අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

නීතිය නපුසංක කර ජාතික පරිසර සම්පත කොල්ලකන අක්කරෙයිපත්තුවේ අපරාධකාරයෝ

by editor
ඔක්තෝබර් 17, 2020 - Updated on ඔක්තෝබර් 18, 2020
in පරිසරය, සමාජ
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

  • අපරාධය මුලුමනින්ම සිදුවන්නෙ දේශපාලකයන්ගෙ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව…
  • ගොඩ කල කළපු ඉඩම්වලට බලපත්‍ර, ලයිට්, වතුර දීලා..
  • වතුර යටිනුත් ඉඩම් කට්ටිවල මායිම් වෙන් කරන්… පොලිසිය නවත්වන්නත් ජාවාරම් කරුවො වැඩපිළිවෙළක් හදලා…

කලපුවක් යනු අනන්‍ය පරිසර පද්ධතියකි. ජාතියක් ලෙස රක්ෂා කරගත යුතු අසීමිත සම්පතකි.  රටේ සම්මත නීතියට පටහැනිව මේ සම්පත විනාශයට පත් කරන්නට හිත හදා ගැනීමම අසමාන්‍ය විකෘතියකි.   මේ  විකෘතියේ බිහිසුණු කතාවය.

මේ අශිෂ්ට අපරාධය ඇසෙන්නේ  අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව සහ අට්ටාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් තිල්ලයාර් , සම්බු සහ උප්පලම් කලපු  සම්බන්ධයෙනෙි. මෙම ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ  ද සහයෝගය මෙම කලපු ගොඩ කිරීමේ අපරාධයට ලැබෙමින් තිබේ.

ගොඩ කළ කලපු ඉඩම්වල සීමා ලකුණු කර ඇති අයුරු

අප මේ සටහන ලියන්නේ ඒ ප්‍රදේශයේ සංචාරය කරමිනි. මේ අපරාධය සියැසින් දකිමිනි.  අපේ ඇස් පනාපිටම අනවසර කලපු ගොඩකිරීම සිදුවෙමින් තිබේ.   අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන්  මේ ජාවාරමට එරෙහිව මෙහෙයුම් අරඹා ඇති පසුබිමක මේ අපරාධය සැලසුම් සහතගව සූක්ෂම අයුරින් සිදුවෙමින් තිබේ.

ඔත්තුකරුවන් රුපියල් දෙදහසේ පඩියට

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යහපාලන ආණ්ඩුව කාලයේත් මෙම කලපු ගොඩකිරීමේ ජාවාරම එළිපිටම සිදුවිය. ආණ්ඩු මාරු වූ පමණින් ජාවාරම නැවතී නැත. කලපුව ගොඩ කරමින් සිටින අවස්ථාවල පොලිසිය අවට රුපියල් දෙදහසක දීමනාවකට ඔත්තු කරුවන් තබා ජාවාරම්මු මේ අපරාධය කරති.

ට්‍රිපර් සහ ලොරි රථවලින් රැගෙන විත්  කලපුවට හලයි. අනතුරුව  ඩෝසර් යොදා තුනී කර දමයි. බොහෝ කලපු මැදින් විදුලි කණු පද්ධති ඇද තිබේ. ජල  නල එලා ඇත.   කලපු වටකොට කරලා පාරවල් තනා ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ හා තුට්ටු දෙකේ දේශපාලකයන්ගේ අශික්ෂිත මැදිහත්වීම් නැතිනම් මෙවැනි අපරාධ සිදුවන්නට ඉඩක් නැත.

පොල් ගස් ගලවා ගෙන ඇවිත් කලපුවේ සිටවලා..

අප දකින්නේ රූට් බෝලට් කර ගැලවූ සද්දන්ත පොල් ගස් ගොඩකර කලපු බිමේ සිටවා ඇති ආකාරයය. ඇඟේ ලේ රත් වන්නේ වතුර යටින් පවා කම්බි වැටවල් ගසා   කලපු ඉඩම් බෙදාගෙන ඇති අයුරු දකින විටය.

ඔබ විශ්වාස කළ යුතුය…. මේ වනවිට අප දකින මෙම කලපු ආශ්‍රිතව ස්ථිර ගොඩනැගිලි පනහකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර තිබේ. ඒ අතර දෙමහල් ගොඩනැගිලිත් පෙනේ.  තාවකාලික ගොඩනැගිලි අටෝ රාසියකි. මේ කලපුව නීතිවිරොධී ජනපදයක් වන සොහොන් ලකුණුය.

