බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

උමාරියා පෙන්වා දුන් තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

by Lanka Sara Editor
මාර්තු 4, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

“අද කාලයේ ඔටිසම් තත්ත්වය දකින්න ලැබෙනවා වැඩියි. දරුවන්ගේ කතා කිරීමේ ප්‍රමාද වීමේ ප්‍රවණතාව වැඩියි. ඊට ලොකුම හේතුව තමයි පොඩි කාලේ ඉදන්ම දරුවන්ට ෆෝන් දෙන එක. මම මගේ දරුවෙක් හදන කාලෙට නම් ෆෝන් දෙන්නේ නෑ. සමහරු අවුරුදු හයේදීත් දරුවට කවාගන්නත් ෆෝන් දෙනවා. ඒක වැරදියි. වැරදිලාවත් අනවශ්‍ය වෙබ් එකකට ගියොත් ඒ දරුවා දැක්කොත් මොනවාහරි දෙයක්.. ඇබ්බැයි වුණොත්, එක්කෝ ඩ්‍රග්ස්වලට නැතිනම් අනවශ්‍ය දේවල්වලට. ජීවිතේට ඒක කොච්චර නරක විදියට බලපානවද?”

මේ කතාව අපිට ඇසෙන්නේ මෙරට ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංශ පසුගියදා යූටියුබ් ඔස්සේ කරන ලද සම්මුඛ සාකච්ඡාවකිනි. විශාල පිරිසකගේආකර්ෂණයට ලක් වූ මේ සාකච්ඡාවේදී උමාරියා කී ඉහත කතාව පසුපස ලොකු විද්‍යාත්මක හෙළි දරව්වක් ඇත. ඇය කී කතාවේ බරපතළම තත්ත්වයට වර්තමානයේ අප සැවොම මුහුණදෙමින් සිටිමු.

කලකට පෙර ලොකු කුඩා කවුරුත් ඇදබැද තබාගන්නා ජනප්‍රිය තිරයකට තිබුණේ රූපවාහිනී තිරයයි. ඉන් ඔබ්බට ගොස් දැන් යන්තම් අවුරුදු 3ක් පමණ සපිරෙන දරුවන්ට ද ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කිරීමේ දැනුවත්භාවයක් ඇතිවී තිබේ. එය අමෙරිකාව වැනි දියුණු රටක පමණක් නොව, අද වනවිට ශ්‍රී ලංකාවේ නගරබදව වෙසෙන දරුවකුට වුවද ඒ හැකියාව ඇත. ඊට වඩාත්ම උදව්වන්නේ මාපියන් සිය වැඩකටයුතු කරගැනීමට කුඩා දරුවන් එක් තැනක තබාගැනීම සදහා තම ස්මාර්ට් ජංගම දුරකතනයෙන් කාටුන්, වීඩියෝ ගේම්ස්, සජීවීකරණ චිත්‍රපට ආදිය දමා අතට දීම ය. මේ තත්වය දීර්ඝකාලීනව අහිතකර වන ආකාරය ගැන ඔබ දැනුවත් ද?

තිරයක් දෙස බලාසිටින දරුවන්ගේ කතාකිරීමේ ප්‍රමාදය බෙහෙවින් වැඩි බවට මේ වනවිට විද්‍යාත්මකව තහවුරු වෙමින් ඇති කරුණකි. තිරයක් ඉදිරිපිට සිටින කාලය (Screen time) තීරණය වන්නේ ස්මාර්ට් ජංගම දුරකතනයකින් පමණක් නොවේ. කිසියම් හෝ තිරයක් එනම්, රූපවාහිනී, චිත්‍රපට ශාලා තිරය, ස්මාර්ට් ෆෝන්, ටැබ්, පරිගණක, අතේ තබාගත හැකි වීඩියෝ ගේම් උපකරණ, ඩීවීඩී උපකරණ, වාහනවල සවිකළ වීඩියෝ දැමිය හැකි තිර හෝ සෙලවෙන රූප සහිත වන ඕනෑම ආකාරයක දර්ශන තිරයක් මෙම ඛාණ්ඩයට අයත් වේ. ඔබේ දරුවා ඒ දෙස බලාසිටින්නේ අධ්‍යාපනික කටයුත්තක් සදහා ද නැතහොත් විනෝදාස්වාදය වෙනුවෙන් ද යන්න එමගින් සිදුවන බලපෑමට අදාළ නොවේ. කිනම් හෝ කරුණකට තිරය භාවිත කරන කාලය මීට ඇතුළත් වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

