බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සම ලිංගික සහකරුවන්  සොයා  ගන්නා වෙබ් අඩවිවල නම්   මුද්‍රණය කළ  06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිරුවත් කරන  හැටි….

by editor
ජනවාරි 1, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හේතුවෙන් විවිධ පාර්ශව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැක සංකා මතු කරමින් සිටී.

ඒ සම්බන්ධව වහා ම ක්‍රියාත්මක පරිදි පරීක්ෂණයක් ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බවත් එම අමාත්‍යංශය දෙසැම්බර් 30 වන දා නිවේදනය කළේ ය.

English Language First Term Module Grade 6 පොතෙහි මෙලෙස එක් ක්‍රියාකාරකමක ස්ථාන කිහිපයක එලෙස සමලිංගික වෙබ් අඩවියේ නම සඳහන්ව ඇති බව එම පිටුවෙහි රූප සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

පසුගිය කාලය පුරා ගුරු විදුහල්පති සංගම් සමග ගැටුම් ඇති කරමින් සිදුකරමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මෙවැනි ගැටලුවක් මතුවීම සම්බන්ධව බීබීසී සිංහල සේවය කරුණු සොයා බැලී ය.

‘මොඩියුලය පුහුණු කරලත් ඉවරයි‘

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ, තමන් මේ පිළිබඳව රටට හෙළි කරන තුරු කිසිවෙකුත් ඒ සම්බන්ධව දැනුවත් වී නොසිටි බව ය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

එමෙන් ම විශාල මුදලක් වැය කරමින් අධ්‍යාපන කලාප සියල්ලේ ම ගුරුවරුන් මෙම මොඩියුලය සඳහා පුහුණු කර අවසන් බව ද උන්වහන්සේ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.

“ලංකාවේ කලාප සීයේ ම ගුරුවරු ට්‍රේනින් කරලා තියෙනවා මේ පොතට. ඒකට විශාල මුදලක් වියදම් කරලා තියෙනවා සම්පත් දායකයින්ට ගෙවලා තියෙනවා, ගුරුවරුන්ට කන්න බොන්න වියදම් කරලා තියෙනවා, පොත ප්‍රින්ට් කරන්න විශාල මුදලක් ගිහිල්ලා තියෙනවා. ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා දරුවෝ, එතකොට ලක්ෂ 5කට මේ වගේ පොතක් ප්‍රින්ට් කරන්න යන මුදල කොච්චර ද කියන එක අපි දන්නේ නැහැ.”

‘කුමන්ත්‍රණයක්‘

මෙය රට හා අනාගත ජාතිය විනාශ කිරීමට කළ කුමන්ත්‍රණයක් බවට චෝදනා කරන උලපනේ සුමංගල හිමියන්, කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගත යුතු බව අවධාරණය කළේ ය.

“අපි කියන්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක්, අනාගත ජාතිය වනසන්න කරපු කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණකරුවෝ පොතේ ඉස්සරහා දාලා තියෙනවා. පොතේ ඉස්සරහා තියෙනවා නේ පොතේ අධීක්ෂණය, උපදේශකත්වය, රයිටර්ස්ලා කවුද, රිවීව් කළේ කවුද, ඔක්කොම ටික තියෙනවා පොතේ. එතකොට ඒගොල්ලෝ එහෙනම් ඔක්කොම අත්අඩංගුවට ගන්න ඕනේ.”

“කුමන්ත්‍රණයක් වෙන කවුරුත් කරන්නේ නැහැ, ඔය අමාත්‍යංශය යි, NIE එකයි, ග්‍රන්ථ ප්‍රකාශන එකයි ඕකේ ප්‍රධානීන් තමයි එහෙනම් කුමන්ත්‍රණකරුවෝ,” උන්වහන්සේ පැවසූහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු කල් දමන්නැයි ඉල්ලීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල් අධ්‍යනය සඳහා ගුරු විදුහල්පති සංගම් අධ්‍යාපන අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවලදී ඉල්ලා සිටිය ද, විද්‍යාව මොඩියුලය පමණක් තමන්ට ලබා දුන් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ ය.

