බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පුරා අවුරුදු 06ක් තිස්සේ රෝහලට එන අසරණ ලෙඩ්ඩුන්ට සරණවන ” මහනුවර පින්වත් බස් රිය”…  

by editor
ජනවාරි 18, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

සමන්ති වීරසේකර –

  • සමහරු කෙනෙක් පොතත් බස් එකේ දාලා යනවා…

  • හුඟක් දෙනා පින් දීලා තමයි බැහැලා යන්නේ…

  • හුඟක් වෙලාවකට නිවාඩුවක් ගන්න හිතෙන්නෙත් නෑ. සේවයටත් වඩා අපි කරන්නේ පින්කමක් කියලා හිතෙනවා…

ජාතික රෝහල මහනුවර කියලා නිතරම බස් එකක් නගරය පුරා සැරිසරනවා දකින්න ලැබෙනවා. පැයකට දෙපාරක් තුන්පාරක් බස් එක නගරයේ පුරාම යනවා දැක්කහම ඒක තරමක් පුදුම සහගත දෙයක් කියලා අපිට හිතෙනවා. දවසක් දෙකක් නෙවෙයි දැන් අවුරුදු හයක් පුරාම මේ දේ වෙනකොට ඒ දේ ගැන හොයන්න අපිට හිතුනා.

මහනුවර ජාතික රෝහලට බෙහෙත් ගන්න දුර ඉඳන් එන බොහෝ දෙනාට රෝහලට එන්න වෙන්නේ පයින්.  එහෙමත් නැත්තං කීයක් හරි මුදලක් ගෙවලා ත්‍රීවීල් එකක.

මහනුවර නගරයේ ඉඳලා පේරාදෙණිය පාර ආසන්නයේ තියෙන නිසා මහියංගණය කුරුණෑගල තෙල් දෙනිය  පැත්තෙ ඉඳලා එන හැමදෙනාටම මහනුවර රෝහල නගරයේ ඉඳන් ටිකක් දුරයි වගේ තමයි හැඟෙන්නේ. ඒ ගැන තහවුරු වෙනවා ප්‍රතිකාර ගන්න රෝහලට යන රෝගීන් එක්ක කතා කරලා බැලුවා ම.

වසර හයක් පුරා සේවය සපයන බස් දෙකේ රියදුරු සහ කොන්දොස්තරවරු…

” නුවර ඉස්පිරිතාලට යන්න ඕනි කිව්වම බස් එකෙන් බැස්සුවේ මේ බෝගම්බර බස් නැවතුම්පොළේ. මෙතන ඉඳන් ඉස්පිරිතාලේ කන්ද නගින්න ගියාම තියෙන ලෙඩ වැඩි වෙනවා….”

“මම දැන් අවුරුදු හතක් තිස්සේ වකුගඩු ලෙඩේ හැදිලා බෙහෙත් ගන්න මහනුවර රෝහලට එනවා ඉස්සර නුවර ටවුමේ බැහැලා ඉස්පිරිතාලෙට එන්න රුපියල් 250ක් ගත්තා දැන් නම් 250ට එන්නේ නෑ. දැන් බස් එක තියෙන නිසා අනුරාධපුර බස් එකෙන් බැහැලා බැහැපු තැනම ඉන්නවා. ඉස්පිරිතාල බස් එකේ ඉස්පිරිතාලෙටම යනව. ඒ පහසුව කියල වැඩක් නැහැ. මේ බස් එක දාපු උන්නැහෙලට පින් සිද්ධ වෙන්න ඕනේ.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

තවත් රෝගියෙක් අපට කීවේ මෙවැනි කතාවක්.

” මම හුඟක් වෙලාවට පාන්දර සායනයට එන කෙනෙක් .ඉස්සර පයින්ම තමයි ඉස්පිරිතාලෙට එන්නේ . පයින් ආවට පස්සේ ටිකක් වෙලා යනවා හතිය නවතින්න. ප්‍රෙශර් එක බැලුවත් වැඩියි කියනවා. ඇයි ඉතින් හති ඇර ඇර පයින්මනේ එන්නේ. දැන් නං පාන්දරම බස් එක තියෙන නිසා බස් එකේම ඕපීඩි එක ළඟටම එනවා….”

විකලාංග සායනයට එන රෝගියෙකුත් අපට හමුවුනා.

”  මම විකලාංග සයනයට එන්නේ ත්‍රීවිල් එකේ. වෙන කරන්න දෙයක් තිබුනෙම නෑ ඉස්පිරිතාලෙට යන්න ඕනේ කියලා මතක් වෙනකොටත් ඇඟට වඩා හිත රිදෙනවා.  මොකද    ත්‍රීවීල් ගාස්තුවයි සමහර බෙහෙත් එළියෙන් ගන්ඩ වෙන ගාස්තුවයි දැක්කහම මැරෙන එක හොඳයි කියලමයි හිතුනේ.  අත්වාරුවෙන් එන හින්දා බස් එකක එන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. මොකද බස් එකෙන් බැහැලා පයින් එන්නත් තියෙනවනේ.

