බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අපේ සෞඛ්‍ය ලොක්කන්ගේ බාල වැඩ සහ  ඉන්දියානු බාල බෙහෙත් කතාව

by Lanka Sara Editor
මැයි 28, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉන්දියානු සමාගමකින් ගෙන්වූ ඖෂධ වර්ග දෙකක් පසුගියදා ශ්‍රි ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. එයින් එකක් වූයේ ඇස් සඳහා භාවිත කරන  ප්‍රෙඩ්නිසිලෝන් දියරය භාවිත කළ පුද්ගලයන් කිහිප දෙනකුට එය භාවිතයෙන් පසුව පෙනීමේ ආබාධ ලක්ෂණ පෙන්නුම් කිරීමය. අනෙක නිර්වින්දන කටයුතු සඳහා භාවිත කරන ඖෂධයක පවතින ගැටලු  හේතුවෙන් එම ඖෂධය භාවිතය නැවැත්වීමට ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අංශ පියවර ගැනීමය.

මේ අවස්ථා දෙකේදීම රටේ  වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද සාධනිය ලෙස එම අවස්ථා හමුවේ කටයුතු කර ඇත. ඊට අදාළ සමාගම් සහ එක ඖෂධ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මූලික පියවර ගෙන ඇත.

එහෙත් මෙම අවස්ථා දෙකකට පෑහී ඉන්දියානු ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රට තුළ මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රජාව තුළ ද ඉන්දියානු ඖෂධ විරෝධයක් හො විරෝධාකල්පයක් ජනිත කරවීමට තවත් හේතුවක්ද බලපෑවේය. ඒ  අමාත්‍යංශය විසින් ගන්නා ලද තකතිරු තීරණයක් නිසාය. ඒ තීරණයට බලපෑවේ කවුරුන් හෝ බලවන්තයකුගේ අවශ්‍යතාවක් මත මෙරට ලියාපදිංචි නොවූ  ඖෂධ එරට සමාගම් දෙකකින් ගෙන්වීමට රටේ ජනාධිපතිවරයා මෙන්ම සමස්ත වෛද්‍ය ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම නොතකමින්  කටයුතු කිරීමය. මේ පියවර අධිකරණ තීරණයක් මත යම් තාක් දුරට පසුපසට ගොස් ඇත.

වරද ඇත්තේ ඉන්දියාවේ ඖෂධ නිසාද නැතිනම් මේවා ගෙන්වීමේදී ශ්‍රි ලංකාවේ  බලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත නිසාද යන්න පිළිබඳව කරුණු සබුද්ධික ව විමසා බැලිය යුතුය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අපට පෙනී යන ආකාරයට මෙරට ඖෂධ ගෙන්වීම සඳහා ශක්තිමත් ස්ථිරසාර ක්‍රමවේදයක් තිබුණද පසුගිය කාලය තුළ එම ක්‍රමවේද අතික්‍රමණය කරමින් දේශපාලකයන් සහ නිලධාරීන් කටයුතු කිරීම දක්නට ලැබුණි.

රට විදේශ සංචිත නැතිව හිගමනට වැටීමද මේ පිසාචයන්ට ආශිර්වාදයක් විය. අත්‍යවශ්‍ය ඖෂධ පවා රජයේ රෝහල්වල ඔසු ගබඩාවල හිස් වෙද්දී අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ දී විශාල සහනයක් වූයේ ඉන්දියානු රජයෙන් ලබා දුන් ණය සහනයයි.

මෙම ණය සහනය රටේ අසීරුතම කාලයේ ඉන්ධන අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර ලබා ගැනීමේදී වඩා වැදගත් වෙයි. පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පැවසූ පරිදි   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලකට වඩා ප්‍රබල ලෙස ශ්‍රි ලංකාවේ ආර්ථිකයට ආධාර ලබා දෙන්නේ ඉන්දියාවය.

මේ අනුව ඉන්දියාව විසින් ලබා දෙන  ණය සහනය අස්සේ විවිධ වංගු ගසන්නට රෙටේ ඖෂධ ජාවාරම්කාරයන් , දේශපාලකයන් සහ නිලධාරීන් වගේම ඉන්දියාවේ ඇතැම් කූට ව්‍යාපාරිකයන්ද නොපෙලඹුණේ යයි අපට කිව නොහැකිය. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ඔහු කියන පරිදි ඔහුගේ අතේ වියදමන් ඉන්දියාවට ගොස් ඖෂධ කර්මාන්ත ශාලා දෙකක් නරඹා පැමිණ මෙරට නෛතිකව ලියාපදිංචියක්වත් නැති සැපයුම්කරුවන් ලෙස ඔවුන්ගෙන් ඖෂධ ලබා ගැනීමට යත්න දැරීම වෛද්‍යවරු  දැඩි අභියෝගයකට ලක් කළහ. ඔවුන් එයින් අත්පත් විය හැකි බරපතල සෞඛ්‍ය අනතුර පෙන්වා ද්‍රන්හ. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා රටේ විධිමත් ඖෂධ ගෙන්වන ආකාරයට අනුගත ව ඖෂධ ගෙන්වන ලෙස උපසේ දී තිබියදී පවා ඔවුන් උත්සාහ කළේ ඕනෑ තරම් ලියාපදිංචි ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ සපයන ඉන්දියානු සමාගම් සිටියදී අසාධුගත වූ සමාගමකට සහ මෙරට ලියාපදිංචි  නැති සමාගමකට ඖෂධ සැපයීම් අවස්ථාව ලබා දීමටය.

