බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විල්පත්තු යන්න කීවේ හිටපු ජනාධිපති… ඥානසාර හිමි කොමිසමේ දී කියයි…

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු කොමිසමේ දී කළ හෙළිදරව්ව

by editor
ජූනි 19, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • රාජිත සේනාරත්නගේ නොහික්මුණු හැසිරීම නිසා දර්ගා නගරයේ සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක උනේ නෑ….

  • හලීම්ලා බදියුදීන්ලා ඇතැම් සංඝයාවහන්සේව මුදල් දී ගත්තා

  • විල්පත්තු වනසංහාරය අපට පාලනය කරන්න බෑ… ඔබවහන්සේම ගිහින් හඬක් නගන්න කීවේ හිටපු ජනාධිපති

  • දර්ගා නගරයෙ ගැටුම ඇති වුනේ අයගම සමිත හාමුදුරුවන්ගෙ වාහනය හරස් කරලා මුස්ලිම් තරුණයන් හතර දෙනෙක් උන්වහන්සේට  කාණුවක දාගෙන ගැහුවට පස්සේ…

හිටපු ඇමති රාජිත සේනාරත්නගේ නොහික්මුණු ක්‍රියා හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේ ඇතිවුණු සිද්ධිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු කොමිසම හමුවේ ඊවේ (18) සදහන් කළහ.

එසේම මුස්ලිම් ඇමතිවරුන් වන එම්.එච්.එම්. හලීම්, රිෂාඩ් බදුයුදීන්, රවුෆි හකීම් යන අය ඇතැම් සංඝයා වහන්සේලාට මුදල් ගෙවා උන්වහන්සේලාව දේශපාලන පලිහක්කරගෙන කටයුතු කරන බවද ඥානසාර හිමියෝ කීහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (18) කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ තෙවැනි දිනයටය. එහිදී කොමිසම වැඩි වශයෙන් අවධානය යොමුකරනු ලබුවේ උන්වහන්සේ 2014 වසරේදී ස්ථාන කිහිපයකදී කළ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්දයෙනි.

රජයේ නීතීඥ
ශ්‍රී ලංකාව තුළ අන්තවාදය වශයෙන් හැදින්විය හැකි විවිධ නිකායන් යටතේ ඉස්ලාම් ධර්මයට හරවා ගැනීම් සිදුවන සංවිධාන රැසක් ඇතැයි ඔබ වහන්සේ මෙයට පෙර දිනවල පැවැති සාක්ෂි විභාගන්වලදී සඳහන් කළා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඥානසාර හිමි
ඔව්. ඒ සම්බන්ධයෙන් නිරත්තරයෙන් මහජනතාව දැනුවත් කිරීම් පවා  කළා

රජයේ නීතීඥ
නිපෝන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔබ වහන්සේ එතැනට ගොස් ඇතිවූ තත්වය මතකද?

ඥානසාර හිමි
බොදුබල සේනා සංවිදානය හැටියට අපි එතැනට සම්බන්ධවුනේ අහඹු ලෙසයි. නිපෝන් හෝටලයේ වූ එම සිද්ධියට දින තුන හතරකට පෙර, ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල මාධ්‍ය නියෝජිතයින් එකතුකරගෙන අපේ වියදමින් ඒ අයව විල්පත්තුවට එක්කරගෙන ගියා. ඒ මහා වන විනාශය හා එහි සිදුවන ජනගතකරණය ඒ අයට ඇස් දෙකෙන්ම බලාකියා ගන්න.

එම මහා විනාශය සිදුකළේ එකළ ආණ්ඩුවේ සහය ඇතිව රිෂාඩ් බදුයුදීන් විසිනුයි. “ජාසින් සිටි“ නමින් කළ එම විනාශය ඇස් දෙකින් දැකල වාර්තා කිරීමටයි මාධ්‍ය එම ස්තානයට එක්කරගෙන ගියේ. ඒ සම්බන්ධයෙන් තමාගේ කීර්තිය හානි කරනව කියල බදියුදීන් රුපියල් මිලියන 500 ක් මගෙන් ඉල්ලල එන්තර වාසියකුත් එව්වා.

