බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නැවත ලියන්නේ නැත… ගහන වංගුවක් ගහගනිල්ලා…

by editor
දෙසැම්බර් 2, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

රුචිර ජයදේව

දැන් ඒ කතාවේ උණුසුම මැකී ගොස්ය.  ඒ තරුණ ගැහැණිය වළ දමා අහවරය. ගෙදර උන්දැලාත් ඒ ගැන කතා කරන්නේ නැත.

කෙල්ල මළ පසු තවත් අහවල් දෙයක් දැයි අසති.

කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සිදුවී ඇත්තේ සිය දිවි හානිකරගැනීමක් නොවන බව වගකීමකින් යුතුව කිව හැකි බව කීවේය. ඒත් පොලිසිය සහතිකය නිකුත් කර ඇත. දැන් ඒ මරණය සිය දිවි හානිකරගැනීමකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තැන්පත් නිහාල් තල්දූව ලියා දුන් නිවේදනය කියවා ජනගත කර හමාරය.  එහෙත් පොලිසිය පුදුමාකාර හදිස්සියකින්  දෙන ඒ නිගමනය  තුළ   මේ රටේ සැබෑ ඛේදවාචකය සඟවා වැලිකන්දේ ගැහැණියත් සමග වල දමා ඇතැයි දැයි සිතේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අන්තිම පාරටත් මේ බව ලියා තබන්නේ ඒ නිසාය.

මරණය…

ඒ ගින්න

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ඇති වූ ගින්නකින් බරපතළ තුවාල ලබා කොළඹ මහ  රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි බී.ජී.අයේෂා කුමුදිනී නම් 19 වියැති  විවාහක තරුණියක් පසුගිය 25 දා මිය ගිය බව  රටම දන්නේය.

ඇය පොලොන්නරුව රෝහලට කියා තිබුණේත්, ඇයගේ පියාට කියා තිබුණේත්, මරණයට සතියකට පෙර මරදාන පොලිසිය යටතේ තිබෙන ජාතික රෝහලේ පොලිස් මුරපලට කියා තිබුණේත්, ඇගේ සැමියට කියා තිබුණේත් එකම කතාවකි.

එනම් මාළු හට්ටියක් ඒදා ගැස් ලිපෙහි තබා එය පත්තු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථවූ විට ගිනි කූරක් ගැසීමේ දී ගෑස් ලිප ගිනිගත් බවය. ඒ තොරතුර ඔස්සේ රට මේ අනතුර ගෑස් අනතුරක් බව වාර්තා කළේය.

එහෙත් මේ කාන්තාව වළදැමූ දිනයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස් පරීක්ෂණවලින් මේ සිද්ධිය ගෑස් පිපිරීමක් නොව, සිය දිවි හානි කරගැනීමකැයි හෙළි වී ඇති බවය.

පොලිසිය සිය දිවි හානි කරගැනීමක් බව කියන හේතු

මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයට අනුව ගිනි ගැනීම සිදුවන්නේ පසුගිය 12 දාය.   පොලිස් පරීක්ෂණවලට අනුව එය සිය දිවි හානිකරගැනීමකි. පොලිසිය කියන කතාවේ සංක්ෂිප්තය මෙසේය.

  • වට්ස්ඇප් ඇමතුම

මෙම තරුණ කාන්තාව එදින සිය සැමිය සමග විරසකයක් ඇති කරගනීය. සැමියාට රැකියාවට යන්නට එපා කියන්නීය. ඔහු පිටත් වී ගිය පසු වට්ස් ඇප් පණිවිඩයක් එවමින් රැකියාවට ගියහොත් ගිනි තබා ගන්නා බව කියන්නීය. භූමිතෙල් බෝතලයක් ඇඟට හලා ගන්නා හැටි පෙන්වන්නීය.

මේ නිසා සැමියා නැවත හැරී එනවිට කාන්තාව ගිනි තබාගෙන සිට ඇත.

  • පොලිසියේ සාක්ෂිකාරිය

ඔහු නිවසින් පිටවීම සහ යළි පැමිණිම අසල්වැසි කාන්තාවක් දකින ආකාරය පොලිසිය තම මතය සනාථ කිරීමට සාක්ෂි ලෙස දක්වයි. මෙම අසල්වැසි කාන්තාව  ගිනිගෙන සිටි අයගේ ඇඳුම් මාරු කිරිමට නිවස තුළට ගොස් ඇඳුම් රැගෙන ආ බවත්, ඇය කුස්සිය නිරීක්ෂණය කර ඇති බවත් එහිදී බිම වැටුණු ලාම්පුතෙල් පැල්ලම් දුටු බවත් ගෑස් ලිප මත ව්‍යංජන හට්ටියක් නොතිබුණු බවත් සාක්ෂි ලබා දෙමින් කී බව පොලිසිය පවසයි.

