බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නීතිපති නීතිය නමන රටක නීතියට කිනම් සරණ ද?

by editor
ජනවාරි 18, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

නීතිපතිවරයාගේ රාජකාරිය ගැන ⁣මෙරට පුරවැසියන්ට සැකයක් සංකාවක් මතු වී තිබේ. ඒ සැකය හා සංකාව මාධ්‍ය වලින් අනාවරණය කෙරෙන තරමට බැරෑරුම්ය.

එහිදී නීතිපති ආරක්ෂා කිරීමට හා ඔහු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්ද වේ. එම කණ්ඩායම්වල පැටිකිරිය පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලි වන්නේ ඒ සියළු දෙනාගේ විවේචනයන් කේන්ද්‍රීය ගතව ඇත්තේ එජාප රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවරා ඇති නඩුව සම්බන්ධවය.

රනිල් වික්‍රමසිංහ සිදු කර ඇති අපරාධමය වරද අධිකරණය තුළ තහවුරු කිරීමේ වගකීම ඇත්තේ නීතිපතිවරයාටය. සැබැවින්ම මේ නඩුව පැවරූ දින සිට මෙරට බොහෝ පුරවැසියන්ට සැකයක් මතු වී ඇත්තේ ඒ නඩුව සම්න්ධයෙන් නීතිපතිවරයා උදාසීනව කටයුතු කරමින් සිටින බව නිසාය. ඒ බව සනාථ කරන කරුණු කාරණාද මාධ්‍ය  වෙත අනාවරණය වී තිබුණි. එය වඩාත් තහවුරු කෙරෙන සිදුවීමක් වූයේ හිටපු ජනපතිවරයා ගේ ලේකම් සමන් ඒකනායක අත් අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියද නීතිපතිවරයා විසින් ඒ සඳහා අනුමැතිය  ලබා නොදීමේ සිද්ධියය.

නීතිපතිට එරෙහිව චෝදනා කරන්නන් ගේ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ ඔහු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව කටයුතු කරමින් සිටින බවය. ඒ චෝදනාව සත්‍ය බවට තහවුරු වෙන තරමට  රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේදී නීතිපති වරයාගේ මැදිහත්වීම උදාසීන බව පැහැදිලිව දැක ගත හැකිය.

නීතිපතිවරයා  මෙහෙම ඇයි?

මේ නීතිපතිවරයා ගේ රාජකාරිය ඉතා නොසැලකිළිමත් වූයේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විභාග වන නඩුවේදී පමණක්  නොවේ.   එය ඔහු විසින් පසුගිය කාලයේ පැවැති නඩු වලදී  සිදු කරන ලද මැදිහත්වීම් තුළින් සනාථ කර ගත හැකිය. මේ නොසැළකිලිමත් වීම දේශපාලනික කුමන්ත්‍රණයක්දැයි සිතෙන තරමට ඒ වාර්තා වීම් බරපතළය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

නීතිපතිවරයා අප ප්‍රශ්න කරන්නේ ඔහු රාජ්‍ය නිළධාරියෙක් නිසාය. රාජ්‍ය ⁣නිළධාරියකු සිය ධුරයට නොගැළපෙන ආකාරයට රාජකාරි කරන්නේ නම් ඒ විෂමාචාරය ගැන ප්‍රශ්න කිරීමට පුරවැසියන්ට අයිතියක් පවතින බව අපි දැඩිව විශ්වාස කරමු. එසේ නැතුව නීතිපති ධුරයට හිතූ මතේ රාජකාරි කිරීමට මුක්තියක් නැත. එය එසේ වන්නේ නම් නීතිපතිවරයා මෙරට ජනපතිවරයාට හිමි ව්‍යවස්ථානුකූල විධායක බලය ඉක්මවා යන්නෙක් විය යුතුය. එහෙත් නීතිපතිවරයාට  ව්‍යවස්ථානු කූලව එවැනි අධිකාරී බලයක් පවරා නැත.

