සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

 ඇමරිකා – ඉරාන ඉස්ලාමාබාද් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්… ආයෙත් ලෝකය මරණය අභියස ද?

by editor
අප්‍රේල් 12, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැය 21ක් පුරා පැවැති අතිශය තීරණාත්මක සෘජු සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඇමරිකානු දූත පිරිස මේ වන විටත් ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගොස් අවසන්ය. සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව, ඉරානය තම යෝජනා ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කරමින් ඔහු ‘එයාර් ෆෝස් ටූ’ (Air Force Two) යානයෙන් පිටත්ව ගියේය.

ඉරාන දූත පිරිස පිටත් වී ගිය ආකාරය සම්බන්ධව තවමත් නිල වාර්තා නැත. සති කිහිපයක් තිස්සේ ඉරානයට සහ එහි කලාපීය මිත්‍ර පාර්ශවයන්ට එල්ල වූ ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාරවලින් අනතුරුව පකිස්ථානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් බිඳෙනසුලු සටන් විරාමය මෙම සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ දැන් දැඩි අවදානමකට ලක්ව ඇත.

ඇමරිකානු නියෝජිත පිරිසට නායකත්වය දුන් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ප්‍රකාශ කළේ වොෂින්ටනය ඉදිරිපත් කළ “අවසාන සහ හොඳම යෝජනාව” ටෙහෙරානය ප්‍රතික්ෂේප කළ බවය. විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ද මෙම දූත පිරිසට ඇතුළත් වූහ. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවත්, එක් සාකච්ඡා වාරයකින් පූර්ණ විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බවත්ය.

ඓතිහාසික හමුව සහ මතභේද

ඉස්ලාමාබාද්හි සෙරීනා හෝටලයේදී පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ මැදිහත්වීමෙන් පැවැති මෙම හමුව, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ඇමරිකාව සහ ඉරානය අතර ඉහළම මට්ටමින් පැවැති මුහුණට මුහුණ සාකච්ඡාව ලෙස වාර්තා වේ. ඉරාන නියෝජිත පිරිසට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි නායකත්වය දුන්හ.

ඇමරිකානු උප ජනාධිපති වෑන්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඉතා අවංකව මෙම සාකච්ඡාවලට සහභාගී වූ බවය. නමුත් ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම වැළැක්වීම වැනි තම රටේ ප්‍රධාන කොන්දේසි සම්බන්ධයෙන් කිසිදු නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව ඔහු අවධාරණය කළේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“ඔවුන් අපගේ කොන්දේසි පිළිගැනීමට සූදානම් නැහැ. අපේ අවසාන යෝජනාව දැන් ඔවුන් සතුව තිබෙනවා. මෙම අසාර්ථකත්වය ඇමරිකාවට වඩා ඉරානයට අහිතකර ලෙස බලපානු ඇති,” යැයි ඔහු පකිස්ථානයෙන් පිටව යාමට පෙර පැවසීය.

ඉරානයේ ස්ථාවරය

 Pakistan's-Prime Minister-Shehbaz Sharif-meets-Iranian Parliament-Speaker-Mohammad-Bagher-Ghalibaf,
පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් හමුව.

ඉස්ලාමාබාද් සාකච්ඡා සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතන වන IRNA, IRIB සහ PressTV ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු පාර්ශවයට වඩා බෙහෙවින් වෙනස් සහ සන්සුන් කියවීමකි. ඉරාන වාර්තාවලට අනුව, මෙම සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇමරිකානු දූත පිරිස විසින් ඉදිරිපත් කරන ලද “අසීමිත සහ අසාධාරණ ඉල්ලීම්” (Excessive demands) ය. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ ස්වෛරීභාවය සහ ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති අයිතිය සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි ස්ථාවරයක සිටිමින් ඉරානයට බලපෑම් කිරීමට උත්සාහ කළ බවත්, එවැනි ඒකපාර්ශ්වික කොන්දේසිවලට යටත් වීමට තම රට සූදානම් නැති බවත් ඉරාන මාධ්‍ය අවධාරණය කර තිබිණි.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මායිල් බාකේ පෙන්වා දෙන පරිදි, ඇමරිකාව මෙම හමුව එක් වටයකින් අවසන් වන “අවසාන තීන්දුවක්” ලෙස හැඩගැස්වීමට උත්සාහ කළ ද, ඉරානය එය සැලකුවේ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක ආරම්භයක් ලෙස පමණි. “එක් සාකච්ඡා වාරයකින් වසර ගණනාවක ගැටුම් නිරාකරණය කර ගැනීමට හැකි වෙතැයි අප කිසිවිටෙකත් අපේක්ෂා කළේ නැත,” යනුවෙන් ඔහු පැවසූ ප්‍රකාශය ඉරාන මාධ්‍ය තුළ පුළුල්ව ප්‍රචාරය විය.