  • ගිනි ගෙන නැති ප්ලාස්ටික් බඩු

සිද්ධිය වී සතියකට පසු එනම් පසුගිය 19 දා පොලිස් සොකෝ කණ්ඩායමක් ගොස් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව   ඔවුන් නිරීක්ෂණය කරන්නේ     අවට ප්ලාස්ටීක් බඩු කිසිවක් උණු වී නැති බවය. අසල තිබූ ඇඳක නෙට් එක ගිනිගෙන නැත. එසේනම් මේ අනතුර ගෑස් ගිනි ගැනීමක් නොවේ.

ඇඟට ලාම්පුතෙල් වත්කොටගෙන ගිනි තබා ගැනීමකි.

මරණයට පත් කාන්තාවගේ සැමියා ලබා දුන් සාක්ෂිය

මිය ගිය අයේෂාගේ සැමියා කළුගමගේ රන්දික ගිහාන් කුමාරය.  ඔහු මරණ පරීක්ෂණයේ දී ලබා දෙන සාක්ෂියට අනුව සිද්ධිය වන්නේ පසුගිය 12 දා ය. එදින උදේ  ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බව සැමියාත් කියන්නේ ය.

“10.30ට පමණ මම රැකියාව සඳහා  නිවසින් පිටව ගියා. මගක් යනවිට ෆෝන් එක අමතක වී ඇති බව දැනගෙන නැවත හැරී ආවා. ගෙදරට එන විට ඇය ගිනිගෙන කෑ ගහගෙන ආවා.“

“මම ඇයගේ ඇඳුම ගැලවීමෙන් පසු ඇයව ටැප් එකට ඇල්ලුවා.  අල්ලපු ගෙදර කට්ටියත් එක්ක ගින්න නිවා දැමුවා. පසුව 1990 ඇම්බියුලන්ස් එකෙන් පොලොන්නරුව රෝහලට ඇයව පිටත් කළා.“

“ අපේ ගෙදර තියෙන්නෙ ගෑස් ලිපක්. ඉන් ඇයව ගිනිගෙන ඇති බව පසුව දැනගත්තා. “

සැමියා මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දී කියන්නේත් ගෑස් පිපිරීමක් ගැනය. මේ ඒ සම්පූර්ණ කටඋත්තරය ය.

මිය ගිය කාන්තාවගේ කට උත්තරය

මෙම කාන්තාවගෙන් පොලිසියට කට උත්තරයක් ලබා ගැනීමට හැකිවන්නේ පසුගිය 17 දාය.  මරදාන පොලිසියට අනුයුක්ත   ජාතික රෝහලේ පොලිස් මුරපොලෙන් CIB-20/131 ලෙස ලේඛණගත වී ඇති එම කටඋත්තරය මෙසේය.

ඇය පවසන්නී එකම කතාවකි. “ව්‍යාංජනයක් ඒදලා ගෑස් ලිප පත්තු කළා.  පත්තු වුනේ නෑ. ඒ නිසා ගිනිකූරක් ගැහුවා. ඒ වෙලාවෙ ගෑස් ලිප ගිනි ගත්තා…“ ඇය පොලොන්නරුව රෝහලට ඇතුළත් කළ පසු කියන්නේත් ඒ කතාවය. ඇයගේ පියාට කියන්නේත් ඒ කතාවය. සැමියාට කියන්නේත් ඒ කතාවය.

පසුගිය 17දා මේ කටඋත්තරය ගෙන වැලිකන්ද පොලිසියට මේ සම්බන්ධව දැනුම් දෙනතුරු වැලිකන්දට මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබුණේ නැත. එදා වැලිකන්ද පොලිසියත් දැනුම්වත් වුනේ ගෑස් අනතුරක් ගැනය.