ඒ කාලේ කවුරුත් කථාකල වටරැක විජිත කියන භික්ෂුවත් තවත් භික්ෂූන් වහන්සේ කිහිප දෙනෙකුත් මව්ලවිවරුන් කිහිප දෙනෙකුත් සමග බදියුදීන්ගේ මෙහෙයැවීමෙන් තමයි එම නිපෝන් හෝටලයේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය වුනේ. ඒබව එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙකුගෙන් තොරතුරු ලැබිල අපේ කණ්ඩායමේ භික්ෂූන්වහන්සේ කිහිප නමක් එම ස්ථානයට වැඩම කළා තොරතුරු දැන ගන්න. අපේ කණ්ඩායම එම ස්ථානයට වැඩම කළේ ඇතැම් දේශපාලන නායකයන් තමන්ගේ පලිහක් විදිහට සිවුර යොදා ගැනීමට කටයුතු කළ නිසයි. බදුයුදීන් ඒ වෙලාවේ හැදුවේ විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් ඔහුට එල්ලවන චෝදනාවෙන් භික්ෂූන් වහන්සේ ඉස්සරහාට දාල ශුද්ධවන්තයෙක් වෙන්නයි. අපේ කණ්ඩායමේ හාමුදුරුවන් නැවත පැමිණිමට වේලාවක් ගතවුණු නිසා මම එතැනට ගියා ප්‍රමාදයට හේතුව කුමක්ද කියල සොයා බලන්න. මම එතැනට යනකොට ලොකු ගාලගෝට්ටියක්.

විනිසුරු සුනිල් රත්නායක
ඇතැම් දේශශපාලනඥයන් කියල ඔබ වහන්සේ යම් සඳහනක් කළා. ඒ අය කවුරුන්ද?

ඥානසාර හිමි
වහබ්වාදියෙක් වන හිටපු ඇමති හලීම්, රවුෆ් හකීම්, බදියුදීන් වැනි දේශපාලනඥයන් කිහිප දෙනෙක්ම සිටිනවා. ඒ අය පොඩි ගානක් දීල හාමුදුරුවරු කණ්ඩායමක් තියාගෙන එයාලගේ වැරදි එළියට එනකොට ඒ අය එහෙම නැහැ කියල මෙම හාමුදුරුවරු ඉස්සරහට දාල සිංහල ජනතාව අමතනව. නිල වශයෙන්ම මේ අයගෙන් පසුගිය කාලයේ මුදල් ලබාලගත්තු හාමුදුරුවරු ඉන්නව.

රජයේ නීතීඥ
නිපෝන් මාධ්‍ය සාකච්ඡාවට දින කිහිපයකට පෙර විල්පත්තුවේ සංචාරයට ඔබ වහන්සේ සමග සහභාගි වූ අය කවුරුන්ද?

ඥනසාර හිමි
මාධ්‍යවේදීන් 40 ක් විතර හිටිය. හාමුදුරුවරුත් 30 ක් 40 ක් විතර ඉන්න ඇති. වාහනත් 20 ක් 30 ක් ගියා.
අපි ගියේ විල්පත්තුවේ වන සංහාරය සිදුවෙලා තිබුණු ප්‍රදේශයටයි.

රජයේ නීතීඥ
මේ ගමන යන විට විල්පත්තුව වනෝද්‍යානයේ කැපුණු මාර්ගයකට අදාලව නඩුවක් තිබුණා කියල ඔබ වහන්සේ දැනුවත්ව සිටියද?

ඥානසාර හිමි
නැහැ. මෙම විල්පත්තුව වන විනාශය ගැන මම දැන ගන්නේ අහඹු ලෙසයි. දිනක් මම අනුරාධපුරයේ වන්දනාවකට ගිහින් තන්තිරිමලේ දානයකට සහභාගි වුනා. දානය අවසන් වීමෙන් පසු කොළඹ එන්න පිටත්වෙනකොට එම විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ තන්තිරිමලේ සිට අපිට ගමන් කිරීමට කෙටි මාර්ගයක් ගැන කියුවා. අපි මඩු පල්ලිය පසුකරගෙන ගමන් කරනකොට මාර්ගය වැරදිලා ගුරු පාරක් දිගේ ඉදිරියට ගියා. ඒ පාර දෙපැත්තේ කැලෑව. ටික දුරක් යනකොට එකපාරම කාපට් පාරක් හමුවුනා. කිලෝ මීටර් 10 ක් විතර යනකොට දැක්කා මහා රූස්ස ගස් බිම හෙළල කරල තිබ්බ මහා වන විනාශය. ඒවගේම දැක්කා ජනපද හදලත් තිබෙනව. නිවාස හතලිහෙන් හතලිහට පල්ලි ඉදිකිරීමකුත් කරල තිබුණා. වනාන්තරය ඇතුළට තමයි මාර්ග පිහිටලා තිබුනේ. අපිට වැඩිදුරක් එම මාර්ගයේ ගමන් කිරීමට බැරිවුණා. මාර්ගයේ වැඩ අවසන් නැති නිසා ආපසු හරවාගෙන ආවා. පාර අසාගත්තේ පොලිස් මුරපොලක සිටි නිලධාරීන් පිරිසකගෙන්. ඒ වෙලාවේ එම නිලධාරීන් මට සඳහන් කළා හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය ගිහින් තියෙන්නේ යුද්දෙ කාලේ හමුදාව ආයුධ උතුරට ගෙන ගිය පාරක කියලයි.