තිරයක් දෙස බලා සිටීමෙන් දරුවන්ගේ කතාකිරීමට බලපාන්නේ කෙසේද? ඊට හේතුවී ඇත්තේ දරුවන් කතාකිරීමට හුරු වන්නේ අනෙකා සමග සිදුවන අන්තර්ක්‍රියාවලට ප්‍රතිචාර දක්නමින් කරනු ලබන සන්නිවේදනයෙනි. තාක්ෂණය කෙතරම් දියුණු තත්ත්වයකට පත්වුවද සෑමවිටම එය සිදුවූයේ ඒ ආකාරයට ය. ඕනෑම නව තාක්‍ෂණයක් තිබියදීත්, සැමවිටම කතාකිරීමට හුරුවීම සිදුවූයේ අන්තර්ක්‍රියා සන්නිවේදනයෙන් පමණක් වන අතර එය අනාගතයේද දිගටම පවතිනු ඇත.

ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ජූලියා මා විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කර තිබුණේ ජංගම මාධ්‍ය උපාංග භාවිත කරන දෙමාපියන්ගේ ප්‍රකාශනය සහ මාස 18 ක් වයසැති දරුවන්ගේ කථන ප්‍රමාදය අතර සැලකිය යුතු සම්බන්ධයක් ඇති බවය. ටොරොන්ටෝ හි රෝගී දරුවන් සඳහා වන රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් සහ විද්‍යාඥයෙකු වන කැතරින් බර්කන් විසින් ද මෙවැනිම අධ්‍යයනයක් සිදු කළ අතර, අතින් අල්ලා ගන්නා තිර භාවිතය මඟින් දරුවාට වචන සකසාගැනීමේ හැකියාව ප්‍රමාද විය හැකි බව ඇය නිගමනය කළාය. සෑම මිනිත්තු 30 කට වරක් අතින් ගෙන යා හැකි තිර මගින් ඒ සමග ගෙවන කාලය වැඩි වන බව සොයාගෙන ඇත. එමගින් කථන ප්‍රමාද වීමේ 49% ක අවදානමක් ඇති බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය. ප්‍රකාශන භාෂාව (අප සන්නිවේදනය කරන දේ) භාෂාවේ මූලිකාංග තුනෙන් එකකි, පිළිගැනීමේ භාෂාව (අප තේරුම් ගන්නා දේ), සහ ප්‍රායෝගික / සමාජ භාෂාව (අප සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයේ සැරිසරන ආකාරය). මෑත වසරවලදී කුඩා දරුවන් සමඟ ස්මාර්ට් ෆෝන් සහ ලැප්ටොප් පරිගණක භාවිතය විශාල ලෙස වැඩි වී තිබීම මෙම තත්ත්වය තව තවත් නරක අතට හරිවමින් ඇත.

ඔබේ දරුවාගේ භාෂා සංවර්ධනය සඳහා ජීවිතයේ පළමු වසර කිහිපය ඉතා වැදගත්ය. දරුවන්ගේ මොළය නව භාෂා ඉගෙන ගැනීමට වඩාත්ම පිළිගැනීම සිදුවන්නේ කුඩා කාලයේ ය. එමෙන්ම ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් භාවිත කරන සන්නිවේදන මාර්ග ගොඩනඟන්නේ ද මේ කාලය තුළයි. මෙම කතාකිරීම ගොඩනැංවෙන මාර්ගය එක් වරක් හෝ ඇහිරුණහොත් සිදුවන්නේ යථාතත්වයට පත්කිරීමට ඉතාම අසීරු දෙයකි. එමගින් වැඩිහිටියකු වූ පසුව විදේශ භාෂා ඉගෙනීමේ අසීරුතාවන්ට මුහුණදීමට සිදුවේ. එම තත්ත්වයට මුහුණ නොදුන් වැඩිහිටියන්ට සිය ජීවිතයේ අවසාන අවධියේ වුවත් වේගයෙන් වෙනත් භාෂා ඉගෙනීමට හැකියාව ලැබේ.

