බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මධුෂ්ගේ ජීවිතය සහ ඔහුගේ ඝාතනය පිළිබඳව දෙවන බිරිය කතාකරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 24, 2020 - Updated on ඔක්තෝබර් 25, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • ඩුබායිවල කළේ ගරාජ් එකක්
  • මධුෂ්ට ඔය කියන තරම් ධනයක් තිබුණේ නෑ
  • කංජිපානි ඩුබායිවල හිටියෙත් අපේ ගෙදර ළඟ
  • ඩුබායි පාටියට ආපු අයට ටිකට් මධුෂ් දුන්නා

මධුෂ්ට කියන තරම් මහ ධනයක්වත් ඩුබායි රටේ දේපළවත් නොතිබුණු බවත් ඔහු එරට ගරාජයක් පවත්වාගෙන ගිය අතරේ ඉන්දියානු ජාතිකයකුගේ නමින් හෝටලයක් පවත්වාගෙන ගිය බවත් මධුෂ් සමඟ ඩුබායි හී ජීවත් වූ බිරිඳ වන තිළිණි නිෂායා පවසයි.

තමන් ඇයගේ අනියම් බිරිඳ නොවන බවත් මධුෂ් තමන් සමග නීත්‍යනුකූලව විවාහ වී සිටි බවත් පවසන ඇය මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කළ පසු විදේශ දුරකථන අංක කිහිපයකින් මධුෂ් ළඟදීම ඝාතනය වන බවට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද අනාවරණය කළාය.

මාධ්‍යව්දී චමුදිත සමරවික්‍රමගේ ‘ටෘත් විත් චමුදිත’ නම් යූ ටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර ඇත.

එහිදී චමුදිත සමරවික්‍රම නැගූ ප්‍රශ්නවලට ඇය මෙසේ පිළිතුරු දී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

“මධූෂ් එයාගෙ කසාදෙත් එක්ක අවුරුදු හතක් එකට හිටියේ නැති නිසා කොහොමත් එතකොට කසාදයක් අවලංගු වෙනවා නේ. ඉතින් ඒ කසාදය කොහොමත් අවලංගු වෙලා තිබුණේ. ඒ නිසා ආයේ ලියකියවිලි වලින් ඒක කරන්න අපි උනන්දු වුණේ නෑ. මොකද ඒ දෙන්නා කැමැත්තෙන්නේ වෙන්වෙලා තියෙන්නෙ. මධූෂ් නම තිබ්බම වෙන රටකට යන්න බෑනෙ. අජිත් එරංග වර්ණකුලසූරිය යන නමින් තමයි එයා මාව කසාද බැන්ඳෙත්. ඒ නමින් තමයි රට ගියෙත්. දුවට වුණත් දුන්නෙ ඒ නම. මම මදූෂ්ගේ හොර ගෑනි නෙවෙයි. මම නීත්‍යානුකූලව කසාද බැඳලා නීත්‍යානුකූලව තමයි එයත් එක්ක ජීවත් වුණේ. මධූෂ්ගේ කලින් විවාහ වෙලා හිටපු අක්කා මාත් එක්ක හරි සමගියෙන් ඉන්නේ. අපි අතර ප්‍රශ්න නෑ. එක එක එවයෙ දාලා තිබුණා අපි මිනියට රණ්ඩු කරගන්නවා අරවයි මේවයි කියලා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. ඒ අක්කා කැමැත්තෙන් ඒක මට බාරදුන්නෙ

චමුදිත – ඔබ කලින් විවාහ වී සිටි කළු තුෂාර වැලිකඩ දී වෙඩි ප්‍රහාරයකින් මිය යනවා. සමාජයේ කතා බහක් තිනෙවා. මධුෂ්ගේ මෙහෙයුමමෙන් පොලස් පරීක්ෂක රංගජීව ට වෙඩ් තැබුවේ ඔබගේ වුවමනාවට කියල.ඒ ඔබේ සැමියාට වෙඩි තැබුවේ රංගජීව කියල ඔබ විශ්වාස කරන නිසා ඔබගේ පළිගැනීමක් කියල?

තිලිණි – “මට ඒ මනුස්සයත් නැති කරගෙන මේ මනුස්සයත් නැති කරගන්න රංගජීව හෝ මරන්න කියන්න ඕන නෑ . ඒක පිටි පස්සේ මගේ සිද්ධිය නෙමෙයි වෙන කතාවක් තියෙනවා. ඒක මම දන්නෙ නෑ. හැබැයි වෙන සිද්ධියක් තියෙනවා. මට කියන්න තියෙන්නේ මම රංග ජීවව මරන්න කිසි උවමනාවක් තිබුනෙ නෑ.

