බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇමරිකානු ජනාධිපති බයිඩන්ගේ හදිසි යුක්‍රේන සංචාරය රහසක්ව තබාගත්තේ කොහොමද?…

by editor
පෙබරවාරි 21, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී
සාරා ස්මිත් – උතුරු අමෙරිකානු සංස්කාරක

මෙය පෙර නොඇසූ ආකාරයේ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු කළ නිර්භීත සංචාරයක් විය.

දෛනිකව ප්‍රහාරයට ලක්වන යුද්ධ කලාපයක පෙනී සිටීම, එනම් ජෝ බයිඩන් අනපේක්ෂිත ලෙස යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත කළ සංචාරය “මෑත කාලයේ සිදු වූ පෙර නොවූ විරූ” සංචාරයක් ලෙස ධවල මන්දිර නිලධාරීහු විස්තර කරති.

ඔවුන් පවසන්නේ, මීට පෙර යුද්ධ සමයේ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ ජනාධිපතිවරයාගේ සංචාරවලට එක්සත් ජනපද මිලිටරි සාමාජිකයින්ගෙන් දැඩි ආරක්ෂාවක් ලැබුණු බව ය.

ඔහු පෝලන්තයේ සිටියදී බයිඩන් යුක්‍රේන සංචාරයක් සැලසුම් කරනු ඇතැයි මාධ්‍යවේදීන් අනුමාන කර තිබියදීත් මෙම සංචාරය සියල්ලෝ ම පුදුමයට පත් කළහ.

ගුවන් ප්‍රහාර සිදු විය හැකි බවට අනතුරු අඟවන සයිරන් හඬ නිකුත් වෙද්දී ඔහු කියෙව් නගරය මධ්‍යයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අසල පෙනී සිටීමෙන් පෝලන්තයේදී ඔහුට කිව හැකි ඕනෑම කථාවකට වඩා ප්‍රබල සහ බලවත් ප්‍රකාශයක් නිකුත් කොට තිබේ.

“එය අවදානම්සහගත වුවත් ජෝ බයිඩන් තම කැපවීම බැරෑරුම් ලෙස සලකන නායකයෙකු කියන බවට කිසිවෙකුගේ මනසේ සැකයක් ඉතුරු කර නැහැ ” ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ කේට් බෙඩිංෆීල්ඩ් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දුරකතන තහනම්

ජෝ බයිඩන් සඳුදා (පෙබ. 20) සවස එක්සත් ජනපදයේ සිට වෝර්සෝ වෙත දින දෙකක සංචාරයක් සඳහා ගුවන්ගත වීමට නියමිතව තිබිණි.

අපේක්ෂිත දින ඇතුළත් කර සකසන ලද ඔහුගේ ගමන් විස්තරය සහිත කාර්යය සටහනේ සැක සහිත දිගු හිඩැස් දෙකක් තිබුණි. ඒ අනුව ඔහු යුක්‍රේනයට යනු ඇත්තේ කිනම් මොහොතක දැයි බොහෝ දෙනා කල්පනා කළහ.

ධවල මන්දිරයේ දිනපතා පැවති මාධ්‍ය හමුවලදී වාර්තාකරුවන් සංචාරයක් ගැන නැවත නැවතත් විමසා තිබිණි. සෙලෙන්ස්කි සමග රැස්වීමක් සැලසුම් කර නොමැති බව ත් “මේ මොහොතේ” වෝර්සෝවෙන් පිටත නැවතීමක් සැලසුම් කර නොමැති බව ත් අපට [වාර්තාකරුවන්ට] පැවසීය

ජනාධිපතිවරයාගේ සමීපතම සහයකයන් අතලොස්සක් සමග මාස ගණනාවක් තිස්සේ සංචාරය සැලසුම් කර තිබුණ ද, කියෙව් සංචාරය සිදු කිරීමට අවසන් තීරණය ගෙන ඇත්තේ සිකුරාදා ය.

ඉරිදා වන විට නිකත් කොට තිබු , නිල ධවල මන්දිර කාර්යය සටහනේ ජනාධිපතිවරයා සඳුදා සවස 7:00 EST ( ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට පමණ) වෝර්සෝ බලා පිටත්ව යන බව සටහන්ව තිබුණි. නමුත්, ‘එයාර් ෆෝස් වන්’ (Air Force One) ඉරිදා උදෑසන 04:15 EST ( ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.45 ට පමණ) ගුවන්ගත විය.

