බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වසර 38කට පෙර රට ම්ලේච්ඡයන්ගේ දේශයක් කළ කළුජූලියේ උපතෙහි ඇසින් දුටු සාක්ෂිය

කළුජූලියට මුල් වූ හමුදා සෙබලුන් 13 ඝාතන සිද්ධියේ දී දිවි ගලවාගෙන ජීවත්වන එකම හමුදා සෙබලා ගේ අතීතාවර්ජනය…

by editor
ජූලි 23, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අද (23) අපේ රටට කළු පැල්ලමක් එක් කළ කළු ජුලියට වසර 38 පිරෙන්නේය. එදා මුළු රටම කැලඹු කළු ජුලියට ආසන්නතම හේතුව වුයේ යාපනය කන්කසන්තුරේ තින්නවේලි මාර්ගයේ දී හමුදා භට පිරිසට වු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදි ප්‍රහාරයය. එම ප්‍රහාරයේ දි ලුතිනල් වාස් ගුණවර්ධන ඇතුළු යුධ හමුදා භටයින් 13 දෙනෙකු එකවර මියගියහ.

කොටි ත්‍රස්ත වාදින්ගේ ප්‍රහාරයෙන් මියගිය හමුදා භටයින්ගේ මළ සිරුරු යාපනයේ සිට ගුවනින් ගෙනවිත් අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ බොරැල්ල කනත්තේය. මේ ත්‍රස්ත ප්‍රහාරයත් සමග සිංහල ජනතාව දැඩි තැතිගැන්මකට ලක්ව සිටියහ. එදින පස්වරුවේ කොළඹ නගරයෙන් ඇවිලී ගිය ජාතිවාදයේ ගිනිදැල් මුළු රටම පුරාම පැතිරි ගියේය. මින් ප්‍ර යෝජනගත් අන්තවාදි පිරිසක්. දේශපාලන අනුග්‍රහයක් ද සහිතව දෙමළ ජනතාවගේ කඩ සාප්පු ගිනි තබමින් කොල්ලකමින්, ඝාතනය කරමින් කණ්ඩායමක් අමනුස්ස සංහාරයක නිරවෙමින් සිටියහ.

සුළු පිරිසක් විසින් කරනු ලැබු මෙම සංහාරය නිසා අපේ රට ලෝකය ඉදිරියේ දැඩි අපකිර්තියට ලක්විය. රජයේ ගණන් හිලව්වලට අනුව කළු ජුලියෙන් 471 දෙනෙකු මරණයට පත්විය. 3769 දෙනෙකු තුවාල වුහ. මංකොල්ලකෑම් 3835ක් වු බවට වාර්තා විය. තවත් විශාල පිරිසක් අනාථවුහ.

83 ජුලි මස 23 වැනිදා කොටිත්‍රස්තවාදින් එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවාගෙන දැනට ජිවත්ව සිටින එකම හමුදා පුද්ගලයා වන්නේ උපාලි පෙරේරාය. හේ ගාල්ල අරඹවෙල මාවතේ පදිංච්ව සිටින්නේය. හේ එක් අවස්ථාවකදි කොටි ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරයකට ලක්වන්නේය. පසුව සුවය ලබා නැවත යුධ බිමට යන්නේය. යුධ බිමේදි අවස්ථා ගණනාවකදි උපාලි කොටි ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරවලට ලක්ව තුවාල ලබන්නේය. යුද්ධය නිමවීමෙන් පසු උපාලි පෙරේරා කොටි ත්‍රස්තවාදින් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහා එක්වන අතර හේ පුනරුත්ථාපන නිලධාරියකු වශයෙන් කටයුතු කර දැන් විශ්‍රාම සුවයෙන් පසුවන්නේය. මිට වසර තිස්තුනකට පෙර කළු ජුලියට මගපෑදු ඒ අමිහිරිසිදුවිම ඔහු සිහිපත් කරන්නේය.
“ මං ශ්‍රි ලංකා යුද හමුදාවට එක්‌වන්නේ 1973 වසරේදීය. එසේ එක්‌වන්නේ පාබල හමුදාවට. ඒ සමාන්‍ය සෙබලකු විදිහට. මං මූලික පුහුණුව ලැබුවේ දියතලාව යුද හමුදා පුහුණු කඳවුරෙන්. ඒ පුහුණුවෙන් පස්‌සෙ වසර දහයක්‌ තිස්‌සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළා. 83 වසරවන විට මං කෝප්‍රල්වරයක්‌ දක්‌වා උසස්‌ වීමක්‌ ලබා සිටියා.“