සිද්ධිය වී සතියකට පසු එනම් පසුගිය 19 දා පොලිස් සොකෝ කණ්ඩායමක් ගොස් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව   මේ සිදුවීම සිය දිවි හානිකරගැනීමක් බව වාර්තා කරන්නේය. ඒ  රට රටේ ගෑස් අනතුරු ගැන විශාල සංවාදයක් ඇතිවෙමින් තිබූ අවස්ථාවකය.

මරණ පරීක්ෂකවරයාගේ අවසන් නිගමනය. 

මෙම තැනැත්තිය මියගොස් ඇත්තේ භූමිතෙල් වත්කරගැනීමෙන් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

නමුත් මරදාන පොලිසියෙන් ඇය මිය යෑමට ප්‍රථම ගත් ප්‍රකාශයේ CIB-20/131 හි සඳහන් කර ඇත්තේ ඇය ලිප පත්තු කරන විට ගිනි ගත් බවය. BHT   එකට අනුව ඇය සිය දිවි හානි කරගැනීමට උත්සාහ කර තිබිය දී තුවාල වූ බව කියයි.

එසේම SOCO නිලධාරීන් යොදවා කරන ලද පරීක්ෂණ වාර්තාවට අනුව ගෑස් බටය හෝ ටැංකිය පිපිරීමකට ලක්ව නැති බව පොලිසිය මට දැනුම්  දී ඇත.

එබැවින් මරණ පරීක්ෂකවරයා පොලිසියේ නිගමනය මත පිහිටා සිය වාර්තාව නිකුත් කරමින් කියන්නේ    ගෑස් බටහ හෝ ටැංකිය කිසිම පිපිරිමකට ලක්ව නැති බැවින් ගෑස් අනතුරක් සිදුව නැති බව නිගමනය කළ හැකි බවය. ගෑස් ටැංකිය රස පරික්ෂකවරයා වෙත යොමු නොකළ බවය. පුපුරා ගිය ගෑස් ලිපක් ගැන කිසිම තොරතුරක් මේ වාර්තාවේ නැත.

ඔහු සිය අවසන් වාර්තාව නිකුත් කරන්නේත් පොලිසියේ සොකෝ වාර්තාව මත පිහිටමිනි. ඒ නිගමනය ඇතුළත් වාර්තාව  මෙසේය.

 

පොලිසිය මග හැර ඇති බව අපට පෙනෙන තැන්   

පොලිසිය කාන්තාව යැවූ වට්ස් ඇප් පණිවිඩයක් ගැන කියයි.  ලාම්පුතෙල් හලා ගන්නා අයුරු රූපණය කර ඇති බව පවසයි.  ඔවුන් සියදිවි නසාගැනීම පිළිබඳ ස්වකීය නිගමනය ඉදිරිපත් කරන ප්‍රධානම පදනම මේ වට්ස්ඇප් කතාවය.

එහෙත් දිවුරුම්පිට සැමියා ලබා දෙන සාක්ෂිය අනුව ඔහු නිවසට එන්නේ සිය දුරකථනය අමතක වී ගොස් ඇති බැවිනි. පොලිසිය ගොඩනගන කරුණු මේ සාක්ෂිය  මත පුපුරා යන්නේය.

වට්ස් ඇප් පණිවිඩයක් පදනම් කරගෙන  සිය දිවි හානි කරගැනීමක් ගැන නිගමනය කරන්නට පෙර සැමියාගේ සාක්ෂියේ මේ කොටස පිළිබඳ පොලිසිය  යළි විමසීම් කර තිබුණේ නැත.

සැමියාගේ සාක්ෂිය අනුව ගිනිගත් බිරියගේ ඇඳුම් ඉවත් කරන්නේ ඔහුය. වතුර කරාමයට අල්ලන්නේ ඔහුය. පොලිසිය කියන අසල්වැසි කාන්තාව නොවේ. ඒ සම්බන්ධව පොලිස් අවධානය යොමු වී නැත.

පොලිසියට හමුවී ඇත්තේ පුදුමාකාර සාක්ෂිකාරියකි. මරණයට පත්වීමට තරම් බරපතල අනතුරක් වූ අවස්ථාවක රෙදි අල්මාරියෙන් ඇඳුමක් ගැනීමට ගිය ඇය කුස්සියේ පොලොවේ ලාම්පුතෙල් පැල්ලම් නිරීක්ෂණය කරයි.  ලිප මත වූ ව්‍යාංජන හට්ටි ගැන සොයා බලයි. අනතුරුව සිද්ධිය වී සතියකට පසු ඇය පොලිසියට සිය සාක්ෂිය ලබා දෙයි. ඇය වැනි විචක්ෂණ කාන්තාවන් සිටිය යුත්තේ ඈත වැලිකන්දේ ගම්මානවල නොව පොලිස් රහස් පරීක්ෂක ඒකකවලය.

