අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පැනික් වෙන්න එපා…

by editor
අගෝස්තු 7, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ලෝක ඉතිහාසයේ මුල්ම වරට හමුදා බුද්ධි අංශයක් වසංගතයක් පැතිරී යෑමේ හේතු නිර්ණය කර සොයාගෙන තිබේ. එම සොයා ගැනීම ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශ කර ඇත.

ඒ නිර්නායකයන්ට අනුව වසංගතයේ පැතිරීමට හේතුව රට පුරා පැවති උද්ඝෝෂණය. ඒ නිර්ණයන් අනුව උද්ඝෝෂණ 120ක් රට පුරා පවත්වා ඇත. ඒ එක් උද්ඝෝෂණයක් සඳහා අඩුම තරමින් 1500කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.

ඉතින් කොවිඩ් පැතිර තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත නොවන ජනරාශීන් කොවිඩ් වෛරසය පතුවරුවනු ලබන බව සහතිකය. කඩපිලේ දීත්, සෞඛ්‍ය අංශ විසින් ඇර දුන් පොළේ දීත් මගතොටේදීත් අපට හමුවන්නේ මුවේ තිබිය යුතු මාස්ක් එක නිකටට දාගෙන හතරවරං කෙළින උන්ය. අනෙක මේ රටේ මිනිස්සුන්ගේ වගකීම් රහිත මුග්ධකම පිළිබඳ හොඳම සාධකය මේ උද්ඝෝෂණම නොවේ. තුනෙන් දෙකක බලයක් සහිතව මේ රට පාලනය කරන්නට ගෙනා මේ ආණ්ඩුවය.

ඛේදවාචකය නම් මේ මරණීය වසංගතයත් අශිෂ්ඨ දේශපාලනයෙන් නිර්වචනය කරගැනීමය. මේ වෛරසය උද්ඝෝෂණ කේන්ද්‍රීයව පැතිරෙන්නක් බව ජනාධිපති මාධ්‍ය අංශයම නොකියා කියමින් නිවේදන නිකුත් කරයි. මාරක විහිලුව වන්නේ කිසිම සෞඛ්‍ය විශේෂඥ මතයක් නොතකා නිසි ප්‍රවාහන පහසුකමක් නොදී සේවයට කැඳවූ මිනිසුන් ගමන් ගත් එක දුම්රියක උද්ඝෝෂණ තුනක හතරකට රැස්වූ ප්‍රමාණයක සෙනග කිටි කිටියේ හිරකරමින් වැඩට ගෙන්වීමට චක්‍රලේඛ ගැසූ ආණ්ඩුවක් හමුදා බුද්ධි අංශවලින් කොවිඩ් පැතිරීමේ විද්‍යාත්මක ප්‍රකාශන ලබා ගැනීමය.

මතක ඇති එකෙක් ඉන්නවා නම් මේ ව්‍යසනයේ මුල පසුගිය අප්‍රේල් සමය ය. අවුරුදු වකවානුව තුළ රට විවෘත නොකරන ලෙස මේ රටේ පිළිගත් සෑම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම ඉල්ලා සිටියේය. උද්දච්ඡකමේ ප්‍රමාණය තේරුම් ගත නොහැකිය. ඒ කිසිවක් නොඅසා කිසිම තාර්කික පදනමක් නැතිව ආණ්ඩුව රට විවෘත කළේය. නුවරඑළියේ සාද පවත්වන්නට අගමැති පවුලේ සමාජිකයන් ද ගොස් තිබිණි. ආණ්ඩුවම කියන අළුත් අවුරුදු පොකුර හැදුනේ එතැනිනි. ඒ පොකුර හැදුනේ උද්ඝෝෂණවලින් නොවේ. මේ අත්විඳින්නේ එතැනින් පටන් ගත් දිගුවය.

