අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කුරුළු හොටක මාරක පෙනුමෙන් අරඹුණු  මුව ආවරණයේ ඉතිහාස කතාව

වෛද්‍ය විද්‍යාත්මක විමර්ශනයකි...

by editor
ජූනි 12, 2020
in සෞඛ්‍යය
කුරුළු හොටක් සහිත මුව ආවරණය

කුරුළු හොටක් සහිත මුව ආවරණය

Share on FacebookShare on Twitter

විශේෂඥ අධිකරණ වෛද්‍ය – එච්.ටී. ඩී.ඩබ්ලියු. ආරියරත්න –

වෛද්‍ය විද්‍යාවේ භාවිතය තුළ මුව ආවරණයක් භාවිතා කිරීම අපට දක්නට ලැබුනේ, ශල්‍ය වෛද්‍යවරුන්, ශල්‍යාගාර සේවාවේ නිරත සෞඛ්‍ය සේවකයන් හැරුණු විට යම් විශේෂිත තත්ත්වයන්ගෙන් පෙළුණු පිළිකා රෝගීන්, අවයව බද්ධ කිරීමට ලක්වූ රෝගීන් වැනි පුද්ගලයන් අතර පමණි. වෛද්‍ය ක්‍ෂේත්‍රයෙන් බැහැරව මුව ආවරණ භාවිතය සීමාවූයේ යතුරු පැදිකරුවන්, මාර්ගවල සේවයේ නිරත රථවාහන පොලිස් නිලධාරීන් හා විශේෂ වෘත්තීන්හී නිරත පුද්ගලයන් විසින්ය.

අප රටේ සමාජ භාවිතයට පටහැනිව ඈත පෙරදිග රටවල මුව ආවරණ භාවිතයේ වැඩි අවස්ථාවක් දක්න ලැබුණි. ඊට හේතුවූ සුවිශේෂි හේතුවක් ද විය. එනම් ඔවුන් වරින්වර මුහුණ දුන් SARS හා H1N1 වැනි වසංගතයන් හා සීතාධික කාලවලදී බහුලව පැතිරී යන ‘ඉන්ෆ්ළුවෙන්සා’ රෝග තත්ත්වය නිසාවෙනි. එහෙත් එම රටවල වැසියෝ මුහුණු ආවරණ භාවිතය තමන්ගෙන් සමාජයට සිදුවිය යුතු වගකීමක් ඉෂ්ඨ කිරීමක් සේ සළකමින් ඉන්ෆ්ළුවෙන්සා වැනි සාමාන්‍ය රෝගී තත්ත්වයක් පෙන්නුම්කරන අවස්ථා වලදී ද භාවිතා කළහ.

මෙම මුහුණු ආවරණ පැලඳීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට  නව අත්දැකීමක් එක් කළේය. අපගේ මෙම උත්සාහය මුහුණු ආවරණ පැළඳීමේ ඉතිහාසය පිළිබඳව විද්‍යාත්මකව විමසා බැලීමය. ක්‍රමානුකූලව වැඩී වර්ධනය වූ මෙම  මුඛ ආවරණයේ ඉතිහාසය   ඉතා රසවත් තොරතුරුවලින් ගහණය.

මුව ආවරණයේ ආරම්භක ඉතිහාසය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

නූතන මුව හා නාසය ආවරණයට සමාන හැඩහුරුකමක් ඇති මෙවලමක් මනුෂ්‍යයා විසින් පැළඳි බවට ඇති පැරණිතම සාක්‍ෂිය ක්‍රි. පූ. 6 වන සියවස දක්වා දිවයන අතර එවැනි ආවරණයක් තම මුඛය වටා පැළඳි අයුරු පර්සියන් සොහොන් කොත්වල සිටින පුද්ගලයින්ගේ මුහුණු වල දැක ඇත.

චීනයේ ප්‍රධාන පෙළේ මොන්ගෝලියානු අධිරාජයෙකු වන Yuan Dynasty (1279-1368) විසින් පළඳින ලද සිල්ක් නූලෙන් හා රන් නූලෙන් ගොතන ලද මුව ආවරණයක් පිළිබඳ සඳහන් වන අතර එය බොහෝ දුරට නවීන මුඛ ආවරණයට සමාන බවද පැවසේ.

