බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නිරෝධායනය පොලිසිය සහ හංසමාලිලා…

by editor
ජූනි 4, 2021
in සමාජ
Hansamali
Share on FacebookShare on Twitter

හංසමාලිලා ඇල්ලීම රටේ ජනප්‍රිය කතාබහක් නිර්මාණය කළේය. හංසමාලි දැන් නිරෝධායනය වෙන්නේ කොතැනද, චන්දිමාල් නිරෝධායනය වී ද වැනි කතා රටේ ජනමාධ්‍යවලත් ප්‍රධාන මාතෘකාවය.

නීතියට පිටින් ඕවර් ඇක්ටින් කරන්නට ගොස් හංසමාලිලා නිසා පොලිසිය ඇනගනී දැයි සිතෙන තරමට දැන් වැඩේ දුර දිග ගොස් තිබේ. පාරේ යන උන් කකුල් කෙටියෙන් අල්ලා බස්වල පටවන් ගිය පොලිසියට, සෙනග රැස්වන තැන්වලට පැන නිරෝධායන නීති කඩ කළ බව කියමින් හිතු මතේ ගෙවල් තුළත් හෝටල් තුළත් මිනිසුන් නිරෝධායනය කළ පොලිසියට චන්දිමාල් හා හංසමාලි අල්ලා පබ්ලිසිටි ගන්නට ගොස් ඇන ගැනීමට සිදුවේ යැයි සිතීම එක අතකට දෛවෝපගතය.

මේ සිද්ධියත් සමග කවුරුත් කතාවෙන රටේ නිරෝධායන නීතිය ගැන පැහැදිලි කිරීමක් කරගන්නට උත්සාහ කරන්නේ එබැවිනි.

නිරෝධායනය යනු දඬුවම් ලබා දෙන නීතියක් නොවේ.

එය බෝවන රෝගයක් වළක්වා ගැනීම සඳහා භාවිත කරන සෞඛ්‍යය ප්‍රතිකර්මයකි. එනම් නිරෝධායනය යනු වර්ෂ 1897 අංක 3 දරණ නිරෝධායනය සහ බෝවන රෝග වැලැක්වීමේ ආඥාපනතේ විධිවිධානයන්ට ප්‍රකාරව කටයුතු කිරීමය.

මේ අනුව නිරෝධායන පනතේ බලධරයා වන්නේ සෞඛ්‍ය ඇමතිනියයි. පනතේ ප්‍රකාරව සෞඛ්‍ය ඇමතිනියට ලැබී තිබෙන බලතලවලට අනුව කෝවිඩ් 19 වළක්වා ගැනීම සඳහා නිකුත්කළ ගැසට් පත්‍රයේ 98 වෙනි වගන්තියේ සඳහන් කර ඇත්තේ මෙම වසංගත රෝගය පාලනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කිරීමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පවරා ඇති බවකි. ඒ අනුව ඔහු විවිධ කාරණා සඳහා චක්‍රලේඛ නිකුත් කර තිබේ.

වසර 2020 මාර්තු මාසයේ කෝවිඩ් රෝගය බෝවන රෝගයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් කර ඇත.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පුද්ගලයෙකු නිරෝධායනය කළ යුතු හා කළ හැකි අන්දම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආසාදිතයෙකුට නිරාවරණය වුණ පළමු පෙළ ආශ්‍රිතයෙක් දින 14ක් නිරෝධායනය කරන අතර දින 10ක් ගත වන විට පී.සී.ආර් පරික්ෂාවක් කළ යුතුය. මෙම පී.සී.ආර් පරික්ෂාවෙන් මෙම පුද්ගලයා ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ඔහුව හෝ ඇයව දින 14න් නිදහස් කිරීමේ බලය පවරා ඇත.

ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයෙක් ආසාදිතයෙකු බව විශේෂඥ වෛද්‍යවරයා රෝග නිශ්චය කාඩ්ප‌තේ සඳහන් කරමින් එම පුද්ගලයා නිරෝධායනය කළ යුතු දින ගණන සඳහන් කර ඇති විට නිරෝධායනය කළ හැකිය.

විදේශගතව සිට නිරෝධායනය වී නිවසට පැමිණෙන පුද්ගලයින් දින 14ක් නිරෝධායනය කිරීමේ හැකියාව පවතී.

කෝවිඩ් රෝග ලක්ෂණ සහිතව පුද්ගලයෙකු සිටින බව වෛද්‍යවරයෙක් නිර්දේශ කළොත් එවැනි පුද්ගලයින්ව නිරෝධායනය කිරීමේ හැකියාවක් පවතී.

නිරෝධායන පනතේ නෛතික ආවරණය ප්‍රකාරව වෙන කිසිම පුද්ගලයෙකු කිසිම හේතුවක් මත නිරෝධායනය කිරීමේ හැකියාවක් නොමැත.

නිරෝධායනය යනු දඬුවමක් නොව බෝවන රෝගයක් වලක්වා ගැනිම සඳහා තිබෙන නෛතිකමය ප්‍රතිපාදනයකි.

