බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

by editor
පෙබරවාරි 22, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

අපිට අවශ්‍ය කොන්දක් සහිත නායකයෙක් බව  කාදිනල් හිමිපාණෝ කීහ. ඒ පෙරේදා ( 20) කටුවාපිටියේ දී ය.

පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් ගතවී හමාරය.  යුක්තිය ඉල්ලා කටුවාපිටියේ මිනිස්සු මරණයේ වේදනාව සමග මගට බැස සිටිති. මේ මිනිසුන් වෙනුවෙන් උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම්  වාර්තාවේ පිටපතකි.

මේ ඉල්ලීමට රජයේ අමාත්‍යවරු මේ වනවිට ප්‍රතිචාර දක්වමින් සිටිති. පරිසර ඇමති මහින්ද අමරවීර ඍජුවම ප්‍රකාශ කළේ සම්පූර්ණ වාර්තාව කිසිවෙකුටත් ලබා දිය නොහැකි බවය.  ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ නීතිඥවරුන්ද සිටින බවත්, ඔවුන් මහජන නියෝජිතයන්  වූ  කැබිනට් ඇමතිවරුන් බැවින් ඔවුන්ට එම අධ්‍යයනය  කළ හැකි බවත් ය. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කීවේ මේ ක්‍රියාත්මක වන්නේ සම්ප්‍රදායික පටිපාටිය නිසා එහි අඩුපාඩු ඇත්නම් සාකච්ඡා කිරීමට සූදානම් බවය.  මොනවද මේ කියන පුදුම කතා?. ඔහු නුවර දී ජනමාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.

ඒ අතර කතෝලික මන්ත්‍රීවරුන් කාදිනල් තුමාව මුන ගැසීමේ අවස්ථා සොයමින් සිටියහ. රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු  රජය පිළිබඳවත් ජනාධිපතිවරයා පිළිබඳවත් විශ්වාසය තබන ලෙස ඉල්ලීමට කාදිනල් තුමා හමුවීම සඳහා අවස්ථාවක් ඉල්ලුවේය. ඒ ඊයේ දිනයේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් නොමැතිව පලාතේ නොඑන ලෙස කාදිනල් තුමා රාජ්‍ය ඇමතිවරයාට පවසා තිබිණි.

කොන්දක් සහිත නායකයෙක් පත් කරගැනීම සඳහා  අල්තාරය මත දේශපාලන කළ කාදිනල් තුමා ලංකාවේ මජර දේශපාලනයේ ස්වරූපය මේ වනවිට අත්දැකීමෙන්ම අවබෝධ කරමින් සිටිති. උන් වහන්සේ වෙතත් ඉදිරියේ දී බලගතු දේශපාලනික කුමන්ත්‍රණ,   මඩගැසීම් සහිත අවකල් අශිෂ්ඨත්වය  සහිත අසංස්කෘතිය මුදා හැරීමට නියමිතය. එහි සොබා ලකුණු පහළ වෙමින් තිබේ.

මේ සටහන තැබෙන්නේ ඒ සංක්‍රාන්ති කාලය තුළය.

easter-attack
කටුවාපිිටිය

දෙවියන් දකින්නට පල්ලියට පැමිණි කතෝලික ජනතාවගෙන් 291ක් ඝාතනය කරමින්, සියයකට ආසන්න පිරිසක් සදාකාලික ආබාධිතයන් කරමින්, පවුල් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සුණු විසුණු කළ මේ මහා අමනුස්සකම දේශපාලන පාදඩකම්වලින් නොවසන සේ කරන මානුෂික ඉල්ලීම ලෝකය පිළිගත් ලාංකික ආගමික නායකයෙක් විසින්  ඉල්ලා සිටින විට රජය ප්‍රකට කරන මේ හැසිරීම මොහොතකට අපව තිගස්සන සුළුය.

මේ හැසිරීම ලෝකයට පෙන්වන කාරණාවක් තිබේ. මේ වාර්තාවේ අන්තර්ගතය  ගැන කාදිනල්තුමා යම් පමණකට දැනුවත් බවය. එහි පිටපතක් ඉල්ලන්නේ ඒ දැනුවත් කමින් යුතුව බවය.  ආණ්ඩුවේ හැසිරීමෙන් පෙනෙන්නේ කාදිනල් තුමාට පෙන්විය නොහැකි යමක් මේ වාර්තාව තුළ තිබෙන බවය.