ඩුබායිවල ඔබේ ජීවිතය සැප සම්පත් පිරුණු එකක් බව කියවුණා.

ඔයාට ඔය කියන තරම් කිසිම දේපලක් නෑ. හෝටලයක් තියනවා කියලා තියෙනවා ඒත් අපි දන්නේ නෑ. කරේ ගරාජ් එකක් . අපි හිටියේ බද්දට හිටපු ගේක. ඒක අංග සම්පූර්ණ ගෙයක් තට්ටු දෙකක. මම දැනුවත්ව නම් ඔය කියන කිසි දෙයක් නෑ. මම හරි පෙන්නන්නං අපි හිටිය තැන්. හෝටලයක් තියෙනවා කියලා මෙයා කියලා තියෙනවා. හැබැයි ඔය කියන තරං තරු පන්තියේ හෝටලයක් නෙමේ සාමාන්‍ය එකක් ඒකත් ඉන්දියන් කෙනෙක් ගේ නමට හැබැයි ඒකත් තියෙනවද කියලා මම ඇහැට දැකල නම් නෑ.
අපේ රජයේ රජයෙන් එහේ ගිහිල්ලා එහෙදි එයාව අරගත්ත නං ඒගොල්ලන්ට පුළුවන් ඒ දේවල් හොයාගන්න. මොනවාද තියන දේපල කියලා දැනගන්න.
ගේ ඇතුලෙ වෙනම කාමරයක් තියෙනවා එයා ඒකට ගිහින් තමයි කෝල් වුණත් ගන්නේ. එයා පුදුම තාත්තා කෙනෙක් විනාඩි පහළොවෙන් 15 ට එයාට දුවව බලන්න ඕනේ. පුදුම ආදරයක් තියෙන්නේ තියෙන්නෙ ඔය මිනිස්සු කියන විදියේ කෙනෙක් නෙවෙයි ගෙදර එයා හිටියේ. අන්තිම වෙනකම් අපි මාර ආදරේකින් හිටියේ. එහිදීත් මට කිව්වේ සුද්දි මට ලංකාවට ගිහිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන් නමුත් ඔයයි දරුවො හින්දා මට යන්න බැහැ කියලා. ගියොත් මැරෙන්න උනත් පුළුවන් මං බය නෑ කියලා. එයා ගෙදරින් එළියට ගිය කෙනෙක් නෙවෙයි එහිදී ඇඳුමක් වුණත් ගේන්න මම තමයි යන්නේ.

කවදාවත් අපි අතර ප්‍රශ්න ඇති වෙලා නෑ. හැබැයි ලංකාවේ ඔය ටීවීවල එහෙම එයාගේ නමින් යන දේවල් එහෙම ඇහුවම එයාගෙන් නම් එයාට කේන්ති යනවා. ඕවා මම නෙමෙයි කරන්නේ වෙන කෙනෙක් කරලා මගේ පිටට දානවා කියනවා. එතකොට විතරයි එයාට තරහා යන්නේ. නැති නම් කවදාවත් අපි අතර කිසිම විදිහේ ගැටුමක් ඇති වෙලා නැහැ.

චමුදිත – මධුෂ් කියන්කේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. ඔහු අතේ හොඳට සල්ලි ගැවසෙන්න ඇති නේද ? කොහොමද එහෙ ගත කළ ජීවිතය ?

තිලිණි – ඔය කියන සල්ලියක් තිබුණේ නෑ. අපි සාමාන්‍ය විදිහට කාලා ඇඳල හිටියා. සුකෝපභොගී ජීවිතයක් තිබුණෙත් නෑ. එයා කන්නේ සම්බෝල කරවල වගේ බොහොම සාමාන්‍ය කෑම. අපි ගත කළේ සාමාන්‍ය ජීවිතයක්. මධූෂ් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හැබැයි මත්පැන් ගන්නවා. ඒත් බොහොම ටිකක්.

මධුෂ් අත්ඩඅංගුවට පත් වූ සිදුවීම වුනේ ඔබගේ කුඩා දියණියගේ උපදන් දින සාදයේදී එතනට ලංකාවෙන් සියයක් විතර පිරිසක් ඇවිත් සිටියාද?

