බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ලිංගික සරු බව සහතික කරන දිව්‍ය භෝජනය – මඤ්ඤොක්කා

ඇසට, මොළයට ගුණ, පිළිකා මඬින, පෝෂණයේ මහ නිධානය - 01 කොටස

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා

රූපවාහිනියේ පෙන්වන වස විසවලින් අනූන, ක්ෂණික ආහාර වර්ග, කිසිදු මැලි කමක් නැතිව ගිල දමන බොහෝ දෙනෙක්, “සයනයිඞ්” ඇතැයි කියමින්, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට බිය වෙති. මඤ්ඤොක්කා, කොස්ඇට, අලකොළ, ලබු, පුහුල්, තලප කෑ උදවියගේ දරුවන් වන මේ බොහෝ දෙනෙක් දැන් ඒවා තුන් වන පන්තියේ “චිකෙයියා..” කෑම ලෙස සලකති.

එහෙත්, සුද්දන් සහ වෙළෙන්දන් විසින් ඔළුවෙන් හිටුවා ඇති, අපේ පැරැන්නන්ගේ දිවි සුරැකි පෝෂණ විද්‍යාවේ මහ රහස්, වීසි කළත් පැලවෙන මඤ්ඤොක්කා දණ්ඩක, ගස් යට කුණු වෙලා යන වැල ගෙඩියක, කොස් ඇටයක, කටේ ඇලෙන කුරහන් තලපයක, බැද්දෙන් හාරා ගෙන ආ කටු අලයක, සැඟව තිබෙන බව, සනාථ කරන්නේ නවීන යැයි කියන විද්‍යාව විසින්මය.

තවමත් මෙරට ගැමි ගෙවල්වල විශේෂ වෑංජනයක් ලෙස සකස් කරණු ලබන, මඤ්ඤොක්කා කොළ මැල්ලුමේ ගුණය පිළිබඳව අපි දැන් සොයා බලමු.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉංග්‍රීසි භාෂාවෙන් manioc සහ yuca යන නම්වලිනුත්, Manihot esculenta  නාමයෙන් විද්‍යාත්මකවත් හඳුන්වන, මඤ්ඤොක්කා වල නිජ බිම ලෙස සැලකෙන්නේ බ්‍රසීලය ආශ්‍රිත ලතින් ඇමරිකානු කළාපයයි. වසර දහ දාහකටත් පෙර මිනිසුන් මඤ්ඤොක්කා ආහාරයට ගෙන ඇතැයි සැලකෙනවා.

ලතින් ඇමරිකානු රටවල් ආක්‍රමණය කළ ස්පාඤ්ඤ ජාතිකයින් විසින් යුරෝපයට මඤ්ඤොක්කා හඳුන්වා දී තිබෙනවා.
මායා වරුන් ගේ භාශාවෙන් “යූකා” යනුවෙන් හැඳින්වෙන්නේ ජීවිතයයි. අප්‍රිකානු රටවල මඤ්ඤොක්කා හැඳින්වෙන්නේ “කාන්තාරයේ පාන්” යනුවෙන්ය. ලොව බොහෝ රටවල කෑම පිඟානට මෙන්ම, සම්ප්‍රදායික වෙදකමටද මඤ්ඤොක්කා අල සහ කොළ නැතුවම බැරිය.

මඤ්ඤොක්කා

පලා ලොවේ ප්‍රෝටීන් රජු

මඤ්ඤොක්කා කොළ, ප්‍රෝටීන් අධික පලා වර්ග අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. කොළ ග්රෑම් 100 ක ප්‍රෝටීන් ග්රෑම් 2-7 පමණ තිබෙන බව සොයා ගෙන තිබෙනවා. මෙම අගය බිත්තරයක තිබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන වන අතර, සෝයා බෝංචි වල තිබෙන ඇමැයිනෝ අම්ල සංයුතියට වඩා විශිෂ්ට වෙයි. මෙතියොනින් (methionine)   වැනි අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල කිහිපයක ඌණතාවයක් ඇතත්, සහල්, මුං ඇට, කව්පි, ඉරිඟු අනුභවයෙන් එකී ඌණතාවයන් මඟ හරවා ගත හැකි වීම වාසනාවකි.