එදා තමයි මම මුලින්ම විල්පත්තු වන සංහාරය සහ ජනපදකරණය ගැන දුටුවේ. ඒ අනුව අපි තමයි මුලින්ම විල්පත්තුව ගැන හෙළිදරව් කළේ. මම දන්නේ නැහැ ඒ ගැන පරිසර සංවිධානවල දැනුවත් කමක් ඊට පෙර තිබුණද කියල.

රජයේ නීතීඥ
2011 වසරේ සිට මූලික අයිතිවාසිකම් නඩුවක් ඒ සම්බන්දයෙන් අධිකරණයේ පැවැතුනා. පෙත්සම්කරුවන් ලෙස පෙනී සිටින්නේ පරිසරයට අදාල රාජ්‍ය නොවන සංවිධානයක්. ඒ බව ඔබ වහන්සේ දැනගෙන හිටියා කීවොත්.

ඥානසාර හිමි
මම දැනගෙන හිටියේ නැහැ.

රජයේ නීතීඥ
ඇයි ඔබ වහන්සේ එතැනට මාධ්‍ය අරගෙන ගියේ.

ඥානසාර හිමි
මේ රටේ පාලකයන්ට ඒ ගැන කොතරම් කීවත් වැඩක් නැහැනේ. සත්‍ය දේ පෙන්වන්නයි ජනමාධ්‍යය රැගෙන ගියේ. සමාජ ව්‍යාපාරයක් ඇති වන්නේ එවිටයි. අනික අපිත් ජාතික ව්‍යාපාරයක්.

රජයේ නීතීඥ
පවත්නා ක්‍රමවේදයට එරෙහිව ජනතාව ඔබ වහන්දේ පෙළ ගැස්සුවා යැයි කීවොත්?

ඥානසාර හිමි
ඒක වැරදියි. මම කළේ මහජනතාව දැනුවත් කිරීමක්.

රජයේ නීතීඥ
පාලකයන් මාරු කිරීමට  මහජනතාව පාලන තන්ත්‍රයට එරෙහිව උසිගැන්වීමක් කළා යැයි කීවොත්.

ඥානසාර හිමි
ඒකත් වැරදියි

රජයේ නීතීඥ
ඔය චාරිකාවෙන් පස්සේ ඒ හා කරුණු අරභයා වෙනත් පාර්ශවයක් නිපෝන් හෝටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම්වූවා යැයි කීවොත්?

ඥානසාර හිමි
නිවැරදියි

රජයේ නීතීඥ
එම අවස්ථාවේදී ඔබ වහන්සේ කළ කථාව මාධයේ පලවුනා.

ඥානසාර හිමි
ඔව්

(නිපෝන් හෝටලයේදී ඥානසාර හිමියන් විසින් කළ මාධ්‍යයේ පලවුණු එම කථාව ඇතුළත් වීඩියෝ පටයක් කොමිසම හමුවේ ප්‍රදර්ශනය විය. ඥානසාර හිමියන් අවේගයෙන් අදහස් ප්‍රකාශ කරන අයුරු එම වීඩියෝවේ දකින්නට විය.)

රජයේ නීතීඥ
මෙම සිදුවීම 2014 වසරේ අප්‍රේල් 09 වෙනිදා වූ සිදුවීමක් ලෙස මතකයේ තිබේද?

ඥානසාර හිමි
ඔව්.

රජයේ නීතීඥ
බොදුබල සේනාව පිහිටුවා වසර දෙකකට පසුවද?

ඥානසාර
ඔව්

රජයේ නීතීඥ
ඔබ වහන්සේ වටා අනුගාමිකයන් හිටියා කීවොත්

ඥානසාර හිමි
ඔව්.

රජයේ නීතීඥ
අනුගාමිකයන් දහස් ගණනක් සිටියදී මාධ්‍ය ඉදිරියේදී මෙවැනි හැසීරීම් නිසා අනුගාමිකයන් ප්‍රචණ්ඩත්වයට යොමු වීමට හැකියාව තිබෙනව නේද?

