ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇමරිකාවත් නිරුවත් කරමින් ගාසා හි අසරණයින් 100ක් මරා දැමූ නින්දිත ඊශ්‍රයාල ප්‍රහාරය ලඟ ලෝකයම කම්පාවේ …

by editor
අගෝස්තු 11, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලෝකයේ බිහිසුණු මානුෂික ව්‍යසනය නිමා වී නැති බව වේදනාවෙන් සටහන් කරමු.  ඊයේ (10) ගාසා නගරයේ පාසල් පරිශ්‍රයකට එල්ල වූ  ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවතැන් වූ පලස්තීන පවුල්වල සාමාජිකයින් 100ක් පමණ මිය ගිය බව ගාසාහි සිවිල් හදිසි සේවය  නිවේදනය කළේය.

ඊශ්‍රායලය ප්‍රකාශ කළේ මිය ගිය පිරිස අතර සන්ද්ධ සටන්කාමීන් 19 දෙනෙකු සිටින බවය. හමාස් සංවිධානය එම ප්‍රකාශය නින්දා සහගත බොරුවක් බවත් ප්‍රහාරයෙන් මරා දැමූ පිරිස අතර එක් හමාස් සටන්කාමියෙක්වත් නොමැති බවත් තහවුරු කර ප්‍රකාශ කළේය.

මේ වනවිට වෙබ් අඩවිවල සංචරණය වන වීඩියෝ පෙන්වා දෙන්නේ මිනිස් සිරුරු කොටස් තැන් තැන්වල විසිරී ඇති ආකාරය දක්වන අමානුෂික යථාර්කයකි. තවත් සිරුරු රැගෙන ගොස් බිම ඇතිරිලි වලින් ආවරණය කරන ආකාරය එම වීඩියෝවල දැක්වේ.

එම වීඩියෝ දසුන් හිත් බිඳ දමන සුළුය. හිස් ආහාර ටින් ලේ විලක පාවෙමින් තිබේ. පිළිස්සුණු මෙට්ට සහිත සුන්බුනු ස්ථානයක දරුවෙකුගේ බෝනික්කෙක් වැටී ඇති අයුරු පෙනේ. .

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

තවත් වීඩියෝවක, පාසල් සංකීර්ණයේ බිම තබා ඇති මෘත ශරීර ආවරණය කළ බෑග් දුසිම් ගණනක් අතර යාඥා කරන පිරිමින්ගේ රූප රාමු දැකිය හැකිය.

ප්‍රදේශයේ සිවිල් හදිසි සේවාව සහ හමාස් පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය වෙන වෙනම සිදුකරන ප්‍රකාශය කියා සිටියේ මෙම පාසල් භූමියේ පදිංචිකරුවන්ව සිටින අවතැන් වූ අසරණයින් උදෑසන යාඥා කරමින් සිටියදී මෙම ඊශ්‍රයාල ප්‍රහාරය එල්ල වූ බවය. සිද්ධිය පිළිබඳ විශ්වාසනීය වාර්තා ඉදිරිපත් කරන්නේ ඔවුන්ය.

gaza
තුවාල වුන දරු පැටවු…

පලස්තීන සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බාසාල් රූපවාහිනී මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ වන විට ළමුන් 11 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළුව 93ක ගේ සිරුරු හඳුනාගෙන අති බවය. ඔවුන්ට . හඳුනා නොගත් දේහයන් ප්‍රමාණයක් ද ඇත.

මේ මොහොත වනවිට ගාසාවේ සියලුම වැසියන් පාහේ අවතැන්ය. ඒ අවතැන් පිරිස් අතරින් පලස්තීනුවන් දස දහස් ගණනක් ගාසා තීරයේ පාසල්වල නවාතැන් පතා සිටිති. මෙම පාසල් බොහෝමයක් යුද්දය පටන් ගත් දා සිට වසා දමා තිබේ. ඊශ්‍රයාල ප්‍රහාරය එල්ල වූ මෙම පාසල් අවතැන් කඳවුරේ පවුල් 350ක් පමණ රැඳී සිට තිබේ.

ඊශ්‍රයාලය කියන්නේ කුමක් ද?

