සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලංකාවේ කතානායකවරුන්ගේ නිල නිවාසවල ඉතිහාස කතාව…

by editor
අගෝස්තු 2, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

කතානායක නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජනාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී දී ප්‍රතිපත්තිමය එකඟතාවක් පැමිණ ඇත්තේය. ඒ සමගම කතානායක නිල නිවස ගැන ද කතා බහක් ඇති වී තිබෙන්නේය.

කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට ඉදිවන්නේ වර්ෂ 2000 දී ය.

ශ්‍රී ජයවර්ධනපුර කතානායක නිල නිවස ඉදිකිරීමට පෙර කථා නායක නිල නිවස ලෙස භාවිතා කළේ . කවුරුත් දන්නා ප්‍රභූ ගෘහනිර්මාණ ලකුණක් වන කොල්ලුපිටියේ මුම්ටාස් මහල්ය.

මුම්ටාස් මහල් ගැන කතාව…

මුම්ටාස් මහල් ගොඩනැගිල්ල

මුම්ටාස් මහල් ගොඩනැගිල්ල මුලින් ඉදිවන්නේ වර්ෂ 1928–29 වකවානුවේ දී ය. එහි වාස්තු ලක්ෂණය ඉතාලි පුනරුද ශෛලියට අයත් වූයේය. එය එවක කොළඹ සිටි ධන කුවේරයෙක් වූ මොහොමඩ් අලි මොහොමඩ් හුසේන් වෙනුවෙන් ඉදිකරන්නේ හෝමි බිලිමෝරියා නැමැති ගෘහනිර්මාණ ශිල්පියා විසිනි. මුම්ටාස් මහල් ඉදිකිරීමට පෙර එතැන පැවතියේ ඔහුගේ පියා වූ මොහොමඩ් අලි විසින් ඉදිකරන ලද ප්‍රංශ විලාසිතාවේ විලාවක් වන ශාන්ත මාග්‍රට් නම් එවක ප්‍රසිද්ධව පැවති ඉදිකිරීමය.

මුම්ටාස් මහල්හි උද්‍යාන සහ ගෘහ භාණ්ඩ “කවුන්ට් ඩි මෞනි” නම් ශිල්පියා විසින් නිර්මාණය කළේය. මොහොමඩ් අලි මොහොමඩ් හුසේන්ගේ දියණිය මුම්ටාස්ය. ඇයගේ නමින් මෙම ගොඩනැගිල්ල මුම්ටාස් මහල් ලෙස නම් කෙරුණේ ආදරේයේ ලකුණුක් ලෙස සැලකෙන ටජ් මහලේ ආදරයට ගරු කිරීමක් ලෙසය. එම නම් කිරීම ඔහුගේ සමීප මිතුරෙක් වූ හර්බට් ශ්‍රී නිශ්ශංක විසින් සිදුකර තිබිණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

පසුකාලීනව මේ ධන කුවේරයා සිය ධනයෙන් පිරිහී ගියේය. දේශපාලකයෙක් නොවුන, ව්‍යාපාරිකයෙක් සහ කලා කෘති සමග බැඳුන ආධ්‍යාත්මයක් සහිත ගත කළ මේ මනුෂ්‍යයාගේ ඉසුරුමත් ජීවිතය ව්‍යාපාර බිඳ ර බංකොලොත් වීමත් සමග නිමා වුනේය. අනතුරුව මුම්ටාස් මහල් නඩත්තුව හෝ කරගත නොහැකි වූ මොහොමඩ් අලි මොහොමඩ් හුසේන් එම මන්දිරය ප්‍රංශ කොන්සල්වරයාට කුලියට දුන්නේය.

අනතුරුව දෙවන ලෝක යුද්ධ සමයේ දී යටත් විජිත ශ්‍රී ලංකාවේ ප්‍රධාන අණ දෙන නිලධාරී වයිස් අද්මිරාල් ශ්‍ර්මත් ජෙෆ්රි ලේටන් එම මන්දිරය සිය භාවිතය සඳහා අත්පත් කර ගත්තේය. යුද්ධය අවසන් වන තෙක් ඔහු එහි ජීවත් විය.