“ඒ කාලයේ මං රාජකාරි කළේ කන්කසන්තුරේ පිහිටි මාදගල් යුද හමුදා කඳවුරේ පාබල හමුදාවේ සිය කණ්‌ඩායමේ සාමාජිකයකු ලෙසයි. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ සංවිධානය ටිකින් ටික ශක්‌තිමත් වෙමින් තිබුණේ. “

මට ඒ දවස හරියටම මතකයි. එදා 1983 අවුරුද්දෙ ජුලි මස 23 වැනිදා. එදින රාත්‍රියේ ජංගම මුර සංචාරයක්‌ සඳහා ලුතිනන් වාස්‌ ගූණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මා ඇතුළු භට කණ්‌ඩායමක්‌ මාදගල් යුද හමුදා කඳවුරෙන් පිටත් වුණා. ඒ කණ්‌ඩායමේ පෙර අණදෙන්නා වශයෙන් කටයුතු කළේ මං. මාත් එක්‌ක සාජන් බණ්‌ඩාරත් හිටියා.“

“භට කණ්‌ඩායමට වාස්‌ ගූණවර්ධන මහතා හා මා සමග 15 දෙනෙක්‌ එක්‌ව හිටියා. ජිප් රථයකින් හා ට්‍රක්‌ රථයකින් තමයි අප ජංගම මුර සංචාරය සඳහා පිටත්ව ගියේ. ජංගම මුර සංචාරයේ යෙදිලා යාපනය කන්කසන්තූරේ මාර්ගය දිගේ අප ගමන් කරමින් හිටියා. ඒ වනවිට වෙලාව රාත්‍රි 11ට පමණ ඇති. මාර්ගය විදුලි බුබුළුවලින් ආලෝකමත් වෙලා තමයි තිබුණෙ. තින්නවෙලි හන්දිය පසු කරන්න අපේ කණ්‌ඩායමට ඉඩ ලැබුණේ නැහැ. එකවරම බෝම්බ හා වෙඩි වර්ෂාවක්‌ අපි ගමන් කරමින් හිටපු ජිප් රථයට හා ට්‍රක්‌ රථයට එල්ල වුණා.“
“ සිදුවන්නේ කුමක්‌ද කියලා අපට හිතා ගන්න බැරිවුණා. හතරවටින් බෝම්බ හා වෙඩි ප්‍රහාර එල්ලවෙනවා. ජිප් රථයෙන් හා ට්‍රක්‌ රථයෙන් කාටවත් බහින්නවත් ඉඩක්‌ ලැබුණේ නැහැ. කොටි ත්‍රස්‌තවාදින් මග රැක සිට තමයි මේ ප්‍රහාරය එල්ල කළේ. භට පිරිස්‌ විදිහට අපි මෙවැනි ප්‍රහාරයක්‌ කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ. බෝම්බ කෑලි හා වෙඩි වැදිලා මගේ සගයින් එකා දෙන්නා මැරිලා වැටෙනවා මං දෑසින්ම දැක්‌කා. “

“මාත් ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාලත් ට්‍රක්‌ රථයෙන් බැහැලා මාර්ගයේ තිබු තාප්පයක්‌ අසලට ගියා. අන්තිමට ඉතුරු වුණේ මාත් ලාන්ස්‌ කෝප්‍රල් සුමතිපාලත් විතරයි. මාත් සුමතිපාලත් සටන අත්හැරියේ නැහැ. පුළුවන් ආකාරයට සතුරා සමග සටන් කළා. දෙදෙනා එක ළඟට කිට්‌ටුවෙලා පිටවල් දෙක එකට තබාගෙන හේත්තූ වී සටන් කළා. ඒ කාලයේ තිබුනේ එස්‌ එල් ආර් තුවක්‌කු. ඒවායින් තමයි අපි දෙදෙනා හතර වටේට වෙඩි තිබ්බෙ.

විනාඩි තිස්‌පහක්‌ විතර සටන පැවතුණා. හරියට ඉංග්‍රීසි චිත්‍රපටියක්‌ වගේ. වෙඩි උණ්‌ඩ බෝම්බ කැබලි අපි දෙදෙනා ළඟින් යනවා. මං මගේ පතරොම් ඉවරවෙනකම් උන්ට වෙඩි තිබ්බා. වැඩි වෙලාවක්‌ ගියේ නැහැ. මගෙ වම් කකුලටත් වෙඩි වැදුණා. මගේ කකුලෙන් ලේ විදිනවා. සුමතිපාලටත් වෙඩි වැදිලා හිටියේ. මං බුට්‌ එකේ ලේස්‌ පටියක්‌ ලිහාගෙන දණ හිසට පහලින් බැඳ ගත්තා. ඊට පස්‌සේ මං සුමතිපාලත් අරගෙන ආරක්‌ෂිත ස්‌ථානයකට ගියා. ඉන් පස්‌සේ මං පාරේ තිබු නිවසක වහලයට නැගගත්තා. වහලයේ හුඩ් එක අස්‌සේ සැඟවිලා සිදුවන්නේ මොකක්‌ද කියලා බලාගෙන හිටියා.

