බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පුටු පෙරළාගෙන පැමිණි සී.අයි.ඩී ලොක්කාට එරෙහිව සී.අයි.ඩී එක ඇතුළෙන්ම කැරැල්ලක්….

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 න් 8 ක් යන්න ඉල්ලා... පාස්කු ප්‍රහාරයේ විමරශනෙ කළ නිලධාරීනුත් ඒ අතර...

by editor
මැයි 29, 2020 - Updated on ජූලි 16, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මේ වන විට ඇත්තේ කැළඹීමකි. ඒ අලුත් අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙනි. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් අඩකට වඩා සිටින්නේ නව අධ්‍යක්ෂකවරයාට එරෙහිව කැරළි ගසාය. ඒ ඔහුත් සමග වැඩ කරන්නට බැරියැයි කියා පොලිස්පතිවරයාගෙන් ස්ථාන මාරුවීම් ද  ඉල්ලමිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් කැළඹිමට ලක්ව ඇති අලුත් අධ්‍යක්ෂකවරයා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්ය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු පත්වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාව සිටය. ඊට පෙර ඔහු සේවයේ නිරතව සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසයේය. පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවයේ නිරතව සිට ඇති ඔහු එහි ස්ථානාධිපති වරයා ලෙස ද කටයුතු කර ඇත. සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලැබෙන්නේ ද ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සේවයේ නිරතව සිටියදීය. පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු උසස්වීමක් ලබන්නේ වත්මන් ආණ්ඩුව පත්වීමත් සමගිනි. එම උසස්වීමෙන් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහු  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලබන්නේ ඔහුගේ සමකාලීනයන් පුදුමයෙන් පුදුමයට පත් කරවමිනි. මේ නිසාම ඔහුගේ එම උසස්වීම අභියෝගයට ලක්කරමින් පොලීසියේ ඉහළ නිලධාරීන් ගොන්නක්ම නඩු මගටද ගියේය. එසේ ඔහුට එරෙහිව නඩු මගට ගියවුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බහුතරයක් සිටිති. ප්‍රසන්න අල්විස් සමග වැඩ කරන්නට බැරියැයි කියන්නේ ඒ අයය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂ සමග පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරු 15 දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටිති. නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂක හැරුණුකොට සිටින ඉහළ නිලධාරීන්ගේ ගණන 13 කි. ඒ අයගෙන් 08 දෙනෙක් දැනටමත් ස්ථාන මාරුවීම් ඉල්ලා හමාරය. ඒ අය අතර පොලිස් අධිකාරීවරු දෙදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක් සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව ප්‍රසන්න අල්විස්ට එරෙහිව අධිකරණයට ගිය අය අතර තවත්   නිලධාරීහු කිහිප දෙදෙනෙක් සිටිති. ඒ අයට යම් තීන්දුවක් ගැනීමට නොහැකිව සිටින්නේ ඉහළම දේශපාලන ඉල්ලීමකට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ සිටින බැවිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නව අධ්‍යක්ෂකවරයා සමග වැඩ කරන්නට බැරි යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යන්නට ඉල්ලා සිටින නිලධාරීන් 08 දෙනාද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ අය වීම විශේෂිතය. ඒ අයට රාජපක්ෂ ආණ්ඩුව සමග බැදීම් නැත. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් වීමට ඉල්ලා සිටින්නේ එබැවිණි. එහෙත් නිලධාරීන් දෙදෙනාට ඉවත්වන්නට උවමනාවක් තිබුණත් ඉවත් නොවන්නේ ඒ අයගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව විමර්ශන කිහිපයක් පවතින බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන් ඉවත් වීමට යම් තීරණයක් ගතහොත් එහි බලපෑම සිය ඥාතීන්ට එල්ල වෙතැයි බියෙනි.

ඒ දෙදෙනා හැරුණු කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර තවත් තිදෙනෙක් සිටිති. ඒ අය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ය. එම ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නව අධ්‍යක්ෂකවරයාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් සිටින්නේ ඉහළින්ය. ඒ අතර කාන්තා නිලධාරිනියෝ දෙදෙනෙක්ද වෙති. පිරිමි නිලධාරියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨතම සහ පැරණිතම සාමාජිකයෙකි. අපරාධ පරික්ෂණ‍ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන ආකාරයට අනුව නියමිත ක්‍රමවේදයට අනුව නම් අධ්‍යක්ෂකධුරය ලැබිය යුතුතේ එම නිලධාරියාටය. එහෙත් සිදුව ඇත්තේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරියෙක් පිටින් ගෙනැවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවේ වාඩි කරවීමය.

මෙම පත්කිරීම සම්බන්යෙධන් මේ වන විට නිලධාරීන් 08 දෙනෙක් ස්ථානමාරු ඉල්ලා සිටිනවිට ඉහළම නිලධාරීන් තිදෙනොද සිටින්නේ ස්ථානමාරුවීම් අපේක්ෂාවෙනි. ඒ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරියෙකුගේ අණ පිළිපදිමින් වැඩ කිරීමට දක්වන අකමැත්ත නිසාය.

ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මෙවන් අර්බුදයක් ගොඩ නැගෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමග එහි අධ්‍යක්ෂකවරයාව සිටි ශානි අබේසේකර ඉවත් කර පත්කරනු ලැබූ අධ්‍යක්ෂකවරයාවද ඉවත් කිරීමත් සමගිනි.

ශානි අබේසේකර වෙනුවට පත් කෙරන්නේ ඩබ්ලිව්. තිලකරත්නය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සමීපතයෙක් වන ඔහු මන්ත්‍රීවරයෙක්ව සිටි වකවානුවේ සිටම මහින්ද රාජපක්ෂගේ හිතෛශියෙකි. චන්ද්‍රිකා ආණ්ඩුව සමයේදී බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි තිලකරත්න මහින්ද අගමැතිවන විට ඔහුගේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා විය. මහින්ද ජනාධිපතිවන විටත් මහින්දගේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ ඔහුය.

පසු කාලයේ ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලැබූ විට මහින්ද ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ බුද්ධි ප්‍රධානියා බවට පත්විය. යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු විසිවෙන්නේ නැගෙනහිර පළාතටය. නැවතත් ඔහුට රාජපක්ෂවරුන් සමග වැඩ කරන්නට ඉඩක් ලැබෙන්නේ ඉකුත් ජනාධිපතිවරණයේදීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය පැත්තෙන් පත් කෙරෙන්නේ ඔහුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස රාජපක්ෂවරුන්ට සමීප නිලධාරියෙක් පත් කරන විට බොහෝ අය සිතන්නේ ඔහු රාජපක්ෂවරුන්ට ඇවැසි ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවතැයි කියාය. එහෙත් එය සිදුවූයේ නැත. කළ හැම වැඩක්ම නීතියට එකඟව කළේය. ඒ නිසාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරීන්ගේ විශ්වාසය   දිනාගත් තිලකරත්නට හිටි හැටියේම ලබාදුන් ස්ථාන මාරුවීම ගැන පොලිස් දෙපාර්තමේන්තුවම පත්වන්නේ පුදුමයෙන් පුදුමයටය. එම ස්ථානමාරුව ඔහුට ලැබෙන්නේ ද අශ්වාරෝහක අංශයටය. එහෙත් අවසානයේ දී එය වෙනසකට ලක්වෙමින් ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ධූරයට ඔහුව පත් කෙරන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැළඹිමකට ලක් කරමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථාන මාරුවීම් ඉල්ලන්නේ තිලකරත්නගේ ස්ථානමාරුවීම නිසා නොවේ. ඒ ගැන ඔවුන්ට ගැටලුවක්ද  නොමැත. ගැටලු ගෙන දී ඇත්තේ තිලකරත්න වෙනුවට පත් කර ඇති ප්‍රසන්න අල්විස් සම්බන්ධයෙනි.

ප්‍රසන්න අල්විස් සමග වැඩ කිරීමට බැරියැයි කියා ස්ථාන මාරුවීම් ඉල්ලා සිටින නිලධාරීන් අතර පාස්කු ප්‍රහාරයේ නව විමර්ශන කණ්ඩායමේත්, ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් නව විමර්ශන කණ්ඩායමේත්, හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායමේත් ප්‍රධානීන් සිටීම ද විශේෂිතය. මේ අය තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථානමාරුවීම ඉල්ලා පොලිස්පතිවරයාට ලිපි යොමුකර පැය 24 ක් යන්නත් මත්තෙන් ඒ එක් නිලධාරියෙක්ගේ  කාර්යාල කාමරයට ප්‍රසන්න අල්විස් යොමු කරන්නේ ඔහුත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පොලිස් අධිකාරීවරයෙකුය. ඒ පොලිස්පතිවරයා අදාල නිලධාරීන්ගේ ස්ථානමාරුවීමට නිසි ප්‍රතිචාරයක් දක්වා ‍නොමැති පසුබිමකය.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ඇති කථාව වන්නේ එම පොලිස් අධිකාරීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමේ කපුකම පිටුපස සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බවය. වත්මන් වැඩ බලන පොලිස්පතිවරයාවත් කපාගෙන පොලිස්පතිවන්නට දේශපාලන වන්දනාවේ යන මෙම නිලධාරියා සූදානම් වන්නේ තමාගේ ගෝලයා මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්වී ඇති චෝදනාවලින් ගැලවෙන ආකාරයෙන් වැඩක් කරගන්නටය. එවැනි සැකයක් ඇතිකරන්නේ අප නොව, පොලීසියේම උදවියයි.

මේ තත්වය මත පොලිසියේ බහුතරයක් උදවිය නම් පවසන්නේ නම් මේයන හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නම් දෙවියන්ගේම පිහිට බවය.

Tags: නවතම
Share105Tweet43
Previous Post

හිටපු ජනපතිගේ ඡන්ද පෝස්ටරයේ සිටි දැරිය අතුරුදන් වීම ගැන තවම තොරතුරක් නෑ

Next Post

නිරිතදිග මෝසම සක්‍රිය වෙයි – වැසි තවදුරටත්

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.