දරුවකු තිරයක් ඉදිරිපිට ගත කරන සෑම මිනිත්තුවක්ම ඔහු අනෙකා සමඟ කළ අන්තර්ක්‍රියාවලින් ඉගෙන ගැනීමට හෝ ඔබ සමඟ ඔහු කළ අන්තර්ක්‍රියාකාරිත්වයන් ඉගෙන ගැනීමට වැය කළ හැකි මිනිත්තු එකකි. පුද්ගලයන් අතර අන්තර්ක්‍රියා සඳහා වැය කළ හැකි (සහ කළ යුතු) කාලය ‘තිර කාලය’ ලෙස මෙහිදී සැළකේ.

වාහනයෙන් යන ගමනක් ගැන සිතන්න. ඔබේ දරුවාට ඔහු ඉදිරිපිට උපකරණයක් තිබේ නම්, ඔහු නිහඩව වාඩි වී ඔහුගේ ප්‍රියතම වීඩියෝව නරඹනු ඇත. ඔහු සමඟ කතා කිරීමට ඔබට බොහෝ විට බාධා නොකරනු ඇත. අනෙක් අතට, ඔහු සතුව උපාංගයක් නොතිබුනේ නම්, ඔහු ප්‍රතිචාර නොදැක්වුවද, ඔබ ඔහු සමඟ වැඩිපුර කතා කරනු ඇත. ඔහුට කම්මැලිකමක් ඇති වූ විට නම්, ඔහු ඔබටත් යමක් කීමට පටන් ගනී. අපි එයට මුහුණ දිය යුතුය. නිශ්ශබ්දතාව පිරවීමට අපි කැමති විය යුතුය, එබැවින් තිරයක් ශබ්ද නගන්නේ නොමැති නම්, අපි කතා කිරීමට වැඩි ඉඩක් ඇත. මෙය සෙසු සන්නිවේදන හෝ පරිගණක ආදි තිරවලටත් වලංගු වේ. රේඩියෝව නිවා දමා මෝටර් රථයේ සිටින ඔබේ දරුවා සමඟ කතා කර බලන්න. සිතන්න.. ඔබට මෙය මනාව වැටහේවි.

දරුවාට වචන ඉගැන්වීමට ආකර්ෂණීය වීඩියෝ ගැන ඔබ සිතනවා ඇති. වචන මාලාව සහ කියවීම සන්නිවේදනයේ වැදගත් කොටස් වන නමුත් ඒවා වඩා විශාල පින්තූරයක ඉතා කුඩා කොටසක් හා සම කළ හැකිය. එනම් සන්නිවේදනය යනු අන් අය සමඟ අන්තර් ක්‍රියා කිරීම, එනම් දීම සහ ගැනීම ආදිය ය.

කතා කරන්නකු අසන්නාගේ ශරීර භාෂාවට ප්‍රතිචාර දක්වයි. ඔවුන් පවසන දේ වෙනස් කිරීමට හා අනුවර්තනය වීමට ප්‍රතිචාර දක්වයි. කතා කරන්නකුගේ පණිවිඩයෙන් ගැඹුරු අර්ථයක් ලබා ගැනීම සඳහා සවන්දෙන්නන් වාචික නොවන සංඥා භාවිතා කරයි. වීඩියෝ මගින් උගන්වන වචන මාලාවේ වචන ලැයිස්තුවට වඩා බොහෝ දේ ඔබට එය වසා දමා දරුවා සමග කතා කිරීමෙන් කළ හැකිය. භාෂාව ඉගැන්වීම හෝ සන්නිවේදනය සඳහා පුද්ගල-පුද්ගල අන්තර්ක්‍රියා ඇතිකිරීමට වීඩියෝවලට හැකියාවක් නැත.