ඉරානය මෙම සාකච්ඡාවලට පැමිණියේ “සම්පූර්ණ අවිශ්වාසය” පෙරදැරිව වුවද, කලාපීය සාමය උදෙසා තම පාර්ශවය උපරිම කැපවීම් කළ බවත්, නමුත් යුද වන්දි සහ සම්බාධක ඉවත් කිරීම වැනි සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමරිකාව දක්වන මන්දගාමී ප්‍රතිචාරය හමුවේ එකඟතාවයකට පැමිණීම දුෂ්කර වූ බවත් එම වාර්තාවල සඳහන් වේ.

මීට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරාන යුද හමුදා බලධාරීන් කළ ප්‍රකාශවලට ඉරාන මාධ්‍ය ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි. සාකච්ඡා අතර ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM)   නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකක් හොමුස්  සමුද්‍ර සන්ධියට ආසන්න  මුහුදු සීමාවේ බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක නිරත වූ බව ප්‍රකාශ කළේය.  ඉරාන හමුදා බලධාරීන් මෙම තීරණය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.  ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන්ගේ අවසරයකින් තොරව කිසිදු යාත්‍රාවකට එම සීමාවට ඇතුළුවිය නොහැකි බවත්, විදේශීය යුද නැව් එවැනි උත්සාහයක් දරන්නේ නම් ඊට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවත් ටෙහෙරානය අනතුරු ඇඟවූයේය.

මේ අනුව, ඉරාන මාධ්‍ය වාර්තා හරහා ලෝකයට ලබාදුන් පණිවිඩය වූයේ, තමන් සාකච්ඡා සඳහා සූදානම් වුවද, ඇමරිකානු පීඩනය හමුවේ තම ජාතික ආරක්ෂාව හෝ ආර්ථික අයිතීන් පාවා නොදෙන බවය.

සටන් විරාමය බිඳ වැටීමේ අවදානමක

පකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙන අතරතුර පවා, දකුණු ලෙබනනය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර නතර වී නොමැත. මෙය දැනට පවතින සටන් විරාම ගිවිසුමේ භූගෝලීය සීමාවන් පිළිබඳ බරපතල මතභේදයක් ඇති කර තිබේ.

ලෙබනනයේ ටෙෆාටා (Tefahta) නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව එරට ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි. මියගිය පිරිස අතර රජයේ ගොඩනැගිල්ලක සිටි රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් ද සිටින බව වාර්තා වේ. මාර්තු මස මුල සිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව මේ වන විට 2,000 ඉක්මවා ගොස් තිබේ.

ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වලට ස්වයංක්‍රීයව අදාළ නොවන බවය. නමුත් ඉරානය මෙම ස්ථාවරය ප්‍රතික්ෂේප කරයි. තමන්ට එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා මෙම ප්‍රහාර අත්‍යවශ්‍ය බව ඊශ්‍රායලය පවසන අතර, විචාරකයින් පවසන්නේ මෙවැනි ක්‍රියා හේතුවෙන් දැනට පවතින බිඳෙනසුලු සටන් විරාමය ඕනෑම මොහොතක අවසන් විය හැකි බවය.

මීළඟට කුමක් සිදුවේද?

ඉස්ලාමාබාද් සාකච්ඡා අසාර්ථක වීමෙන් පෙනී යන්නේ දෙපාර්ශවය අතර පවතින දැඩි මතවාදී පරතරයය. වොෂින්ටනය අවධාරණය කරන්නේ තහවුරු කළ හැකි මට්ටමේ න්‍යෂ්ටික සීමා කිරීම් සහ කලාපීය සාමයයි. එහෙත් ඉරානය ඉල්ලා සිටින්නේ තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙසත්, යුද වන්දි ලබා දෙන ලෙසත් සහ තම රටේ ආරක්ෂක අයිතීන්වලට ගරු කරන ලෙසත්ය.

පකිස්ථානයේ මැදිහත්වීම මත සති දෙකක තාවකාලික සටන් විරාමයක් ඇති කර ගැනීමට හැකි වුවද, පළමු ඉහළ මට්ටමේ සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබීමෙන් පෙනී යන්නේ ඉදිරියේදී තවත් දීර්ඝ සාකච්ඡා වට කිහිපයක් අවශ්‍ය වනු ඇති බවය.

