බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

ජීවත්වුන අතුපැල කඩා  දමා ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතියකින් ගෙයක් හදන්න ගොස් උන් හිටි තැන් අහිමි වූ අසරණයින්ගේ කතාව

by editor
පෙබරවාරි 21, 2021
in සමාජ
ජීවත්වුන පැල්පත කඩා දමා  ගෙවල් හදන්නට ආණ්ඩුවේ ව්‍යාපෘතියකට ගොස් මඩුවකට වැටුණු ජීවිත...

ජීවත්වුන පැල්පත කඩා දමා ගෙවල් හදන්නට ආණ්ඩුවේ ව්‍යාපෘතියකට ගොස් මඩුවකට වැටුණු ජීවිත...

Share on FacebookShare on Twitter

ස්ථිර නිවාසයක් යනු මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවලින් එකකි. කුටුම්බ ජීවිතය සාක්ෂාත් කරගැනීමට නිවසක අසිරිය අත්‍යවශ්‍යය. ස්ථිර නිවසක හිමිකරුවන් වීමට කවුරුත් සිහින දකින්නේ එබැවිනි. නමුත් ස්ථිර නිවසක සිහිනය සැබෑ කර ගැනීමට ගොස් තමන් ජීවත් වූ පැල්පත ද අහිමි කර ගන්නට සිදු වූ පුවතක් වාර්තා වන්නේ ඇහැටුවැව, ගුරුගොඩ ප්‍රදේශයෙනි.

රුපියල් මිලියන 19.15ක මුදලක් වෙන්කර ගනිමින් පසුගිය රජය සමයේ “පොකුරු ගම්මාන නිවාස ව්‍යාපෘතිය ” ආරම්භ කර ඇත. ඒ සඳහා නිවාස 33 ක් තෝරා ගෙන ඇත්තේ පාට, පක්ෂ බේදයකින් තොරවය. එනම්, මේ ගමේ සියලුම දෙනාට ස්ථිර නිවාස නොතිබීම හේතුවෙනි.

නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ගොස් කබලෙන් ලිපට වැටුන ඔවුන් ගේ කතාව අසා බලන්න …….

කේ.එන්.සිරියලතා

අතරගල්ල, ගුරුගොඩ පදිංචි කේ.එන්.සිරියලතා දෑස් කඳුළින් පුරවාගෙන මෙසේ පැවසුවාය….”

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“ගෙයක් හදාගන්න ලක්ෂ  හත හමාරක් දෙනවා කියල පහුගිය ආන්ඩුවෙ මහත්තුරු කීවා. ඒක දෙන්න 2019 අප්‍රේල්වලට  කලින් අපිට අත්තිවාරම දාන්න කීවා.  කනකර උගසට තියලා නොවිඳිනා දුක් විඳල අත්තිවාරම දාගත්තෙ අපිත් පුංචියට හරි ලස්සන ගෙදරක ඉන්න ආස නිසා. ඒත් සිමෙන්ති මිටි දහය දහය  දෙපාරකට දුන්න.  මුලින් ලක්ෂ  එක හමාරක් මුදල් දෙනවා කීවට ඒකෙන් අර සිමෙන්තවලට සල්ලි කපාගෙන එක් ලක්ෂ තිස් නම දාස් හයසීයක් අපිට දුන්න. ඒකෙන් ගෙවල් හදන්න බෑනේ. ලක්ෂ හතක් දෙනවා කීවට ලැබුනෙ එච්චරයි .දැන් ඒ ණයක් විදිහට දුන්න  මුදලට අපි  රුපියල් 1500ක වාරිකයක් ගෙවනවා. එදා වේල හොයාගෙන කන අපිට ඒ ගාන ගෙවන්න අමාරුයි. අපි තව පොඩ්ඩෙන් මේ ඉන්න පැලත් ගලවනවා. අසරණ අපිට මෙහෙම කරන්නෙ ඇයි.? ”