ඊශ්‍රයාලය පවසන්නේ මුස්ලිම් පල්ලියක් ලෙසත් ක්‍රියාත්මකවන මෙම පාසල් ගොඩනැගිලි සංකීර්ණය සක්‍රීය හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් හමුදා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇති බවය. ලුතිනන් කර්නල් නදව් ෂෝෂානි ඒ සම්බන්ධව X හි සටහනක් තබා ඇත.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ප්‍රහාරයෙන් බරපතල හානියක් සිදු නොවූ බවය. එය සනාථ කරන ගුවන් ඡායාරූප සහ වීඩියෝ ලබා දී ඇති බවත් වැඩිදුරටත් ඊශ්‍රයාලය කීවේය. ඊශ්‍රායලය පවසන්නේ පලස්තීන සටන්කාමීන් ගාසා තීරයේ සිවිල් වැසියන් අතරට වැදී   පාසල්, රෝහල් සහ නම් කරන ලද මානුෂීය කලාප තුළ සිට ක්‍රියාත්මක වන බවත්ය

එම චෝදනාව හමාස් සහ එහි සහචරයින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. මෙම ප්‍රහාරය බිහිසුණු අපරාධයක් බවත් එය තත්ත්වය බරපතළ ලෙස උත්සන්න කිරීමක් බවත් හමාස් සංවිධානය පවසයි. හමාස් දේශපාලන කාර්යාලයේ  ඉසාට් අල් රෙෂික්  පැවසුවේ මියගිය අය අතර එක සටන්කරුවෙකුවත් ඇතුළත් නොවූ බවය.gaza

ධවල මන්දිරයටත්  දුකයි ලු

ගාසා නගරයේ පාසල් පරිශ්‍රයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත්, වැඩිදුර තොරතුරු ඉල්ලා ඊශ්‍රායල නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝෂප් බොරෙල් X හි ප්‍රකාශ කළේ පාසලේ ඡායාරූප දැකීමෙන් තමා භීතියට පත් වූ බවය. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ගුවන් ප්‍රහාරය හෙළා දැක ඇත.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ප්‍රකාශකයෙකු වන නබිල් අබු රුඩයිනේ ඊශ්‍රායලයේ මිත්‍ර වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේ “ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කිරීමට තුඩු දෙන අන්ධ සහයෝගය” අවසන් කරන ලෙසයි.

ඊජිප්තුව, කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ තුර්කිය යන රටවල් සියල්ලම මෙම ප්‍රහාරය හෙළා දැක ඇත.

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරි සාමි අබු සුහ්රි පැවසුවේ සටන් විරාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට මැදිහත්කරුවන් තල්ලු කරන බැවින් එය හැරවුම් ලක්ෂයක් විය යුතු බවයි.

හමාස් නිලධාරියෙක් රොයිටර් වෙත පැවසුවේ කණ්ඩායම සාකච්ඡාව සඳහා නව යෝජනාවක් අධ්‍යයනය කරමින් සිටින නමුත් එය විස්තර නොකළ බවයි.
ගාසා තීරයේ සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඊශ්‍රායලයට යුද්ධය අවසන් කිරීමට අදහසක් නොමැති බව යැයි ඊජිප්තුව පැවසුවේය. කටාර් විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රහාරය විස්තර කළේ “බිහිසුණු සංහාරයක්” ලෙසය.

අල්-ජසීරා රූපවාහිනියට අදහස් දක්වමින්, ඊශ්‍රායලය සමඟ සටන් විරාම සාකච්ඡා සඳහා නම් කළ හමාස් කණ්ඩායමේ ප්‍රධානියා වන ඛලීල් අල්-හයියා, ප්‍රකාශ කළේ හෙලාදැකීමේ ප්‍රකාශ තවදුරටත් ප්‍රමාණවත් නොවන බවය.

“(ඊශ්‍රායල) තානාපතිවරුන් සේවයෙන් පහ කරන්න, තානාපති කාර්යාල වසා දමන්න, සබඳතා බිඳ දමන්න,” ඔහු පැවසීය.

සටන් විරාම සාකච්ඡාව

ඉරානය සහ එහි ලෙබනන් සගයා වන හිස්බුල්ලා අතර පුලුල් ගැටුමක් පිලිබඳ භීතිය වර්ධනය වීමත් සමග ඊජිප්තුව, එක්සත් ජනපදය සහ කටාරය බ්‍රහස්පතින්දා නව සටන් විරාම සාකච්ඡා වටයක් සැලසුම් කර ඇත.

හමාස් සංවිධානය තවදුරටත් ඊශ්‍රායල වැසියන්ට තර්ජනයක් නොවන තුරු යුද්ධය අවසන් නොකරන බව ප්‍රකාශ කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තමන් සාකච්ඡාව සඳහා නියෝජිත පිරිසක් යවන බව ප්‍රකාශ කළේය.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අංශ පවසයි.



Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න ආපු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින්ට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙන හැඩ!

Next Post

 ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාර කිරීම අද!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.