අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“එක රටක එක නීතියක්“ ගැන කියන රටේ නීතියක් ක්‍රියාත්මක කරගන්න දිවි පරදුවට තැබූ මිනිස්සු!

“විලි ලජ්ජයි මහත්වරුනි... “ වලව ගොවියෝ මගට බැස කියති...

by editor
දෙසැම්බර් 27, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරලා මාස 08 වෙලත් තවම මොකුත් කරලා නෑ… ජාවාරම්කාරයෝ තවමත් අලි කැලේ බදු අරන්…

  • කැලෑ පාලු ජාවාරමුන්වට එරෙහි වුණු නිලධාරියා ස්ථාන මාරු යවලා… “එක රටක් එක නීතියක්“ කියන රටේ  ගැසට් කළ නීතිය ක්‍රියාත්මක කරවා ගන්න වලව ගොවීන් යළි පාරට.

හම්බන්තොට වන අලි ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් වලව ගොවියෝ මේ වසර ආරම්භයේදි දැවැන්ත විරෝධතා, අඛණ්ඩ උපවාස හා මාරාන්තික උපවාසය පවා ආරම්භ දියත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ මැදිහත්වීමෙන් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරිම සිදු කෙරුණි.

ඒ අනුව එදා දින 108ක් තිස්සේ පැවැති ගොවි විරෝධතාවය අවසන් කෙරුණු නමුත් යළි පසුගිය 21 වන දින සිට වලව ගොවියෝ යළි පාරට බැස සිටිති. ඒ එදා බළධාරීන් දුන් පොරොන්දුව ඉටු නොකිරීමට විරෝධට පළකරමිනි.

බලයට පත්වන සෑම රජයක්ම හම්බන්තොට පවතින මෙම වන අලි ගැටලුවට ස්ථිර විසදුම් දෙන බවට පොරොන්දු ලබා දුන්නද ඒවා මේ වනවිටත් හුදෙක්ම පොරොන්දුවක් පමණක් බවට පත්ව තිබීම හේතුවෙන් ජනතාව කබලෙන් ලිපටම ඇද වැටෙමින් ඇති බව සත්‍යග්‍රයට එක්ව සිටින ගොවි ජනතාව අපට කීහ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොවි ජනතාව වසර ගනනාවක් තිස්සේ බලධාරීන් පසු පස මෙම අලි මිනිස් ගැටලුවට විසඳුම් ඉල්ලා කොතෙකුත් හඬගෑවද ඒ සියල්ල බීරි අලින්ට විණා වයන්නාක් මෙන් වි තිබේ. මේ හේතුව නිසාම වන අලි ගැටලුවෙන් පීඩාවටපත් හම්බන්තොට සමස්ථ ජනතාව වෙනුවෙන් වලව ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින් තවත් ප්‍රදේශයේ ගොවි සංවිධාන 86ක නියෝජිතයින් සමග එක්ව යළි පසුගිය 21 දින සිට හම්බන්තොට කටුවැව හන්දියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ඒ පිළිබදව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් අයි.කේ.සමන් සුදර්ශන මෙලෙස පැවසීය.

වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් අයි.කේ.සමන් සුදර්ශන

අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරලා දැන් මාස 08ක් වෙනවා. නමුත් තවම මේ වෙනකම් ඊට අදාල කිසිදු නීති රෙගුලාසියක් ගැසට් කරලා නෑ. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිත මෙහෙයුම් කමිටුව කියලා එකක් හැදුවා. නමුත් ඒ කිමිටුව මේ වෙනකම් කැඳවලා නෑ. වීරවිල ගුවන් හමුදා නිලධාරීන් ආවා විදුලි වැට හදන්න කියලා. නමුත් වනජීවි එකෙන් ඒ සඳහා අවශ්‍ය උපකරණ දුන්නේ නෑ. සහාය දුන්නේ නෑ. 

අපි කියන්නෙ මේ වැඩේ කරන්න. ගොවි විරෝධතාවය නවත්තන්න බළධාරීන් බොරුවට ඇවිත් අපිට සුදු අලියෙක් පෙන්නලා ගිය එක විතරයි වෙලා තියෙන්නේ. වන අලි ගැටලුව ගැසට් එකක් ආවා කියලා චුට්ටක්වත් අඩු වුනේ නෑ. දිනෙන් දින අලි ගැටලුව වැඩි වුණ එක විතරයි වෙලා තියෙන්නේ. අද වෙනකොට ගොවි ජනතාවට පවුල් පිටින් මේ ගෙවල් දොරවල් අතහැරලා යන්න වෙලා තියෙන්නේ. කිසිදු බලධාරියෙක් මේ වෙනකම් මේ ගැටලුව දෙස බැළුවේ නෑ. 

අලි කළමණාකරණ රක්ෂිතය කියලා ගැසට් කළ ප්‍රදේශයේ තවමත් ඉන්නේ අනවසර වගා කරුවෝ. අපි උපවාස කරන මේ මොහොත වන විටත් කැලේ අනවසරයෙන් සුද්ද කරමින් සිටිනවා. අනවසර වගා කරුවන් ඉවත් කරන්න කියලා අනවසර වගා කරුවන්ට එරෙහිව නඩු දමන්න කටයුතු කල කොට්ඨාස කළමණාකාරවරයත් ගිරාදුරුකෝට්ටෙට මාරු කළා. ඒකෙන්ම තේරෙන්වා මේ බලධාරීන්ට මේ ගැටලුව විසඳන්න ඕනි කමක් නෑ කියලා. 

රක්ෂිතය ලෙස ගැසට් කළ ප්‍රදේශයේ තවමත් ගල් කොරි ක්‍රියාත්මක වෙනවා.රක්ෂිතයක් ලෙස ගැටස් කලා කියලා බළධාරීන් කලේ ජනතාව නොමග යවපු එක විතයි.කැලේ ඇතුලේ ඉන්න ජාවාරම්කාරයෝ තවමත් කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙනවා.ගමේ ඉන්න අසරණ ගොවියා ඒ නිසා වන අලි ගැටලුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. මේ නිසා තමයි අපි යළි එදා සුරියවැව වල්සපුගලින් පටන් ගත්ත ගොවි අරගලයේ දෙවෙනි අදියර හැටියට මේ හම්බන්තොට කටුවැවදී මේ අඛණ්ඩ සත්‍යග්‍රහය හා උපවාසය පටන් ගත්තේ.

මේ වෙලාවේ අපි බලධාරීන්ට කියනවා අපි කිසිම අයුරකින් මෙවර නිළධාරින් එක්ක සාකජ්චාවකට යන්න සූදානම් නෑ. අපි කියන්නේ මේ අනවසරව වගාකරුවන් ඉවත් කරලා ගැසට් කරපු කැලෑ කොටස වන අලින් සඳහා වෙන් කරලා දීලා මේ ජන ජිවිත සුරක්ෂිත කරන්න කියලා“ යැයි ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පී.බී යයි… ඉල්ලා අස්වීම ජනපති පිළිගනී!

Next Post

සකුරායි ගුවන් සේවයේ තවත් යානයක් කිඹුලාපිටිය වෙල් යායකට හදිසියේ ගොඩබස්වයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.