ඒ උනාට දැන් නුවර ඉස්පිරිතාල බස් දෙක නිසා මගේ හිතට තිබුණ පීඩාව  මුළුමනින්ම ඉවර වෙලා වගේ. මොකද කරන්නේ නුවර ටවුමේ ඉඳලා ඉස්පිරිතාලට ගන්නේ රුපියල් 40යි. අත්වාරු තිබුණා කියලා මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කොන්දොස්තර මහත්තයා මට බස් එකට නැගින්න උදව් කරනවා. ඉඳගන්නකම්ම අතින් අල්ලගෙන ඉන්නවා. රියදුරු මහත්තයත් කිසිම වෙලාවක ඉඳගන්න කලින් බස් එක ඉස්සරහට ගන්නෙ නෑ.,. මේ සේවාව නම් ඉස්සරම්…

රජයේ රෝහලකට බෙහෙත් ගන්න යන රෝගීන් මේ වගේ ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා දැක්කහම සේවාව ගැන කතා නොකරම බැහැ.  මොකද බොහෝ වෙලාවට රජයේ සේවාව ගැන මිනිසුන්ගේ ප්‍රසාදයක් අහන්න දකින්න ලැබෙන්නේ නැති තරම් නිසා.

මහනුවර ජාතික රෝහලට ඉස්සර ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ රෝහලට එන යන වාහන ගැන. වසර 2019 දී විතර රෝහල් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරපු වෛද්‍ය සමන් රත්නායක මහත්මයා  වාහන තදබදයට , අයුතු වාහන රෝහලට ඇතුළත් වීමට, ත්‍රී රෝද රථවලින් රෝගීන්ගෙන් වංචනික ලෙස මුදල් අය කිරීමට  පියවරක් ගන්න ඕනි කියන ස්ථාවරයේ සිටි පරිපාලකයෙක්.

එවකට මහනුවර ජාතික රෝහලේ ප්‍රවාහන අංශය කියලා කමිටුවක් පත්වෙලා තිබුණා. මේ කමිටුවේ සභාපතිත්වය දැරුවේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහත්තයා. ලේකම් ධූරය දැරුවේ වත්මන් රෝහල් ලේකම් එස් කේ.රත්නවීර මහත්තයා.

රෝහල් කමිටුවේදී. 2019 මැයි මාසේ ඉඳලම ” රෝහලට පැමිණෙන රෝගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථයක් ලබා ගැනීමේ “යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ යෝජනාවට රෝහල්කමිටු අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සෑම බලධාරියෙක්ම බොහෝ ලෙසින්ම කැමති උනා. එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය හෙබවූයේ වත්මන් රෝහල් අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මියයි.

එදා ඇයගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරුට ලිපියක් යොමු වුණා මේ යෝජනාව ගැන පැහැදිලි කරලා. එවකට පැවති තත්ත්වයන් මත දකුණු ඩිපෝව ලොකු උත්සාහයක් ගෙන තිබුණා  බස් රථයක් මහනුවර ජාතික රෝහලට ලබා දෙන්න. නමුත් විවිධ හේතු මතය කල් ගියා.

රෝහලින් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම මත  දකුණු ඩිපෝවෙන් 2020 පෙබරවාරි හත් වෙනිදා මහනුවර ජාතික රෝහලට රෝගීන් ප්‍රවාහනය සඳහා බස් රථයක් ලැබුණා. ආසන්න වශයෙන් මීට වසර හයකට පෙර.

බස් රථය ආරම්භ වෙන්නේ බෝගම්බර බස් නැවතුම්පොළ ආසන්නයේ තිබෙන මධ්‍යම වෙළඳ පොළ පසුපස පැරණි බෝගම්බර බන්ධනාගාරය අසලින්. එතනින් ආරම්භවී  බස් රථය බෝගගම්බර ක්‍රීඩාංගනය අසලින් මහනුවර ජාතික රෝහලට ඇතුළු වෙනව.

ඉන්පස්සේ නැවත මහනුවර රෝහලේ සිට   පේරාදෙණිය පාරෙන් මහනුවර නගරයට ප්‍රවේශවන  ඔර ලෝසු කණුව කච්චේරිය නගර සභා හන්දිය ඩී.එස්.සේන නායක වීදිය ඔස්සේ මාලිගාව අසලින් වැව රවුමෙන් පැමිණ නැවත බෝගම්බර බස් නැවතුම්පොළ දෙසින් රෝහලට ගමන් කරනවා.

හරියටම කිව්වොත් මහනුවර නගරය පුරාම නගරය වටාම බස් රථය ගමන් කරනවා.  ඒ ආකාරයෙන් බස් රථ දෙකක් ධාවනය වෙනවා.  2020 ආරම්භ වූ දින සිට  2022 වසර වන තෙක් එක බස් රථයක් ගමන් ගත්තට  රෝගීන්ගේත් මහනුවර රෝහලේ සේවක මණ්ඩලයේත් ඉල්ලීම මත තවත් බස් රථයක් යොදවන්න දකුණු ඩිපෝවේ නිලධාරි මහත්වරුන්ට සිද්ධ වෙනවා.

