අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නව වසර ට මග කියන සියවසකට පෙර ජීවිත අත්දැකීම

1921 ඇරඹුණේත් 2021  මුහුණ දෙන අභියෝග රැසත් සමගිනි.

by editor
ජනවාරි 1, 2021
in සමාජ
1920 -21 ජපානය

1920 -21 ජපානය

Share on FacebookShare on Twitter

වසර 1921 ලෝකය දැවැන්ත පීඩනයක හිඳ යළි සුබවාදීත්වය දල්වා ලූ වසරක් වූයේය.  ඒ හරියටම අදට ශත වර්ෂයකට පෙරය. අදට හරියටම ශතකයට පෙර මේ පොලොවේ පය තබා සිටි මිනිස්සු 1921 වසරට ගියේ  වසරක කිහිපයක හෙම්බත් වූ දුෂ්කර කාලයක් පසුකරමින්ය. එකක් පළමුවැනි ලෝක යුද්ධයයි. එය නිමා වන්නට පෙර ලෝකයට බැට දෙන්නේ ඇමෙරිකාවේ යුධ හමුදා කඳවුරක් මූලිකව පැතිරෙන්නට ගත් ස්පාඥ්ඤ උණ හෙවත් h1n1 ඉන්ෆ්ලුවෙන්සාවයි. එයින් පමණක් ලෝකයේ කෝටි පහක ජනකායකට ජීවිතය අහිමි විණි. යුද්ධයේ පීඩාව සහ වසංගත පීඩාවෙන් යම් හෝ සහනයක් ලබන්නේ 1921 දීය.

දෛවය මේ ලෝකයට  හරියටම අවුරුදු සියයකට පසුව මේ අත්දැකීම ම යළි ලබා දී තිබේ. රටක් ලෙස සැලකීමේදී අපි 1918 හටගත් ස්පාඥ්ඤ උණෙන්ද බැට කෑවේ පළමු ලෝක යුද්ධයේ පීඩාවන්ද බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයක් ලෙස විඳවමිනි. අපට වසර සියයක් ගත වූ තැන ද ඒ තරම්ම නැතත් 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයේ පීඩාව විඳිමින් එයින් රටක් ලෙස ගොඩ එන්නට උත්සාහ කරන සමයේ මේ ව්‍යවසනය ළං වූයේය.

අද අපට 2021 වසරට පිය නගන්නට සිදුව ඇත්තේ මේ වසංගත පීඩාවෙන් මිදීමේ සහ දැනට බිඳ වැටුණු අපේ ජන ජීවිත රැකියා ව්‍යාපාර ඇවතුම් පැවතුම් සමඟය. අපට 2021 වසරට පා නගන්නට සිදුව ඇත්තේ සාමාන්‍ය පරිදි නොවේ. “නව සාමාන්‍ය“ පරිදිය. ඒ “නව සාමාන්‍යය“ වෛද්‍ය විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ ඇවතුම් පැවතුම් හැසිරීම්වලින් නව සාමාන්‍යකරණයකට යා යුතු ය යන්නය. එහෙත් එතැනින් එහා ගිය නව සාමාන්‍යයකට අප සුබවාදීව පරිවර්තනය විය යුතුය. එයට 1918 වසරේ වසංගතය අපට සියවසක් තුළ අමතක කළ පාඩම් රැසක් කියා දුන්නේය.

ඔස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ඩ් ජාතික පුස්තකාලයෙනි….

ඉතිහාස වාර්තා අනුව ලෝකයේ විශාල ජනතාවක් ආහාර අහේනියට මුහුණ පෑවෝය. නිසි කෘෂිකාර්මික වැඩසටහනක් සහ බෝග කළමනාකරණයක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නිසි කළමනාකරණයක් නොතිබීම මෙන්ම ලෝක යුධ සහ වසංගතය එයට හේතු විය. මේ නිසා ඇතැම් ජනතාව හාමතේ ද මිය ගොස් ඇති බව ව පැවසෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය එක් කතාවක් පමණි. එයට අමතරව ලෝකයම ආර්ථික අර්බුදයක ගිලී ගියේය. රැකියා අහිමි විය. ව්‍යාපාර බිඳ වැටිණ. ඇමෙරිකානුවන් සිතුවේ යළි ලෝකයට ගොඩ ඒමක් පෙනෙන මානයක නොමැති බවය. 1920 ඇමෙරිකාවේ පැවැත්වූ මහමැතිවරණය තෙක් ඇමෙරිකානු ජනතාව සිටියේ එවැනි අවිනිශ්චිතතාවකය. එහෙත් 1920 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගත් එරට ඔහියෝ ප්‍රාන්තයේ පුවත් පත් ව්‍යාපාරයක් හිමි සෙනෙට්වරයකු වූ වොරන් ජී හාඩින්  1921 ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති පුටුවේ හිඳ සුබවාදයේ බලය පතුරුවාලීය. ඔහු එරට ජනතාවට යළි නැගිටීමේ බලාපොරොත්තු දුන්නේය. මහාමාර්ග, විදුලිය ඇතුළු යටිතල පහසුකම් රැසක් නිර්මාණය කර දුන්හ. එය රටේ සංවර්ධනයට සහ යළි පිබිදිමට ශක්තියක් විය.