ඥානසාර හිමි
මාධ්‍ය සාකච්ඡාවකදී නෙමෙයි ඔය සිදුවීම වුනේ. මගේ ඔය ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ කළ එකක් නෙමෙයි. මාධ්‍යෙය් දාන්න කීවේ මම නෙමෙයි. ඒක මාධ්‍යයේ කටයුත්තක්. අපේ ධර්මය තුළ ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඒ ඒ අවස්ථාවට අනුව කතාකරන්න රිද්මයක් තිබෙනව. බණ කියනකොට එක විදිහක්. ඒ අනුව තමයි අවස්ථානෝචිතව මම වචන භාවිතා කළේ. මහා වනාන්තරයක් කපල මහා විනාශයක් කරල තියෙනකොට, ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ කියන්න භික්ෂුන් යොදාගෙන සංදර්ශනයක් කරන්න යනකොට නිහඬව ඉන්නද කියන්නේ.

පන්සල් පල්ලිවල ඝණ්ඨාර එල්ලල තියෙන්නේ ඇයි. ඒ ඒ අවස්ථාවලදී එම ඝණ්ඨාර එල්ලා ඒ ඒ අවස්ථාවේ හැටියට නාද කරන විධි වෙනස්. ඒක රිදී ද රත්තරන්ද කියල බලන්නේ නැහැ. ඒක ගහන්න ඕනේ වෙලාවට හයියෙන් ගහන්න ඕනේ. රිද්මයානුකූලව ගහන්න ඕනේ වෙලාවට ඒක එහෙම වෙන්න ඕනේ.

බොදු සමුළු රැසක් රටපුරා තියල තිබෙනව. මාවනැල්ලේ මුස්ලිම්වරුන් මැද බොදුබල සේනා රැස්වීමක් තිබ්බා. එක ගල්කැටයක් විසි වුනේ නැහැ.

විනිසුරු සුනිල් රත්නායක
විල්පත්තුව කැලෑකැපීමට මුල්වූ දේශපාලනඥයෝ හිටියද?

ඥානසාර හිමි
රිෂාඩ් බදියුදීන් හිටියා.

විනිසුරු සුනිල් රත්නායක
ඇයි ඒ අයට ගිහින් විරෝධය නොදැක්වූයේ

ඥානසාර හිමි
එවකට හිටි ජනාධිපතිට කීවා. එතකොට එතුමා කියනව අපිටත් පාලනයක් නැහැ මේ අයව. හාමුදුරුවනේ ඔබ වහන්සේ මේක හෙළිකරන්න කියල. හරියට රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.

සභාපති විනිසුරු ජනක් ද සිල්වා
විල්පත්තුවේ නඩු තීන්දව ලබාදෙන්න නියමිතව තිබෙනව. ඒ ගැන වැඩි විස්තර කථාකරන්න එපා. එම නඩුවට සම්බන්ධ විනිසුරුවරු දෙදෙනෙක් මෙම කොමිසමේ කටයුතු කරනව.

රජයේ නීතීඥ
යමෙක් තමාගේ මතවාදයක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරන්න යනකොට ඒක මැදට පනිනවාට වඩා ඔබ වහන්සේට තිබුනා, වෙනම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඔබ වහන්සේගේ මතය ඉදිරිපත් කරන්න.

ඥානසාර හිමි
ප්‍රශ්නය වැරදි තැනින් අල්ලා ගත්තම තමයි එහෙම වෙන්නේ. අපි මාධ්‍ය සාකච්ඡාවක් මැදට කඩා පැන්නේ නැහැ. එහෙම වුනානනම් ඒක සදාචාර විරෝධියි. මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ නිපෝන් හෝටලයේ දෙවැනි මහලේ. සිද්ධිය වෙන්නේ පළමු මහලේ. මාධ්‍ය සාකච්ඡාව පටන් ගන්න පෙරයි සියල්ල සිදුවන්නේ.

රජයේ නීතීඥ
ඔබ වහන්සේගේ ක්‍රියා කලාපය, මුස්ලිම් ජනතාවගේ හිත් තැවුලකට හිත් රිදීමකට හේතුවුනා කීවොත්.

ඥානසාර හිමි
මුස්ලිම් කියන්නේ ඒකටනේ. එයාල එක දෙවියන්ටයි වග කියන්නේ. සහරාන් ගැහුවට පස්සේ දැක්කනේ ඔක්කොම මුස්ලිම්වරු එකට හිටගත්ත හැටි. එච්චර දෙයක් වෙලත්.