14 වන සියවසේදී මහාමාරිය (Plague) වසංගතය යුරෝපයේ පැතිරීමත් සමගම නවීන මුඛ ආවරණයට සමාන මෙවලම් භාවිතා කරන ලද බවට ද සාක්‍ෂි එමටය.

16 වන සියවසේදී ප්‍රංශ වෛද්‍යවරයෙක් වන Charles de Lorme කුරුළු හොටයක් සහිත මුව ආවරණයක් නිශ්පාදනය කරන ලදි. එය තරමක් සංකීර්ණ සේම එය පැළඳි පුද්ගලයෙකු අනිත් පුද්ගලයාට බිය ගන්වන සුළු වූයේ මහාමාරිය එතරම් බියකරු වසංගතයක් වූ නිසාය. දෑස් වලට වීදුරු කැබලි දෙකක් පෙනීමට තබා නහයට දිග හොටයක් සහිතව මුහුණ වැසෙන සේ සාදන ලද එම උපකරණයේ එසේ සෑදූ හොටය තුළට බෙහෙත් ද්‍රව්‍ය ඇතුළු කොට එම රෝගියා විසින් පිටකරන ප්‍රශ්වාස වාතය පෙරීමට ලක්කිරීමක් සිදුකළේය. (මෙම මුහුණු ආවරණය මහාමාරි වසංගතය පැවති සමයේදී මුළු ශරීරයම වැසෙන ලෙස තවත් ආවරණ වලින් සමන්විත වී ඇත).

කුරුළු හොටක් සහිත මුව ආවරණය

16 වන සියවසේ දීම සුප්‍රකට ලියනාඩෝ ඩාවිංචි විසින් වතුරෙන් තෙමන ලද රෙදි කඩක් පුද්ගලයෙකුගේ නාසයෙන් පිටවන විෂ උරාගැනීමට සමත්වන බව අනාවරණය කරන ලදී. මෙම න්‍යාය වර්තමානයේදී ද හදිසි ගිණි ගැනීමකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ලෙස සැළකෙන්නේ නාසය මත තබන ලද තෙත රෙදි කැබැල්ල මගින් ගින්න විසින් නිෂ්පාදනය කරන ලද විෂ වායු ප්‍රමාණය, ශරීරයට උරාගැනීම අවම කරන නිසාය.

19 වන සියවස වන විට ස්කොට්ලන්ත විද්‍යාඥයෙකු වන රොබට් බ්‍රවුන් විසින් සොයාගන්නා ලද “Brownian Motion” (දියරයක/ වායුවක අණු ස්වාභාවිකවම චලනය වෙමින් පවතී) යන සංකල්පය මත දූවිලි අංශු ද එසේ නිතර වාතයේ සංසරණය වෙමින් පවතී යන උපකල්පනය විද්‍යාත්මකව පහදා මුව ආවරණවල භාවිතයට විද්‍යාත්මක පසුබිමක් සකසන ලදි.

1861 දී ප්‍රංශ ජීව විද්‍යාඥයෙකු හා රසායන විද්‍යාඥයෙකු වන ලුවී පැස්චර් විසින් වායුගෝලයේ ක්‍ෂුද්‍ර ජීවින් සිටින බව සනාථ කිරීමත් සමග මුව ආවරණ සැකසිය හැකි ආකාරය පිළිබඳව උනන්දුවක් පලකරන ලදි. කාලයත් සමග 1899 දී ප්‍රංශ වෛද්‍යවරයෙක් විසින් තට්ටු හයක් සහිත ගෝස් (දැල් රෙදි) වලින් සැදූ මුඛ ආවරණයක් වැනි දෙයක් ශල්‍යකර්ම සඳහා විශේෂයෙන් පළඳිනු ලබන ඇඳුමේ කොළරයට තබා මැසීමට තම චින්තනය දියුණු කරන ලද අතර අවශ්‍ය වූ විට එය නාසය හා මුඛය දක්වා උස් කිරීමක්ද සිදුකරන ලදි. එසේ සකසන ලද මුව ආවරණ නවීන මුව ආවරණ ලෙසට පටි ඇල්ලීමෙන් හෝ කන් දෙකෙහි රැඳවිය හැකි සේ ලූප සකසා දියුණු වූ බව විශ්වාස කරයි.