කලපුවට ගොඩ කරලා බලපත්‍රත් හදලා.

ගොඩ කරමින් ඇති භූමිය

පුරවපු කලපු වලින් සියයට අසූවක් සඳහා  ඉඩම්   බලපත්‍ර හදාගෙන තිබේ. විදුලිය දී තිබේ.  ජලය දී තිබේ. මේ හෙණ ගහන අපරාධය ආවාට ගියාට කළ නොහැකිය. අප දකින්නේ  රජයත් රටේ නීතියත් නපුංසක කර ඇති ආකාරය ය .

වාර්තාවන ආකාරයට මුස්ලිම් පරිපාලන නිලධාරීන් විසින් හසුරුවන කලාපයේ රාජ්‍ය ආයතන අතිශය අශික්ෂිත අන්දමට මේ ජාවාරමට උදව් කරමින් හිඳී.  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්වතූව, වාර්මාර්ග දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් බොහෝ පිරිසක් මෙම නින්දිත අපරාධය පසු පස හිඳන බව හෙළි වී ඇත.

කලපු බේරාගන්න පොලිසිය හුදකලා සටනක

ගොඩකිරීමට නියමිත ඉඩම්වල සීමා ලකුණු කර ඇති අයුුරු

නැගෙනහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ නිලන්ත ජයවර්ධන මහතා  උපදෙස් මත අම්පාර නියෝජි පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතා  සහ අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක  ගේ මග පෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර මහතා  අධීක්ෂණයෙන් අක්කරපත්තු පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග   කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් ඇතුළු අක්කරපත්තු පොලිසියේ නිලධාරීන් සම්බන්ධ  කරගෙන මෙම කලපු ජාවාරම නවතාලීම සඳහා විශේෂ මෙහෙයුමක් කරනු දුටුවෙමු. පුරා වසර හයක් තිස්සේ සිදුවන මේ අපරාධය නවත්වා දැමීම ඒ තරම් සරල නැත. එහි අක්මුල්  සමාජය දේහයේ බොහෝ බලගතු තැන් ස්ඵර්ෂ කර ඇත.

හෙට ගොඩවෙන්නට නියමිත භූමිය…

පසුගිය මාස කීපය තුළ අනවසර කලපු ගොඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.  කලපු ගොඩ කිරීමට යොදාගත් ට්‍රිපර් රථ ලොරි සහ ඩෝසර් රථ සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

කණගාටුව වන්නේ   මේ වනවිටත් මෙම කලපු ප්‍රදේශය නිසි පරිදි මැනීම් කටයුතු කර සීමාවන් සලකුණු නොකිරීමය.  මේ දුර්වලතාවය නිසා  රාජකාරි කටයුතුවලදී පොලිස් නිලධාරිනුත්   අපහසුවට පත් වන ආකාරය පරිසරවේදීහු  පෙන්වා දෙති.    කලපු ගොඩ කරන අපරාධකරුවන් සොයා නීතියෙන් කටයුතු කිරීමට අවශ්‍ය ලිඛිත සාධක මේ රාජ්‍ය ආයතනම සකසා නැත.  ඒ නෛතික දුබලතාවය තුළ ජාවාරම් කරුවන්ට අවශ්‍ය පරිසරය හිතා මතාම නිර්මාණය කරන දෙන්නේ රජ්‍ය නිලධාරීන්ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ලංකාවටම එකම නීතියක් තිබෙද්දි එම නීතිය අක්කරපත්තුවට පමණක් වලංගු නොවන්නේ කුමන හේතුවක් නිසාදැයි අපට වැටහෙන්නේ නැත. ආණ්ඩු මාරු වූ පමණින් සියල්ල වෙනස් වන්නේ නැති බව මේ අපරාධය අපට කියමින් හිඳිනු වැන්න.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීඅයිඩියෙන් සීසීඩී ආපු පළමු දවසේම මාකඳුරේ මධුෂ් කට අරී

Next Post

මිනුවන්ගොඩ කොඩිඩ් පොකුරට තවත් 73ක් එක් වෙයි… සමස්ථ ආසාදිතයන් 1972යි..

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.