‘එයාර් ෆෝස් වන්’ යන ලෝක ප්‍රසිද්ධ ගුවන් ගමන් පාලක සංඥාව භාවිත කරනු ලබන්නේ [ගුවන් යානයනක් සඳහා], ජනාධිපතිවරයා [එම] ගුවන් යානයේ සිටින විට පමණි.

යානයේ සිටියේ ඔහුගේ සමීපතම සහයකයින්, වෛද්‍ය කණ්ඩායමක් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමකි.

ජනාධිපතිවරයා සමග ගමන් කිරීමට අවසර ලැබී තිබුණේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පමණි. ඔවුන් රහසිගතව කටයුතු කරන බවට දිවුරා තිබුණු අතර ඔවුන්ගේ ජංගම දුරකතන ඔවුන්ගෙන් ඉවත් කර තිබිණි. බයිඩන් කියෙව් වෙත පැමිණෙන තෙක් සංචාරය පිළිබඳව වාර්තා කිරීමට ඔවුන්ට අවසර නොලැබිණි.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන පරිදි, බයිඩන් පිටත්ව යාමට පැය කිහිපයකට පෙර සංචාරය පිළිබඳව රුසියාවට දැනුම් දී ඇත.

“එක්සත් ජනපදය එසේ කළේ, ගැටුම්කාරී තත්ත්වය අවම කර ගැනීමේ අරමුණින්… ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද යන්න ගැනත්, අපේ පණිවිඩයේ නිශ්චිත ස්වභාවය කුමක් ද යන්න ගැනත් මම නොදන්නා නමුත් අපි එම දැනුම් දීම ලබා දුන් බව මට තහවුරු කළ හැකියි,” ඔහු ප්‍රකාශ කළේ ය.

ප්‍රබල පණිවිඩයක්

ජනාධිපති බයිඩන් පසුව කියෙව් වෙත යාමට පැය 10ක දුම්රිය ගමනක නිරත විය. ඔහුට යුක්‍රේනයේ ඇති පහසුවෙන් යා හැකි වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමට හැකියාව තිබුණු නමුත් ඔහුට අවශ්‍ය වූයේ සිය සංකේතාත්මක ගමන කියෙව් වෙත සිදු කිරීමට ය.

ජනාධිපතිවරයාගේ සංචාරය, යුක්‍රේනයට උදව් කිරීමට බයිඩන් පරිපාලනයේ කැපවීම පිළිබඳව මොස්කව් වෙත නිකුත් කරන සංඥාවක් වන අතර, එය තම රටේ සිටින එක්සත් ජනපද ඡන්දදායකයින්ට සිදු කළ ප්‍රදර්ශනාත්මක ක්‍රියාවකි.

ඔහුගේ මාධ්‍ය ලේකම් කරීන් ජෝන්-පියර් ගෙන් පසුගිය සතියේ විමසන ලද්දේ, යුක්‍රේනයේ තත්ත්වය සමනය කිරීම සඳහා අමෙරිකානු සහයෝගය පෙන්වන ඡන්ද විමසීම් ගැන ය.

ඇය පිළිතුරු දුන්නේ, ජනාධිපතිවරයා අමතන ඕනෑම අවස්ථාවක ඔහු අමෙරිකානු පුරවැසියන්ට මෙන් ම ලොව පුරා සිටින පුරවැසියන් සියල්ලන්ටම ඇමතීමක් කරන බවයි. ඒ අනුව සඳුදා පණිවිඩය සැලසුම් කර ඇත්තේ, එක්සත් ජනපදයට කොපමණ කාලයක් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය හැකි ද යන්න ප්‍රශ්න කරන සුළුතර රිපබ්ලිකන් හඬට ප්‍රබල ලෙස ප්‍රතිවිරෝධය දැක්වීම සඳහා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණය කල් දැමීම ගැන විපක්ෂය ඉල්ලූ විවාදය ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කරයි!

Next Post

ජනපති ගේ මූලිකත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ.ජා.ප සභිකයින් 1137කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.