බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොරෝනාවෙන් පසු ඒසී පාවිච්චියත් ලේසි නැත

by Lanka Sara Editor
ජූනි 1, 2020
in සෞඛ්‍යය
Coronavirus virus outbreak and coronaviruses influenza background as dangerous flu strain cases as a pandemic medical health risk concept with disease cells as a 3D render

Coronavirus virus outbreak and coronaviruses influenza background as dangerous flu strain cases as a pandemic medical health risk concept with disease cells as a 3D render

Share on FacebookShare on Twitter

පසුගිය සතියට වඩා මේ සතියේ වැඩි පිරිසක් කාර්යාල සහ ව්‍යාපාර වෙත පය තැබීමේ බලාපොරොත්තුවක් ඇත. සති ගණනාවක් කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් නිවෙස්වලට වී සිටි බොහෝ දෙනකුට එහිදී ඇතිව තිබෙන ප්‍රශ්නයක් වන්නේ වායු සමනය කළ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම සහ කාර්යාලවල වායු සමන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පසුවන්නේ යම් සැක මුසු ස්වභාවයකිනි. එයට හේතුව මධ්‍යගත වායු සමන පද්ධති හරහා කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට වූ මතයයි. අනෙක නිසි පරිදි වාතනය නොවීම, ඇතුළත වාතය චක්‍රීය ව පැවතීම වැනි සාධක හේතුවෙන් කොවිඩ් 19 වෛරසය කෙරෙහි අයහපත් බලපෑමක් ඉන් ඇති වේ යයි ඔවුන් සැකයෙන් පසුවීමයි. මෙය අපට පමණක් නොව ලෝකයටම පොදු බව පෙනෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ අප්‍රියෙල් මාසය තුළ සෙවීම් සඳහා වැඩිම ප්‍රවණතාවක් (Google Trends) වාර්තා වූ සෙවීමක් වූයේ කොවිඩ් වසංගත කාලය තුළ වායු සමන යන්ත්‍ර භාවිතය  ආරක්ෂාකාරීද  , (Is AC safe during coronavirus) යන්නය.

මේ පිළිබඳව ලෝකයේම පුළුල් කතා බහක් ඇති විය. මේ කතා බහට මුල පිරූ එක් කරුණක් වන්නේ ජපාන වෙරළ තීරයක  නැංගුරම් ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවයි.මෙම නෞකාවේ ගමන් කොට හොංකොංවලින් බැසගත් එක් මගියකු නැවෙන් පිටවී සතියකට පසු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට පත් විය.එයින් පසුව මෙම සුඛෝපභෝගී නෞකාවේ පාලකයන් කළේ සෑම සංචාරකයකුටම තම තමන්ගේ කාමරවල සිට ස්වයං නිරෝධායනට ලක් කරවීමය. ඔවුන්ට ආහාර පාන ආරක්ෂිත අයුරින් ලබා දීමට කටයුතු කළද මගීන් 2600කට ආසන්න පිරිසක් අතුරින් 590ක් පමණ කොරෝනා ආසාදිතයන් බවට අවසානයේ පත් විය. මෙම නැවේ සිටි මඟීන්ට රෝගය ආසාදනය වූ ආකාර කිහිපයක් පිළිබඳව මත පළ විය. ඒ අතර මුලින්ම රෝගය ආසාදනය වූ බවට වාර්තා වූ මගියා සමඟ නොදැන සම්බන්ධ වීමය. එසේම නිරෝධායනය වීමට පෙර ඔවුන්ට පැතිර තිබීමය. සේවකයන් හරහාදප රෝගය පැතිරෙන්නට ඇති බවට විශ්වාස කිරීමය. මේ අතරේ එවැනි කිසිදු ආකාරයකට සම්බන්ධයක් නැති තවත් 19 දෙනකුට රෝගය වැලඳී තිබිණි. ඔවුන්ට රෝගය පැමිණියේ නම් ඒ වායු සමන පද්ධතියෙන්  බවට මත පලවිණි.

