සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඔස්ට්‍රේලියාවේ පදිංචි ලාංකිකයෙක් දරුවන් ඉදිරිපිට බිරියට පොරොවෙන් කොටා ඝාතනය කිරීමේ අපරාධයට වරදකරු වෙයි!…

by editor
සැප්තැම්බර් 1, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

දරුවන් ඉදිරිපට දී සිය දික්කසාද බිරියට  පොරොවෙන් කොටා 35 පොළක් තුවාල සිදුකර ඝාතනය කළ ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් එම මිනී මරුම සම්බන්ධ වැරදිකරු බව වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව  සිකුරාදා  මෙම  මිනීමැරුම් චෝදනාවට 47 හැවිරිදි දිනුෂ් කුරේරා නැමති සැකකරු  වරදකරු කිරීමට පෙර පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කළේය.

පෙරේදා (30) මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ වරදකරු වූයේ 47 හැවිරිදි දිනේෂ් කුරේරා නැමැති පුද්ගලයෙකි. ඔහු සිය 43 හැවිරිදි බිරිය වන නොලෝමි පෙරේරා ඝාතනය කිරීම  සම්බන්ධයෙන්   මාසයක නඩු විභාගයකට මුහුණ දුන්නේය.

දිනේෂ් කුරේරා සහ නොලෝමි පෙරේරා

පෙරේරා ඝාතනය කර තිබුණේ 2022 දෙසැම්බර් 03 වැනිදා ය. මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි සැන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේ නිවසේ දී පොලිසිය ඇයව සොයා ගන්නා විට මුළුතැන්ගෙය තුළ ලේ විලක් මැද ඇය මියගොස් සිටියාය.

47 හැවිරිදි දිනුෂ් කුරේරා තම දරුවන් ඉදිරිපිටදී ආරක්ෂක හිස් වැස්මකින් මුළුතැන් ගෙයි පිහියකින් ධරුණු සහ ම්ලේච්ඡ ලෙස පහර දී ඇයව ඝාතනය කර ඇති බවට පැමිණිලි පාර්ශවය චෝදනා කර තිබිණි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එමෙන්ම මෙම ආරවුල වැලැක්වීමට පැමිණි ඔහුගේ 17 හැවිරිදි පුතාට පොරවකින් කොටා පහර දීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල වූයේය

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධව ගොනු කර ඇති චෝදනාව නඩුව පුරාම දිනේෂ් කුරේරා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඔහු සිය 17 හැවිරිදි පුතාට පහර දි තුවාල කිරීම සම්බන්ධ චෝදනාව ද ප්‍රතික්ෂේප කළේය.

නොලෝමි පෙරේරා

නඩුව ආරම්භයේ දී  කුරේරාගේ නීතීඥයින් ජූරි සභාවට පැවසුවේ ඔහු තම බිරිඳ ඝාතනය කළ බව පිළිගන්නා  නමුත් එසේ කළේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සඳහා සිය ආත්ම ආරක්ෂාවට බවය.

ඇය මිනීමරු කෝපයෙන් කුරේරාට පිහියක් පෙන්වා ඔහුගේ ඇඟිලල්ක් ද සපා කෑ පසු ආත්ම ආරක්ෂාව උදෙසා ඇයට පොරවකින් කෙටූ බවත්,  කාන්තාව මියගියේ ඒ තත්ත්වය තුළ බවත් කුරේරා වෙනුවෙන් පෙනී සිටි ආරක්ෂක නීතිඥ ජෝන් ඩෙස්මන්ඩ් අධිකරණයට පැවසීය.

නඩුවේ පළමු දිනයේ දී අභිචෝදකවරයා අධිකරණයට පවසා තිබුනේ නොලෝමි පෙරේරා සිය සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසා වෙනත් පිරිමින් දකින බවය. ඒ බව දැනගත් දිනේෂ් කුරේරාට ගැඹුරු වෛරයක් ඇති වී තිබුණ බව ද අභිචෝදක මාර්ක් ගිබ්සන් කේසී චෝදනා කළේය. .

එමෙන්ම නොලෝමි පෙරේරා ) ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටියදී ඇයගේ සැමියා වූ දිනේෂ් කුරේරා වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වෙමින් ඇයව රවටා ඇති බව සොයාගෙන ඇය දුරකථනයෙන් ඔවුන්ගේ විවාහ ජීවිතය අවසන් කළ බව ඔහුට දන්වා තිබුණු බව ද අභිචෝදකවරයා අධිකරණයට පැවසීය.

මාසයක් පුරා ඇදී ගිය නඩුවේ දී  මෙය සැලසුම් කළ ඝාතනයක් බවත්, ඒ  සඳහා දිනේෂ් කුරේරා විසින් සැලසුම් කර තිබූ ආකාරයත් අභිචෝදකරවරයා සාක්ෂි සහිතව අධිකරණයට   හෙළිදරවු කළේය. ආයුධ සහිතව, අඳුරු ඇඳුම් ඇඳගෙන ඇයට නොදන්වා නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකළ ආකාරය අධිකරණයේ දී තහවුරු වන්නේ ඇසින් දුටු සාක්ෂි ලෙස ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය සහ 17 හැවිරිදි පුතනුවන් ලබා දුන් සාක්ෂිත් සමගය.

ජූරිය දිනේෂ් කුරේරාගේ කතාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ජූරි සභාව ඔහු ඝාතකයෙක් බව තීන්දු කළේය.  දිනේෂ් කුරේරා ම්ලේච්ඡ ඝාතනයකට වරදකරු වන්නේ රටටත් කළු පැල්ලමක් තබමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතුගම ශාන් පන්නා ශාන්ගේ ගෝලයා ගෙන්නා හොයා ගත්ත පුපුරණ ද්‍රව්‍ය…

Next Post

2025 බැංකු සහ රජයේ නිවාඩු දින මෙන්න…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.