සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

සැබෑ ගුරු පෞරුෂයකින් යුත් ගුරුවරයෙක් කිසිම දිනෙක  හිංසනය ආයුධයක් කර ගන්නේ නැත…

by editor
ඔක්තෝබර් 1, 2025
in ජීවිතය
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න
නියෝජ්‍ය විදුහල්පති දෙමටලුවට මහා විද්‍යාලය, කුරුණෑගල-

ඇත්තටම දරුවන්ට දඬුවම් නොකර බැරිද..? අද එම ප්‍රස්තුතය පිළිබඳ  සමාජ කතිකාවක්  ඇති වී තිබේ.  

මේ සම්බන්ධ සංවාද ප්‍රවේශය මගේ පාසල් ජීවිත අත්දැකීමකින්ම ලබා ගනිමි.  වැඩිහිටි කාන්තාවක ලෙස ආපසු හැරී බලන විට පාසල් අවධිය තුළ ශිෂ්‍යාවක ලෙස මා සන්සුන් මෙන්ම සිසුවිකගෙන් අපේක්ෂිත ආදර්ශ සහිත ශිෂ්‍යාවක නොවූ බව කිව යුතුය. දැඩිව ගුරුවරුන් ප්‍රශ්න කිරීම, මා අතින් සිදුවිය. නමුත් මේ කිසිම අවස්ථාවක මා සිසුවියක ලෙස කිසිම ගුරුවරයෙකුගෙන් කායික හෝ ශාරීරික දඬුවමකට ලක් වූයේ නැත. පාසල් දැරියක ලෙස අවධානය සහ ඇගයීමත් ආදරයත් ගුරුවරුන්ගෙන් බලාපොරොත්තුවන ආකාරය එම ගුරුවරු තේරුම් ගත් බවත්,  ඉතාම උපක්‍රමශීලීව ඔවුන් සිසුවියක ලෙස මා නියමිත දිශානතියකට හැසිරවූ බවත් අද මට වැටහෙන්නේය.

එමෙන්ම ගුරුවරියක ලෙස අප ලද වෘත්තීය පුහුණුව තුළ ද අපට අවධාරණය කර තිබුණේ කායික හෝ මානසික ව්‍යසනයකට ලක් නොකර දරුවා පාසල් සමාජය තුළ ශික්ෂණය කරන ආකාරය ය.

පාසලේදී අපට ළමා හැසිරීම් ගැටලු සහිත ළමයි  ශීර්ෂ තුනක් යටතේ වර්ග කළ හැකිය.

  1.  අධි ක්‍රියාශීලී හැසිරීම්.
  2.  විනාශකාරී හැසිරීම්.
  3.  සමාජයීය නිෂ්ක්‍රමණය.

මේ වර්ග තුනේ දරුවන් ඔවුන්ගේ විවිධ චරිත ලක්ෂණ හරහා හඳුනා ගැනීමට හැකිය. මේ හැසිරීම් ගැටලු කෙරෙහි විවිධ සාධක බලපානු ලබන්නේය.

  1. ඒ ළමයා ආශ්‍රිත සාධක, පවුල ආශ්‍රිත සාධක, පාසල හා ළමයා ජීවත් වන පරිසරය ආශ්‍රිත සාධක  ආදී වශයෙන්ය.
  2. දැන් මේ දරුවන්ට දඬුවම් නොකර නිසි මාර්ගයට ප්‍රවේශ කරගන්නේ කෙසේ ද?.
  3.  හැසිරීම් ගැටලු සහිත ළමයාට එම හැසිරීම්වල අයහපත් බව කාරුණිකව පහදා දීම එය සකස් කර ගැනීමෙන් අත්වන ලාභයද පෙන්වාදීම.
  4.  හැසිරීම් ගැටලුවට බලපාන ආයතනික හා පාරිසරික ගැටලුවලට ඔබගේ මට්ටමින් යම් විසදුමක් යොදාගත හැකිනම් ඒ අනුව කටයුතු කිරීම.( නිද. හැසිරීම් ගැටලු සහිත ළමයාව ප්‍රකෝප කරවන සුළු ළමුන්ට කරුණු අවබෝධ කර දීම).
  5.  යහපත් හැසිරීම් මොනවාදැයි පැහැදිලි කරන ලැයිස්තුවක් පන්තියේ එල්ලීම. යහපත් හැසිරීම් සඳහා දිනපතා තරු හෝ කාඩ් පත්‍ර ප්‍රදානය කිරීම.
  6.  සුදුසු පරිදි ඔහු හෝ ඇය පිළිගැනීමට ලක් කිරීම ( උදාහරණ: යම් යම් සරල වගකීම් පැවරීම.)
  7.  සුදුසු හැසිරීම් වචනයෙන් හෝ ඔබගේ ක්‍රියා මගින් උපස්තම්භනයට ලක් කිරීම.