(මෙම අවස්ථාවේදී බොදුබල සේනා සංවිධානය විසින් අලුත්ගම දර්ගා නගරයේ පැවැත්වූ රැලියේ බී.බී.සී. සිංහල සේවය විසින් විකාශය කළ ඥානසාර හිමියන් ආවේගශීලීව ජනතාව අමතන අවස්ථාවන් ඇතුළත් කොටස් සහිත වීඩියෝ දර්ශනයක් කොමිසම හමුවේ විකාශය කළේය.)

රජයේ නීතීඥ
ඔබ වහන්සේට මෙම සිදුවීම ගැන මතකයක් තිබෙනවද?

ඥානසාර හිමි
ඕක වැරදියි. ඔය වීඩියෝ දර්ශනයේ තිබෙන්නේ මම කළ කතාවෙන් කොටසක් විතරයි. ඒ වචනේ අල්ලාගෙන සමස්ත කතාව ගැන කතාකරන්න බැහැ. මුස්ලිම් කවුන්සලයේ අමීන්ගේ පුතා අසාම් තමයි ඕක දාල තියෙන්නේ. පොඩි කොටසක් දාල මුළු කතාවගැන කතාකරන්න බැහැ.

රජයේ නීතීඥ
මම ඇහන්න හැදුවේ ඒ රැස්වීම කෙහේද තිබ්බේ කියල.

ඥානසාර හිමි
අලුත්ගම. එදා ඒ සිදුවීම ගැන එදා කොමිසමක් ඉල්ලුවා. අදත් මම කොමිසමක් ඉල්ලනව. ඔය රැස්වීම පැවැත්වීම දක්වා මුස්ලිම් අය කළ අපරාධ සිද්ධින් 04 ක් මම කොමිසමට ඉදිරිපත් කරන්නම්.

අලුත්ගම දර්ගා නගරය අවුරුදු 25කට පමණ පෙර නම් කරල තිබුනේ කාදිය වත්ත කියලයි. දැන් සිංහල නම නැහැ. දර්ග නගර් වෙලා. එහි පන්සල් දෙකක් තියෙනව. සිංහල පවුල් 60ක් විතර ජීවත්වෙනවා. ඔය පන්සල් දෙකේ ඉන්න හාමුදුරුවරු මාස හතර පහකට වැඩිය එම විහාරස්ථානවල වැඩ වාසය කරන්නේ නැහැ. ඒ අයට මුස්ලිම්වරු ඉන්න දෙන්නේ නැහැ. අඩම්තේට්ටම් කරනවා. 2011 වසරේ සිට අයගම සමිත කියල හාමුදුරුනමක් ඒ එක් විහරස්ථානයක වැඩ වාසය කරමින් විහාරාධිපති ලෙස කටයුතු කළා.

උන්වහන්සේ විහාරස්ථානයත් හොඳින් දියුණුකරගෙන වැඩ වාසය කළේ. කුඩා සාමනේර හිමිවරු සිව් නමකුත් මෙම විහාරස්ථානයේ වැඩ හිටියා. හැමදාම උදෑසන සමිත හාමුදුරුවෝ විහාරස්ථානය අමදිනවා. සාමනේර හිමිවරුත් උන්වහන්සේව අනුගමනය කරමින් විහාරස්ථානය අමදිනව. දිනක් එසේ විහාරස්ථානය අමදමින් ඉන්නකොට මුස්ලිම් තරුණයින් සිව් දෙනෙක් උන්වහන්සේලාගේ ඇඟට නිල් පැහැති වතුර බාල්දියක් විසිකරල තිබෙනවා. තවත් දවසක විහාරස්ථානය ඉදිරිපිට ඝාතනය කළ ගවයෙකුගේ ලේ බේරෙන හිසක් සහ ගාත් හතර දමල ගිහින් තිබෙනව. පොලීසියට ඒ ගැන කීවම හරක් ඔලුවයි ගාත් හතරයි අරගෙන ගිහින් තිබෙනව. මේ ගැන හාමුදුරුවෝ වැඩිහිටි මුස්ලිම්වරයෙකුට කියල තියෙනවා නැවත සිදුනොවෙන්න.

ඒත් හිරිහැර කිරීම් නැවතුනේ නැහැ. සාමනේර හිමිවරු පිරිවෙන් යන්නේ කළුවාමෝදර පිරිවෙනට. විහාරස්ථානයේ සිට පාගමනින් නගරයට ගොස් බස් රථයක නැගලයි පිරිවෙන් යන්නේ. දිනක් මේ කුඩා හාමුදුරුවරු පිරිවෙන් යනකොට සංවිධානාත්මකව මුස්ලිම් තරුණයින් කටේ කෙළ පුරවාගෙන ඉඳල කෙළ ගහල. හාමුදුරුවරු පිරිවෙන් යන්නේ නැතිව අඬාගෙන පන්සලට ඇවිත්.