උන් කෑකෝ ගසමින් සිද්ධිය වූ ස්‌ථානයට ආවා. උන් පණ අදිමින් හිටපු මගේ කණ්‌ඩායමට වෙඩි තියනවා මං ඇස්‌ දෙකෙන් බලාගෙන හිටියා. මට ඒ අවස්‌ථාවේ කරන්න දෙයක්‌ ඉතූරුවෙලා තිබුණේ නැහැ. ඊට පස්‌සේ උන් භට කණ්‌ඩායමේ තිබුණු තුවක්‌කූ හා පතරොම් එක්‌ක ගුවන් විදුලි උපකරණ රැගෙන කෑ ගසමින් යන්න ගියා.“

“සතුරන් ගිය පසු මං මගේ කණ්‌ඩායම වැටී හිටපු තැන්වලට ආවා. වාස්‌ ගූණවර්ධන මහත්තයා ජීප් රථයේම මැරී වැටී සිටියා. මං වාස්‌ ගුණවර්ධන මහත්තයාගේ ඇඟට අතත් තියලා බැලුවා. ඇඟේ යාන්තමට රස්‌නය තිබුණා. මේ ප්‍රහාරය ගැන හමුදා කඳවුරට දැනුම් දෙන්න තමයි දැන් මට අවශ්‍ය වුණේ. ලාන්ස්‌ කොප්‍රල් සුමතිපාල ආරක්‌ෂිත ස්‌ථානයක නතර කරලා ඊට පස්‌සේ මං ලේ පෙරෙන කකුල අද්ද අද්ද කිලෝමිටර් එකහමාරක්‌ පමණ දුර ගෙවාගෙන පයින්ම යාපනය ලංගම ඩිපෝවට ගියා.

ලංගම ඩිපෝවෙ හිටපු ආරක්‌ෂක නිලධාරියාට තුවක්‌කුව පෙන්නලා බිය වද්දලා මං ඒ ස්‌ථානයෙන් දුරකථන ඇමතුමක්‌ ගත්තා. ප්‍රහාරය ගැන ගුරුනගර් පොලිසියට දුරකථනයෙන් දැනුම් දුන්නා. මට මේ ස්‌ථානයේම ඉන්න කියලා උපදෙස්‌ ලැබුණා. විනාඩි විස්‌සකට පමණ පස්‌සෙ අතිරේක බලඇණි සමග භට පිරිස්‌ අවා.“

“ඔවුන් මාවත් රැගෙන ප්‍රහාරය වු ස්‌ථානයට ගියා. ඉන් පස්‌සේ ඔවුන් මාවත් සුමතිපාලත් යාපනය රෝහලට ඇතුළත් කළා. මගේ පාදය ශල්‍ය කර්මයකට භාජනය කළා. පසු දින ගුවනින් මාවත් සුමතිපාලත් කොළඹට රැගෙනවිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. “

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ලුතිනල් ගූණවර්ධන මහත්තයා ඇතූළු හමුදාවේ දහතුන් දෙනෙකූ මියගියා. මටත් සුමතිපාලටත් විතරයි දිවි බේරා ගැනීමට හැකිවුණේ. එදා මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් දෙවැනි ලුතිනල් ඒ.පී.එන්.සි ද වාස්‌ ගූණවර්ධන, සැරයන් තිලකරත්න, කෝප්‍රල් ආර්. පෙරේරා, ලාන්ස්‌ කෝප්‍රල් පෙරේරා, සාමාන්‍ය සෙබලුන් වන ඩී. එන්. ඒ. ඩී. මාන්පිටිය, එම්. බි. සුනිල්, ඒ. ඡේ. විඡේසිරි, කේ. පී. කරුණාරත්න, එස්‌. පී. ජී රත්නතිලක, එස්‌. එස්‌. අමරසිංහ, ජී. රෝබට්‌, එන්. ඒ. එස්‌. මනතුංග, ඒ. ඡේ. ආර්. ප්‍රනාන්දු කියන රණවිරුවන් දිවි පිදුවා.“

