සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බාර් ලොක් වෙද්දී රට වෙරි කරන කසිප්පු

බ්‍රෑන්ඩ් හොයන කට්ටිය හොරෙන්ම කසිප්පු තිප්පල වල

by editor
මැයි 13, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

සුදත් සමරදිවාකර

රටම ලොක් ඩවුන් වූ වකවානුවේ බාර් වැසුනේය. ඇඳිරි නීතිය ලිහිල් වූ පසුත් දිගටම බාර් වසා තබන්නට ආණ්ඩුව කටයුතු කළේය.  තමන්ගේ පාලනය තමන්ගෙන් ඉවත් කරගත් අවිනීත මිනිසුන් සමග ගනුදෙණු කරන්නට වනවිට රටකට මීට වඩා යහපත් විකල්පයක් නැත.

එහෙත් බාර් වසා දමුවාට බේබද්දන්ගේ ජීවිත එහෙමට වෙනස් වී තිබුණේ නැත. විකල්ප ඕනෑ තරම් විය. යූටියුබ් හරහා ගෙදරදී කසිප්පු පෙරාගැනීමේ කාලකණ්ණි දැනුමත් බෙදා හැරිනි. ඒ දැනුම බොහෝමයක් නිවෙස් වල විනෝදයටත් අත්හදා බැලිනි. කොහොම උනත් බාර් ලොක් කිරීමෙන් සිද්ධ වී තිබුණේ හැම ගමකම වගේ අලුතින් ජංගම ස්කාගාර කීපයක් ඇරීමට අවස්ථාව සැලසීමය. මේ රටේ මල පෙරේත බේබදු කම සම්බන්ධව හොඳම නිදර්ශනය සැපයුවේ ගමේ අතරින් පතර ඇරුණු මේ කසිප්පු තිප්ලවල්ය.

සීරුවට වාහනවලින් බැස, අවන්හල්වල “ක්ලාසි“  විදිහට අරක්කු බිව්ව බේබද්දෝ හොරෙන් හොරෙන් හොර කසිප්පු පොට් වලට ඇදෙනු දුටුවෙමු. ඇඳිරි නීති බාධක  ගොවිතැන් කරන ගොවීන්ට ලිහිල් කළ බව දැනගත් විට කකුල්වල මඩ තවරාගෙන කාගෙන් හෝ උදලු කෙටියක් ඉල්ලාගත් බේබද්දන් සැතපුම් ගණන් පා ගමනින් ද පා පැදිවලින් ද කසිප්පු සොයා ගිය ගමන් ගැන වාර්තා විය. මේ ඉල්ලුමට ගම්වල කසිප්පු කාරයන් ඇහැරී සිටියේය.

 ගමේ කසිප්පු

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට දශකයට දෙකකට වටේ පිටේ හැම ගමකම කසිප්පු කාරයෙක් දෙන්නෙක් සිටියේය. එහෙත් ඉතාම සැලසුම්ගතව කළ වැටලීම් නිසා ගම්වල සිටි මේ කසිප්පු කාරයෝ අතුගෑවී ගියහ. දැන් දංකොටුවේ කසිප්පු නැත. එහෙත්  ඉස්සර හලාවත දංකොටුව මීගමුව වැනි ප්‍රදේශවල  කසිප්පු පෙරීම සිදුවූයේ ඉතාම ලිහිල් නීති රීති   යටතේය. කසිප්පු පෙරණ තඹ දඟර දංකොටුවේ හැම ගෙදරකම වගේ තිබිණි.  දඟරය වෙනුවට යොදාගත් හල්මිල්ල පත්තෙන් ගෙදර හැලි අරක්කු පෙරූ කාන්තාවෝ සිටියහ. තමනුත් අඩියක් ගසා ගෙදර උන්ටත් අඩියක් දෙන්නට පෙරාගත් වඩිය සමහරවිට පැහුනේ බත් මුට්ටිය ඉදෙන ලිපට අල්ලපු ලිපෙනි.

