ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

සිරියානු සම්භවයක් සහිත අහමඩ් අල් අහමඩ් හෙවත් බොන්ඩි වෙරළේ වීරයා…

by editor
දෙසැම්බර් 16, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter

දිනය දෙසැම්බර් 14 දා සවස ය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩි වෙරළේ විශේෂ උත්සවයක් සංවිධානය වී තිබිණි. එය ගෝලීය යුදෙව් සංවිධානයක් වන චබාද් බොන්ඩි සංවිධානය විසින් යුදෙව් හනුක්කා රැස්වීමකි. රැස්වීම මරණයේ භීතියෙන් සහ රුධිරයෙන් වැසී ගියේය. වීඩියෝ දර්ශන හරහා ලෝකය දුටුවේ බිහිසුණු වෙඩි තැබිමක් අතර හිස් ලූ ලූ අත දිව යන අසරණ නිරායුධ මිනිස්සුය. ඇතැමෙක් වැලි මත පෙරළෙමින් මුහුදට ගමන් කළහ.  තවත් අයෙක් වෙරළේ නවතා තිබූ මෝටර් රථ යටට වී ජීවිත බේරා ගැනීමට උත්සාහ කරනු පෙනිනි.

දුසිම් ගනනක් වෙඩි වැදී බිම වැටී අධාර ඉල්ලමින් සිටියහ. මේ සියල්ල අතර ලෝකයේම අවධානය එක් දර්ශන පෙළක් වෙත යොමු වුනේය. එනම් සුදු කමිසයක් ඇඳගත් පුද්ගලයෙක් නවතා තිබූ මෝටර් රථ පෙළ අතරින් සැඟවෙමින් ගිනි අවිය සහිතව වියරුවෙන් වෙඩි තබනා පුද්ගලයා වෙත පැමිණෙන ආකාරය ය. ඔහු එක්වරම ඝාතකයා වෙතට පැන ඔහුගෙන් ගිනි අවිය උදුරා ගන්නේය. වෙඩි පහරට ලක් වී තුවාල ලබන මේ පුද්ගලයා තවත් මරණ ගණනාවක්  වළක්වා ගන්නේය.

මේ වීරෝධාර පුද්ගලයා අහමඩ් අල් අහමඩ් ය. මේ වනවිට අනෙකා වෙනුවෙන් ජීවිතය පූජාවට සැරසුන මේ අපූරු පුද්ගලයා ගැන ලෝකයම කතා කරමින් ඇත්තේය.

අහමඩ් අල් අහමඩ් කවුද?.. ඔහු කළ දේ කුමක් ද?

අහමඩ් අල් අහමඩ් යනු සිරියානු සම්භවයක් සහිත  අයෙකි. හෙතෙම 1981 දී පමණ වයඹදිග සිරියාවෙ ඉඩ්ලිබ් ප්‍රදේශයේ අල්- නයිරාබ් ගමෙහි ඉපදී තිබිණි.  එම ප්‍රදේශය සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයකි. සියලුම බාධක මධ්‍යයේ හෙතෙම සිය උසස් අධ්‍යාපනය ලබා තිබිණි. හෙතෙම ඇලෙප්පෝ විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඉන් පසුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයෙකි. වර්ෂ 2007 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයවන  අහමඩ් පසුව ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගෙන තිබිණි.  ඔහු ජීවත් වූයේ  සිඩ්නි හි සදර්ලන්ඩ් ෂයර් හි ය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඔහු සිඩ්නිහි කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. අහමඩ් කවදාවත් ගිනි අවි පුහුණුවක් ලබා තිබුණේ නැත. ඔහු පවුල වෙනුවෙන්  වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයෙක් පමණක් විය.