ඒ සිද්ධියෙන් පස්සේ හාමුදුරුවරු දෙන්නෙක් විහාරස්ථානයෙන් ගිහින්. අනිත් දෙන්නට පිරිවෙන් යන්න ත්‍රී රෝද රථයක් කථාකරල දීල තියෙනව නායක හාමුදරුවෝ. වර්ෂ 2014  පොසොන් පොහොය දින තවත් සිදුවීමක් වුනා. සමිත හාමුදුරුවෝ අනිත් විහාරස්ථානයේ බණකට වඩින විට උන් වහන්සේ ගමන් කරමින් සිටි වෑන් රථය හරස් කරලා යතුරු පැදි දෙකක් නතර කරල තිබෙනවා. එම යතුරුපැදිවල සිව් දෙනෙක් ඉඳල තිබෙනව. ඒ අය මුස්ලිම් තරුණයින්.

වෑන් රථය පදවල තිබෙන්නේ සමිත හාමුදුරුවන්ගේ සහෝදරයා. ඔහු හෝන් ගහල යතුරු පැදි ඉවත්කරන්න කියල. ඒ වෙලාවේ ඒ අය වෑන් එක ළඟට ඇවිත් මේක අපේ ප්‍රදේශය… හෝන් ගහන්න බැහැ කියල පවසල තිබෙනව. අනතුරුව සමිත හාමුදරුවන්ව වෑන් එකෙන් එළියට ඇදල පහරදීල කානුවකට තල්ලුකරල තියෙනව. වෑන් එක පදවපු සහෝදරයටත් පහරදීල තිබෙනව. ඔය සිදුවීම වෙනකොට මම හිටියේ ගම්පොල බණකට වැඩල. ප්‍රදේශයේ හාමුදුරුවරු මට දුරකථනයෙන් කතාකරල සිද්ධිය කීවා. ඒ වෙනකොටත් හාමුදුරුවන්ට පහරදීපු කට්ටිය අත්අඩංගුවට අරගෙනත් නැහැ කියල. මම ඒ වෙලාවේ බොදුබලසේනා සංවිධානයේ ජාතික සංවිධායක හාමුදරුවන්ට කතාකරල කිව්වා එතැනට යන්න. ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා කියල. ඒ වෙනකොට පොලීසිය ගාව 2000 කට වැඩිය පිරිසක් රැස්වෙලා. සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ අපියි. රැස්වී සිටි පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේත් අපියි.

එදා එතැනට කුමාර වෙල්ගම , රෝහිත අබේගුණවර්ධන යන දේශපාලනඥයන් ආවා. ජනතාව ඒ අයව හූ කියලයි එළෙව්වේ.

රාජිත සේනාරත්න එම ප්‍ර දේශයේ නීතිය ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. ඉස්ලාම් අයගේ පැත්තයි ගත්තේ හැම විටම.

ඒ පැත්තේ හාමුදුරුවරු අපිට කීවුවා, හැමදාම ගුටිකන්න බැහැ,අපේ කොල්ලෝ ආවේශ වෙලා ඉන්නේ කියල, මට දැනුම් දුන්නා පොඩ්ඩකට ඒ පැත්තට වඩින්න කියල. ඒ අනුව මම බදාදා දවසක එහෙට වැඩියා. විස්තර ඇහුවා. සමිත හිමියන් වැඩ සිටින විහාරස්ථානයට ගියා. එහිදී දැන ගන්න ලැබුණා ඊට මාස කිහිපයකට පෙර රූමත් තරුණියක්ව මුස්ලිම් ව්‍යාපාරිකයෙක් විසින් දූෂණය කරල තියෙනව කියල. පොලීසිය ඒ ප්‍රශ්නය විසඳල තිබුනේ රුපියල් ලක්ෂ දෙකක් දීල ෂේප් කිරිල්ලකින්. නීතිය ක්‍රියාත්මක වුනේ එහෙමයි.

අවුරුදු 09 දරුවෙක් අම්මත් එක්ක රෙදි ගන්න වෙළඳ සලකට ගිය අවස්ථාවකදී මව රෙදි තෝරණ අතර තුර එම වෙළද සැලේ සිටි මුස්ලිම් මුදලාලි එම දරුවා අර ගෙන ගිහින් පුරුෂ ලිංගය මිරිකා තිබුණා. දරුවා සිහිසුන්ව දින කිහිපයක්ම රෝහල්ගතකරල තිබුනා කියලත් මට දැන ගන්න ලැබුණා. පොලීසිය ඒ ගැනත් නීතිය ක්‍රියාත්මක කරල තිබුනේ නැහැ.