Qing Dynasty අධිරාජ්‍යයාගේ අවසාන සමයේ ජීවත්වූ චීන ජාතික වෛද්‍ය විද්‍යාඥයෙකු වන Wu Liande විසින් ගෝස් දෙපටක් යොදා මුහුණු ආවරණයක් සෑදුයේ තම රටේ ඊසාන දිග පළාතේ ඇතිවූ මහාමාරිය උවදුරේදී භාවිතා කිරීමටය. එහි දක්නට ලැබූ අවම නිෂ්පාදිත පිරිවැය හා පහසුවෙන් ලබාගත හැකි වූ අමුද්‍රව්‍ය නිසා එම නිෂ්පාදනය බොහෝ සෙයින් අගය කොට ඇත.

මුව ආවරණයේ  ඓතිහාසික ප්‍රවණතා

1867 දී බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝෂප් ලිස්ටර් විසින් තුවාල සෑදීමට විෂබීජවල බලපෑම වඩාත් ප්‍රබල ලෙසට අවධාරණය කරන ලදි. එසේම තවදුරටත් ඔහුගේ අවධාරණය වූයේ රසායන ද්‍රව්‍ය වලින් විෂබීජ මැරීමය. පසුකාලීනව 1880 දී තුවාලවලට විෂබීජ ඇතුල්වීමෙන් තුවාල සුවවීම ප්‍රමාදවන බවද හඳුනාගන්නා ලදි. මෙම සොයගැනීම් දෙක මගින්ම දක්වා සිටියේ විෂබීජ ඇතුල්වීම මගින් තුවාල තවදුරටත් ප්‍රබල වනවා මෙන්ම එය සුවවීම ප්‍රමාද වන බවක්ද සිදුවන බව හඳුනාගැනීමය.

එම අදහසට ප්‍රතිචාරයක් ලෙස 1897 දී Mikulicz ගෝස් කැබලි දෙකක් තම තොප්පියට බැඳ මුහුණ හා කට ආවරණය කිරීම අරඹන ලදි. එම වසරේදීම ප්‍රංශ ජාතික ශල්‍ය විද්‍යාඥයෙකු වන පෝල් බර්ගර් ද එසේ මුව ආවරණ පැළඳීමට පෙළඹී ඇත. මෙහිදී අවධාරණය කරන ලද මතවාදය වූයේ විෂබීජ රසායන ද්‍රව්‍ය යොදා මර්ධනය හෝ මැරීමට වඩා තුවාලවලට ඇතුළුවීම වැළැක්වීම ද අවශ්‍ය වන බවය. විවිධ මතිමතාන්තර, විරෝධතාව හා එකඟතා මධ්‍යයේ මුව ආවරණ පැළඳීම වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රසිද්ධියට පත්විය.

ඈත අතීතයේ අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ රෝහල්වල 1863 හා 1969 අතර කාලයේදී ලබාගන්නා ලද ඡායාරූප දහසක් අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ 1923 දී තුනෙන් දෙකක ඡායාරූප ප්‍රමාණයක මුව ආවරණ පැළඳි බවත් 1935 වන විට බොහෝ දෙනා මුව ආවරණ පැළඳ සිට ඇති බවත්ය.