හනුක්කා උත්සවය අතරතුර මෙම ප්‍රහාරය එල්ලවනවිට අහමඩ් සිටියේ බොන්ඩි වෙරළ අසලය. ඔහු දකින්නේ පුද්ගලයින් දෙදෙනෙක් උත්සවයට සහභාගී වූ පිරිසට නොනවත්වා තබන වෙඩි ප්‍රහාරයකි. ඔහු මෝටර් රථ පසුපසින් ආවරණය වෙමින් එක් තුවක්කුකරුවෙක් වෙත ගමන් කර එක්වරම ඔහුගේ ඇඟට පැන ඔහුට පහර දී ඔහුගෙන් තුවක්කුව උදුරා ගන්නේය. එහෙත් ඔහු ප්‍රහාරකයාට වෙඩි තැබීමට උත්සාහ කරන්නේ නැත.  එහෙත් මේ පොරබැදීම අතරතුර ඔහුට කීප වතාවක්ම වෙඩි වැදී තිබිණි.  කෙසේ වෙතත් මේ මැදිහත්වීම ජීවිත ගණනාවක් බේරා දීම සඳහා දායක වූයේය.

අහමඩ් සිද්ධියෙන් බරපතල තුවාල ලැබුවේය. ඔහුව සිඩ්නිහි ශාන්ත ජොර්ජ් රෝහල වෙත ගෙන ගියේය. එහිදී හෙතෙම විශාල ශල්‍යකර්මයකට ලක් කර තිබිණි.  ඔහු දැන් අවදානම් තත්ත්වයෙන් මිදී ස්ථාවරව සිටී. අහමඩ්ට තව ටික දිනක් රෝහලේම ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අහමඩ් ගේ මැදිහත්වීම ඔස්ට්‍රේලියාවේ පමණක් නොව, ජාත්‍යාන්තරව ද අනුනාද විය. ඔස්ට්‍රේලියානු අගමැති  ඇන්තනි ඇල්බනීස්  ඔහුව හැඳින්වූයේ අව්‍යාජ වීරයෙක් ලෙසය.  අගමැතිවරයා අනතුරුව ඔහුගේ සුව දුක් විචාරන්නට රෝහලට පැමිණියේය.    ඔහු වෙනුවෙන් පරිත්‍යාග ගලා ආවේය. ඔහු වෙනුවෙන් පිහිටුවන ලද GoFundMe  අරමුදල වෛද්‍ය බිල්පත් ගෙවීමටත්,  ඔහුගේ පවුලට උපකාර කිරීමටත් කෙටි කලකින් සැලකිය යුතු මුදලක් රැස් කළේය

ලොව වටින්ම අහමඩ් වෙත ක්ෂණික  ප්‍රතිචාර ගලා ආවේය.  ලෝක රාජ්‍ය නායකයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් අහමඩ්ට  ප්‍රශංසා ප්‍රකාශ නිකුත් කළේය. සිඩ්නි සිට ලන්ඩන් සහ ටෙල් අවිව් දක්වා නගරවල ඔහු වෙනුවෙන් උපහාර උත්සව පැවැත්විණි.  මෙම ප්‍රහාරය ඕස්ට්‍රේලියාවේ මහජන ආරක්ෂාව, යුදෙව් විරෝධී ප්‍රචණ්ඩත්වය සහ තුවක්කු පාලනය පිළිබඳ ජාතික සංවාදයක් නැවත ඇති කළේය.  මේ සම්බන්ධව ඉදිරි සතිවලදී දැඩි පියවර ගන්නා බවට නායකයින් පොරොන්දු වී සිටිති.

 ඝාතකයින් කවුද?

40ක් පමණ තුවාල ලැබ රෝහල් ගත කළහ.  ඉන් 15 දෙනෙක් මිය ගියහ. මිය ගිය අය අවුරුදු 10 -87 අතර පසුවන්නන්ය.  පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ද වෙඩි වැදී රෝහල්ගතවය.

මේ දක්වා පොලිස් පරීක්ෂණවලින් පෙනී යන්නේ වාහනයකින් බොන්ඩි වෙත ගොස් යුදෙව් උත්සවයේදී මෙම සමූහ ඝාතනය සිදුකරන්නේ  පියෙක් සහ පුතෙකි.  පොලිසිය පවසන්නේ  50 හැවිරිදි පියා එම ස්ථානයේදීම මිය ගිය බවය.   ඔහුගේ 24 හැවිරිදි පුතා  බරපතල තුවාල ලබා පසුව රෝහල් ගත කර ඇත. අහමඩ් පොරබදන්නේ ඔහු සමගය.