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු, රජය විසින් මුම්ටාස් මහල් ගොඩනැගිල් රජයට අත්පත් කර ගත්තේය. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නායකත්වය දුන් ශ්‍රී ලංකාවේ සමාරම්භක කථානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේගේ නිල නිවස ලෙස භාවිතා කිරීම සඳහා ය. මෙම නිල නිවස 2000 දක්වා කථා නායක නිල නිවස ලෙස භාවිතයේ පැවතිනි.   ශ්‍රීමත් ඇල්බට් පීරිස්, එච්එස් ඉස්මයිල්, ටීබී සුබසිංහ, ආර්එස් පැල්පොල, හියු ප්‍රනාන්දු, ෂර්ලි කොරියා, ස්ටැන්ලි තිලකරත්න, ආනන්දතිස්ස ද අල්විස්, බාකීර් මාකර්, ඊඑල් සේනානායක සහ එම්එච් මොහොමඩ් යන කතානායකවරු එහි සිය ධූර කාලය ගෙවූහ.

පසුකාලීන රජයන් මුම්ටාස් මහල් ගොඩනැගිල්ල විවිධ අරමුණු සඳහා භාවිතා කළහ. පසුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යාලය වූ අතර, 2021 දී ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එය ජාතික ආරක්ෂක විද්‍යාලය බවට පත්විය.

නව කතානායක නිල නිවස

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල නව කතා නායක නිවස ඉදිවන්නේ 1982 අප්‍රේල් මස 29 වැනිදා පාර්ලිමේන්තුව කොළඹ ගාලු මුවදොර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව සංකීර්ණයට රැගෙන ගොස් දශක දෙකකට ආසන්න කාලයකට පසුවය. නව කථානායක නිල නිවසක් කෝට්ටේ ඉදිකරන තෙක් කථානායකවරයා සිටියේ කොල්ලුපිටියේ මුම්ටාස් මහල් හි ය. කතානායක නිල නිවස කෝට්ටේ ඉදිවන්නේ වර්ෂ 2000 දී ය.

“පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය වීමට සැලසුම් වන්නේ එම නිල නිවසය.

ඒ පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවය හිමි වූයේය.

මෙම කරුණු සාකච්ඡා වුයේ 2025.07.24 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී ය. එම යෝජනාව සළකාබැලූ අවස්ථාවේදීය.
රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානය මගින් , උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.

කතා නායක නිල නිවස තවත් එක් නිවසක් ද?

ඉදිරියට කථා නායකවරයාගේ නිල නිවස සම්බන්ධව යළි ගැටලුවක් මතු විය හැකිය. එය පාර්ලිමේන්තු ඉතිහාසයෙන් එන සම්ප්‍රදායක් රාජ්‍යයක් ලෙස නඩත්තු කිරීමේ දී මතුවන තත්ත්වයක් තුළය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කථානායකවරයා ඉහළින්ම ඔසවා තැබූ පුද්ගලයාය. එය පුද්ගලයෙකුට ලබා දෙන ගෞරවයක් නොව, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ලබා දුන් ප්‍රභූ තත්ත්වයක් ලෙස 1948 වසරේ සිට පවත්වාගෙන එනු ලැබු ආකාරය පෙනෙන්නේ මුම්ටාස් මහල් වැනි අතිශය ගෞරවනීය වාස්තුවිද්‍යා කෘතියක කථානායකවරයා හිඳුවා නඩත්තු කිරීමෙනි. අවුරුදු 52ක් තිස්සේ කතානායවරු මුම්ටාස් මහල්හි සිටියහ.

ජයවර්ධනපුරට කතානායක නිල නිවස රැගෙන යන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල එය පැවතිය යුතු බවට වන ප්‍රායෝගික සාධකය මතය. එමෙන්ම මුම්ටාස් මහල් හි වාස්තුවිද්‍යාත්මක ගෞරවය සහිතවම කතානායකවරයාගේ නව නිල නිවස ඉදිකිරීමේ සැලසුම් ඒ වකවානුවේ දියත් කර තිබිණි.

කෙසේ වෙතත් එම නිල නිවස පර්යේෂණ සහ අධ්‍යයන මධ්‍යස්ථානයක් වී ඇත. එම තීන්දුවේ ප්‍රායෝගික වටිනාකම පිළිබඳ තක්සේරුව අනාගතයේ දී සිදුවනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවිස්සාවේල්ලේ දී බස් රථයක් ප්‍රපාතයට පෙරළී 41ක් රෝහලේ…

Next Post

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම තවත් කල් මරන්නේ ඇයි?… නීතිඥ සංගමය යළිත් කථානායකට ලියයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.