ඉන් අනතුරුව මුව ආවරණ පැළඳීමේ තවත් පරමාර්ථයක් සොයාගැනීමට වෛද්‍ය ක්‍ෂේත්‍රය සමත්වී ඇත. 1910 හා 1911 දී සිදුවූ මැන්චූරියන් මහාමාරිය හා 1918 හා 1919 දී සිදුවූ ඉන්ෆ්ළුවෙන්සා වසංගතයේ දී සෞඛ්‍ය සේවකයන් එම රෝගවලින් ආරක්‍ෂාකර ගැනීමට මුව ආවරණ භාවිතා කිරීමට අවධානයද යොමුකර ඇත. 1818 හා 1819 දී ඇති වූ ඉන්‍ෆ්ළුවෙන්සා වසංගත කාලයේ දී පොලිස් නිලධාරීන්ට එය භාවිතය අනිවාර්ය වූ අතර ශල්‍යාගරවලින් පිටතදී පවා වෛද්‍ය වරුන්ටද   අනිවාර්ය කර ඇත. ඊට අමතරව අමරිකා එක්සත් ජනපදයේ සමහර නගරවල සාමාන්‍ය වැසියන්ට ද මුව අවාරණ පාවිච්චිය අනිවාර්ය කිරීමෙන් බෝවෙන රෝග තත්ත්ව අඩුකර ගැනීමට සමත්වූ බව විශ්වාස කරන ලදි. ඉහත සඳහන් කරන කරුණු හරහා 20 වන ශත වර්ශය වන විට වෛද්‍ය ක්‍ෂේත්‍රයේ මුව ආවරණ පැළඳීම ඒකමතිකව පිළගන්නා ලදි.

සියැටල් හී පොලිස් නිලධාරින් 1918 දී ඇතිවූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයේදී මුව ආවරණ පැළඳ සේවයේ නිරත ආකාරය.

ඉන් අනතුරුව සිදුවූයේ එහි ස්වභාවය දියුණු කිරීමයි. ස්ථර ගණන වැඩිකරමින් එහි හැඩය හා ස්වභාවය වෙනස්වීමෙන් එහි කාර්යක්‍ෂමතාවය වැඩිකරමින් පළදින්නාගෙන් පිටතටත්, පළදින්නාටත් ආරක්‍ෂාව සැපයීම පිළිබඳව අවධානය යොමුකරන ලදි.

1919 වන විට මුව ආවරණ සඳහා පේට්‍රන්ට් බලපත්‍රයක්ද ලබාගෙන ඇත. මේ කාලය වන විට වෛද්‍ය පර්ෂේකයින් විශාල වශයෙන් පරීක්‍ෂණ පවත්වා වඩාත් කාර්යක්‍ෂම මුව ආවරණ සෑදීමට යුහුසුළු වී ඇත. මුව ආවරණ හරහා යවන ලද වායු පර්යේෂණ කුටි වල දී බැක්ටීරියා මාධ්‍යයන් හී වගා කොට පරික්‍ෂණ පවත්වා ඇත.

1930 වන විට නැවත නැවත භාවිතාකළ හැකි කඩදාසි මුව ආවරණ භාවිතය ආරම්භ කරන ලද අතර මෙතෙක් කල් ගෝස් වලින් සෑදූ මුව ආවරණ කෘත්‍රිම ද්‍රව්‍ය යොදා සෑදීමට ද ආරම්භ කොට ඇත. 1960 වන විට කෘත්‍රිම සැකසූ මුව ආවරණ (Unwoven Synthetic Fibers) බොහෝ සේ වැඩි දියුණු තත්ත්වයකට පත්ව ඇත. මෙසේ සාදන ලද මුව ආවරණ වල සැප පහසුව හා සාර්ථකත්වය මේ සමය වන විට වෛද්‍යමය හා හෙද සේවා විෂයමය සඟරාවල බොහෝ සෙයින් පලවී තිබේ. මේ සමයේ දීම කෝප්ප හැඩැති (Cup Shaped) රෙස්පිරේටර් (Respirator /ආශ්වාසයකය) භාවිතයට ද පැමිණ ඇත.

COVID-19 වසංගතය හා මුව ආවරණ භාවිතය

ඉතා සරලව ගත්විට අදවන විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ භාවිතා කරන මුව ආවරණ තුන් වර්ගයක් පිළිබඳව විස්තර කල හැක.

