සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

බ්‍රිතාන්‍යය මලගෙයක් කරන්නට ගිය ජිහාඩ් වෘකධේනුව ලංකාවට ආවාද?

එම්.අයි.5 නිලධාරීන්ගේ වෘත්තිමය මෙහෙයුම මහා විනාශයක් වළක්වා තිබිණි...

by editor
ජූලි 5, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • ලංකාවේ පාස්කු ප්‍රහාරය නිසා එංගලන්තය පුපුරුවන්න හිතිලා
  • ප්‍රහාරය සැලසුම මෙරටදී බෝම්බ පිපිරූ විදියටමයි
  • අන්තවාදීන් ලෙස පෙනී සිටි MI5 බුද්ධි නිලධාරීන් කලක් තිස්සේ සාෆියා පස්සේ
  • සාෆියාට කලින් බුද්ධි අංශය ඉක්මන් වූ නිසා සිය ගණනකගේ දිවි බේරිලා  

පමුදිනී හෙට්ටිගොඩ

මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ඇසුරෙන් ඒංගලන්තයේ ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටි, එරට පළමු අයිඑස්අයිඑස් මරාගෙන මැරෙන බෝම්බකාරිය වීමට උත්සහ කළ සාෆියා අමීරා ෂායික් විසින් සිය ප්‍රහාරය සැලසුම් කිරීමට පෙර මෙරටට පැමිණි බවට ඇතැම් වාර්තාවල පළවුවත් ඒ බව මෙතෙක් නිල වශයෙන් සාක්ෂි හෙළිවී නැතැයි අනාවරණය වෙයි.

එංගලන්තයේ අන්තර් බුද්ධි ඒජන්සිය වන MI5 රහස් ඔත්තු සේවය විසින් ඇය කොටුකරගන්නේ 3000ක් පමණ වන ඔවුන්ගේ බුද්ධි තොරතුරු ගබඩාව මගින් අධීක්ෂණය වන, ත්‍රස්තයන් ලෙස කොයිමොහොතක හෝ ක්‍රියාත්මක විය හැකි ‘අන්තවාදී මත දරන්නන්’ගේ දීර්ඝ පසුහඹායෑමක අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

ඓතිහාසික දේවස්ථානයක, සුපිරි හෝටලයකට හා උමං මාර්ගයකට බෝම්බ පිපිරවීමට සැලසුම් කිරීමේ වරදට පෙරේදා (3) අයිඒස් ත්‍රස්තයන්ගේ ‘හුදෙකලා වෘකයකු’ වූ ෂායික්ට එරට අධිකරණයක් විසින් වසර 14ක් සිර දඩුවම් නියම කර තිබුණි. අයිඑස් මතවාදය ඔස්සේ යමින් සංවිධානයට සම්බන්ධ නොවී තනිව කටයුතු කරන අය හඳුන්වන්නේ ‘හුදෙකලා වෘකයන්’ ලෙසයි. “මට අවශ්‍ය  වුණේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය විදියමට එංගලන්තය පුපුරුවලා සමූල ඝාතනයක් කර සුරලොවට යන්නයි” ඒ උසාවියේදී ඇයි කියූ කතාවයි. ඇය උසාවියෙන් පිටතට පැමිණ බන්ධනාගාරයට යාමට පෙර ද ඇගිල්ලක් ඉහළට ඔසවා ඉස්ලාම් හස්ත සංඥාවක් සිදුකර සිනහවක් පා ආරක්ෂක අංශ නිලධාරීන් සමග පිටව ගිය බව එරට වාර්තාවල සදහන් විය.

කතෝලික මිෂෙල් සාෆියා වීම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Safiyya-Amira-Shaikh
සාෆියා අමීරා ෂායික්

සාෆියා අමීරා ෂායික් බටහිර ලන්ඩනයේ හායේස් හි විසූ කතෝලික පවුලකට අයත් කාන්තාවකි. ඇයගේ පෙර නායම වන්නේ මිෂෙල් රැම්ස්ඩන් ය. ඇය 37 හැවිරිදි දියණියකගේ මවක් වන අතර ඇය වාසය කළේ සැමියා නොමැතිවය. ඇය පිළිබද අධිකරණ වාර්තාවල දැක්වෙන්නේ අප්‍රසන්න ළමා කාලයකට උරුමකම් කී අයෙක් ලෙසය.  ඇය පසුව දැඩි ලෙස හෙරොයින් මත්කුඩු භාවිතයට ඇබ්බැයි වී සිටියාය. සිය පවුලෙන් වෙන්ව තනිව ජීවත් වූ ඇයගේ දියණිය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරීම වැළැක්වීමට අධිකරණය විසින් තීන්දු කර තිබුණේ ඒමගින් ඔවුන් අගතියට පත්විය හැකි නිසාය.