“එදා මේ ත්‍රස්‌තවාදි ප්‍රහාරයෙන් මුළුරටම කැළඹුණා. රටේ කලබල ඇතිවේවි කියලා එවකට බලයේ හිටපු ඡේ. ආර්. රජය විසින් මියගිය රණවිරුවන්ගේ සිරුරු පවුලේ අයට භාර දුන්නේ නැහැ. සියලුදෙනාගේ මෘත දේහයන් කොළඹ කනත්තේ දී වළදැමීමට තමයි කටයුතු කළේ. කොහොම හරි එදා මං වෙනුවෙනුත් කොළඹ කනත්තේ වළක්‌ කපා තිබුණා කියලා තමයි දැනගන්න ලැබුණෙ. මං මියගියා කියලා තමයි මගේ බිරියට පණිවුඩ ලැබුණේ. මගේ බිරිඳ කොළඹ ඇවිත් තිබුණෙ මගේ මිනිය භාරගන්න.“

“හමුදා පිරිසේ ආදාහන කටයුතූ සිදුකළ දින මුළු රටම ගිනි ගත්තා. කළු ජූලිය පටන්ගත්තේ ඔය අයුරින්. එදා මේ ප්‍රහාරයට ලක්‌වූ අයගෙන් අද ජීවතුන් අතර ඉන්නේ මං විතරයි. මං තවම දන්නෙ නෑ මං අද ජීවතුන් අතර ඉන්නෙ කොහොම ද කියලා.“ උපාලි සිය දීර්ඝ කතාව නිමා කරන්නේය.

උපාලි හමුදාවෙන් විශ්‍රාම ගත්තේය. ඒ කොමිෂන් ලත් නිලධාරියෙක්‌ ලෙසය. කළු ජූලියෙන් පසුවත් දිවයිනේ විවිධ ප්‍රදේශ ගණනාවක රාජකාරි කළේය. ක්‍රියාන්විත ගණනාවකට සහභාගී විය. අවසානයේ හේ කොටි ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කරනු ලබනා පුනරුත්ථාපන නිලධාරියෙක්‌ ලෙස කටයුතු කළේය. එදා උපාලි සමග සටන් කළ කොටි ත්‍රස්‌තවාදී නායකයන් පුනරුත්ථාපනය කරන්නට උපාලිට අවස්‌ථාව ලැබුණේය. ඔහු අවසාන වශයෙන් කියන කතාව මෙසේය.

“ජෙනරාල් සේපාල ආටිගල මහත්තයාගේ ඉඳලා දයා රත්නායක හමුදාපතිවරයාගේ කාලය දක්‌වා හිටපු හමුදාපතිවරුන් යටතේ මං සේවය කළා. මට තාම මතකයි හැත්තෑ ගණන්වල අපි යාපනයේ රාජකාරි කළ විදිහ. ඒ කාලේ අපි දෙමළ ජනතාව සමග ඉතා සුහදව කටයුතු කළා. ඒ කාලයේ දකුණේ සිංහල අය යාපනයේ පදිංචිවෙලා හිටියා. බේකරි කර්මාන්තය තමයි දකුණෙ අය වැඩිපුරම කළේ. ඒත් මේ ප්‍රහාරයත් සමග රටපුරා ඇතිවු කලබල නිසා කාලාන්තරයක්‌ තිස්‌සේ ගොඩනඟාගෙන හිටපු හැමදේම අපට නැති වුණා. “

“ඇත්තටම ගොඩක් අය බලහත්කාරයෙන් තමයි කොටි සංවිධානයට බදවාගෙන තිබුණේ. ඇතැම් අය සිංහල මිනිසුන් දැකලා තිබුණේ නැහැ. අපේ හමුදාව ගැන වැරදි චිත්‍රයක් තමයි දිලා තිබුණේ. පසුව ඒ අය සත්‍ය තේරුම්ගත්තා. අපේ හමුදාව විනයගරුක හමුදාවක් . මේ අයට දුන්නේ හමුදා සොල්දාදුවන්ට දෙන කෑම වේලමයි.

දැන් මේ අය සමාජගතවේලා නොයෙකුත් වෘත්තින් කරනවා. මේහි සිටි වැඩි දෙනෙකුට තමන්ගේ දෙමව්පියන් අහිමිවෙලා තිබුණා. අප සියලු දෙනා සහොදරත්වයෙන් ජිවත්විය යුතුයි. දෙමළ ජාතිවාදින් මෙන්ම සිංහල ජාතිවාදින්ද ඉන්නවා.“

උපාලි පෙරේරා කිවේය.


RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාදෙණිය ආහෝසියි… රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතුරු පාලක මණ්ඩලයක් අතට!

Next Post

කොතලාවල විශ්විද්‍යාලය අධ්‍යාපනය හමුදාකරණය කිරීමක් සේ නොදැකිය යුතුයි… මල්වතු මහා විහාර අනු නා හිමි….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.