2002 අංක 05 දරණ නිළධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටිය )පනතේ 3(ඇ),  3(ඉ), 3(ඊ) සහ 3(උ) වගන්ති යටතේ  ඔහුව ධූරයෙන් ඉවත් කළ හැකි අවස්ථා දක්වා තිබේ.

බරපතළ අනීතික ඝාතන හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විෂමාචාරය හෝ දූෂණය සිදුකිරීම, ඔහුගේ ධුරය බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම, බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීම,  ධුරයේ කටයුතු වලදී දැඩි පක්ෂග්‍රාහිත්වය සිදු කිරීම තුළින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරමාධිපත්‍ය බලය හිමි මහජනතාව අගතිය⁣ට පත් කරමින් චුදිත පුද්ගලයන් නිදහස් කිරීම, නඩු අත් හිටුවීම හෝ නඩු නොපැවරවීම සහ එකී චුදිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ආදී වැරදි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාවේ 11 වන උප ලේඛනයේ නිශ්චය කොට දැක්වෙන පත් කිරීමක් වන නීතිපතිවරයා එකී නිලයෙන් ඉවත් කළ හැකිය.

අප මේ ලිපිය මගින් හෙළි දරව් කරන්නේ  නීතිපතිවරයා ගේ ධුරයේ බලතල අනිසි ආකාරයට යොදා ගැනීම සම්බන්ධයෙන් අපට සැක මතුවූ අවස්ථාවන්ය. එම අවස්ථාවන් තුළ ඔහුගේ රාජකාරියේ බරපතල අසමර්ථ භාවය මෙන්ම එම රාජකරියේදී බරපතල පක්ෂපාතිත්වයක් සිදු කර ඇති බවටද පෙනී යයි.