කැලේට ගිය අත්තිවාරම්

ගුරුගොඩ පදිංචි එම්.ටිලානි ප්‍රනාන්දු මෙලෙස පැවසුවාය…”  “ලස්සන ගෙදරක ඉන්න හීන දැක්ක අපි දැන් ඉන්නේ බිම්මල් වගාව කරන්න අටවපු පැලේ. පරණ ගේ මැදිකරල අලුත් ගේ බඳින්න පටන් ගත්ත.  ඒකෙන් කෝකත් නැතිවුනා. සිමෙන්ති කොට්ට ටිකත් වතුර ට තෙමුනා. ණය විදිහට ලැබුනෙත් රුපියල් ලක්ෂයයි….”

බී.ඩබ්.එල්.සුසිර කුමාර

එම නිවාස ව්‍යාපෘතියේ සභාපති ලෙස කටයුතු කල ගුරුගොඩ පදිංචි බී.ඩබ්.එල්.සුසිර කුමාර මෙසේ කීවේය.

” ගමට වැඩක් වෙන නිසයි මං ඒ වැඩසටහනේ සභාපති කම ගත්තෙ. නමුත් මේ වැඩේ නතර වුනේ ගමේ හැම මිනිහෙක්ම ණය කාරයෙක් කරල. ලක්ෂ හයක් නිවාස අධිකාරියෙන් ණය විදිහට ත්, ලක්ෂ එක හමාරක් අධාර විදිහට ත් දෙනවා කීවා. .අපි ඒක විශ්වාස කරල .නොවිඳිනා දුක් විඳල අත්තිවාරම දැම්මා. නමුත් ඒ හැමදේම අතරමඟ නතර වුනා. අපි ගිවිසුම ගැහුවෙ සම්පූර්ණ ණය මුදල අපිට ගෙවල ඉවර වුනම වාරික විදිහට ආපහු ගෙවන්න. මිනිස්සු ගෙවල් හදන්න හිතාගෙන ගස් එහෙම ත් කැපුවා. ඒත් ඒව ඉරාගන්න නැතිව දිරල ගියා. මේක නම් පුදුම රැවටීමක්.” යනුවෙන් පැවසුවේ ය.

ජීවත්වුන පැල්පත කඩා අලුත් නිවාස හදන්නට හීන දැක මඩුවක ජීවත්වන හැටි

මේ ගැටලුට හේතු මොනවාදැයි අදාළ බලධාරීන් ගෙන් විමසීමු. නිවාස සංවර්ධන අධිකාරි යේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකාර එන්.බී.එස්.නරසිංහ  මෙසේ පැවසුවේ ය.

” මෙම පොකුරු නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 19.15ක මුදලක් වෙන්වුනා. ණය පදනමට නිවාස 30කුත්, ආධාර පදනමට නිවාස 3කුත් සැදීමට නියමිතව තිබුනා. ලක්ෂ දෙකේ සිට හත හමාර දක්වා  ණය දෙන්න තීරණය වී තිබුණා. මේ වනවිට මිලියන 5.145ක ණය ලබා දී අවසන්. නිවාස ව්‍යාපෘතිවලට කුරුණෑගලට විතරක් තව රුපියල් මිලියන 1600ක් විතර අවශ්‍ය වෙනවා. ප්‍රමාණය ට වඩා වැඩ කිරීමට යාම තුළයි මේ ගැටලුව මතුවුනේ. නිවාස රාජ්‍ය අමැතිතුමාත්, අගමැතිතුමාත් සමඟ මේ හිඟ මුදල් ගැන සාකච්ඡා කළා. ළඟදීම විසඳුමක් ලැබෙයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“විල්පත්තු වන සංහාරයේ දඬුවමට ලෑස්ති වෙන්න “

Next Post

පුතා සොයා ගන්නට විරෝධතාවයේ නිරතවූ අම්මා විරෝධතාවය මැද මිය යයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.