U.S.-Vice-President-JD-Vance-speaks-during-a-news-conference-after-meeting
ඇමරිකානු උප ජනාධිපතිවරයා සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය අමතමින්…

මේ වනවිට මෙම සාකච්ඡා සම්බන්ධව මතු වී ඇති විචාරක අදහස් අනුව මතු වන්නේ  ඉස්ලාමාබාද් සාකච්ඡා බලාපොරොත්තු වූ මට්ටමේ සාර්ථකත්වයක් අත්කර නොගැනීම පිටුපස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය අනුගමනය කරන දැඩි සහ නම්‍යශීලී නොවන විදේශ ප්‍රතිපත්තිය සෘජුවම බලපා ඇති බවය. විශේෂයෙන්ම ජේ.ඩී. වෑන්ස් විසින් ඉදිරිපත් කරන ලද “අවසාන සහ හොඳම යෝජනාව” (Final and Best Offer) යන්න රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවකට වඩා ට්‍රම්ප්ට ආවේණික වූ “ව්‍යාපාරික ගනුදෙනු” ස්වරූපයේ බලකිරීමක් බව බොහෝ විචාරකයින්ගේ මතය ය. ඉරානය වැනි දීර්ඝකාලීන දේශපාලන ඉතිහාසයක් සහ ස්වෛරීභාවය පිළිබඳ දැඩිව පෙනී සිටින රටක්, මෙවැනි තර්ජනාත්මක ස්වරූපයේ යෝජනා හමුවේ නම්‍යශීලී වනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

මීට අමතරව, ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් (JCPOA) ඒකපාර්ශ්විකව ඉවත් වීමට ගත් තීරණය මගින් ඇති වූ “විශ්වාසය පිළිබඳ බිඳවැටීම” වත්මන් සාකච්ඡා මේසය තුළ ද හොල්මන් කරමින් පවතින බව පෙනේ. ට්‍රම්ප් පරිපාලනය සමඟ එළඹෙන ඕනෑම ගිවිසුමක් ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම මොහොතක අවලංගු විය හැකි බවට පවතින බිය, ටෙහෙරානය තීරණාත්මක එකඟතාවයකට පැමිණීම වැළැක්වූ ප්‍රධාන බාධකයකි. ඉරාන විදේශ අමාත්‍යාංශය “අතීත ප්‍රතිපත්ති වෙනස්වීම්” ගැන සඳහන් කරමින් වක්‍රව ඉලක්ක කළේ ද ට්‍රම්ප්ගේ මෙම අස්ථාවර රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයයි.

අනෙක් අතට, සාකච්ඡා පැවැත්වෙන අතරතුර පවා ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාරයන් ට්‍රම්ප් පරිපාලනය විසින් නොසලකා හැරීම ද විචාරකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. මෙය එක් පාර්ශ්වයකට පමණක් සීමා වූ (One-sided) සටන් විරාමයක් ලෙස ඉරානය හඳුනාගෙන ඇති අතර, ට්‍රම්ප්ගේ මැදපෙරදිග ප්‍රතිපත්තිය තුළ ඊශ්‍රායලයට හිමිවන අසීමිත සහයෝගය හේතුවෙන් සාධාරණ සාමයක් උදාවනු ඇතැයි යන විශ්වාසය සාකච්ඡා මේසය තුළ බිඳ වැටී ඇත. මේ අනුව, ට්‍රම්ප්ගේ ‘උපරිම පීඩනය’ යෙදීමේ උපක්‍රමය මගින් ඉරානය දණගැස්වීමට උත්සාහ කළ ද, එය රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට වඩා කලාපීය නොසන්සුන්තාවයක් කරා නැවතත් මාවත විවර කර ඇති බව සත්‍යාපිත දේශපාලන විචාරකයින්ගේ නිගමනයයි.

ගෝලීය සහ කලාපීය බලපෑම

ලෝක වෙළඳපොළට හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අවිනිශ්චිතතාවය සෘජුවම බලපායි. නාවික ගමනාගමනය තවදුරටත් සීමා වුවහොත් බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකිය. ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන දකුණු ආසියාතික රටවලට මෙය දැඩිව බලපානු ඇත. ඉන්ධන මිල ඉහළ යාම හරහා භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇත.

වත්මන් තත්ත්වය මත ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සටන් විරාමයේ සීමාවන් පරීක්ෂාවට ලක් කරමින් සිටී. කෙසේ වෙතත්, ටෙහෙරානය සහ වොෂින්ටනය යන දෙපාර්ශවයම පූර්ණ යුද්ධයක පවතින අධික පිරිවැය සහ විනාශය පිළිබඳව අවබෝධයකින් පසුවන බව පෙනේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

උප ජනාධිපති වෑන්ස් ඉදිරි සාකච්ඡා සඳහා දොරටු විවෘතව තබා ඇති අතර, ඉරාන නිලධාරීන් ද ඊට සූදානමින් සිටින බව අඟවා ඇත. ඉදිරි දින කිහිපය තුළ මෙම “අවබෝධතා ක්‍රමය” ක්‍රියාත්මක වේද නැතිනම් කලාපය යළිත් ගැටුමක් කරා තල්ලු වේද යන්න තීරණය වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චම්පිකගේ දුරකථනය අධිකරණ භාරයට: නීතිමය පියවරක් ද? දේශපාලන මර්දනයක් ද?!

Next Post

ඉන්දීයානු සිනමා සංගීතයේ යුගයක් නිමා කරමින් ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.