“සියලු මොඩියුල් පරීක්ෂාවට ලක් කරන්න. සියලු මොඩියුල් පරීක්ෂාවට ලක් කරලා, අවුරුද්දක් කල් දාන්න. ලබන අවුරුද්දේ ඉඳලා හරි, ගුණාත්මකභාවයෙන් යුක්ත ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිසංස්කරණයක් කරන්න,” උන්වහන්සේ ඉල්ලා සිටියහ.

‘වගකියන්නේ ඕනේ ජාතික අධ්‍යාපන ආයතනයේ අය’

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින් චෝදනා කරන්නේ, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙම සිදුවීමට වගකිව යුතු බව සහ මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන ලේකම්වරයාට සහ ඇමතිවරයාට බලතල ඇති බව ය.

“මේකට වගකියන්නේ ඕනේ ජාතික අධ්‍යාපන ආයතනයේ අය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවත් තියෙනවා, ඒකේ කටයුතුත් ජාතික අධ්‍යාපන ආයතනය භාර අරගෙන. ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ ජාතික අධ්‍යාපන කොමිසම, ඒ කටයුත්තත් ඒගොල්ලෝ භාර අරගෙන. ඒගොල්ලන්ට ඒකට හැකියාවක් නෑ කියලා අධ්‍යාපන ඇමතිවරියට අවස්ථා ගණනාවකදී අපි පෙන්වා දුන්නා.”

එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ බලධාරීන් ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සුදුසු පුද්ගලයින් නොවන බව පෙන්වා දී තිබියදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

මොඩියුල මුද්‍රණයට රුපියල් කෝටි 7ක වියදමක්

ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙන එන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නැංවීමට උත්සහ කරන බව පැවසූ පෝසෆ් ස්ටාලින්, එවක අධ්‍යාපන අමාත්‍යවරයා පවා ඒවා ක්‍රියාත්මක නොකළ බව සඳහන් කළේ ය.

“ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙනාපු, එවකට අධ්‍යාපන රාජ්‍ය ලේකම් අචාර්ය උපාලි සේදර ගෙනාපු ප්‍රතිසංස්කරණ තමයි මේගොල්ලෝ කර ගහගෙන යන්නේ. එවකට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යව සිටි සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමති වුණාට පස්සේවත් ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ නැහැ. මේගොල්ලෝ මේ ADB ලෝන් එක වෙනුවෙන් මේ ඔක්කොම කරන්නේ. ආණ්ඩුව IMF ලෝන් එක වෙනුවෙන් හැම එක ම කරනවා, ADB ලෝන් එක වෙනුවෙන් මේවා කරනවා. ඇත්තට ම මේක ළමයි ගැන හිතලා කරන වැඩක් නෙමෙයි.”

නව මොඩියුල් සහිත පොත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 7ක් වැය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, පෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ය.

මේ හරහා ඇඟවෙන්නේ කුමක් ද?

මෙම සිදුවීම හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොසැකිලිමත්ව සිදුකර ඇති බවට හැඟවෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

“මේ හරහා ඇඟවෙන්නේ මොකක්ද, මේ ප්‍රතිසංස්කරණ කොතරම් දුරට නොසැලකිල්ලෙන් ද කරන්නේ කියන කාරණය. මේකට සම්පූර්ණයෙන් ජාතික අධ්‍යාපන ආයතනය වගකිව යුතු යි. මොක ද මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් ම මේ විෂය මාලා සංශෝධනය සහ මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනය, ජාතික අධ්‍යාපන ආයතනය. පහුගිය අවුරුදු කිහිපයේ ජාතික අධ්‍යාපන ආයතනය බිලියන ගාණක් වියදම් කරලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කියලා. හැබැයි කරලා තියෙන දේ මොකක් ද කියලා හොඳට ම පේනවා.”

