියනනේ 13324 රෝගීන් වාර්තා වුණා. මරණ 98 වාර්තා වුණා. දෙසැම්බර් මාසේ රෝගීන් 19000 ගාණක් වාර්තා වුණා  ජනවාරි මාසේ තවත් එහාට ගිහිල්ලා රෝගීන් 20000ක් වාර්තා වුණා මරණ ගත්තාම 112ක් එක මාසයක් ඇතුළත. මේ තත්වයෙන් පෙනී යනවා අප කොහාටද ගමන් කරන්නේ කියලා. පෙබරවාරි මාසේ අවසන් වෙනකොට මේ තත්ත්වය තවත් භයානක වේවි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – මේ තත්ත්වය පාලනය කර ගැනීමට සදහා අප ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද?

පිළිතුර – මේ මොහොතේදී අපි ගත යුතු තීරණ ඉතාමත් වැදගත් වෙනවා. ලෝකයේ කොවිඩ් හොඳින් පාලනය කල අනෙකුත් රටවල් සම්බන්ධයෙන් ගත් විට අපි කොවිඩ් පාලනය  ලෝකයේ අන් රටවල් හා සැසඳීමේදී 10වෙනි තැන ඉන්නවා.  මේ තැනින් පහළට වැටෙනවාද ඉහළට යනවාද කියලා තීරණය වන්නේ   ප්‍රධාන උපක්‍රමශීලි ප්‍රවේශ 3ක් ඔස්සේ . කොවිඩ් හොඳින් පාලනය කළ රටවල් ගමන් කර තිබෙන්නේ

රෝගීන් හඳුනාගෙන ඔවුන්ව පුළුවන් තරම්  සමාජයෙන් ඉවත් කිරීම හා   පීසීආර් ධාරිතාව හැකි උපරිමයකට ගෙනයාම. නගර අතර සංචාරණ සීමා පැනවී  හරි අවදානම මොකක්ද කියන එක බලධාරීන් ජනතාවට ලබාදීම

මේ කරුණු 3ම සමාලෝචනයට ලක්විය යුතුව‌ා සේම   කාර්යක්ෂමතාව වැඩිකළ යුතුයි. වසර 2021දී අපේ ඉලක්කයන් කරා ගමන් කිරිමට නම් මොහොතේ පවතින තත්ත්වය හොඳින් අධ්‍යයනය කර සමාලෝචනයක් කඩිනමින් එය සිදුවිය යුතුයි

ප්‍රශ්නය – කොවිඩ් රෝගයෙන් ශ්‍රි ලංකාවේ මුල්ම වෛද්‍ය මරණය වාර්තාව වුණා. ඒ මරණයේ සුවිශේෂි වන්නේත් ඉතාමත්අඩු වයසකදී වීමයි.   මේ ගැන යමක් කීවොත්?

පිළිතුර –  වෛද්‍ය ගයාන් දන්තනාරයන‌ගේ මරණය මිහිපිට සිදුවූ තවත් එක් මරණයක් ලෙස නොකර තවත් මෙවැනි මරණ අනාගතයේදී ඇති නොවීමට ගතයුතු ක්‍රියා මාර්ගයන් මොනවාද යන්න හඳුනාගෙන එය ඉක්මනින් ක්‍රියාවට නංවා ගත යුතුයි.  වෛද්‍ය ගයාන් මාසයකට වැඩි කාලයක් ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කළා.  බාහිරෙන් ඔහුගේ ජිවිතය බේරා ගැනීමට විශාල වශයෙන් උදව් ලැබුණා. එහෙම ලැබිලත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට අපට හැකි වුණේ නැහැ‍. කොවිඩ් රෝගයේ භයානක තත්ත්වය මෙන්න මේකයි. අපි මුල ඉඳලාම මේ භයානක තත්ත්වය ගැන තමයි පැහැදිලි කළේ.