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මඤ්ඤොක්කා වැවෙන නිසා, මෙරට ජනයාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය බොහොම ලාබෙට සරි කර ගැනීමට හැකි මඟක් ලෙස ද මඤ්ඤොක්කා සැලකිය හැකිය.

මස් බිත්තරවලටත් වඩා යකඩ.

අපේ රටේ ගර්භණී මවුවරුන්ගෙන් සියයට 18 – 25 ක් අතර ප්‍රමාණයක් සහ යෞවන යෞවනියන්ගෙන් සියයට 22 ක් පමණ යකඩ ඌණතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හෙළි කර තිබෙනවා.

යකඩ ඌණතාවය, බරපතල කායික හා මානසික සෞඛ්‍ය ගැටලු රාශියකටම හේතු වන තත්ත්වයකි.

මඤ්ඤොක්කා කොළ යකඩ පදාර්ථයෙන්ද පොහොසත් ආහාරයක් වන අතර, ග්රෑම් 100 ක යකඩ මිලි ග්රෑම් 6 – 27 අතර ප්‍රමාණයක් ඇත. මෙම අගය බිත්තර හතරක තිබෙන ප්‍රමාණයටත් වඩා වැඩි අගයකි.

(ශාක මූලාශ්‍රවලින් යකඩ ලබාගැනීමේදී දෙහි, ඇඹුල් යෙදූ වෑංජන හෝ සම්බෝලයක් එක් කර ගන්නට වග බලා ගැනීම මැනවි.)

ලිංගික සරුභාවය තහවුරු කෙරේ.

සින්ක් නොහොත් තුත්තනාගම් ඛණිජය, අපගේ ශරීර තුළ වැදගත් කටයුතු රාශියකටම අවශ්‍ය වන අතර, (වැදගත්කම අතින් එය දෙවන වන්නේ යකඩ වලට පමණි.) මඳ සරුභාවය දුරු කිරීමෙහිලා සහ ගප්සා වීම් වැළැක්වීම කෙරෙහිලා එමගින් සිදු කෙරෙන්නේ විශේෂ මෙහෙයකි.

දිනකට සින්ක් මිලි ග්රෑම් 5 කට වඩා අඩුවෙන් ලබා ගන්නා පුරුශයින් මඳ සරුභාවයට සහ ලිංගික බෙලහීනතාවයට ගොඳුරු විය හැකි බව, විද්‍යඥයින් අවධාරණය කර ඇත.

මඤ්ඤොක්කා කොළ ග්රෑම් 100 ක, සින්ක් මිලි ග්රෑම් 6 -2 ක් අතර ප්‍රමාණයක් තිබෙනවා. සින්ක් බහුල ආහාර ලෙස, සුදු පෝෂණවේදීන් අපට කියා දී තිබෙන මිල අධික ආහාර සමග සැසදීමේදී (මුහුදු බෙල්ලන්, පීකුදු, පොකිරිස්සන්….) මඤ්ඤොක්කා කොළ යනු නොමිලේ ලබා ගත හැකි සින්ක් ආකරයකි.

හතර හන්දි කඩන් වැටෙන්නේ නැත.

මඤ්ඤොක්කා කොළ සහ අල, කැල්සියම්වලිනුත් පොහොසත්. දියර කිරි මිලි ලීටර් 100 ක තිබෙන කැල්සියම් ප්‍රමාණය මෙන් දෙගුණයක් මඤ්ඤොක්කා කොළ මිටක තිබෙනවා. ඒ නිසා හතරහන්දි කඩන් වැටෙනවාට බයේ, මිල අධික එක එක ජාතියේ සාප්පු කෑම, කිරිපිටි ජාති පස්සේ යන්න ඕන වෙන්නෙත් නෑ.