  1. වෛද්‍යමය මුව ආවරණ (Surgical Masks)

මේ යටතේ ද විවිධ අවශ්‍යතා අනුව සැකසූ ආරක්‍ෂාවෙන් වැඩි හා අඩු ලෙස බෙදා දැක්වූ ප්‍රභේද ගණනාවක් ඇත. එහෙත් පොදුවේ ගත්කල මෙම මුව ආවරණ සෘජු කෝණාශ්‍ර හැඩැති ස්ථර තුනකින් සමන්විත පැතලි ආකාරයක් ගන්නා රැලි කිහිපයක් නහය, කට හා නිකට අවරණය වන පරිදි පසුපසට බැඳීමෙන් හෝ කන් දෙක ආධාරයෙන් රඳවාතැබීමට සාදා ඇත. මුව ආවරණය වඩාත් මුහුණට සපර්ශව ස්ථිරව පවත්වා ගෙන යාම සඳහා එහි උඩ දාරයේ නාසය මත නම්‍යශිලී තුනී ලෝහ දාරයකින්ද සමන්විතය. මෙහි මූලිකම භාවිතය වන්නේ එය පළඳින්නාගෙන් බැහැරට ඔහුගේ ප්‍රශ්වාස වාතය එක්වීම වැළැක්වීමයි. ඔහුගේ ප්‍රශ්වාස වාතයේ වෛරස අන්තර්ගතවූව හොත් එය බාහිර අවකාශයට එක්වීම වැළැක්වීම මෙහි මූලිකවම අරමුණයි. ඊට අමතරව මෙම මුව ආවරණයේ බාහිරම පටලය දියරවලට අපාරගම්‍ය නිසා බාහිරයෙන් පළඳින්නාගේ නාසය සහ මුඛයට විශාල බිඳිති ආකාරයෙන් විශබීජ ඇතුල්වීමද වැළක්වනු ලබයි. මෙහිදී අවධාරණය කල යුතු වන්නේ මෙම මුහුණු ආවරණය තදින් මුහුණට බැඳී නොපවතින නිසා එම හිඩස් අතරින් කුඩා බිඳිති ආග්‍රාහණය වීම වැළැක්විය නොහැකි බවකි.

  1. රෙස්පිරේටර් (Respirator/ආශ්වාසයකය)

මෙය හැඩයෙන් බොහෝ විට රවුම් හෝ ඕවලාකාර වන අතර ගැඹුරක් සහිතව කෝප්පාකාර හැඩයක් ගනී. මෙහිදී එම මුව ආවරණය ඉහත ආවරණය මෙන් නොව පළඳින්නාගේ නහය කට හා නිකට ඉතා තදින් බාහිර පරිසරයෙන් වෙන්කොට තබන්නේ එහි දාර තදින්ම සමට බැඳී පවතින (Seal Off) නිසාය. එමනිසා ඉහත ආවරණයෙන් මෙන් නොව එය භාවිතා කරන්නා සෑම විටම එම මුව ආවරණය හරහා තම වාතය පිටකිරිම හා වාතය ලබාගැනිම සිදුකල යුතුවේ. ඒ අනුව එය පාවිච්චි කරන පුද්ගලයාට සුවිශේෂ ආරක්‍ෂාවක් ඉන් ලැබෙන්නේ එහි බිත්ති ඉතා කුඩා බැක්ටිරියා හා වෛරස් ඇතැම් විට සියයට අනුපහක ප්‍රමාණයක් දක්වා පෙරීමකට ලක්කරන බැවිනි (උදා: N 95, Respirator). මෙම විස්තරයට අනුව ඉතාමත් පැහැදිලිවන කරුණක් වන්නේ එය විශේෂයෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නියෙලෙන්නන් භාවිතාකල යුතු බවයි.

  1. රෙදිවලින් මසන ලද මුව ආවරණ

මේවා ඕනෑම කපු රෙද්දකින් නිමවාගත හැකි අතර ස්ථර ගණන තම පහසුව උදෙසා වෙනස්කර ගත හැක. ඉහත සඳහන් කල මුව ආවරණ දෙකට වඩා මෙය පැළඳීමෙන් සිදුවන ආරක්‍ෂාව දෙපාර්ශවයටම අඩු බව පැවසිය හැක.