තිළිනි – එච්චර හිටියේ නෑ. මධුෂ්ගේ යාළුවෝ ටිකක් තමයි ආවේ. ඊට අමතරව එයාගේ තාත්තගේ මරණෙ වැඩ කටයුතු කළ බාප්පා පුංදචි ආවා. මගේ පුංචි අම්ම ආවා. අමල් ල ආවා. මේ අය ගෙන්වන්න ටිකට් අරන් දුන්නේ මධුෂ් තමයි. එදා දුවගේ birthday party එක තිබ්බ හෝටලයේ එහේ තිබ්බ හොඳම හෝටලයේ නෙමෙයි. මේ ජුමෙයිරා හෝටලය වෙන එකක්. මේකට ආපු ගණන තිස් ගණනක්. මෙතන කාන්තාවෝ හිටියේ තුන් දෙනයි මමයි, මගේ පුංචි අම්මයි මධුෂ්ගේ පුංචි අම්මයි. ඒ හැරෙන්න හිටපු පිරිමි 31 දෙනාම අත්අඩංගුවට ගත්තා. මේක අනිවාර්යයෙන්ම කවුරු හරි දුන්න ඔත්තුවක් නිසා වුණු වැඩක්. ඒත් කවුද කියන්න දන්නේ නෑ.
මේ අය අත්අඩංගුවට පත් වුණාම බන්ධනාගාරයට ගියේ මමයි පුංචියි. ආයේ එතන හිටපු කංචි පානි ඉම්රාන් ගේ නෝනා හිටියා. කංචිපානිත් හිටියෙත් අපේ ගෙදර ළඟ . ඉම්රානුත් අපේ ගෙදර යන එන කෙනෙක්.
‘ඔය පාටි එකට මධූෂ් මත්ද්‍රව්‍ය ගෙනාවේ නෑ. එහේ ඕවා ගන්න බැහැනේ. එළියෙන් කෙනෙක් තමයි ගෙනත් තියෙන්නේ අපි දන්නේ නෑ. මධුෂ් ලංකාවට ගෙනවිත් මාස හයකට පස්සේ තමයි මම ලංකාවට ආවේ.

චමුදිත – ඔබ ලංකාවට එන විටමධුෂ් හිටියේ සී.අයිඩී එක භාරයේ. ඔබ ඔහු බලන්න ගිය විට මොනවද මධුෂ් කිව්වේ?

තිලිණි – එයා මට කිව්වෙත් අවුරුදු එකහමාරක් මෙතන තියාගන්නවා. ඉතිං ඊට පස්සේ මාව එවාවි කියලා. ගෙදර එන්න පුළුවන් කියලා තමයි. දේවල් ඇති ඉතිං මම කිව්ව දේවල් තියෙනවා කියලත් කිව්වා. එයාට කොහොමත් මාස දහඅටක් ගියහම එළියට එන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ.
මම නං දන්න තරමින් හෝ කිසිම දේශපාලනඥයෙක් එයා ආශ්‍රය කළේ නෑ. සී අයි ඩී ඇතුළෙ කිව්ව දේවල් කිසි දෙයක් නම් මට කිව්වේ නෑ. එයාට තිබුණේ ගෙදර එන්න පුළුවන් කියලා විශ්වාසයක් විතරයි. මැරෙන්න දවසකට කලින් 19 මට මධූෂ් හම්බුනා සීසීඩී එකේදී. එයාව මාරු කළාහම ඒකට අපි නම් බය වුනා මොකද 26 රිමාන්ඩ් කරන්න තියෙද්දී ඇයි මෙයා මාරු කළේ කියලා. අපි එයාව හම්බවෙන්න ගියහම ලොකු මහත්තය අපිට කතා කරලා කිව්වේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා.මෙයා දැන් හොඳ පොත් එහෙම කියවන්නෙ. මෙයා හොඳ මාර්ගයට එයි කියලා කිව්වා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කිව්වා 26 රිමාන්ඩ් කරනවා කිව්වා. නිශාන්ත මහත්තයත් එක්ක කතා කරලා යන්න කියලා කිව්වා. කොහේවත් මත්ද්‍රව්‍ය හෝ ගිනි අවි හොයන්න යන කතාවක් එළියට යන කතාවක් මට කිව්වේ නෑ. ඊට කලින් නං දවසක මාලබේ පන්සලකට ද කොහෙදෝ ගිහින් තිබුණා එච්චරම විතරයි මම දන්නෙ.

මධූශ්ගේ පුංචි අම්මා
“ඒ දරුවා බලන්න ගියේ මම මෙයා එනකං මට කියලා සෑහෙන බණ පොත් ගෙන්න ගත්තා. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් පවා කියෙව්වා.”