කොමිසමේ  පිටපතක් නොලැබුණහොත් ආණ්ඩුවට විය හැකි අගතිය  ගැන කාදිනල් තුමා අනතුරු හඟවා තිබේ. තමන් ඒ තැනට තල්ලු නොකරන ලෙස ද උන්වහන්සේ රජයෙන් ඉල්ලා ඇත.  එය නොදීමෙන්  සිදුවිය හැකි අනතුර ගැන දැන දැන,  කාදිනල් හිමියන්ට පිටපතක් ලබා දීමට වඩා  පැමිණිය හැකි අනතුර භාර ගැනීමට රජය සූදානම් වීම කොමිසමේ නිර්දේශවල ඇති බරපතලකම ගැන රටට කියනු පෙනේ.

දැන් මේ කතාව කියවා ගත යුත්තේ මේ අපරාධයේ ප්‍රතිලාභ භුක්ති විඳින්නන් ගැන අවබෝධය ද සහිතවය. හැට නව ලක්ෂයක ජන වරම හැදෙන්නේ  මේ අපරාධයේ වින්දිතයන් වූ අසරණ මිනිසුන්ගේ ජීවිත අඳෝනාව පදනමේය. ඒ ජනවරමේ මේ මිනිස්සුන්ගේ රුධිරය සහ මරණීය වේදනාව ගැබ් වී තිබෙන්නේය.  එහෙත් මේ සිද්ධි සමාලෝචනයේ දී අප අමතක කළ කතාවක් තිබේ.  ඉන්දියාවෙන් ලැබුණු බව කියන අනතුරු හැඟවීම රජයේ වගකිව යුත්තන්ට පමණක් නොව රටේ විපක්ෂ නායකවරයාට ද ලිඛිත දැනුම් දී ඇති බවය.  මෙම අනතුරු හැඟවීම සම්බන්ධව ඒ අවස්ථාවේ දී රටේ රජය පමණක් නොව වගකිව යුතු විපක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ද රට වෙනුවෙන් ක්‍රියාත්මක වුනේ නැත.  ඔවුන් කළේ බෝම්බ ගසා කුඩු වී ගිය විට තමන්ගේ නිවේදනය  මාධ්‍යයට ඉදිරිපත් කිරීමය. එදා මේ දේශපාලන සිඟාලකම සිදු වී ඇති මහා විනාශයේ අඳෝනාවෙන් වැසී ගියේය.

විවර වෙමින් ඇත්තේ මේ වැසී ගිය කඩතුරාව දැයි දැන් සැකයක් ඇති වෙමින් තිබේ. කාදිනල්තුමා ප්‍රශ්න කරන්නේ ඒ යථාර්ථය ය.

මුල සිටම මේ රටේ සබුද්ධික මිනිස්සු   මේ සිද්ධිය මරාගෙන මැරෙන උමතු ත්‍රස්තවාදීන් කිහිප දනෙකුගේ හුදකලා ක්‍රියාවක් නොවන බව  විශ්වාස කළහ.  ඒ  අවබෝධයට පැමිණිය හැකි  බොහෝ  සිදුවීම් පෙළ ගැසී තිබිණි.  මේ ඝාතකයන් සමග සිට මරාගෙන මැරෙන සියලු සිද්ධි මෙහෙයවමින් රැඳී අවසාන මොහොතේ කිසිවෙකුටත් නොදැනෙන සේ අතුරුදන් වී දැනට ඉන්දියාවේ ජීවත්වන කටුවාපිටිය බෝම්බ කරුගේ බිරිය වූ පුලස්තිනි රාජේන්ද්‍රන් හෙවත් සාරා නැමැති ගැහැණිය ඉන්දියාවේ නිරුපද්‍රිතව මේ මොහොතේ ජීවත් වෙමින් සිටීම මේ මහා සැකය සරල මූලික කාරණාවය.

ඇය බේරුණේ කෙසේද, ඇය  ඉන්දියාවට පැන ගියේ කෙසේ ද, ඇය දැන් ඉන්දියාවේ රැකවරණය තුළ ඉන්නේ කෙසේ ද, මේ අපරාධයේ ප්‍රධානම ජීවමාන අපරාධකාරිය වූ මේ ගැහැණිය  මේ රටේ අධිකරණයක් ඉදිරියට ගෙන්වීමට ගත් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණු මොනවා ද, ඒ සංවාදය සිදු නොවන්නේ නම්  ඊට බලපෑ හේතුව කුමක් ද?, ඉන්දියාව මේ ගැහැණිය ආරක්ෂා කරන්නේ  කුමණ පදනමකින් ද යන සරල මූලික කාරණාවලට උත්තර තවමත් නැත.

පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා

මේ  සමූහ ඝාතකයන් සම්බන්ධව අවසන් විස්තරය ඉන්දීය බුද්ධි අංශවලින් ලැබී තිබිණි.  එහෙත් මේ ඝාතකයන්ගේ ස්වරූපය, ඔවුන්ගේ මූලධරමවාදී  හැසිරීම්, අයි.එස්. ආකල්පව ව්‍යාප්තවන ආකාරය,  අනතුරකට තල්ලුවිය හැකි අවස්ථා සම්බන්ධව පූර්ණ විස්තර එක් එක් ඝාතකයා  සම්බන්ධ ලිපි ගොනු ලෙස බුද්ධි අංශය විසින් නඩත්තු කරගෙන තිබිණි.  ඝාතනය සිදුවී පැයක් දෙකක් යනවිට මේ අපාරධකාර ඝාතකයන් ඔවුන් විසින් හඳුනා ගත්තේය.  මේ සිද්ධි දාමය වනවිට  රජයේ හමුදාවල පැවති මානසිකත්වය පැවතුන රජයට හිතකර තත්වයක නොතිබුණු ආකාරය පැහැදිලි වෙමින් තිබිණි. දෙමළ ඩයස්පෝරාවට ගැති සේ හැසිරෙමින් රටේ හමුදාව විෂයෙහි හැසිරුණු අලජ්ජී හැසිරීම යුද හමුදාවේ මතු නොව  යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දර දිය අදින ලද මැදහත් මිනිසුන් සියලු දෙනාගේම ගර්හාවට ලක් වූයේය. යුද හමුදා බුද්ධි අංශ පිලිබඳ යහපාලන රජය හැසිරෙමින් සිටියේ අතිශය නින්දිත ආකාරයෙනි. මේ සියල්ල අතරේ   යුද සමයේ සිටි බුද්ධි ප්‍රධානීන්ගේ  හැසිරීම්වල ස්වරූපය අතිශය  ගැටලු කාරී තැනක වූ බවත් ඔවුන් විදේශීය ඔත්තු සේවාවල ඒජන්තයින් සේ හැසිරෙන ආකාරයත් එළිපිට කතා බහට ලක්වූ දේශපාලන පරිසරයක් නිර්මාණය වී තිබිණි.

කාදිනල් තුමා ප්‍රශ්න කරන්නේ මෙන්න මේ වටපිටාව තුළ ගොඩනැගුණ ම්ලේච්ඡ කුමන්ත්‍රණය කුමක් ද යන්නය.  රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන නිවාස ඇමති විමල් වීරවංශ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ  රෝ ඔත්තු කාරයෙක්  බව කියන විට  ඒ කතාවට පදනම කුමක් දැයි මේ රට ප්‍රශ්න කළේ නැත. ඒ කතා කරන්නේ විමල් වීරවංශද නැතිනම් චීනය දැයි කිසිවෙක් විමසුවේ නැත.  ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක යෙදෙන ආයතනයක් සේ  රටක් කියන පාත් ෆයින්ඩර් ආයතනයේ උපදේශකයෙකුට රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින්ම රෝ  ඔත්තු කරුවෙක් යැයි කියනවිට ඔහුව ජානධිපතිවරයාගේ  විදේශ කටයුතු පිළිබඳ   අතිරේක ලේකම් ලෙස පත් කරගෙන    අනතුරුව රටේ විදේශ ලේකම් තනතුරට උසස් කර   ජාත්‍යාන්තරය සමග ගනුදෙණුවට යවන රටක මේ සිදුවෙමින් ඇති සිද්ධි දාමය හුදු අන්ධභූද අහම්බයන් නොවන බව තේරුම් ගත යුතුය.

මේ මුල මැද අග නැති කුමන්ත්‍රණ ජාලයට ෆ්ලෑෂ් ලයිට් වදින්නට ඉඩ නොදනෙ බව කාදිනල් තුමා විසින් දැන් ලෝකයට අනාවරණය කර හමාරය. දැන් මේ අප ගතකරමින් සිටින්නේ විකල්වුණු තත්වයකය. මවාගත් දියසේන නැත. වැඩකරන විරුවන් නැත. ප්‍රාර්ථනාකළ දියුණු සමාජය නැත.  කිසිවෙක් ගැන තබා කාදිනල් තුමා ගැනවත් විශ්වාසයක් නැත. විශ්වාස තබන්නට බිය වූ මිනිසුන් සහිත සමාජයක් යනුම ඛේදවාචකයකි. අප ඒ ඛේදවාචකයේ ගොදුරුයි.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

Next Post

කොවිඩ් මර්දනයේ ප්‍රමාද 4ක් ගැන GMOA කියයි

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.