මත්කුඩුවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඉතා අයහපත් ජීවිතයක් ගත කළ මිෂෙල් තම නිවස අසල වාසය කළ මුස්ලිම් පවුලක් හා මිතුරු වන්නීය. ඉන්පසුව 2007 වසරේදී ඇය ද මුස්ලිම් ආගමට හැරෙන්නීය. ඇය ඔවුන්ගේ හිජාබ් සහිත ඇදුම පවා ඇතැම් විට භාවිත කළාය. ඇය මුලදී අයිඒස් ත්‍රස්තවාදීන්ගේ සාහසික මිනිස් ඝාතන වීඩියෝ නරඹන විට කැළඹී ඇති නමුත් ඇය පවසා තිබුණේ ඇය ටිකෙන් ටික ඒවාට ඇලුම් කරන්නට වූ බවය.

කෙසේවෙතත් ඇය ජිහාඩ් අන්තවාදී ‘හුදෙකලා වෘකයකු’ බවට පත්වන්නේ 2015 දීය. කෙසේවෙතත් ඇය පසුව අයිඒස් ත්‍රස්තවාදීන් සමග ලිපිලේඛන ආදිය ද හුවමාරු කරගන්නා අතර 2019 අගෝස්තු හා ඔක්තෝබර් අතර කාලය තුළදී තමන් විසින් අන්තවාදී විරුද්ධවාදීන් මරාදමන බවටත් සිය පාක්ෂිකභාවය පළකිරීමටත් අයිඒස් ත්‍රස්තයන්ට පොරොන්දු වූවාය. විරුද්ධ මත දරන්නන් ඝාතනය කොට සුරලොවට යාමට ඇයට අවශ්‍ය බවට ඇය නිතර පැවසූ දෙයකි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ අන්තවාදී අදහස් ප්‍රකාශ කරන ඇය පිළිබද MI5 ඉව වැටෙන්නට පටන් ගත්තේය. MI5 යනු එංගන්තයේ අන්තර් බුද්ධි ඒජන්සිය වන අතර එය රහස් ඔත්තු සේවයකි.    රජයේ සන්නිවේදන මූලස්ථානය හා ආරක්ෂක බුද්ධි අංශය ද ඒ සමග ක්‍රියාත්මක වේ. සමාජ ජාල ඔස්සේ හා සමාජය තුළ  අන්තවාදී ප්‍රචණ්ඩ මත දරන්නවුන් අධීක්ෂණය කරමින් තොරතුරු රැස්කරන MI5 බුද්ධි ඒජන්සියේ සමාජ ජාල අන්තවාදීන් පිළිබද වෙනම ලිපිගොනුවක් තිබේ. සාෆියා බවට පත්වූ මිෂෙල් ද ඔවුන් හමුවූ තවත් ඒක් අන්තවාදී තැනැත්තියක් පමණි. ඇය දැඩි ලෙස අන්තවාදී අදහස් මතවාද අන්තර්ජාලය ඔස්සේමුදාහැර තිබේ. ‍

එම්.අයි 5 හඹා යෑම

පෙර පුහුණු ගමන

මෙවැනි අය පිටුපස නිරන්තරයෙන් ඇසගසා සිටින MI5 නිලධාරීන්ට වරෙක අපූරු අවස්ථාවක් උදාවේ. ඒ පුපුරණ ද්‍රව්‍ය පිළිබද හසල දැනුම ඇති අන්තවාදියකු ලෙස පෙනී සිටි MI5 නිලධාරියකුගෙන් සාෆියා උදව් ඉල්ලා සිටීමය. ඒ ඇයට ප්‍රහාරය පිළිබඳ සැලසුම සකස් කරන්නට ගොස් බෝම්බ සකස් කරගැනීමට සහයක් අවශ්‍ය වූ අවස්ථාවේදී ඒ පිළිබඳ සහය ඉල්ලූ පුද්ගලයා ය. දැඩි අන්තවාදී මත දරන්නකු බව පෙනී සිටින ඔහුගෙන් උදව් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු විසින් ‘අස්රා’ නමැති තම බිරිය බව කියූ කාන්තාවක් සාෆියාට සම්බන්ධ කරදෙන්නේ ඇයට සමීප මිතුරියක් කරන්නට ය.

