අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සීසර්ලාට සල්ලම් (නො) වූ සුනිල්

සුනිල් ජයවර්ධන ගැන පත්තර කාරයෙකුගේ මතකය

by editor
ජූනි 13, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 රජිත ජාගොඩ ආරච්චි –

“මල්ලි සුනිල් ජයවර්ධන කියලා කෙනෙක් ඉන්නවා පහළට ඇවිත්. මිනිහා ගාව හොඳ කතාවක් ඇති, ගිහිල්ලා අරන් එන්න”.

ඒ 2012 අවුරුද්ද විය යුතු යි. එවකට මා රිවිර දිනපතා පත්‍රයේ කෝඩුකාරයෙකි. ප්‍රවෘත්ති කර්තෘ චාමින්ද වාරියගොඩ  අපගේ කථානායකයා මුණගැසෙන්නට යන ලෙස මට කීවේ ඔහුට ම සුපුරුදු සුහද ස්වරයෙනි. ඒ ස්වරයෙන් කෙරෙන ඉල්ලීමකට බැහැ කියන්නට කොහොමටත් බැරි ය.

ඉල්ලීම පිළිගෙන, එක් පඩිපෙළක් නැඟ තවත් පඩිපෙළක් බැස පිළිගැනීමේ කවුන්ටරයට ගියේ, නමක් අහලාවත් නැති මිනිහෙක් ගාව මොන කතාදැයි හිතමිනි. එය කොතරම් මරි මෝඩ සිතුවිල්ලක් දැයි මිනිත්තු කිහිපයකින් තේරුම් යාමට නියමිතව තිබුණි.

හමුවන්නට යන්නේ කවුදැයි පවා හරිහැටි නොදැන සිටි මා බලාපොරොත්තු වූයේ හොඳින් ඇඳ පැළඳගත් Whistleblower කෙනෙකි. ඇතැම්විට ඔහු ද බලාපොරොත්තු වන්නට ඇත්තේ ද වයසින් මුහුකුරා ගිය පරිණත පත්තරකාරයෙක් විය හැක.

දාඩියත් දූවිල්ලත් එකට මුසු වී නළලත රැඳුණු මිනිසා පිළිගැනීමේ කවුන්ටරය ළඟ පුටුවක උන්නේ ය. ඔහුගේ උකුළ උඩ වූයේ ලොකු ෆයිල් මිටියකි.

“සුනිල් ජයවර්ධන මහත්මයාද?”

“ආ ඔව් මහත්තයා”

ඒ අප හමු වූ හැටි ය.

එතැන් සිට අවුරුදු අටක පමණ කාලයක් විටින් විට අපි කතා කළෙමු. ඔහු මිය යන්නට සති දෙකකට පමණ පෙරාතුවත් ඔහුට කතා කොට ඔබ්සර්වර් පත්‍රයට මා ලියූ ලිපියකට ඔහුගෙන්  කරුණු එකතු කරගතිමි. සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපතිවයා මෙන්ම ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ලෙසට ඔහු තමන්ගේ කරුණු ගොනුකළේය.

මාධ්‍ය ලෝකයේ සැරිසරන විට අපට මුණගැසෙන මිනිසුන් මෙතෙකැයි කියා ගණන් කිරීම අපහසු ය. රාජ්‍ය නායකයගේ සිට යාචකයා දක්වා පිරිස් අපට හමුවේ. ඔවුන් සතු කතාන්දර ද බොහෝමයකි. ඒවායෙන් විශ්වාසනීය තොරතුරු පෙරා ගෙන ලියන ලිපියකින් ඇතැම්විට අලුත් කතාන්දර රැසක මුල් මතුවීම වළක්වන්නට බැරි ය.

ඔහු එදා මා හමුවීමට ආවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ නුගේගොඩ ශාඛාවේ සභාපතිවරයා තමා බව කියමිනි.

ඔහු අත තිබූ ෆයිල් මිටියේ තිබුණේ ඉලක්කම් ගොඩක් බව අදට ද මට මතක ය. සමහර තැනක් පාට කර තිබුණේ වැදගත් කරුණු උල්පා දක්වන්නට ය.

මීට අට අවුරුද්දකට පෙර ඔහුගේ විරුද්ධවාදියා වූයේ එවකට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ ලොක්කා වූ මහින්ද කහඳගම ය. (කහඳගම කොළඹ නගර සභාවට තේරී පත්වූයේ ඒ කාලයේදී ම විය යුතුය)

ඔහු ගෙනැවිත් තිබූ කරුණු ද එකතු කරගෙන ලියූ ලිපියක් ඊට දින දෙක තුනකට පසු රිවිර දිනපතා පත්‍රයේ පළවිය. මතක හැටියට කහඳගමගෙන් ගත් ප්‍රතිචාරයක් ද ලිපියේ අඩංගු විය. කප්පම් ගැනීමක් වැනි යමක් ගැනත් එහි සටහන්ව තිබුණා යාන්තමට මතක ය. එය එවැන්නක් මා පත්තරයට ලියූ පළමු වතාව ද විය.

ලිපිය පළ වූ පසු සුනිල් ජයවර්ධන මහතා මට කතා කර ස්තූති කළේය. එය තමා වෙනුවෙන් නොව පීඩාවට පත් ව සිටි බොහෝ දෙනෙකු වෙනුවෙන් ඵලදායී වූ බවත්, බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවන්නට සමත් වූ බවත් ඔහු කීවා මතක ය. ඊට වසර කිහිපයකට පසු ඔහු කහඳගම පන්නා සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ බලය ඇල්ලුවේ ය. ටික දිනකට පසු මට කතා කළේ ද කළ හපන්කම ගැන ආඩම්බරයෙනි.

සුනිල් ජයවර්ධන මහතා ජීවත්වූයේ කැස්බෑව ප්‍රදේශයේ ය. මා පිළියන්දල වාසියෙකු වීම නිසා ‘වෙලාවක මුණගැසෙමු’ යැයි නොයෙක් වර කතා වුවද ඔහු මිය යන තෙක්ම එවැනි හමුවීමක් සිදු නොවිණි. බොහෝ විට අපේ කතාබහ දුරකථන ඇමතුමකට ම සීමා විය.

සුනිල් ජයවර්ධනගේ දේශපාලනය හෝ සිවිල් ක්‍රියාකාරීත්වය විමසා බලා ඔහුගේ අවසාන ඉලක්කය කුමක් දැයි විනිවිදී‌මේ වුවමනාවක් මට නැත. එහෙත් ඔහු මිය ගිය බවට මුලින් ම වට්ස්ඇප් හරහා දකිද්දි ඇති වූ කම්පනය තවමත් මුළුමනින් ම පහව ගොස් නැත.

අවසාන අරමුණ කුමක් වුවද ඔහු රටට යමක් කළ මිනිසෙකි. තමන්ගේ පන්තියේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු මිය යාමට ආසන්නතම හේතුව දෙස බැලූව ද එය මනාව පසක් වනු ඇත. ‍

Share73Tweet43
Previous Post

මාටින් වික්‍රමසිංහයන්ගේ දෙටු පුතු දිවියෙන් සමුගනී

Next Post

ඊ-පත්තරේ සමාජ මාධ්‍යවල යෙදීම නීතිවිරෝධියි – ඉන්දීය නීතීඥයෝ කියති

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.