අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මුග්ධ ආගමික කල්ලියක ගොදුරක් වී කුසගින්නේ මියැදී ස්වර්ගයට යන්න ප්‍රාර්ථනා කළ කෙන්යාවේ  මිනිස්සු…

by editor
අප්‍රේල් 23, 2023
in සමාජ
Kenya
Share on FacebookShare on Twitter

අන්ධ භක්තිය යනුම ව්‍යසනයකි. ආගමික කල්ලි විෂයෙහි ඇති කරන අතාර්කක සහ මුග්ධ  භක්තිය අහේතුකව මිනිසුන්ගේ ජීවිතවලට වින   ආකාරය පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි සාධක  මිනිස් සමාජවලින් හමුවේ.  නොබෝදා එවැනි සිදුවීමක් වාර්තා වෙන්නේ කෙන්යාවේ වෙරලබඩ ගම්මානයකිනි.

කුසගින්නේ සිටීමෙන් ස්වර්ගවට යා හැකි බවට විශ්වාස කරන කෙන්යාවේ පල්ලියක් මුල් කරගත් ආගමික කල්ලියක භක්තිකයන්ගෙන් 21 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි හඳුනාගෙන ඇත.  ඒ ඔවුන් මිහිදන් කළ බවට හඳුනාගත් සොහොන් භූමිවල සිදුකළ කැණීමකිනි.

දෙවියන් හමුවීම සඳහා කුසගින්නේ මිය යෑමට  මෙම  භක්තිකයන් සිය දරුවන්ද යොදාගෙන තිබීම මේ සිදුවීමේ දරුණුම ඛේදවාචකය විය. මියගොස් තිබුණේ පවුල් පිටිනි.

කෙන්යිවේ  මාලින්දි නගරයේ ශකහෝලා වනාන්තරය අසළ එම සොහොන් තිබිණි. එම පල්ලියේ හිටපු සාමාජිකයකු වූ ටයිටස් කටානා නැමැත්තේක් මෙලෙස කුසගින්නේ  මියගිය අයගේ සොහොන් හඳුනා ගැනීමට පොලිසියට උදව් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Haki Africa නම් මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන මැතිව් ෂිපෙටා පැවසුවේ වනාන්තරයේ නොගැඹුරු සොහොන් 15ක්වත් තමන් දැක ඇති බවයි.

විමර්ශකයින්ට උදව් කරන ළමා නිවාසයක කළමනාකාරිනිය වන හෙලන් මිකාලි පැවසුවේ දෙමාපියන් සහ දරුවන් අතුරුදහන් වූ අවට ගම්මාන කිහිපයකට ඇය ගොස් ඇති බවය.

“පෞද්ගලිකව මම ළමා සොහොන් 18ක් පමණ ගොස් තිබෙනවා,” මිකාලි සිටිසන් ටීවී වෙත පැවසීය. සොහොන්වල දරුවන්ගේ දේහයන් ඇති බව ඇය දැනගත්තේ කෙසේදැයි ඇය කීවේ නැත.

කුසගින්නේ සිටීමෙන් මිය ගිය බවට සැකකෙරෙන මිනිසුන්ගේ සොහොන් 32කින්  සිරුරු 7ක් ඉවත්කරගෙන ඇති බවටත් එරට පොලිසිය කියා සිටියි.

සොයාගත් මළ සිරුරු – රොයිටර් ඡායාරූපයකි…

බේරාගත් පිරිස

මේ පල්ලියේ අනුගාමිකයන්ගේ ක්‍රියා පිළිබඳව citizen රූපවාහිනි නාලිකාව විසින් ප්‍රචාරය කිරීම නිසා ඒ පිළිබඳ අවධානය යොමුකරන ලද කෙන්යා  පොලිසිය කුසගින්නේ මිය ගොස් ස්වර්ගයට ගිහින් දෙවියන් හමුවීමට අපේක්ෂාවෙන් සිටි  15 දෙනෙක් පසුගිය සතියේදී බේරා ගත්තේය.

බේරාගත් බැතිමතුන් 15 දෙනාට ඔවුන්ගේ නිර්මාතෘ හමුවීමට හැකි වන පරිදි කුසගින්නේ මිය යන ලෙසට මෙම ආගමික කල්ලිය විසින් උපදෙස් දී  තිබේ.  එහෙත්   ඔවුන්ගෙන් හතර දෙනෙක් රෝහලට යාමට පෙර අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබිණි.

