බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හුණු වටයේ කතාව අලුත් කළ සුනාමියෙන් 16 වසකට පසු හමු වූ දරුවා

by editor
ඔක්තෝබර් 2, 2020 - Updated on ඔක්තෝබර් 3, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

සුනාමියෙන් අවුරුදු 16කට පසු හමු වූ බව කී දරුවාගේ කතාව මේ වනවිට ඇත්තේ අතිශය මානුෂික වූ සංවෙදී තැනකය. සියලු තොරතුරු මෙසේ පෙළ ගැසෙන්නට පටන් ගත්තේ අද (01) සමන්තුරේ පොලිසියේ මූලිකත්වයෙන්   මේ පිළිබඳ පොලිස් විමර්ශන කටයුතු   ආරම්භ වීමත් සමගය.

දරුවා සමග අම්මලා දෙන්නාම පොලිසියට පැමිණ සිටියහ.

මේ අම්මලා දෙන්නාම හුදකලා වූවන්ය. දෙදෙනාම මුස්ලිම් ජාතික කාන්තාවන්ය. ඔවුන් දෙදෙනාගේම ස්වාමි පුරුෂයන් ඔවුන් හැර ගොස්ය. මේ අම්මලා දෙන්නාම සාත්තු සේවිකාවන්ය. එක් අම්මා කෙනෙක් කල්මුණේ අශ්රොෆ් රෝහලේය. අනෙක් අම්මා අම්පාර රෝහලේය. දෙන්නාම පොලිසියට ආවේ තම පුතා ගේ අයිතිය වෙනුවෙන්ය.

පුතා දැනට 19 වියැති තරුණයෙකි. නම දැන් ඔහුව හදා ගන්නා අම්මාට ඔහු මොහොමදු මොහොමඩ් ෂියාම් අමිර් ය.  සුනාමියෙන් පසු දරුවා හමු වූ බව කියන අම්මාට ඔහු අක්‍රම්  රිස්කාන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කතාව ආරම්භ වන්නේ කල්මුනේ අශ්රොෆ් අනුස්මරණ  රෝහලේ සාත්තු සේවිකාවක් වූ   අංක 43ඒ ෆයිසාල් පාර මලයිකාඩුහි පදිංචි, අබුසාලි සිප්පි කමාලියා  නැමැති  කාන්තාවක් පසුගිය 28 දා මාධ්‍ය අමතා ප්‍රකාශක් කරමින් සුනාමි ව්‍යසනයෙන් අතුරුදහන් වූ තම පුතා අවුරුදු 16කට පසු යළි  හමුවූ බව  ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

ඒ සමග රටම මේ සිද්ධිය ගැන කතා කරන්නට වූයේය. තමන් යාචකයෙක් සේ වෙස් වලාගෙන, සිංහල කාන්තාවක සේ වෙස් වලාගෙන, රැකියා ඒජන්ත වරියක් සේ වෙස් වලාගෙන දරුවා සොයා පැමිණි ආකාරය ඇය රටට කීවාය. දරුවා සමග අදහස් හුවමාරු කරගත් අයුරු කීවාය. ඇය ටක්කයටම මේ දරුවා තමන්ගේ බව විශ්වාස කළාය.

එහෙත් මේ වනතුරු ළමයා හදාවඩාගත් බව කියන මව වන  අංක 732/3 බුද්ධංගල පාර අම්පාර   පදිංචි, අම්පාර රෝහල සාත්තු සේවිකාවක් ලෙස කටයුතු කරනු ලබන මොහෙමඩ් ජුනයින් මිරුල් නැමැති  කාන්තාව පොලිසියට පැමිණ අතුරුදහන් වූ දරුවා ලෙස පෙන්වා දෙන දරුවා තමාගේ බවත්,  දරුවා උපදින තුරු පවත්වා ගත් සායනික පත්‍රිකා,  උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික සහ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් සායන සටහන්  ඉදිරිපත් කළාය.

පොලිසියට වාර්තා වුණු තොරතුරු

සුනාමියෙන් පසු සිය දරුවා අතුරුදන් වූ බව කී අබුසාලි සිප්පි කමාලියා කීවේ දරුවා කල්මුණේ රෝහලේ සිටින බව සිය නැගනියගේ ස්වාමිපුරුෂයා කී බවය. ඒ සුනාමි ව්‍යසනයෙන් දවස් 03කට පසුවය.  ඇය රෝහලට  යනවිට දරුවා අතුරුදන්ව සිටි ඇය කීවාය.  තමා වසර දහසයක් තිස්සේ දැඩි වෙහෙසක් දරා   දරුවා සොයමින් යද්දී  අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයෙක් දරුවා අම්පාර ප්‍රදේශයේ ඉන්නා බවට තොරතුරක් දුන් අයුරුය.