චමුදිත – මධුෂ්ගේ මරණය ගැන ඔබ මොකක්ද කියන්නේ? එය ගැන සැකයක් තිබෙනවද?
මේ මරණය ගැන සැකයක් තියෙනවා ඉතින් කොහොමත් මිනීමැරුමක් කියන එක ගැන ඒත්තු ගැන්වෙනවා ඒත් ඒක මිනීමැරුමක් උනත් අපි මේක පස්සේ යන්නේ නෑ.යන්න නැත්තෙ මොකද හේතුව මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මේක පස්සේ ගියා කියලා මගේ මගේ මහත්තයගෙන් මට හුස්ම ටික ගන්න හම්බ වෙන්නෙත් නෑ. හැබැයි මේක මිනීමැරුමක් කියන එක් අපි හොඳාකාරවම දන්නවා. එයාට අපි පෙන්නන්න යන්න මත්ද්‍රව්‍ය පෙන්නන්න යන්න එලියට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

මට ඕන මගේ දරුවෝ එක්ක හොඳ ගමනක් යන්න අර අසනීප දරුවත් ඉන්නවා. (මධුෂ්ගේ පෙර විවාහයේ) මගේ පළමු දරුවා ඒ කියන්නේ තුෂාරගේ දරුවත් ඉන්නවා එයා තාත්තට මේක වෙනවා දැක්කා බාප්පාට ම එක වෙනවා දැක්කා එයාට මට මේක වෙනවා දකින්න මට වුවමනාවක් නැහැ.

මධූෂ් කවදාවත් එයා මරයි කියලා හිතුවේ නැහැ නමුත් ජීවිත කාලයම හිරේ දායි කියලා නං හිතන් හිටිය මොනවා හරි දෙයකින්. මෙයාට සීඅයිඩියේ ඉද්දි බඩේ අමාරුවක් තිබුණා. අපි නීතිඥවරයා ලවා කිව්වා බෙහෙත් අරන් දෙන්න කියලා මෙයාට ආරක්ෂාව නෑ කියලා කියල එලියට ගෙනියන්න බෑ කිවුවා. එතකොට එහෙනම් බේත් අරගෙන දෙන්න එලියට ගෙනියන්න බැරි නම් ඇයි මත්ද්‍රව්‍ය හොයන්න එළියට ගෙනිච්චෙ. එතකොටත් ආරක්ෂාව නැහැනේ එතන ප්‍රශ්නයක් තියෙනවනේ. මෙයාව සීසීඩී එකට ගෙනිච්චට පස්සේ මට නිර්නාමික කෝල් ආවා මෙයාව මරන්න ඉන්නේ කියලා. ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් කතා කරා ඔබතුමිය මොනව හරි මොනවහරි පියවරක් ගන්න කියලා කිව්වා. හැබැයි ප්‍රංශය මැලේසියාව කියන රටවලින් තමයි ඒ කෝල් ආවෙ. ඔය කෝල් එන්න කලින් තමයි මම හැම තැනටම ලිව්වෙ මෙයාට ආරක්ෂාව දෙන්න කියලා. මම අන්තිමට එයාව බලලා ආපු දවසේ තමයි මට ඒ කෝල් ආවේ. මට මධූෂ්ගෙන් ඉතුරු වෙච්ච දේපල එයාගෙ දරුවා විතරයි. එයා රට සමාජ අපරාධකාරයෙක් කියන එක මම දන්නේ නැහැ නමුත් එයා අතින් වැරදි සිද්ධ වෙන්න ඇති. ඒ වැරැදි සිද්ධ වෙන්නත් මෙයාටත් මොනවා හරි අසාධාරණකම් වුණා. ඒක අපි දන්නවා. එයාගෙ සහෝදරයා මරපු එක ගැන එයා හරිම කනස්සල්ලෙන් හිටියේ හැමදාම. නමුත් මට එයා හොඳ ස්වාමිපුරුෂයෙක් මගේ දරුවන්ට හොඳ තාත්ත කෙනෙක්. මෙයාව නරක මිනිහෙක් කළේ ඔය මාධ්‍ය සහ පොලිසිය. මෙයාගේ ඇතුළාන්තය දන්නේ අපි විතරයි. සමාජය ඔය කියන කතාවට තමයි මෙයාව අරගෙන ගිහිල්ලා මැරුවේ. මින් ඉදිරියට කිසිම එය සම්බන්ධ පරීක්ෂණ කිසිම දේකට මම යන්නේ නැහැ. මට ඕනේ මගේ දරුවන් එක්ක නිදහසේ ජීවත් වෙන්න.”

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

තවත් ආසාදිතයන් 201ක්… 177ක් ධීවර ප්‍රජාව…

Next Post

බේරුවලට සහ ගාල්ලට බාන්නට තිබූ මාලු කිලෝ ලක්ෂ තුන හමාරක් ගැන තීන්දුවක්

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.