2023 අප්‍රේල් 13 වන දින මාලින්දි හි වනාන්තරයකින් ගලවා ගත් පුද්ගලයින් 15 දෙනා අතර සිටි ගුඩ් නිවුස් ඉන්ටර්නැෂනල් පල්ලියේ පාස්ටර් පෝල් මැකන්සිගේ අනුගාමිකයෙක්!

මාරක කල්ලිය

මේ මතවාදය පතුරුවමින් ඇත්තේ  Good news නැමැති  අන්තර්ජාතික කතෝලික පල්ලියක් වටා බිහිවන කල්ලියක් විසිනි.   කුසගින්නේ සිටීමෙන් ස්වර්ය වෙත ගමන් කළ හැකි බව මේ අන්තවාදී කල්ලිය ලොව පුරාම   මතවාදයක්  පතුරුවා තිබිණි.

කෙන්යාව යනු අන්තවාදී ආගමික මතවාද වැළඳ ගැනීමේ මහත් අභිරුචියක් සහිත මනෝභාවයකින් යුතු ජන කණ්ඩායම් ජීවත්වන රටකි.  මේ කතෝලික පල්ලිය විසින් එම බිම ස්වකීය සරු ගොදුරු බිමක් බවට පත් කරගෙන තිබිණි.

කුසගින්නේ සිටීමෙන් ස්වර්ගය කරා යා හැකි බවට විශ්වාස කරන පල්ලියේ නායක Paul Mackenzie ය. මේ මාරක කල්ලිය මෙහෙයවමින් සිදුකළ සාපරාධී ක්‍රියාව පදනම් කරගෙන පොලිිසය ඔහුව  අත්අඩංගුවට ගෙන තිබිණි.  එන්ටීවී වාර්තා කළේ මැකෙන්සි පසුගිය සතියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බවයි.

Paul-Mackenzie
පෝල් මැකෙන්සි… දෙවියන් ලඟට යන්න මිනිස්සු හාමතේ මරණ කල්ලි නායකයා…

පිරිමි ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් කුසගින්නෙන් පෙළීමට අනුබල දීම  සහ ඔවුන්ට තම දරුවන් හුස්ම හිරකර මරා දැමීමට දිරිගැන්වීම සම්බන්ධයෙන් පසුගිය මාසයේ පොලිසිය මැකෙන්සි අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.

එම නඩුවට උසාවියේදී මැකෙන්සි පෙනී සිටියේය.   ඔහු කීවේ  පිරිමි ළමයින් දෙදෙනාගේ මරණයට හේතු වූ සිදුවීම් පිළිබඳව තමා නොදන්නා බවය.  ඔහුගේ සමහර හිටපු සගයන්ගේ සතුරු ප්‍රචාරවල ඉලක්කය තමා බව ද ඔහු විසින් අධිකරණයට කී ආකාරය ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය.

මැකෙන්සි සමග  සගයන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගත් ගත් බවත් ප්‍රාදේශිය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආගමික අන්ධ භක්තිය ලෝකය යුද්ධ කරා ගෙන ගියේය. ජීවිත ලක්ෂ ගණන් මේ ලොවට නිකරුණේ නැති කළේය. නිකරුණේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ට අහිමි කළේය.  එසේම තවත් කාරණයක් පැහැදිලිව පෙනෙන්නට ඇත. ආගමික අන්තවාදී මත වැඩි වශයෙන් පැතිර යන්නේ බඩගින්නේ මිනිසුන් විඳවන රටවලදීය.

බඩගින්න මිනිසුන්ගේ මොළ සූරා කයි. මෙලොව ජීවිතයේ නැති ඔවූහු සැපත මිය යෑමෙන් පසු ලෝකයෙන් බලාපොරොත්තු වෙති. ලෝකය වැඩිවශයෙන් ඛේදවාචකයක් බවට පත් කරන්නේ බඩගින්නයි.

බඩගින්න නැති  ලොවක  මෙවන් ඛේදවාචක උපදින්නේ නැත. ඛේදවාචකය වන්නේ එවන් ලෝකයක් නිර්මාණය කර ගැනීමට මේ ලෝකයේ මිනිසුන් සූදානම් නොවීමය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිපැන්නේ දී හෙල්මට්වලින් ගසා පුද්ගල ඝාතනයක් කළබවට සැක පාසල් දරුවන් 03 භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් 03ක ගේ වැඩ තහනම්…

Next Post

සාගලගේ අත්සන හොරට ගසා පොලිසියේ 14කට මාරුවීම් ඉල්ලූ IP රිමාන්ඩ්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.