ප්‍රශ්නය – කොවිඩ් වෛරසය ආසාදනය  වී අසාධ්‍ය තත්ත්වයට පත්වුණ වෛද්‍යවරුන්  තවත් සිටිනවාද?

පිළිතුර – අසාධ්‍ය තත්ත්වයට පත්වුණ වෛද්‍යවරුන් නැති වුණාට වෛරසයට ගොදුරුවු වුණු වෛද්‍යවරුන් 100 දෙනෙකු පමණ වාර්තාවෙලා තියෙනවා. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයවල වෛද්‍යවරුන්ට 50ක් පමණ සිටිනවා.

ප්‍රශ්නය – මේ තත්ත්වය මත රෝහල් පද්ධතිය තුල යම් අර්බුධකාරී තත්ත්වක් පැන නැගිය හැකියි නේද? එවැනි තත්ත්වයක් පැන නැගීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ගයන් ලෙස ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

පිළිතුර – මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 1000ක් පමණ  දෙනා කොරෝනාවට ගොදුරුව සිටිනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස සැලකිය යුතු පිරිසක් සිටිනවා. මෙවැනි තත්ත්වන් සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමටක හේතුවක් වෙනවා. සෞඛ්‍ය වෘත්තිකයින්ට විශ්වාසයෙන් යුතුව රාජකාරී කළ හැකි පරිසරයන් නිර්මාණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතුයි කියලයි අපි යෝජනා කරන්නේ.

ප්‍රශ්නය –  මේ වන විට කොරෝනා මර්ධනයට එරෙහිව එන්නත් වැඩ පිළිවෙළ  ආරම්භ වුණා.  ඇස්ට්‍රා සෙනෙකා  එන්නත හෙවත් කොවිෂීල්ඩ් එන්නත කොතෙක් දුරට රෝග මර්දනය සඳහා ඉවහල් වේවිද?.  එයින් ලැබිය හැකි අතුරු ආබාධයන් සම්බන්ධයෙන් යමක් කිවහැකිද?

පිළිතුර – අපි හැමෝම මේ මොහොතේ බලා සිටින්නේ මේ එන්නතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙනුයි. මේක මුලු ලෝකයටම අලුත් එන්නතක්. ඒ නිසා  අපිට මේ පිලිබඳව නිවැරදි පිළිතුරක් දෙන්න අපහසුයි. අපි බලා සිටිනවා එන්නතින් ප්‍රතිශක්තිය අපේ ඇඟ ඇතුළෙ කොපමණ කාලයක් තියෙයිද?  දෙවන මාත්‍රාව ලබා දීමට සති 4ක පමණ කාලයක් ගතවෙනවා. ඉන් අනතුරුව අවශ්‍ය ආරක්ෂාව ලැබෙනවාද? සමාජයේ පැතිරිම වලක්වන්න මේ එන්නතට පුළුවන් වෙයිද?, අතුරු ආබාධ මොනවාද? කියනවග

ප්‍රශ්නය –  කොවිෂීල්ඩ් එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලිය ගැන ඔබ සංගමය සෑහීමටකට පත්වෙනවාද?

පිළිතුර – එන්නතක් ගෙන්වනකොට කරුණු කීපයක් සලකා බලනවා.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් ලැබිය යුතුය. ආරක්ෂිත එන්නතක් විය යුතුයි හා  අපේ භෞතික පරිසරයට ඔරොත්තු දිය යුතුයි.,  ශීතදාමය හා ප්‍රවාහනයට පහසු වීම හා දැරිය හැකි මිලක් ආදීය ගැනයි. මේ සියලුම සාධක මේ එන්නත සම්පූර්ණ කරලයි තියෙන්නේ. ඒ ගැන ගැටලුවක් නැහැ.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදට යෙදෙන 73 වැනි නිදහස් දින පෙළගැස්ම

Next Post

පොලී  මුදල නොදුන්නැයි පොලී මුදලාලි  දරුවෙක් පැහැරගෙන…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.