කිරි, බිත්තර, මස්වලට වඩා විටමින්.

මඤ්ඤොක්කා කොළවල අත්‍යවශ්‍ය විටමින් වර්ග රාශියක්ම, බටහිර පෝෂණවේදීන් විසින් විටමින් සපිරි ආහාර යැයි ඉහළට ඔසවා තිබෙන බොහොමයක් ආහාර වර්ගවලට වඩා වැඩියෙන් තිබෙන බව ලතින් ඇමරිකානු පර්යේෂණ වලින් හෙළි වී තිබෙනවා.

දෛනිකව වැඩිහිටියෙකු ලබා ගත යුතු විටමින් – ඒ ප්‍රමාණය, මඤ්ඤොක්කා කොළ ග්රෑම් 100 ක තිබෙනවා. (මයික්‍රො ග්රෑම් 880 ක් පමණ) එය, කැරට් වලටත් වඩා ඉහළ අගයකි. බිත්තර වලට වඩා 6 ගුණයකි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, අඳභාවය ඇතුළු කායික මානසික රෝග ගණනාවකටම හේතු වෙන. විටමින් ඒ ඌණතාවය අපේ රට තුළද බරපතල සෞඛ්‍ය ගැටලුවකි.

මඤ්ඤොක්කා කොළ වල “විටමින් සී” ද යහමින් තිබෙන බව සොයා ගෙන තිබෙනවා. (අමු කොළ ග්රෑම් 100 ක විටමින් සී, මිලි ග්රෑම් 60 සිට 300 අක්වා තිබෙන බවත්, එලවළු වර්ග අතුරින් විටමින් සී වැඩිම එළවළු වර්ගයක් බවත් අවධාරණය කළ යුතුව ඇත. (දෙහි ග්රෑම් සියයක විටමින් සී ඇත්තේ, 29ග1 පට කි.)

“බීටා කැරොටින්” හා “විටමින් සී” සුසංයෝගය මගින් ශරීරය තුළ සින්ක් හා යකඩ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන බවත් සොයා ගෙන තිබෙනවා.

බී කාණ්ඩයේ විටමින් වර්ග වල සංයුතිය අතින්ද මඤ්ඤොක්කා කොළ කිරි, බිත්තර, චීස්, සෝයා වැනි මිල අධික ආහාර වර්ග ලෙහෙසියෙන්ම අභිබවා ඇත.

“විටමින් – කේ”, අපේ මොළයේ සහ අස්ථි වල නිරෝගී භාවය කෙරෙහි ප්‍රභල වශයෙන් දායක වෙන දුලභ විටමින් වර්ගයක්. කෘත්‍රිම ආහාර රසකාරක, වර්ණක වැනි ඇතැම් රසායනික ද්‍රව්‍ය වලින් මොළයට සිදු වන හානි අවම කිරීමටත් විටමින් කේ වැදගත් වෙනවා. මඤ්ඤොක්කා කොළ විටමින් කේ වලින්ද පොහොසත් පලා වර්ගයක්.

මඤ්ඤොක්කා කොළ කුඩු වන ලෙස කොටා, ගා ගත් පොල් සමග හෝ, තෙල් සවල්පයක් සමග ආහාරයට ගැනීමෙන්, විටමින් ඒ, කේ වැනි මේද ද්‍රාව්‍ය විටමින් වර්ග අවශෝෂණය වඩා හොඳින් සිදු කෙරෙන බවද අවධාරණය කළ යුතුය. (අපේ රටේ මැල්ලුම් පිස ගන්නේ මෙම ක්‍රමයටය.)

මඤ්ඤොක්කා කොල මැල්ලුම
Tags: නවතම
Share161Tweet43
Previous Post

ක්‍රීඩා පනතත් සංශෝධනය වෙයි

Next Post

ලොව මිල අධිකම පාපන්දු ක්‍රීඩක නෙමාර්ට කොවිඩ් ආසාදනය වෙයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.