ගැටලුව මධ්‍යම හෝ උග්‍ර මට්ටමකට එන බව පෙනේ නම් ළමයා පලපුරුදු විද්වත් උපදේශකවරයෙක් වෙත යොමු කිරීම සුදුසුවේ.  එසේම හැසිරීම් ගැටලු සහිත ළමයාගේ එදිනෙදා වැඩවලදී අන් ළමුන්ට වඩා සමීපව උදව් උපකාර දීම ප්‍රයෝජනවත් වේ. මේ උදව් උපකාර නිසා පන්තියේ වැඩවල තත්ත්වය දියුණු විය හැකි අතර ඔහු හෝ ඇය අන් ළමුන්ගේ පිළිගැනීමටද ලක්විය හැකිය. මේ සඳහා ගුරුවරයාගේ නිරන්තර ආධාර අවශ්‍ය වේ. තම තත්ත්වය ආරක්‍ෂා කරගෙන ගෞරවනීය අන්දමින් ජීවත්වීමට නැවත ඉඩ ලැබෙන විට ළමයාගේ හැසිරීම් ක්‍රමයෙන් දියුණු වීමට ඉඩ තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එසේම ගුරුවරයාට  දරුවා හිංසනයට පත් නොකර  දරුවන්ට උපකාර කළ හැකි ආකාරය කෙබඳුද…?

  1. ළමුන් අතර සැහැසි ක්‍රියා අඩු කිරීම සඳහා ඔවුන් පාඩම් සඳහා ක්‍රියාකාරී ලෙස යොදවා ගැනීම සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීම කළ හැකිය.
  2. පන්ති කාමරය තුළ ගුරුවරයා අපක්ෂපාතීව ක්‍රියා කිරීම තුළින් ළමුන් සඳහා වඩා හෘදයාංගම මිතුරු පරිසරයක් ඇති කළ හැකිය.
  3. පන්ති කාමරය තුළ තරගකාරී ඉගෙනීම් රටාවක් වෙනුවට සහයෝගයෙන් ඉගෙන ගන්නා ඉගෙනීම් රටාවක් ඇති කිරීම සඳහා උනන්දු විය හැකිය.
  4. පිළිගත හැකි චර්යාවන් ත්‍යාගයන් ලබාදීම මගින් වැඩිදියුණු කළ හැකිය.
  5. පිළිගත නොහැකි චර්යාවන් සොඳුරු දඬුවම් මගින් හෝ (හිංසනය නොවේ) උපස්තම්බන ඉවත් කිරීම තුළින් අවම තත්ත්වයකට පත් කළ හැකිය.

පාසල් ශිෂ්‍යයකු සැහැසි ක්‍රියාවලට හොඳින්ම යොමු වූ පසු ඔහුව එයින් මුදවා ගැනීමට තිබෙන ඉඩකඩ ඉතා අඩු නිසා වඩාත් වැදගත් වන්නේ මෙම කළහකාරී බව / සමාජ විරෝධී හැසිරීම ඇතිවී තහවුරු වීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කිරීමයි.

දරුවෙකු තුළ ඇති යම් අයහපත් චර්යාවක් පිටු දැකීම සඳහා ශාරීරික දඩුවම් පැමිණවීම යෝග්‍ය නොවේ. ඒ එක්  සැහැසි ක්‍රියාවක් මැඩ පැවැත්වීමට තවත් සැහැසි ක්‍රියාවක්  යොදා ගැනීම කෙසේවත් පිළිගත නොහැකිය. එවැනි හිංසනයන් තුළින් එම සැහැසි ක්‍රියා තවත් ශක්තිමත් විය හැකිය.

මනෝවිද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ ප්‍රොයිඩ් පිළිගත් ශරීර විරේචන ක්‍රම මඟින් ( කොට්ටයකට හෝ සුළං පිරවූ බෑගයකට විඳීම වැනි)  කෝපය අඩු කරගත නොහැකි බව හා ඒ මඟින් තව තවත් කළහකාරී සමාජ විරෝධී චර්යාවන් වැඩිවන බවයි. නමුත් ක්‍රීඩා සහ විවිධ සෙල්ලම්වලට යොමු වීමෙන් සහ එහි යෙදීමෙන් කළහකාරී බව අඩු කර ගත හැකි බව ඔවුන්ගේ මතයයි.

ඒ සියල්ල පසෙකින් තැබූ කල ගුරුවරයා දරුවාට විශ්වාසවන්ත අයෙක් විය යුතුය. සැබෑ ගුරු පෞරුෂයකින් යුත් ගුරුවරයෙක් කිසිම දිනෙක හිංසනය ආයුධයක් කර ගන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 GMOA ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට සොරි කියයි… දොස් කිව්වේ  වැරදීමකින් ලු!

Next Post

ජනපති යළි දිවයිනට!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.