මෙම කරුණුවලට පරිබාහිරව කෙනෙකු නිරෝධායනය කළොත් එම පුද්ගලයාට මේ ආඥාපනතට අනුව නෛතික රැකවරණයක් හිමිනොවේ. යම් හේතුවකින් යමෙක් එසේ කරන්නේ නම් නැතහොත් අයුතු ලෙස සිරගතකර තැබීමක් කරන්නේ නම් එය මිනිස් අයිතිවාසිකම් කඩවීමේ ක්‍රියාවක් යැයි පවසමින් එම පුද්ගලයාට නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්වීමේ අයිතියක් හිමිවේ.

සරලව සඳහන් කරන්නේ නම් අපට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛයන්ට පටහැනිව කිසිම පුද්ගලයෙකු නිරෝධායනය කළ නොහැකිය.
සෞඛ්‍ය ඇමතිනිය හරහා සැකසෙන නීති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාත්මක කිරීමේ බලය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සතුවේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කවුරුන් හෝ නිරෝධායනය කරන්නේ නම් එම පුද්ගලයාගෙන් කොවිඩ් 19 රෝගය බෝවීමේ අවදානමත් පවතින බවට එම කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය ගතයුතුයි .

නැතහෝත නිරෝධායන ආඥාපන ප්‍රකාරව මේ අය නිරෝධායන පනත කඩකර තිබෙන බව පවසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණය එම කරුණු සලකා බලා එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම නිරෝදායනයට ලක් කල යුතුද නැද්ද යන්න නියෝග කරනු ලබයි.

නැවත හංසමාලිලාගේ කතාවට යමු.

නිරෝධායන නීති කඩ කළ බව කියූ හංසමාලිලා අල්ලන්නට ගියේ පොලිසිය පමණය. නිරෝධායන නීති කඩ කරනබව දැනගත් විට ඒ අවස්ථාව නෛතිකව ආවරණය කළ හැකි සෞඛ්‍ය නිලධාරියෙක් පොලිසිය සමග ගියේ නැත. පොලිසිය ඒ අවස්ථාවේ හංසමාලිලා අත්අඩංගුවට ගත්තේත් නැත.

පසුව අත්අඩංගුවට ගෙන හංසමාලිලා උසාවියට යොමු කරනවිට පී.එච්.අයි. ලා කැඳෙවුවේත් නැත. පොලිසිය අධිකරණයෙන් ඉල්ලුවේ මේ කණ්ඩායම බන්ධනාගාර නිලධාරීන් හරහා නිරෝධායනය කරන ලෙසය. අධිකරණය ඒ අවස්ථාවේ දී පැහැදිලි කර දුන්නේ එවැනි බලයක් තමන්ට නොමැති බැවින් අදාල සෞඛ්‍ය අංශ සමග එය විසඳා ගත යුතු බවය. පොලිසිය පී.එච්.අයි.වරයෙක් එතැනට ගෙන්වන්නේ ඉන් අනතුරුවය.

දැනුවත් මිනිසුන් අහන අනෙක් කාරණාව ඔවුන් නිරෝධායනයට බදුල්ලට යවන්නේ අහවල් දෙයකට ද යන්නය. ආසන්නම උදාහරණය ගනිමු. ඊයේ නුවර නේවාසික පාඨමාලා පවත්වන පුද්ගලික ආයතනයක් වැටලූ පොලිසිය එහි අධ්‍යාපනය ලද දරුවන් එම ආයතනය තුළම නිරෝධායනය කළේය. හොටල්වල නිරෝධායන නීති කඩ කරමින් උත්සව තැබූ විට හෝටල් සීල් කර පාටි දැමූ උන් හෝටලය තුළම නිරෝධායනය කිරීම මෙතෙක් සිදුකළ ක්‍රමය ය. ඒ තියරියට අනුව නම් හංසමාලිලා ෂැංග්‍රිලා හෝටලය තුළ නිරෝධායනය කර හෝටලයට සීල් තැබිය යුතුය.

රටක නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රියා කළ යුත්තේ ගැලරිය පිනවා විෂිල් පාරවල් ලබා ගැනීමට නොව රටේ සුබ සිද්ධිය සඳහාය. නැවු ගිනි ගෙන ගිලී යනවිට, කොවිඩ් මරණයේ බිහිසුණු ව්‍යසනය රටේ ආර්ථික සමාජ පරිසරය සුන් කරනවිට ඉන් ඇතිවන සමාජ කම්පනය හංසමාලිගේ උඩුකයෙන් වසා ගැනීම අසීරු බව ලියා තැබිය යුතුය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමෙරිකාවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියානු රටවල්වලට එන්නත් මිලියන 7ක්

Next Post

පොලිස් අත් අඩංගුවේ සිටි තරුණයා අයිස් මත්ද්‍රව්‍ය විෂ වී මිය ගිහින්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.