2020 ආරම්භක දිනයේ සිට බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළේ w A ප්‍රනාන්දු මහත්මයා. කොන්දොස්තර මහත්මයා ලෙස සේවය කළේ  යූ.ජී.එස්.බී දිසානායක මහත්තයා.

තවත් බස් රථයක් 2022 වසරේ රෝහලේ සේවයට එකතු උනාට පස්සේ එහි සේවය කළ රියදුරු මහත්මයා වුණේ අමිල ජයසිංහ . එහි කොන්දොස්තර මහත්තයා ඒ පී බණ්ඩාරයි.

දැන් මේ සිව් දෙනාම බොහොම කැපවීමෙන් සේවය කරනවා. මේ වසර හය පුරා ඒ අය ලබපු අත්දැකීම් සම්භාරය අතිමහත්. ඒ අයගේ වචන වලින් කිව්වොත් මෙන්න මේ වගේ.

” රෝගීන් විදිහට මේ අය කොයිතරම් දුක් විඳිනවද කියලා හරියටම අපිට දැනුනේ මේ බස් එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ. සමහරු කෑමක්වත් කන්නේ නැතුව තමයි ඉස්පිරිතාලේ එන්නේ. ඔන්න එතකොට බස් එකේම කලන්තේ හැදිලා වැටෙනවා.  සමහරු කාත් කවුරුවත් නැතුවත් තනියම තමයි එන්නේ. නගින්න බහින්න ලොකු දුකක් විඳිනවා.

ඒ විතරක් නෙවෙයි. සමහර වෙලාවට වයසක අම්මලා වයසක තාත්තලා පුංචි ළමයි අරගෙන එනවා.  ඒ අයත් එක්ක කතා කරලා බැලුවහම ඒගොල්ලන්ගෙ දුවලා පුතාලා උදේ වරුවට බලාගන්න දාලා යන ළමයි ගෙදර තියලා ඉන්න විදිහක් නැති හින්දා තමයි ඔවුන් සායන වලට එන්නේ

අපිට එතකොට රාජකාරිය විතරක් කරලා අපි හදාගන්න බෑ.  ඒ අය බස් එකේ එක් කරගෙන එනවට අමතරව බස්සලා හරි තැනට යොමු කරන්නත් වෙලාවකට අපිට සිද්ධ වෙනවා.

තව දෙයක් තමයි,  හුඟක් වෙලාවට ජාතික හැඳුනුම්පත් වැඩිහිටි හැදුනුම්පත් බස් එකේ දාලා යනවා. ඒ විතරක් නෙවෙයි සායනයේ පොත  බෙහෙත් පොත  බස් එකේ අමතක කරලා යනවා. ඒ වෙලාවට   අපි ඒවා රෝහලේ පොලිසියට භාර දෙනවා.

තවත් වෙලාවක වයසක අම්මලා ඉන්නවා යන්න පාර දන්නෙ නැතුව. ඒ වෙලාවට අපි පාර අහලා ඒ ඒ බස් වලට නග්ගන්න වෙනවා.

ඇත්තටම මේක පින්කමක් වගේ. මොකද ලෙඩක් හැදුනහම බෙහෙතක් ගන්න එන්නේ බැරිම නිසානේ. ඒ විතරක් නෙවෙයි හොඳ වෙලා ගෙදරට යන මිනිස්සු පවා ගෙදර යන්නේ හොඳටම හොඳ වෙලා නොවෙන්න පුළුවන්. ඒ අයත් පුදුම පීඩාවක් විඳිනවා මේ පුංචි දුරදි උනත්.

මේ අයට පිහිටක් වෙන්න ලැබිච්ච එකත් ඇත්තටම පිනක් රැස් කරගන්න හම්බවුන අවස්ථාවක් විදිහට තමයි අපි සලකන්නේ .

රියදුරු මහත්වරු දෙන්නයි කොන්දොස්තර මහත්තුරු දෙන්නයි එහෙම කිව්වා.  ඇත්තටම මේ සේවාව පින්කමක් විදිහට දැනෙන්නේ ඒ සේවය ලබා ගන්න අයට සහ ලබා දෙන අයට තමයි.

වාහන තදබදයක් පුළුල් මාර්ග නිසා රෝගීන් විඳින පීඩා අපමණයි. ඒ පීඩාවට සහනයක් වෙන්න හවුල් වුන හැමදෙනාටම පින් සිද්ධ වෙන්න ඕන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය යුද හමුදාවෙන් ලැබුණු ජීප් රථ නිසා හමුදාවට වසරකට රුපියල් මිලියන 18ක ඉතිරියක්!

Next Post

 මගේ තාත්තා රණවිරුවන් සමග කැපවි දිනා දුන් නිදහස යාපනයේ දී ඔබ උපරිමයෙන් භුක්ති විඳීම ගැන සතුටුයි… නාමල් ජනපති අනුරට කියයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.