 COVID-19 වසංගත තත්ත්වයේ දී ශ්‍රී ලංකාවේ මුව ආවරණ භාවිතයට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මහජනතාව දිරිමත් කලේ ඇයි?

එය එසේ සිදුවූයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ද ඇතුළුව විද්‍යාත්මක පදනමක් මත පිහිටා මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවරක් ලෙසටයි.

මෙම COVID-19 රෝගය ඇතිකරන වෛරසය, “severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2)” ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කොට ඇත. ඉන් උත්පාදනය කරන ලද COVID-19 රෝග තත්ත්වය යම් වූ විශේෂ කරුණු කිහිපයක් පෙන්වන ලදි. එනම්:

  1. වෛරසය ආසාධිත වූවත්, රෝග ලක්‍ෂණ නොපෙන්වාම තවකෙනෙකුට රෝගය බෝකිරීමට ඇති හැකියාවයි (Asymptomatic). මොවුන් සමාජයේ සැරිසැරීමෙන් ඔවුන්ගේ කිවිසුම් යෑම හා කැස්ස යන ක්‍රියාවලීන් නිසා වෛරසය සමාජයට නොදැනුවත්වම මුදාහැරිය හැක. මෙසේ මුදාහැරෙන වෛරසය තවත් කෙනෙකුට බෝවීමට ක්‍රම දෙකක් සෞඛ්‍ය බලධාරින් හඳුන්වාදී තිබේ. ඉන් බහුලම ක්‍රමය වන්නේ එසේ පිටවන වෛරස් අන්තර්ගත කුඩා බිඳිති අසල සිටින තවත් කෙනෙකුගේ නාසය හෝ මුඛයේ තැන්පත් වීමෙන් ඔහු වෛරස ආසාධිතයෙකු බවට පත්වීමයි.

දෙවෙනි ක්‍රමය වන (එතරම් බහුල නොවේ) වෛරසය රෝගකාරකයාගෙන් පිටවී විවිධ පෘෂ්ඨ මත තැන්පත්වී තිබීමෙන් අනෙක් පුද්ගලයන් එම පෘෂ්ඨ අතපතගා ඉන් අනතුරුව තම නාසය, මුඛය හා ඇස් ස්පර්ශ කිරීමෙන් ද නිරෝගී පුද්ගලයෙකුට රෝගය ආසාදනය වීමට ඉඩකඩ ඇත.

  1. එසේම එම මුව ආවරණය පැළඳීමෙන් එම පළඳින්නාටද යම් ආරක්‍ෂාවක් නැතැයි මේ දක්වා ප්‍රකාශ වී නැත. ඊට හේතුව වන්නේ මුව ආවරණ එම බිඳිති තම නාසය හා මුඛයට තැම්පත් වීම වැළැක්වීමට යම් බාධාවක් වන බැවිනි.

එසේ නම් මින් පැහැදිලිවන්නේ මුව ආවරණ COVID-19 රෝගය සඳහා විශේෂයෙන් උපකාරිවන්නේ සමාජයට එම වෛරසය ආසාධිත පුද්ගලයෙකුගෙන් සමාජගතවීම වැළැක්වීමටයි.

එසේනම් ඔබ ඉන් ආරක්‍ෂාවන්නේ කෙසේද? සාමාජ දුරස්ථභාවය හා නිතර නිතර සබන් යොදා අත් සේදීම ඇතුළු අනෙකුත් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරිමෙනි. ඔබ ආරක්‍ෂාවූව හොත් ඉන් රටද, ලෝකයද ආරක්‍ෂාවේ. එය ඔබ ලෝකයට සිදුකරන සේවාවකි.

 

Tags: විශේෂ
Share128Tweet43
Previous Post

ගෝඨාට සහය දෙන්න ටී.එන්.ඒ එකෙන් කොන්දේසියක් 

Next Post

නිලූකා ඒකනායකත් සජිත්ගේ ලැයිස්තුවෙන් ඉවත් වෙයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.