සියවසකට එහා  ඇරඹුණු මේ සුපිරි සංවර්ධනයේ සුබ පළ ලෝකය නොලද්දා නොවේ. අද වනවිට එය සීමා මායිම් අතික්‍රමණය කරමින් ඉදිරියට පැමිණ ඇත. එසේ වුවද සියවසක් ගත වූ තැනද අපට යළිත් ඇහැට නොපෙනෙන කුඩා වෛරසකට ලෝකය බාර දෙන තත්ත්වයක සිටින්නේ එදා නැගී සිටි ඇමෙරිකාව හඳ පමණක් නොව අඟහරු වෙතද ළංවන්නට අවැසි වැඩපිළිවෙළකට දිවා රෑ නැතිව වෙහෙසෙද්දීය.

ඒ නිසාම අපට නව සාමාන්‍යය ගැන අසාමාන්‍ය ලෙස සිතන්නට සිදුව තිබේ. අපට මෙවැනි නව සාමාන්‍යයකට යා හැකිද ලෝකය එවැනි තැනකට ගියහොත් බෝතල් කටක සිර වෙයිද එවැනි ප්‍රශ්න මේ වනවිට ලෝකයට පැන නැගී ඇත්තේ පසුගිය කාලය තුළ ලෝකයේ තරමට එහා අප ඉදිමුණු නිසාය. මේ වනවිට මිනිසුන්ගේ අවශ්‍යතා සීමා රහිත වී ඇත. ඒ වෙනුවෙන් විවිධ ව්‍යාපාර, වෘත්තීන් සහිත ආර්ථිකයක් නිර්මාණය වී ඇත. ඒ බොහෝමයක් මිනිසාගේ මූලික අවශ්‍යතා ඉක්මවන පරිසරය වනසන ඒවාය. එසේම   අහිතකර වායු විමෝචනය කරවන ලෝකයේ දේශගුණය  වෙනස් කරවන  හිම කඳු දිය කරවන මුහුදු ජල මට්ටම ඉහළ නංවන  අසීමාන්තික කාලගුණීක ත්තත්ව ඇති කරන නියං දුර්භික්ෂ නිර්මාණය කරවන තරමේ සංකීර්ණත්වයකට පැමිණ ඇත. ආහාර, බලශක්තිය වැනි මූලික අවශ්‍යතා පිළිබඳ ඇතැම් රටවලට කිසිදු සැලසුමක් නැත. මේ තත්ත්වත තුළ තවමත් ලෝකය අනාගතය පිළිබඳව සිටිනුයේ අවිනිශ්චිතතාවයකින්ය.

ඒ අනුව බලනවිට ශතකයක පාඩම් මතක් කරවන 2021 වසරේ ආරම්භය තීරණාත්මකය. අපට මේ වසරට පිය නගන්නට සිදුවන්නේ අභියෝග මැදය. අඩුම තරමින් දසන් විදහා කට පුරා සිනාසෙන්නටවත් නොහැකිය. එහෙත් කොවිඩ් 19 වයිරසය ලෝකයට කළ බලපෑම හමුවේ මේ වනවිට එයට එරෙහිව කටයුතු කිරීමට හැකියාව පෙන්වන සුබ ලකුණු පහළ වී ඇත. එන්නත් පිළිබඳව ලෝකයේ සිදු කෙරුනු පර්යේෂණ මත ඉතා කෙටි කලක් තුළ සාරථකව ක්‍රියා කරන එන්නත් නිපදවීමද අභියෝග ජය ගැනීමකි. එය වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රහණයක් පමණි. එහෙත් ලෝකයට කොවිඩ් 19 වසගංතය මඟින් අහිමි කළ තවත් බොහෝ දේ ඇත. ඒ අහිමි වූ දේ අපේ සමාජයට ආර්ථිකයට සේම සංස්කෘතියටද අතිශයින්ම වැදගත් එවා විය හැකිය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අපට හුරුපුරුදු සුව පහසු සාමාන්‍ය කලාපයට අවතීර්ණ වීමට නම් 2021 වසරේ අප වගකීම් සහිතව අවබෝධයෙන් සහ නිර්මාණශීලීත්වයෙන් මෙන්ම සුබවාදීත්වයෙන් යුතුව 2021 වසරේ ගෙවෙන සෑම ත්තත්පරයක්ම ගත කළ යුතුය. එය අද මුව ආවරණයක් නොමැතිව ගෙදරින් එළියට බසින්නට නොහැකිව සිටින කාගෙත් වගකීමක් විය යුතුය. ඒ වගකීම අවබෝධ කරගතහොත් අපට 2021 අවසානයේ මේ මුව ආවරණ ඉවත් කොට ජයපැන් බොනන්ට හැකිවනු ඇත. සිනාසෙන්නට හැකි වනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරණ පළාත් සභාවන්ම යළි සක්‍රිය කරන්නැයි ශ්‍රිලනිපය ඉල්ලයි

Next Post

සංචාරකයන්ගේ පී.සී.ආර්. පුද්ගලික අංශයට දීම රටම අනතුරට දැමීමක්…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.