මේ ගැන කියන්න මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඊට මම සම්බන්ධ වුනේ නැහැ. ගමේ හාමුදුරුවරුන් විසින් පැවැත්වූයේ. ඒ මාධ්‍ය සාකච්ඡාව හෝ මාධයේ පලවුනෙත් නැහැ. ඒ නිසා තමයි ලොකු රැස්වීමක් සංවිධානය වුනේ. ඒකට මටත් ආරාධනාවක් ලැබුණා. මම ඒ රැස්වීමට එනකොට බැරියර් දාල. අඩියෙන් අඩියට පොලිසීය. මටයි ප්‍රධාන දේශනය තිබුනේ. එතැන රැස්වෙලා හිටපු ජනතාවගේ ශරීර ලක්ෂණ දැක්කම මට තේරුණා ඒ අය ඉන්නේ කුමණ තත්වයකින්ද කියල. ඔවුන් දැඩි ආවේගශීලීවයි හිටියේ. ඒ නිසා මම ඒ අයව සන්සුන් කිරීමට උපක්‍රමශීලීව කථාකළා. එහිදී මම ඒ අයගේ අවධානය මගේ පැත්තට ගත්තා. ප්‍රශ්නය මගේ කර ගත්තා. ටිකෙන් ටික කේන්තිය නිව්වා. ඒ අය අත්පුඩි ගැහුවා. විසිල් ගැහුවා. අන්තිමට මම කථාව අවසන් කළේ එක ගලක් ගහන්න එපා කියලයි. අපේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදීයි කියල කීවා. අපේ හඬට ඇහුම්කන් දේනනේ නැති නම් ඒ අයගේ වෙළඳ සැල්වලට නොයන ලෙස මම කීවා. තවදුරටත් කෙනහිලිකම් කරනවනම් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අපේ සහය දෙන්නේ නැහැ කියලයි මම කීවේ. එදා අපි එම ස්ථානයෙන් පිටව ගියේ මෙත් වඩලයි. ඒ යන අයටයි පල්ලියක ඉහළ මහලේ ඉඳල ගල් ගැහුවේ. ඊට පස්සෙයි ප්‍රශ්නය ඇතිවුනේ.

(මෙම අවස්ථාවේදී 2014 වසරේ ජුනි 15 වෙනිදා බොදුබල සේනාවේ දර්ගානගර්හී පැවැති රැස්වීමේ තවත් වීඩියෝ පටයක් විකාශය කෙරිනි)

සභාපති විනිසුරු ජනක්ද සිල්වා  
පසුගිය දිනක ඔබ වහන්සේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා 2013 වසරෙන් පස්සේ එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ ඉස්ලාම් අන්තවාදය ගැන දැනුවත් කිරීමක් කළා කියල. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගත්තත් කීවා.

ඥානසාර හිමි
ඔව්, සදහන් කළා.

සභාපති විනිසුරු
එම අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන ඔබ ගෝඨාභය රාජක්ෂ මහතාව දැනුවත් කළේ නැද්ද?

ඥානසාර හිමි
මේක එල්.ටී.ටී.ඊ.ය වගේ නෙමෙයි. මේ ගැන සොයන්න යම් කාලයක් ගතවන බව ඔහු සඳහන් කළා. බුද්ධි අංශ ඒ ගැන සොයා බලන බවත් පැවැසුවා. ඇතැම් අය පිටුවහල්කර ඇති බවත් සඳහන් කළා. ඒත් එක්කම ඔහු සඳහන් කළා අපිට ටිකක් හුස්ම ගන්න දෙන්න කියලා. ඒ වෙලාවේ මම සඳහන් කලා යුද්ධය අවසන් වෙච්ච නිසයි හැංගිලා තිබ්බ අන්තවාදය එළියට ආවේ කියල. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කළා මේක ලෙහෙසි වැඩක් නෙමෙයි… අවුරුදු දෙක තුනක් යන වැඩක් කියල.

සභාපති විනිසුරු.
එතකොට තේරුණාද ඔබලාට ඇහුම්කන් දෙන රජයේ නිලධාරීන් ඉන්නව කියල.

ඥානසාර හිමි
ඔව්. අපේ හිත්වල තිබුණා. ඒ බව ගෝඨාභය රාජපපක්ෂ මහතාගේ හැසිරීමෙන් පෙනෙන්නට තිබුණා.

