බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ශ්‍රි ලංකාවේ අපි විඳින අමිහිර මාලදිවයිනටත් විඳින්නට සිදුවෙයිද?

by Lanka Sara Editor
ජූලි 26, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

 

පවතින ආර්ථික අර්බුදයට එරෙහිව සටන් කිරීමට පසුගිය මාස හතර තුළ ශ්‍රී ලංකාව කිසිදු උත්සාහයක් ගත්තේ නැත. එහි ගෞරවය හිමි වන්නේ වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ දේශපාලන  ආධිපත්‍යය පතුරවන ලද රාජපක්ෂ පරම්පරාවටය.

පසුගිය ජූලි 09 වැනිදා ශ්‍රී ලංකාවේ විප්ලවීය දිනයක් ලෙස නම් කිරීම නිවැරදිය. එවකට ජනාධිපතිධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මුළු රටම පාරට බැස්සේය. රාජපක්ෂලාට රජවරුන් ලෙස සැලකූ , විශේෂයෙන් දෙවියකු ලෙස සැළකූ මහින්ද රාජපක්ෂගේ කීර්තිය නැතිව ගියේ කෙසේද? ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූයේ ඇයි?

මහින්ද රාජපක්ෂ ජනතාවගේ හදවතේ රජවීම-

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වසර 26ක් පුරා පැවතුන ජනවාර්ගික සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ  මහින්ද රාජපක්ෂ භූමිකාව ශ්‍රී ලංකාවේ මුල් බැස ගැනීමට පටන් ගත්තා යැයි කිවහොත් නිවැරදිය. මෙම යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ මහතාට වෙනත් පාර්ශ්වයක් මත යැපීමට සිදුවිය.  චීන ව්‍යාපෘතිය කලඑළි බසින්නේ මෙම අවශ්‍යතාවය මතය.

මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා බලයේ  රැඳී සිටියේ එම ආශීර්වාදය මැද්දේය. වසර 2018 පළ වූ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් සමාගම විසින් රාජපක්ෂ සහෝදරයන්ගේ ආධාරකරුවන්ගේ ඇඳුම් පැළඳුමේ සිට මැතිවරණ ව්‍යාපාරයට මුදල් සැපයූ බවයි.

චීන ජනාධිපති ෂී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සංචාරය-

වර්ෂ 2014 සැප්තැම්බර් මාසයේ දී චීන ජනාධිපති ෂී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නිල සංචාරය=ක නිරත විය. ශ්‍රී ලංකාව ඒ වන විටත් චීනය සමඟ සුහද සබඳතාවක් ගොඩ නඟා ගෙන තිබූ නමුත් මාලදිවයිනේ අලුතින් පත් වු ජනාධිපති යමීන්ගේ නායකත්වය යටතේ යම් යම් වෙනස්කම් සිදු වෙමින් පැවතිණි.

චීන ජනාධිපතිවරයා හඳුන්වා දුන් එක් තීරයක් එක් මාවතක් ( BRI) පිළිබඳව යමීන් සිටියේ සුබවාදී දෘෂ්ටියකිනි. ඒ වත්කම් මත පාලනය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නොහැකි ව්‍යාපෘති සඳහා චීනයේ   ණය මුදල් ලබා ගැනීම පහසු වූ නිසාය.

ඒ අනුව 2007 දී නිර්මාණය කරන ලද Male-Hulhumale පාලම, ඩොලර් මිලියන 210 ක වියදමින් චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ඉදිකරන ලදී. ඒ සමඟම Beijing Urban Construction සමූහය විසින් 2018 දී හුල්හුමාලේ හි ඇණහිට තිබූ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කරනු ලැබීය.

චීනයෙන් ලබාගත් ණය හරහා දැන් එහි එකතු වී ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.5 කි. ඊට  එවක රජය විසින් සෘජුවම ලබා ගත් ඩොලර් මිලියන 600 ක ණය ඇතුළත් වන අතර ඉතිරිය රජය විසින් ස්වෛරී ඇපකර නිකුත් කළ සමාගම් විසින් ලබා ගත් ණය වේ. ස්ට්‍රේට් ටයිම්ස් හි වාර්තාවක් පවසන්නේ ලෝක බැංකු වාර්තාවන්ට අනුව  මාලදිවයින බීජිං වෙත ඩොලර් බිලියනයකට වඩා ණය වී ඇති අතර එහි මුළු ණය ඩොලර් බිලියන 5.6 ක් බවයි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව චීනයට උපාය මාර්ගික වශයෙන් වැදගත් වීම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙත යන අතරතුර, 2014 මැයි 15 වැනි දින  මාලදිවයිනේ සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂි ජින්පින්ග්, එක් තීරයක් එක් මාවතක් ( BRI) යටතේ මාලදිවයිනේ වැදගත්කම අවධාරණය කළේය.