භාෂා සංවර්ධනය කෙරෙහි තිර කාලය කෙතරම් අහිතකර බලපෑම් ඇතිකරනවාද යන්න පිළිබඳව පර්යේෂකයන් වැඩි වැඩියෙන් අධ්‍යයන, සමීක්ෂණ, නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමට පටන් ගෙන තිබේ.

තායිලන්තයේ චූලාලොන්කෝන් රාජකීය අනුස්මරණ රෝහලේ, ළමා රෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ධන හා සංවර්ධන අංශයේ වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් දෙපළක් වන වීරසාක් චොන්චයියා සහ චන්දිතා ප්‍රක්සනනොන්දා විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මාස 12 ට පෙර රූපවාහිනිය නැරඹීමට පටන් ගත් දරුවන් සහ දිනකට පැය 2 කට වඩා රූපවාහිනිය නැරඹූ දරුවන්ට කතාකිරීමට ප්‍රමාදවීම හය ගුණයකින් වැඩි වන බවයි.

Duch et.al. විසින් කරන ලද අධ්‍යයනයකින් දිනකට පැය 2 කට වඩා වැඩි රූපවාහිනියක් නරඹන දරුවන්ට සන්නිවේදන හැකියාව අඩු බව සොයාගෙන ඇත.

දරුවන් රූපවාහිනිය නැරඹීමට හුරුවීමේ වයස අඩු වන තරමට කථන ප්‍රමාදයක් ඇතිවීමේ අවදානම වැඩි කරන බව පෙන්වන තවත් අධ්‍යයන තිබේ. ප්‍රමාද වී කථා කිරීම සහ පසු කාලීනව පාසලේ භාෂා ඉගෙනීමේදී ඒ පිළිබඳ ගැටලු එයින් අදහස් විය කෙරේ.

තිර කාලය භාවිතය වැඩි වීම හේතුවෙන් දරුවන් යම් දෙයකට අවධානය යොමු කිරීමේ ගැටළු, කෙටිකාලීන මතක ගැටළු සහ කියවීමේ ගැටළු සමඟ ද සම්බන්ධ වී ඇත. මේ සියල්ලටම දරුවාට භාෂාව ඉගෙන ගැනීමේ හැකියාව අවම කිරීමේ හැකියාව ද ඇත.

මෙමගින් පෞරුෂ තත්ත්වයට ද බලපෑම් කරන බවට සමීක්ෂණවලින් හෙළිවී තිබේ. තිරයක් බොහෝවිට භාවිත කරන දරුවන් පසුකාලිනවත් වැඩිහිටියකු දෙස කෙලින් බැලීම මගහරී. යම් පුද්ගලයකු දෙස එක එල්ලේ දෑස් දෙස බැලීම පුද්ගල සබදතා ඇතිකර ගැනීමේ මූලිකම අංගයයි. එමෙන්ම මිනිසුන් සමග ගනුදෙනු කිරීමෙන්, කල් ගත කිරීමෙන් වැළකීම, තනිවම සිටීමට උත්සහ කිරීම, මිනිසුන් දෙස ක්‍රමයෙන් වෛරීසහගතව බැලීමට හුරු වීම ආදී තත්ත්වයන් ද මතුවන අවස්ථා ඇති බවට සොයාගෙන ඇත. දරුවන් අඩු වයසින් තිරයක් දෙස බලාසිටීමට යොමුවීමෙන් ඔටිසම් ASD (Autism Spectrum Disorder) තත්ත්වයට මගපාදන බවට විද්‍යාත්මකව තහවුරු කළ අවස්ථා ඕනෑතරම් ය. තිරයක් සමග සිටින දරුවන් සමාජයට අනුගත වීමේ හිගතාවක් ඇත. එනම් ශබ්ද එක්වූ දර්ශන මගින් මොළයේ ක්‍රියාකාරිත්වයට සහයක් නොදක්වන අතර එය සමාජමය අතින් බරපතළ අහිතකර පදනමක් ඇති කරන බවට විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ මැර ගැහැනියක් කප්පම් කල්ලියක් මෙහෙයවන බව හෙළි වෙලා…

Next Post

ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.