පොලිසිය මේ සිද්ධිය පිලිබඳ වාර්තා කිරීමට යන්නේ 19 දාය. සොකෝ කණ්ඩායම එහි ගොස් ස්ථානීය පරීක්ෂණ පවත්වන්නේ සතිකයට පසුය.  කාන්තාව ගිනි තබාගත් ගිනි පෙට්ටිය, ලාම්පුතෙල් බෝතලය සොයා ගන්නේ ඉන් අනතුරුවය.

පොලිස් නිරීක්ෂණවලට අනුව අවට ප්ලාස්ටීක් බඩු කිසිවක් උණු වී නැත. අසල තිබූ නෙට් එක ගිනිගෙන නැත. එසේනම් මේ අනතුර ගෑස් ගිනි ගැනීමක් නොවේ. ඇඟට ලාම්පුතෙල් වත්කොටගෙන ගිනි තබා ගැනීමකි.

ගෑස් අනතුරක් සිදුවන ආකාරය පසුගිය දා සීසීටීවීවල සටහන්ව තිබිණි. ඔය කියන කිසිම ආකාරයක පිපිරීම් ගිනි ගැනීම් සිදු නොවී ගෑස් ගින්නක් ඇතිවිය හැකි ආකාරය ගැන එහි සටහන්ව තිබිණි. මේ ඒ රූපරාමුය.

අධිකරණ වෛද්‍ය වාර්තාව

බාහිර ගිනි පිලිස්සීම් තුවාල විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනය මේ මරණයට හේතු වී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ය. මේ ඒ අධිකරණ වෛද්‍ය වාර්තාවය.

අප දන්නා යථාර්ථයක් තිබේ. මොන තරම් පුද්ග පෞරුෂ ගොඩනැගුණත්  මරණාසන්න මොහොතේ  මිනිස්සු ඇත්ත කියති.

කිසිම අවස්ථාවක මේ මරණය සිය දිවි හානිකරගැනීමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ විද්‍යාත්මක සාක්ෂි හෙළි කරන්නේ නැත. ගෑස් පිලිස්සුමක හා ලාම්පුතෙල්වලින් සිදුවන පිලිස්සුමක වෙනස ගැන සඳහන් කරන්නේත් නැත.

මේ ගිනි ගැනීම සිදුවන වකවානුව වනවිට ගෑස් අනතුරු පිළිබඳ මේ තරම් විකල් සංවාදයක් ඇති වී තිබුණේත් නැත. මැක්ඩොනඩ් ගින්න හටගන්නේ පසුගිය 20 දාය. හෝකන්දර නිවසේ ගෑස් ලිප පුපුරා ගියේ 25 දාය. සමාජයේ ගෑස් බිය මහා කුණාටුවක් වී සුලබ කථිකාවක් නිර්මාණය වන්නේ ඉන් අනතුරුවය. වැලිකන්දේ තරුණිය ගිනි ගන්නේ පසුගිය 12 වැනිදාය. එබැවින් ගෑස් අනතුරක් විශේෂකොට දැක්වීමේ අවශ්‍යතාවයක් ගැමි ගැහැණියකට තිබුණේ දැයි යළි සිතිය යුතුය.

ඇය කිසියම් විශාද තත්වයකින් පෙළුන බවට  සාධකයක්  ඇත්තේත් නැත. මේ තත්වය තුළ සිය දිවි හානි කරගත්තේ නම් ඒ සඳහා එළඹුන දරාගත නොහැකි කම්පනය පොලිසිය පවසන ආකාරයට සැමියා වැඩට යෑම ද?

මේ සියලු සාධක පෙළ ගැසෙන විට අපට හිතෙන යමක් ඇත.

“පොලිසිය වංගුවක් ගැහුව ද?“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තමන්ව “යූස් කළ“ ආණ්ඩුවේ ප්‍රධානීන් කීප දෙනෙකුගේ නම් ගම් කියන්න ගීතා සැරසෙයි….

Next Post

අබිරහස් ලෙස මිය ගිය ටීඑන්ඒ මන්ත්‍රීගේ සිරුර පාලු නිවසක!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.