ඒ දිගුවේ අවසානය මාරක කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ මොහොතය. ඒ අවස්ථාවේ දී රට හැසිරිය යුතු ආකාරය ගැන රටේ සෑම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම ආණ්ඩුවට කීවේය. එහෙත් දේශපාලකයන් දෙදෙනෙකුගේ තීන්දුවක් අනුව රට විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.
සියලුම රාජ්‍ය සේවකයන් වැඩට ගෙන්වීමට චක්‍රලේඛ ගැසුවේය.

මේ අමන වැඩේ බිහිසුණුකම ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකයෙක් මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යාතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව අංශයේ මහාචාර්ය මලික් පීරිස් විද්‍යාත්මක දත්ත මත පදනම්ව පෙන්වා දුන්නේය. ලංකාවේ සිටින වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම සායනිකය වෛද්‍යවරයෙක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ විවෘත කිරීමෙන් සිදුවන හානිය කීවේය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට කීමේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට මිනිසුන් ජීවත් වී සිටිය යුතු බවය.
එළියට පැමිණ රජය වෙනුවෙන් පෙනී සිටින සෙඛ්‍ය වෘත්තිකයන් පවා මේ කටයුත්ත නොකරන ලෙස ආණඩුවෙන් ආයාචනා කළේය. ඇසුවේ නැත. රට විවෘත කළේය.

ගෝලීය වසංගතයක ස්වරූපයට අවනත වී ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පියවර ගැනීමට තරම් මානසික සංයමක් නැති උද්දච්ඡකමේ ප්‍රතිඵල දැන් ප්‍රකාශිතය. සියලුම රජයේ රෝහල් කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ඇත. මෝචරිවල මරණ ගොඩගැසෙමිනි. ප්‍රතිකාර ගැනීමට අවස්ථා නොලද කොවිඩ් ආසාදිතයෝ නිවෙස් තුළම මිය යන අයුරු වාර්තා වෙමින් ඇත. දැන් සෞඛ්‍ය අංශවල ඇත්ත ප්‍රශ්නය කොවිඩ් ප්‍රතිකාර කිරිමෙන් ඉවත් වී ඉටිකොළවල ඔතා මෝචරිවල ගොඩ ගැසූ කොවිඩ් මිනී පුලුස්සා ගැනීමේ කෙළවරට පැමිණ තිබේ.r

ජනාධිපති මාධ්‍ය අංශය හමුදා බුද්ධි අංශ යොදවා සොයාගෙන අපට ප්‍රකාශ කරන්නේ මේ කෙළවරට දැමූ කොවිඩ් ගැනය.

දැන් එක එකාට බැණ වැඩක් නැත. සියල්ල සිදු වී හමාරය. මේ රටේ මිනිසුන් කළ යුත්තේ කොවිඩ් මරණය ජීවිත යථාර්ථයක් ලෙස පිළිගෙන “පැනික්“ නොවී සිටීමය.

මක්නිසාද යත් මේ මරණයට මේ රටේ අති මහත් බහුතරයේ වගකීම් රහිත මිනිස්සු ආකාර දෙකකින් දායක වී ඇති බැවිනි. එකක් අතිශය අවිනීත ලෙස සෑම සෞඛ්‍ය නිර්ණායක බිඳ දමමින් කළ සියලුම ආකාරයේ අශීලාචාර හැසිරීම්ය.

දෙවැන්න මනංකල්පිත තුසිත පුරයක් නිර්මාණය කරගැනීමට දියසෙන් පහළ කරගැනීම සඳහා පුරන් කුඹුරු අස්වද්දමින්, බිත්ති පේන්ට් කරමින් තුනෙන් දෙකක බලයක් සහිතව මෙවැනි ආණ්ඩුවක් බලයට ගෙන ඒමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රෝහල් ගණනාවක් හදිසි තත්ත්වයේ

Next Post

විශේෂඥ වෛද්‍ය ඉල්ලීමට හිස නමා ගුරුවරු විරෝධතා පා ගමන පස්යාලෙන් නවත්වති.

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.