කෙසේ වුවද වායු සමන යන්ත්‍ර කොවිඩ් 19 ආසාදනය සමඟ සම්බන්ධයක් පවතින බවට මුලින්ම විද්‍යාත්මක පදනමකින් යුතුව කරුණු කීවේ මුලින්ම කොරෝනා වෛරසය ළඟාවූ චීනයෙනි. චීනයේ සිදු කෙරුණු පර්යේෂණයකට අනුව මධ්‍ය වායු සමන පද්ධතියකින් කොවිඩ් 19 වෛරසය සංසරණය විය හැකි බවට මතයක් පළ කෙරිණි.

කෙසේ වුවද මේ පිළිබඳව ස්ථිරසාර මතයක් ගොඩ නැගුණේ නැත. හේතුව මෙය විද්‍යාත්මක පසුබිමක් තුළ තහවුරු කිරීමට ඔවුන් අපොහොසත් වීමය. කෙසේ වුවද මෙම හෙලිදරව්වෙන් පසුව බොහෝ රටවල් වායු සමන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් යම් යම් මඟ පෙන්වීම් ලබා දෙන්නට කටයුතු කෙරිණි. ඒ අනුව බොහෝ රටවල ජනතාවට ලැබුණු වෛද්‍ය උපදේශයක් වූයේ හැකිතාක් වායු සමන භාවිතය අවම කරවන ලෙසය. ඇතැම් පොදු ප්‍රවාහන සේවා වන බස් රථ සහ දුම්රියවල  වායු සමන යන්ත්‍ර භාවිතය නතර කරන ලෙසටද උපදෙස් දී තිබිණ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අපට ආසන්න ඉන්දියාව මේ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ රටකි. එරට තාපන, වායු සමන සහ ශීතකරණ ඉංජිනේරුවන්ගේ සංගමය මේ පිළිබඳව මඟ පෙන්වීම් මාලාවක් නිකුත් කළේය. එයට අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් 30ත් අතර පැවතිය යුතු බව ත් ආර්ද්‍රතාව සියයට 40ත් 70ත් අතර ප්‍රමාණයක රඳවා ගත යතු බවය. එමෙන්ම එකම වායු ගොන්න යළි යළි සංසැරණය වීම වැළැක්වීමට ජනේල යාන්තම් විවෘත කර තබන ලෙසටද උපදෙස් ලබා දී තිබේ.

එහෙත් යුරෝපයේ තාප, වායු සමන සහ ශිතකරණ පිළිබඳ ඉංජිනේරුවන් ගේ  මඟ පෙන්වීම් ඊට වඩා වෙනස්ය. ඔවුන් පවසන්නේ කොරෝනා වෛරසයට හිතකර පසුබිමක් නිර්මාණය වන්නට නම් කාමර උෂ්ණ්තවය සෙල්සියස් අශක 30ට වඩා වැඩි විය යුතු සේම වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය සියයට 80කට වැඩි විය යුතු බවය. එසේ වුවද මෙම නිර්ණායක මත වායු සමන යන්ත්‍රයක් ක්‍රියා කිරීමෙන් ඝර්ම කලාපීය රටක ජනතාවට කිසිදු සුව පහසුවක් වන්නේ නැත. ඔවුන්ද පවසන්නේ වරින් වර දොර ජනෙල් හැර පිටත වාතය ඇතුළතට ගැනීමේ ක්‍රමයක් තිබිය යුතු බවය. එනම් වායු සමනය ක්‍රියාත්මක වන අවස්ථාවේදී පිටතින් වාතය ඇතුළතට වරින් වර හෝ පැමිණය යුතු බවය. මේ වනවිටත් ඉන්දීය  දුම්රිය සේවය ඔවුන්ගේ දුම්රිය මැදිරිවලට දුම්රිය ගමනේදී පිටතින් වාතය නිතර නිතර ඇතුළතට එන පරිදි ඒවායේ වායු සමන යන්ත්‍ර වෙනස් කොට ඇත.

එක අතකින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ආසන්නයේ (24ත් 30) රඳවා ගැනීමත් නිතර නිතර පිටතින් වාතය පැමිණිය හැකි වන සේ ජනේල දොරවල් විවර කිරීමත් පොදුවේ වායු සමන නැතුවම බැරි කාර්යාලවලට ලබා දෙන උපදෙසයි.

Share114Tweet43
Previous Post

රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්නට ඉක්මණින් උදව් අවශ්‍යයි…

Next Post

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.