නීතිපති නීතිය වටේ යැවූ අවස්ථා

  1. නඩු අංක B 311 /8/20 හා 2020/11/29 වන දින මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුව 2020 හා 2024 කාලය තුළදී නීතිපතිවරයා ගේ උපදෙස් මත චුදිතයන් නිදහස් කර ඇත්තේ එම චුදිතයන්ට ⁣එරෙහිව නඩු නොපවරන බවට දැනුම් දීම නිසාය.
  2. 2022 .10.12 වන දින අහුංගල්ල ප්‍රදේශයේදී කේ.ඒ.මහේෂ් ඉන්දික ප්‍රභාත් යන අය පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් AR 2049 /22යටතේ බළපිටිය අධිකරණයේ පවරා තිබූ නඩුවේ චුදිතයා නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබේ.(2020/2024)
  3. 01.11 වන දින වඩිවේල් පක්කිලි සාමි ලෝගනාදන් හා රත්නසාමි පරමානන්දන් යන අයවළුන් ඔවුන්ගේ වෑන් රථය සමග පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනය චෝදනා කිරීම පැහැර හැර බලයෙන් ලබා ගැනීමට පමණක් චෝදනා ගොනු කරමින් නීතිපති වරයා එම චුදිතයන් ආරක්ෂා කර තිබේ.
  4. 04.30 වන දින තිප්පනේ පොලිස් වසමේ සෙලෙස්තිමඩුව රක්ෂිතයේදි කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අනුරාධපුර චුදිතයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නීතිපති වරයාගේ උපදෙස් මත චුදිතයන් නිදහස් කර යවා ඇත.(2016-2024)
  5. පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් B 9527/2018 නඩුවට අවශ්‍ය කරන සැකකරු වකු හට අත් අඩංගුවට පත් නොවී සිටීමට ආධාර උපකාර කිරීම හා එහිදී එම නඩුවේ පළමු සැකකරු වන රවීන්ද්‍ර විජේගුණරත්න නිදහස් කිරීමට පූර්වගාමී නීතිපති සංජය රාජරත්නම් විසින් උපදෙස් ලබා දීම හා එම නිදහස් කිරීමට අදාල අභියාචනය මෙම නීතිපතිවරයා නොසළකා හැර තිබේ.
  6. දෙහිවල අත්තඩිය ප්‍රදේශයේදී 2009 .01.08 වන දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීම සම්බන්ධයෙන් B 92 /2009 අංක යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් නඩුවේ චුදිතයන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දී තිබුණි. එම උපදෙස් අනුව ඒ චුදිතයන් නිදහස් කරන ලදී. එහෙත් එයට එරෙහිව දේශීයවත් ජාත්‍යන්තරවත් එල්ල වුන විරෝධතා හමුවේ එම චුදිතයන් නැවත නඩුවට ඇතුළත් කිරීමට නීතිපතිවරයාට සිදුවිය.
  7. 2008- 2009 කාලය තුළදී පුද්ගලයන් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීම,අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම යන චෝදනා වලට අදාලව නඩු අංක B 732/09 TAB 1448/20 යට⁣තේ පවරන ලද නඩුවේ 14 වන සැකකරු වන වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට සෘජුව හා වක්‍රව ක්‍රියාකරමින් වින්දිතයන්ට යුක්තිය අහිමි කිරීමට හා ප්‍රමාද කිරීමට මේ නීතිපති වරයා කටයුතු කර තිබේ. ඔහු එහිදී අතිශය පක්ෂග්‍රාහිත්වයෙන් හා බැඳියාවන් අතර ගැටුමක් ඇති වන ආකාරයට ක්‍රියා කර ඇතැයිද චෝදනාවක් නැගේ.
  8. අලව්ව පොලීසියේ අත් අඩංගුවේ සිටි කෑගල්ල පදිංචි කරුවකු වන ශාන්ත සමරවීර යන අය අතුරුදන් කිරීමට අදාලව පොලිස් නිළධරීන්ට හා නාවුක හමුදා නිළධාරීන්ට එරෙහිව B 8016/2019 හා BA 426/25 යටතේ පවරා තිබූ නඩුවට අත් අඩංගුවට ගෙන සිටි හිටපු නාවුක හමුදාපති නිශාන්ත උලු⁣ගෙතැන්න විසින් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත 2025.10.10 දින විභාගයට ගන්නා ලද අවස්ථාවේ  නීතිපතිවරයා විසින් නඩුවේ සිද්ධිමය කරුණු හා සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් පැමිණිල්ලට අගතිගාමී ලෙස හා චුදිතයන්ට පක්ෂග්‍රාහී ලෙස අසත්‍ය කරුණු අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මින් සමස්ත නඩුකරයටත්  වින්දිතයන්ට හා සාක්ෂි කරුවන්ටත් අගතියක් හා නීතියේ අවගමනයක් සිදු කර ඇති බව තහවුරු වේ.
  9. උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.යූ.සී.ප්‍රේමසිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති SCFR 51/2021 නඩුකරය 2025 .01.30 වන දින නිශ්ප්‍රභා කරමින් එම නිළධාරියා නැවත සේවයේ පිහිටුවීම ගැන නිත්‍යනුකූල භාවය සමාලෝචනය කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙසට අධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කෙරුවද නීතිපතිවරයා මෙතෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර නැත. මේ  නිසාම නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කඩ කරමින් හා රාජකරි නියෝග පැහැර හරිම්න් මත්ද්‍රව්‍ය ජාවරම්වලට සම්බන්ධ අපරාධකරුවන් ආරක්ෂා කිරීම හා එම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පොලිස් දෙපාර්තමේන්තුවේ මත් ද්‍රව්‍ය ජාලය යාවත් කාලීනව පවත්වාගෙන යාමට සහයෝගය දක්වන බව හැඟේ.
  10. පොලිස් සැරයන් වාසල මුදියන්සේලාග උපාලි රත්නායක විසින් SCFR 87/2021 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ  පවරන ලද නඩුව 2025.01.30වන දින නිශ්ප්‍රභා කරමින් මෙම නිළධරියා නැවත සේවයේ පිහිටුවීමේ නිත්‍යනුකූල භාවය සමාලෝචනය කරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කළද  මේ දක්වා නීතිපතිවරයා එම නියෝගද නීතිපතිවරයා විසින් පිළිපැද නැත.
  11. පොලිස් සැරයන් පී.ඩබ්.ටී.ධනුෂ්ක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ SCFR 170/22 දරණ නඩුව 2025.01.30 වන දින නිෂ්ප්‍රභා කරමින් පෙත්සම්කාර නිළධරියා නැවත සේවයේ පිහිටුවීමේ නිත්‍යනුකූලභාවය සමාලෝචනය කරන ලෙසට පොලිස්පති වරයාට උපදෙස් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කෙරුවද නීතිපතිවරයා එම නියෝගයද  මෙතෙක් ක්‍රියාත්මක කර නැති බව අනාවරණය වේ.
  12. SC FR 168/2021 ,176/2021,184/2021 හා 277/2021 ආදී නඩු අංක යටතේ පවරා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තින්දුව අනුව නිසි කඩිකරකමකින් හා කාර්යක්ෂමව කටයුතු කිරීම නීතිපතිවරයා පැහැර හැර ඇත. මින් අධිකරණය මගින් ලබා දෙන ලද යුක්ති සහගත තීන්දුවක් සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය කඩ  වී ඇත.
  13. පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිළධාරීන්ගේ සංඟමය විසින් 2015.11.15 දින මහජන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට එරෙහිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. මෙම මහජන අභිචෝදක කාර්යාලය පිහිටුවීම ජාතික ජන බලවේග රජයේ ඡන්ද පොරොන්දුවක්ද වේ. මෙම නිවේදනය නිකුත් කර තිබුණේ නිතිපති දෙපාර්තමේන්තුවේ නිල ලිපිනය භාවිතා කරමිනි. මේ වරද ආයතන සංග්‍රහයේ 11 වෙළුමේ  පරිච්ඡේදගත වගන්ති හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ කඩ කිරීමේ වරදකි. මෙහිදී   රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීමේ හැසිරීම තුළින් රාජ්‍යයේ ඉහළම නඩු පවරන අධිකාරිය වන නීතිපති දෙපාර්තමේන්තුව එහි සේවය කරන නීති නිළධාරීන්⁣ යොදවා ගනිමින් නීතියේ ආධිපත්‍යය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකට ප්‍රසිද්ධියේ  විරෝධය  දක්වා තිබේ. මෙම හැසිරීම නීතිපති⁣ දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පලුදු කරන්නක් විය.