මෙය සුළුකොට තැකිය හැකි නොහැකි බැවින් අදාළ සියලු දෙනා එම තනතුරුවලින් ඉවත් කර පරීක්ෂණයක් පවත්වා නිසි දඬුවම් ලබා දිය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ අවධාරණය කළේ ය.

CIDයට පැමිණිලි කළේ ඇයි?

නව අධ්‍යාපන ප්‍රතිංස්කරණය යටතේ නිකුත් කර තිබෙන English Language First Term Module Grade 6 මොඩියුලයේ, සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නාමයක් සඳහන් වීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව දෙසැම්බර් 31 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශව විසින් එල්ල කරන ලද චෝදනාවල දිගුවක් ලෙස කුමන්ත්‍රණකාරී ලෙසින් වෙබ් අඩවිය මොඩියුල තුළට ඇතුළත් කළා දැයි සොයා බලන ලෙස සිය පැමිණිල්ල හරහා ඉදිරිපත් කළ බව ලේකම්වරයා මාධ්‍ය වෙත කියා සිටියේ ය.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව පහුගිය කාලය පුරාවට ම පදනම් විරහිත චෝදනා විවිධ පාර්ශවයන් එල්ල කළා. එතකොට අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය, මේ ඇතුළු කිරීම, මේ නුසුදුසු වෙබ් අඩවියක වචනයක් නැත්නම් හැඳින්වීමක් සිදුකිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් එල්ල වන චෝදනාව සනාථ කිරීම වෙනුවෙන් යම්කිසි පාර්ශවයක් කුමන්ත්‍රණකාරි ලෙස කරපු දෙයක් ද කියන සැකය අපිට තියෙනවා.”

අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන බව නාලක කළුවැව ලේකම්වරයා පැවසීය.

‘නැවත මුද්‍රණ කිරීමක් කරන්නේ නැහැ’

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සම්බන්ධ කර ගනිමින් බීබීසී සිංහල සේවය මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසීමක් කළේ ය.

මුද්‍රණය කරන ලද මොඩියුල තවමත් බෙදා හැර නොමැති බව පැවසූ ලේකම්වරයා එම මොඩියුල නැවත මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එය නැවත සකස් කර භාවිත කළ හැකි බව කියා සිටියේ ය.

“නැවත මුද්‍රණ කිරීමක් කරන්නේ නැහැ කොහොමත් ම ඒ මොඩියුලය. මොඩියුලයේ ඔය තියන වැරැද්ද හදලා ඒ තියෙන එක ම තමයි අපි පාවිච්චි කරන්නේ.”

අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයේ ඉන්නේ කවුද?

අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්බන්ධව සිදුකරනු ලබන අභ්‍යන්තර පරීක්ෂණය අතිරේක ලේකම්වරුන් තිදෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන බව ද ඔහු කියා සිටියේ ය.

අතිරේක ලේකම් දේවිකා ලියනගේ සභාපතීත්වය දරන එම පරීක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් තිලක් වත්තුහේවා, උසස් අධ්‍යාපන අතිරේක ලේකම් අප්සරා කල්දේරා ද කටයුතු කරනු ලබයි.

‘ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ’

වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාර ගත යුතු යැයි මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ බීබීසී සිංහල සේවය පැවසුවා ය.

“නම දානකොට අපිට කියන්න පුළුවන් NIE එක හැටියට ඒ නම ඒ ඇක්ටිවිටි එකේ පාවිච්චි කරන එක ගැන හොයලා බලන්න තිබුණා කියන ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාවනැල්ලේ ත්‍රිපුද්ගල ඝාතනයක්… ඝාතකයා  මතට ඇබ්බැහි වුන කුඩු කාරයෙක්…

Next Post

සඟ සතු දේ ජන සතු වෙයි: මල්වතු මහ වෙහෙරෙන් සහ දළදා මාළිගාවෙන් විපතට පත් ජනතාවට  නැවත පදිංචිය සඳහා ඉඩම්…  

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.