කසිප්පු වලට අහවල් ප්‍රමිතියක්වත් නැත. නමුත් ගෙයක් ගානේ කසිප්පු තිබුණ කාලෙ  පැවති තරගය නිසා අඩුම තරමේ හොඳ මට්ටමෙන් එය පෙරා ගන්නට කවුරුත් උත්සාහ කළහ. ගෙවල් ගානේ තිබුණු මේ කාලකණ්ණි කර්මාන්තය කාලයත් සමග මුලුමනින්ම පාහේ නවත්වා දමන්නට රටේ නීතිය කටයුතු කළේය. එහෙත් පොලිසියත් දේශපාලකයනුත් සාක්කුවට දමාගත් කසිප්පු මුදලාලිලා මේ ජවාරම සියතට ගත්හ. රට ලොක්ඩවුන් වීමත් සමග දැන් යළිත් වැඩේට බැස ඇත්තේ කලකට පෙර ගම්වලින් අතුගෑවී ගිය ගමේ කසිප්පු කාරයන්ය.

බෝතලය දෙගුණයකින් ගණන්

රට වැසෙන්නට පෙර කසිප්පු බෝතලයක් රුපියල් හාරසීය ය. බාගයක් දෙසීය ය.  ආවේ පැකට් වශයෙනි. ඒ ගානට ආවේ මහාපරිමාණ කසිප්පු කරුවන්ගේ බඩුය. මේ වස බී ගම් පිටින් මිය ගිය අතීත අත්දැකීම් තිබිණි. මීරිගම පල්ලෙවෙල පැත්තේ උන් හැත්ත බුරුත්තක් කසිප්පු විස වී මලේ මීට මාස හත අටකට පෙරය.  ගෝඩා හැලියක්  පැහෙන්නට යන කාලය අඩු කරගන්නටත්,  ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්නටත්    දවස් එක හමාරෙන් වඩිය ගහගන්නට ක්‍රම මේ මහාපරිමාණ ජාවාරම්කරුවෝ සොයාගත්හ.  ගොඩා හැලියට   යවකාර ලුණු,    යූරියා මඳුරු දඟර, කටුකම්බි පමණක් නොව, පසු කාලයේ සිමෙන්තිත් දමා මේ මුදලාලිලා කසිප්පු පෙරූහ.   මේ කසිප්පු ලංකාව වටා තොග වශයෙන් ප්‍රවාහණය විය. එහෙත් පවතින ඇඳිරි නීති තත්ව යටතේ මේ ජවාරම් කාරයන්ට රට වටේ කසිප්පු බෙදන්නට බැරිය. ගමේ කසිප්පු කාරයන් අරගත්තේ ඒ අවකාශය ය.

කසිප්පු බොන්නන් කියන්නේ රුපියල් හාරසීයට ගත්ත කසිප්පු වලට වඩා ගමේ බඩු හොඳ බවය. කාලෙකින් කසිප්පු රසට කසිප්පු බොන බවය. රුපියල් හාරසීයට තිබුණ    කසිප්පු බෝතලයක දැන් මිල  රුපියල් අට සීයය. තැනෙක හයසීයටත් තිබේ. හැබැයි කසිප්පු බොන්නෝ කන්කෙඳිරි නොගා මේ මිලට කසිප්පු බොති. උන් කියන්නෙ එහෙම උනත් කමක් නෑ කියාය. සමහර තැන්වල විකිණෙන කසිප්පු බෝතලයක් රුපියල් දෙදහසකි. ඒ එක් බෝතලයකට වතුර බෝතලයක් කලවම් කළ  හැකි බව කියැවේ. මේ ආසවනය කළ ස්ප්‍රීතු ඇඟිල්ලේ ගල්වා ගිනි කූරකින් තෙවරක් පත්තු කළ හැකිය. උණු කර නිවාගත් වතුර බෝතලයක් කලවම් කර රුපියල් දහසකට මේ ආකාරයේ කසිප්පු බෝතලයක් හදාගන්නට අයෙක් කැමතිය. ඔවුන් කියන්නේ එවිට බඩු ෂුවර් කියාය.