ඔවුන් ටික කලක් මිතුරු වී සිටියදී දිගින් දිගටම ප්‍රහාරය ගැන සැලසුම් කළ ඇය වට්ස්ඇප් ඔස්සේ අස්රා සමග තම අදහස් බෙදාගන්නා අවස්ථාවක මතුවූ සංවාදයකින් MI5 නිලධාරීන්ට තේරුම් ගියේ වහාම ක්‍රියාත්මක වීමට අවස්ථාව පැමිණ ඇති බවය. ඒය ආරම්භ වන්නේ අස්රා නමැති MI5 නිලධාරිනිය සමග සාෆියා හුවමාරු කරගත් බෝම්බ ඇටවිය යුතු ස්ථාන හා දින වකවානු පිළිබඳ අස්රාට කීමත් සමගය. ඇයට එංගලන්තයේ ඓතිහාසික දේවස්ථානයක් වන ශාන්ත පාවුලු දේවස්ථානයට හා සුපිරි හෝටලයකටත් බෝම්බ පුපුරුවා කාර්යබහුල උමං දුම්රිය මගක දී තමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව අස්රා සමග තතු හුවමාරු කරගනී. ඉන්පසුව MI5 නිලධාරීන් හා පොලිස් නිලධාරීන් උගුලක් අටවන්නේ සාෆියා කොටුකරගැනීමට ය.

කොටු වීම

සාෆියා පවසන්නේ තමාට ඒක් අයකු ඝාතනය කිරීම සතුටු විය නොහැක්කක් බවත් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් තමාට මේ අදහස පැමිණි බවත් ය. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර මාලාව සිදුකළ ආකාරයටම තමාට මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට අවශ්‍ය බවත් පාස්කු දිනය හෝ නත්තල් දින දේව මෙහෙයේදී පිපිරවීම සිදුකොට විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ යුතු බවත් සාෆියා පවසා ඇත. දේවස්ථානයේ හා හෝටලයේ බෝම්බ සවිකිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රහාරය මෙන්ම ගමන් මලු දෙකක බෝබ්ම සවි කරදෙන්නැයි සාෆියා වෙස්වලාගෙන සිටි MI5 නිලධාරි මිතුරාගෙන් ඉල්ලා තිබේ. ඒ සඳහා ‘කාන්තා ගමන් මලු’ මෙන් පෙනෙන ට්‍රැවලින් බෑගයක් හා පිටේ ඒල්ලාගෙන යන රෝස පැහැති බෑග් දෙකක් අන්තවාදී මිතුරාගේ බිරිය බව කියූ අස්රාට දීමට ඉදිරිපත් වන්නේ ද සාෆියාම ය.

සාෆියා විසින් ශාන්ත පාවුලු දේවස්ථානයටත් සුපිරි හෝටලයටත් ආරක්ෂක තතත්වය මැනබැලීමට ඒම බෑග් ඒල්ලාගෙන වරෙක ගොස් ආ බව උසාවියේදී අනාවරණය වූයේ සීසීටීවී කැමරා දර්ශන ද සමගිනි. කෙසේහෝ වේවා ඇය ඒම බෑග් බෝම්බ සවිකරදීමට අස්රාට දීමට ගිය අවස්ථාවේදී 2019 ඔක්තෝබර් 19 වැනිදා ඇය MI5 නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූවාය. පසුගිය මැයි මාසයේදී ඇයට දිය යුතු දඬුවම අධිකරණය විසින් තීන්දු කළත් ඇයගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් අවශ්‍ය වූයෙන් තවදුරටත් එය කල්දැමිණි.

සාෆියා  ක්‍රමානුකූලව 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තමා මියගිය පසු ඒම මතවාදය ගෙනයාමට ද ගොඩනගා ඇති බවට  හෙළිවී ඇත. කෙසේ හෝ  MI5 නිලධාරීන් නිරන්තර අධීක්ෂණයෙන් අන්තවාදී මතදරන්නන් පසුපස සිටිමින් අවශ්‍ය මොහොතේදී වහා ක්‍රියාත්මක වීම නිසා මෙරට පාස්කු ප්‍රහාරය වැනිම දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වළක්වා ගැනීමට එරට බුද්ධි අංශයට හැකිවිය.

Tags: නවතමවිශේෂ
Share195Tweet43
Previous Post

විග්නේස්වරන්ගේ අපේක්ෂකයෙක් මැතිවරණ පත්‍රිකාවල ප්‍රභාකරන්ව දාලා

Next Post

ශිවාජිලංගම් ඇප මත නිදහස්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.