“ මම උත්සාහය අත්හැරියේ නැහැ. පුතාගේ පින්තූර රැගෙන හැමෝටම පෙන්වනවා. සමහරු එක එක හෝඩුවාවන් දෙනවා.  මම  ඔවුන් කියන කියන  තැන්වලට යනවා. අන්තිම තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ කෙනා මගෙ පුතා අම්පාරෙ ඉන්නවා කියලා කීවෙ.“

ඒ තොරතුර අනුව රැකියා ලබා දෙන නියොජිතවරියක සේ අදාළ නිවසට වෙස් වළාගෙන ගොස් තම දරුවා දැක ඔහු හඳුනා ගත් බව සිප්පි කමාලියා කීවාය.  එයින් පසුව දුරකථනය හරහා අදහස් හුවමාරු කරගත් බව ද කීවාය.

දරුවා හදාගත් බව කියන මොහෙමඩ් ජුනයින් මිරුල් අම්මා කියන්නේ දරුවා ගැන කියන කතාව මෙසේය. ඇය කියන්නේ මේ ඇයගේ කුසින් උපන් ඇයගේ දරුවා බවය. මේ දරුවා සම්බන්ධ සියලු තොරතුරු ඉදිරිපත් කරන ඇය දරුවා මුලින්ම අවුරුද්දක් අම්පාර පාසල් ගිය බව කීවාය. අනතුරුව ඇයට සුනාමි ව්‍යසනයෙන්ම හුදකලා වූ මුස්ලිම් ජාතිකයෙකුගෙන් විවාහ යෝජනාවක් ලැබුණු බවත්, ඔහු හා ජීවත් වෙමින් අවුරුදු 4ක් හම්බන්තොට ජීවත් වුවත් දරුවාගේ අනාගතය සලකා යළි අම්පාරට පැමිණ ඔහුව පාසල් යවා අධ්‍යාපන කටයුතු වලට මුල් තැන ලබා දී ජීවත් වූ බවත් ඇය කීවාය. දරුවා ඉගෙන ගෙන තිබුණේ අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයේය.

දැන් මේ තරුණයා පාසල් අධ්‍යාපනය හමාර කර කොලොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැකියාවක නිරත වන්නේය. මේ අතර   සුනාමියෙන් දරුවා නැති වූ බව කී  අබුසාලි සිප්පි කමාලියා අම්මා දරුවා   රැකියාවකට යොමු කිරීම සඳහා  පසුගිය 27 දා ඔහුව කොළඹ  සිට  කල්මුණේට ගෙන්වාගෙන තිබිනි. තරුණයා ගෙදරට එන විට ඇය තම පුතා ලැබුණු බව කියන්නට  මාධ්‍ය ආවරණයක් නිවසේ සූදානම් කර තිබුණාය. තරුණයා ගෙදර නැවතී ඔහුගේ අලුත් අම්මා ඊට පසු දා (28) සූදානම් කර තිබූ නින්දවූර් අට්ටපලන්හි ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට ද පෙනී සිට යලි තමන් හැදී වැඩුණු නිවසට ගියේය.

තරුණයාට අලුතින් අයිතිය කියන අම්මා ගැන මතක නැත . ඔහුට මතක ඔහු හදාගත් අම්මා පමණි. ඒ අම්මා ගැන මේ තරුණයාගේ අයිතිය තහවුරු කළ හැකි ලිපි ලේඛනත් තිබේ. ඒ නිසා දෙපාශවයේම එකඟතාවය මත  තරුණයා අම්පාරේ බුද්ධංගල අම්මා එක්ක පිටව ගියේය.

දැන් දරුවා කාගෙ දැයි නිශඡය කිරීම විද්‍යාත්මක සාධක වෙත පවරා තිබේ. දෙපාර්ශවයේ එකඟතාවය මත අධිකරණය හරහා කටයුතු කර ඩි එන්.ඒ. පරීක්ෂාවකින් ළමයා කාගේ දැයි විසඳා ගැනීමට නියමිතය. ඒ සඳහා ලබන 05 වැනිදා දෙපාර්ශවයම  අධිකරණයට කැඳවීමට නියමිතය.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ උපදෙස් මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ සහ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ මඟ පෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරී ටී එම් ජයරත්න ගේ අධික්ෂණයෙන් සමන්තුරේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරවීර ජයලත් , විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. අමිර්   ඇතුළු නිලධාරිහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටිති.

 

https://wp.me/pc1Our-2Wn

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ගුරුවරයා දස හැවිරිදි සිසුවාගේ කට මිරිකා අතට පෑනෙන් ඇනලා

Next Post

5 ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 වැනි දා ඉරිදා…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.