කෙසේ වෙතත් මේ නඩු පිළිබඳව  නීතිපතිවරයාගේ  මැදිහත් වීමෙන් නීති ක්ෂේත්‍රය තුළ ගැටලු රාශියක් මතු වී ඇති බව පෙනෙන්නට තිබේ. එහිදී පුරවැසියන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21(01) වගන්තියෙන් භුක්ති විඳින නීතිය ඉදිරියේ  සමානත්මතාවය අහිමි වී ඇති අතර අනීතික ඝාතන විමර්ශනය  කිරීමේ රාජ්‍ය වගකීම ඇහිරී ගොස් ඇති බවත් විශේෂයෙන් බන්ධනාගාර සහ රාජ්‍ය අත් අඩංගුවේදී සහ ආරක්ෂක අංශ හා දේශපාලන අධිකාරිය මගින්  සිදු කරන වැරදි පවා සාධාරණීය කෙරෙන වටපිටාවක් නිර්මාණය වී ඇති බවත් පෙනේ. මේ නිසාම නඩු  පැවරීමේ  බලය නීතිපති වරයා  විසින් අනිසි හෝ  අයුතු ලෙස යොදා ගෙන ඇතැයි පුරවැසියන් තුළ සැක මතුවීම සාධරණය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තඹුත්තේගම දී නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටු රැස්වීමේ අධික ශබ්දය උසස් පෙළ සිසුන්ට බාධා කරලා…

Next Post

බත් පාර්සලයට සහ කෙටි කෑම වර්ග 05කට පාලන මිලක් නියම කරන්න… සමස්ත ලංකා  ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.