බොහෝ විට ගම්වල මේ වඩිය දාන්නේත් කසිප්පු බොන එකෙකි.  කසිප්පු බෝතලයක නිශ්පාදන වියදම දල වශයෙන් රුපියල් දෙසීයකට වැඩි වන්නේන නැත. මේ නිසා බෝතල් දහයක වඩියක් ගහගන්නා එකාට දල වශයෙන් රුපියල් හයදාහකවත් ශුද්ධ ලාභයක් තිබේ. තමන්ගේ බේබදු මිලත් ආවරණය කරගෙන පන්දාහක් හය දාහක් උපයා ගත හැකි නිසා මේ වැඩේට බෙල්ල තියන්නට ගොඩක් උන් අකමැති නැත.

හොරෙන් හැදෙන ස්කාගාර   

ගමක ගෙවල් තුනක් හරතරක්   සීනි    ඊස්ට් සක්කරා දමා කරන මේ කසිප්පු කෙළිය පළතුරු වඩියක් කියා පලතුරු සුවඳ රස එකතු කරගන්නේ එක්කෝ බෙලි කොල ටිකක් කාඩියට එක් කිරීමෙනි. එසේත් නැතිනම් බෙලි මුල් කෑල්ලක් තලා දැමීමෙනි. පලතුරු වඩි කීවාට කසිප්පු පෙරන්නට තබා ගෙදරකට ගෙනියන්නවත් පලතුරු හොයාගන්නට නැත.කොත්තමල්ලි ටිකක් තලා දමා, කරදමුංගු කරාබු නැටි කුරුඳුපොතු ටිකක් දමා සුවඳ කරගන්නා කසිප්පු දැන් ගමේ පදමට තිබේ.  මොන සුවඳ   කසිප්පු බීවාත් බොන එකා ලඟින්  එන්නේ කුණු වුන පල් ගඳකි.  කසිප්පු බීව්වත් විස්කි බිව්වත් එන්නේ ඒ අප්‍රසන්න ගඳය. එය වෙනම කතා කළ යුතු එකකි.

සැන්ඩි දමා බයිට් හපමින් බොන අරක්කු කැටයම් නැති කසිප්පුවල ඇත්තේ ගත්ත ගමන් කටට හලාගෙන වහං වීමේ සිරිතකි. ඒ කසිප්පු සිරිත දැන් ගමේ ඕවිටිවල ඕනෑ තරම්ය.  එය අල්ලා ගන්නට පොලිසීය නොගන්නා වෙහෙසක් නැත. එහෙත් ගමක කරන එබඳු වැටලීම් එතරම් පහසු නොවන්නේ ඕඩර් පිට, කසිප්පු බෝතල් දහයක් දොලහක් හදා ගන්නට අහල පහල උන්ටත් කොලේ වසා කරන ජාවාරමක් නිසාය. අද එක ගෙදරක හෙට තවත් ගෙදරක ලෙස මාරුවෙවී මේ වඩිය ගහන එක කරන නිසාය.

ඒ නිසා තේරුම් ගත යුත්තේ රටේ බේබදුකම බාර් වසා නවත්තන්නට බැරි බවය. එය මිනිසුන්ගේ ජීවිත විනය සමග පැමිණිය යුතු හැසිරීමකි. කොහොමටත් මේ ලොක්ඩවුන් කාලයේ අපට කවුරු කවුරුත් කියා දුන්නේ බේබදු කම මහමුදලිකමටත් වඩා ලොකු බවය.

 

 

 

.

 

 

 

Share69Tweet43
Previous Post

ලකුණු වලට වැළලෙන්න ගිය නිසා වැළලුණු මහා කුඩු ජාවාරමක සුලමුල

Next Post

කොරෝනා මැද්දේ උතුරු මුහුදේ අවකෙළි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.