.සමන්තිකා වීරවර්ධන –
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න සාකච්ඡා කිරීම සදහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට (23) සවස රැස්වීමට නියමිතය.
මෙම බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වෙනු ඇත.
මේ වන විටත් කුරුණෑගල ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් දිස්ත්‍රික්ක කීපයක්ම මේ වන විට හුදකලා කර ඇති බැවින් ඉදිරියේදී කොරෝනා රෝගය මර්දනය සදහා ගතයුතු ක්‍රියාමාර්ගයන් කෙසේද යන්න පිලිබදව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවද සදහන්වේ.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කොරෝනා පාලනය සදහා ක්‍රියාමාර්ගයන් කීපයක්ම ගැනීමට තීරණය කර ඇත.