විමර්ශනවලින් හෙළිවන මූලික සාක්ෂි අනුවප්‍රහාරකයින් අන්තවාදී ඉස්ලාමීය රාජ්‍යය පිළිබඳ ඉගැන්වීම්වලින් අභාසය ලැබූවන්ය.    ප්‍රහාරයට පෙර කාල පරිච්ඡේදයේදී මෙම පිය පුතු දෙපළ  විදේශගත වී ඇති බවත්, දිගු බැරල් රයිෆල් සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය ඔවුන් සතුව තිබූ බවත් පොලිසිය පවසයි.  මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව මේ වනවිට පූර්ණ විමර්ශනයක් ආරම්භ වී තිබේ.  විමර්ශකයින්ට අනුව බොහෝ තොරතුරු පවතින්නේ ක්‍රියාකාරී විමර්ශනයන් යටතේය.  ප්‍රහාරකයින්ට විදේශීය සටන්කාමී කණ්ඩායම් සමඟ මෙහෙයුම් සම්බන්ධතා තිබේද නැතහොත් ඔවුන්ගෙන් උත්තේජන ලැබුවේ ද යන්න සොයා බැලීමට විමර්ශන අවධානය යොමු වී ඇත.

ඔවුන්ගේ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ඔවුන් ට ලැබුනේ කෙසේ ද යන්න සෙවීමට මෙන්ම,    බුද්ධි අංශ හෝ ගිනි අවි සඳහා  බලපත්‍ර පද්ධති අවදානම් අඩු කිරීමට අසමත් වී ඇත්දැයි තීරණය කිරීමට බලධාරීන් විමර්ශන මෙහෙයවමින් ඇත.

දිවි ගලවා ගත් සැකකරු කෝමා තත්වයෙන් අවදි වී ඇති බව වාර්තා වන අතර, එමඟින් පොලිසියට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ සැලසිය හැකිය.  මේ අතර අධිකරණ වෛද්‍ය කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.

සිද්ධිය පසුපස මානුෂීය කථිකාවක් ගොඩනැගෙමින් ඇත. මිය ගිය පොඩි උන්, අසරණ වැඩිහිටියන්, තුවාල ලැබූ පුද්ගලයින් අතර   සිරියානු සම්භවයක් සහිත ඉස්ලාම් ජාතිකයෙක් වටා ගොඩනැගෙන කතාව ලෝකයම සංවේදී කර ඇත්තේය. යුදෙව් ජාතිකයින් ට  එරෙහි ප්‍රහාරය වැලැක්වීමට ජීවිත පරිත්‍යාගයෙන් නැගී සිටි අහමඩ් අල් අහමඩ් ගේ මැදිහත්වීම හුදු භායනක ආවේගශීලී ප්‍රහාරකයෙක්ට එරෙහිව නැගී සිටීමක් ලෙස විග්‍රහ කරගත යුතු නැති බවට අදහසක් මතු වෙමින් ඇත.

ඇතැමුන් දැනටමත් ඔහුගේ කතාව එක්සත්කම ඉල්ලා සිටීමට සහ වෛරය ප්‍රතික්ෂේප කිරීමට යොද ගන්නා  ආදර්ශයක් ලෙස මතු කර ඇත.     තවත් සමහරු ඔහුගේ නිර්භීතකම දේශපාලනිකව අර්ථ නොගන්වන ලෙසට අනතුරු අඟවා තිබේ.  ලෝකයම වීරයින්  පිළිබඳ ආදර්ශ සොයති. ඒ අර්ථයෙන් අහමඩ් අල් අහමඩ් ලෝකයම අපේක්ෂා කළ වීරයෙකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සී.බී ට ඇප… අධාකරුවෝ ඇප මත බන්ධනාගාරයෙන් පැමිණෙන සී.බී ට වැඳ නමස්කාර කරමින් පිළිගනිති!

Next Post

ඉන්දියාවෙන් රටට තවත් වියළි සළාක තොගයක්!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.