චීනයේ ත්‍යාගශීලීත්වයේ පරිමාණය ලොව පුරා ඒකාකාර නොවේ. විශේෂයෙන්ම ලෝකයේ භූ දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රදේශ වල චීනය තම මුදල් උපක්‍රමශීලීව භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 1.5කට ආසන්න මුදලක් වැය කළේය. නමුත් වසර කිහිපයක් ඇතුළත එම වරායේ ආර්ථික ප්‍රතිලාභයක් ලබා නොදෙන බව පැහැදිලි වූ අතර ණය ගෙවීම පැහැර හරින තත්ත්වයකට පත් විණි. වර්ෂ 2017 දී චීනය විසින් එම වරාය වසර 99ක බද්දක් ගත්තේය. එය ඉන්දියානු සාගරයේ කාර්ය බහුලම නැව් මාර්ගයක පිහිටා ඇති බැවින් චීනයට වටිනා උපාය මාර්ගික වත්කමකි. මෙම නැව් මාර්ගයේ ඉන්ධන යාත්‍රා සහ නෞකා දස දහස් ගණනක් මේ මාර්ගයේ ගමන් කරයි. ශ්‍රී ලංකා නිලධාරීන් චීන නීලධාරීන් සමඟ වරායේ කොන්දේසි පිළිබඳව සිදු කළ සාකච්ඡාවේදී  , වරායේ  උපායමාර්ගික වටිනාකමක් දුටු බව චීන නිලධාරීහු අවංකව ප්‍රකාශ කළහ.

දුර්වල වූ ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් වීම:

චීනය මෙසේ ඇතුළු වන්නේ දුර්වල වූ ප්‍රජාතන්ත්‍රවාදයටය. ඔවුන් බිලියන ගණන් මුදල් පුරවන්නේ රටකට නොව, එම රටේ දූෂිත දේශපාලකයන්ටය. චීන රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී මෙය සාමාන්‍ය දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ 2015 සහ 2018 මැතිවරණ දෙකේදීම චීනය ආයෝජනය කළේ රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහාය.

චීනයේ වැඩිම අත පෙවීම් ඇත්තේ දුර්වල ආයතන, බිඳ වැටෙන සිවිල් සමාජ, දේශපාලන මත බේද විශාල වශයෙන් පවතින රටවලය.එවැනි රටවල විභවයක් ඇති නායකයන් සමඟ සබඳතා ගොඩ නැගීමට චීනය සූ=ක්ස්මව කටයුතු කරයි. මාලදිවයිනේ යමීන් චීනය කෙරෙහි නැඹුරු වීමට හේතු පාදක වන්නේ 2018 වසරේ ඔහුගේ ප්‍රතිරූපය නඟා සිටුවීමට දියත් කළ සැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හා මාධ්‍ය කාර්ය මණ්ඩල පිහිටුවීමත් සමඟය.  මෙම වෙබ් අඩවි සහ නාලිකා අද දක්වාම,  2023 මැතිවරණය සඳහා දක්වාම  යමීන් ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීමට අරමුදල් සපයා ඇත.

 

ශ්‍රී ලංකාවේ යථාර්ථය ළඟදීම මාලදිවයින විය හැකිය:

චීනය ශ්‍රී ලංකාවේ වරාය සහ අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීම රට තුළ ව්‍යාපාර ඉහළ නැංවීමට හේතු වූයේ නැත. ඒ වෙනුවට ඩොලර් බිලියන ගණනක ණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩපණ කළ අතර  ණය පැහැර හැරීමට ද හේතු විය. අප්‍රේල් මාසයේදී විදේශ සංචිත අවසන් වූ අතර, ආහාර හිඟය, විදුලි කප්පාදුව සහ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයෙකුට, අගමැතිවරයෙකුට සහ සමස්ත කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය.

මේ අවස්ථාවේදී ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් සහනයක් ලබා දීමට චීනයට හැකි නමුත් ඒ වෙනුවට ඔවුන් ඉදිරිපත් වූයේ තව තවත් ණය ලබා දීමටය. එවන් සහනයක දැඩි අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඇති නමුත් ඒ සඳහා චීනය පසුබට වීම හාස්‍යජනකය.

රට යථා තත්ත්වයට ගෙන ඒම සඳහා, ශ්‍රී ලංකාව මෙතෙක්  ගෙන ඇති සියලු වැරදි කළමනාකාරිත්වයන් සහ වැරදි තීරණවලින් ආපසු හැරෙන්නට ප්‍රමාද වැඩිය. නමුත් ඉදිරි වසරවලදී, දක්ෂ නායකයින් බලයට පත්වීමත් සමඟ, ශ්‍රී ලංකාව මෙම අර්බුදය ජය ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

Share69Tweet43
Previous Post

ලෝකයක් මවිත කළ  බරණවත් මරා දමලා……

Next Post

ජනපති රනිල්ට සුබ පතන නායකයන් ගොඩට ඉන්දිය අගමැති මෝදිත් එක්වෙයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.