සභාපති විනිසුරු
එසේ නම් අලුත්ගම සිදුවීම් මාලාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කරන්න තිබුණනේද?

ඥානසාර හිමි
එම සිද්ධියෙන් පස්සෙයි අපිව ආරක්ෂක අමාත්‍යාශයට කැදවීමක් ලැබුණේ.

රජයේ නීතීඥ
2017 වසරේ මැයි 13 වෙනිදා පොලොන්නරුව සිංහ වෙල ගම්මානයට ගොස් ඔබ වහන්සේ යම් ප්‍රකාශයක් කළාද?

ඥානසාර හිමි
පොලොන්නරුවේ ඕනෑගම චන්දිම හිමි නම් වූ හිමි නමක් සිටිනවා. ජාතික ජලගැලුම් රක්ෂිතයේ සිදුවන දුර්ලභ කුඹුක් දැව ජාවාරමක් උන්වහන්සේ හෙළිකළා. සෝමාවතිය රක්ෂිතයත් ඇත්තේ මෙම ජලගැලුම් රක්ෂිතය තුළයි. සෝමාවතිය වෛත්‍යට පරිවාර දාගැබ් 21 ක් තිබෙනවා මේ රක්ෂිතය තුළ. එම දැගැබ් 15 ක් බිමට සමතලා කරල ගවමඩු බවට පත්කරල තිබෙනව. මේ ගැන එම හාමුදුරුවෝ හඬ නැගුවා. මම ඒ තැන බලන්න ගියා. ඒක පුරාවිද්‍යා රක්ෂිතයක්. ඒත් බෝඩ් ගලවල විසිකරල. සඳකඩ පහණ කුඩු කරල. එතැනදී තමයි යම් ප්‍රකාශයක් මම කළේ. මම එතැනදී එක වචනයක් විතරයි කීවේ. එය මුස්ලිම් සමාජය හෝ මුස්ලිම් ජනතාව ඉලක්කරගෙන කළ ප්‍රකාශයක් නෙමෙයි. අවස්ථාවෙ හැටියට කළ ප්‍රකාශයක්.

රජයේ නීතීඥ
දිගන ප්‍රදේශයේ දී යම් වර්ගවාදී කොල්හලයක් සිදුවුනා මතකද?

ඥානසාර හිමි
2018 වසරේ මාර්තු මාසයේ සිදුවුනා.

රජයේ නීතීඥ
එම සිද්ධිය මුල්කරගෙන යම් ප්‍රතකාශයක් කළාද?

ඥානසාර හිමි
සිද්ධිය සමතයට පත්කිරීම උදෙසායි මම ප්‍රකාශයන් කළේ.
(ඊට අදාල ප්‍රකාශය කොමිසම හමුවේ විකාශය කෙරුණි.)

රජයේ නීතීඥ
සහරාන් හසීම් ඔබ වහන්සේව ඥානසාර යක්ෂයා ලෙස හැදින්වීම  ගැන කියන්න තියෙන්නේ කුමක්ද?

ඥානසාර හිමි
මේක තමයි වහබිසම්වල ස්වරූපය. අල්ලා දෙවියන් ගැන කීවොත් ඒ අයගේ ජීවිතය හා එය සමානයි. මොන හේතුවක් නිසාවත් ඔවුන් ගැන ප්‍රශ්න කරන්න අනිත් අයට තහනම්. ඇපි අල්ලා දෙවියන්ගේ ගෝලයෝ නෙමෙයි. ඉතින් ඒ දෙවියන් ගැන හදීස් ගැන සුන්නාව ගැන කථාකරන්න බැහැ. මේක නිකම් අහඹුවක් නෙමෙයි. සහරාන්ලා පුහුණු කළේ උලමා සභාවේ ක්‍රමයයි.මේක සුප් එකක් වගේ. ඒ අයට ඕනේ දෙයක් විවේචනය කරන්න පුළුවන්. නමුත් අපිට ඉස්ලාම් ගැන කථාකරන්න බැහැ. මේ ගැන හෙළිදරව් කරනකොට මම ඒ අයගේ පොදු සතුරා බවට පත්වුනා.

(කොමිසම අද නැවත රැස්වේ)

Tags: නවතම
Share74Tweet43
Previous Post

ඥානසාර හිමිට මරණ තර්ජන… ආරක්ෂාව ලබා දෙන්න කොමිසමෙන් නියෝග…

Next Post

නුවර පෙරහට කරනම් තහනම්

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.