එවැනි දෙකේ පන්තියේ වැඩ හේතුවෙන් ඉන්දියානු ඖෂධ කර්මාන්තයේ නම  ශ්‍රි ලංකාව තුළ පළුදු වීම අත්හිටුවීමට අවාසිදායක වන්නේ රටටය. හේතුව අද ඉන්දියාව ලෝකයේ  මිල අඩුම ඖෂධීය නාමයෙන් ඖෂධ සපයන රට බවට පත්ව ඇති නිසාය.

අද ලෝකයේ  විවිධ එන්නත් සඳහා ගෝලීය ඉල්ලුමෙන් 50%ක් සපයන්නේ ඉන්දියාවයි. එක්සත් ජනපදයේ සාමාන්‍ය ඖෂධ ඉල්ලුමෙන් සියයට 40කටත්, එක්සත් රාජධානියේ සියලුම ඖෂධවලින් සියයට 25කටත් වඩා සපයයි. දේශීය ඖෂධ කර්මාන්තයට ඖෂධ සමාගම් 3,000 ක ජාලයක් සහ නිෂ්පාදන ඒකක 10,500 ක් ඇතුළත් වේ. ගෝලීය ඖෂධ අංශයේ ඉන්දියාව වැදගත් ස්ථානයක් හිමිකර ගනී. කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇති විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන්ගෙන් විශාල සංචිතයක් ද රට සතුව ඇත. වර්තමානයේ, ඒඩ්ස් (අත්පත් කර ගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය) සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරන ප්‍රති වෛරස් ඖෂධවලින් සියයට 80 කට වඩා සපයනු ලබන්නේ ඉන්දියානු ඖෂධ සමාගම් විසිනි. ඉන්දියාව “ලෝකයේ ඔසුහල” ලෙස නිවැරදිව හඳුන්වනු ලබන්නේ එහි ඖෂධවල අඩු මිල සහ ඉහළ ගුණාත්මක බව නිසාය.

 

ඉන්දියානු ඖෂධ අංශය

ඉන්දියානු ඖෂධ කර්මාන්තය ගෝලීය වශයෙන් එහි සාමාන්‍ය ඖෂධ සහ අඩු වියදම් එන්නත් සඳහා ප්‍රසිද්ධය. වසර ගණනාවක් පුරා විචිත්‍රවත් අංශයක් ලෙස පරිවර්තනය වී ඇති අතර, වර්තමානයේ ඉන්දියානු ඖෂධ කර්මාන්තයේ  පරිමාව අනුව සැලකීමේදී  ඖෂධ නිෂ්පාදනයේ තුන්වන ස්ථානයට පත්ව ඇත. ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය පරිමාව අනුව ලොව තුන්වන විශාලතම වන අතර වටිනාකම අනුව 14 වන විශාලතම වේ. ඖෂධ අංශය දැනට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.72% කට පමණ දායක වේ.

 

මෑතදී නිකත් වූ  වාර්තාවකට අනුව, රෝගීන්ට නව නව්‍ය ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් වැඩෙන සම්මුතියක් පවතින බැවින්, 2030 අවසන් වන විට ඉන්දියානු ඖෂධ වෙළඳපොලේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 130 දක්වා ළඟා වනු ඇතැයි ගණන් බලා ඇත. මේ අතර, ඖෂධවල ගෝලීය වෙළෙඳපළ  ප්‍රමාණය නිෂ්පාදන 2023 දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 සීමාව ඉක්මවා යනු ඇතැයි ගණන් බලා ඇත.

ඉන්දියානු ඖෂධ කර්මාන්තයේ වෙළෙඳපළ ප්‍රමාණය 2024 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 65 දක්වා සහ 2030 වන විට ~US$ බිලියන 130 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජයේ දත්ත වලට අනුව, ඉන්දියානු ඖෂධ කර්මාන්තය ඩොලර් බිලියන 25 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඇමරිකානු ඩොලර් බිලියන 50 ක් පමණ වේ. අපනයනයෙන් ලැබෙන වටිනාකම. ජෙනරික් ඖෂධ ගෝලීය අපනයනයෙන් 20%ක් පමණ ඉන්දියාව විසින් සපුරාලනු ලබයි.

ඉන්දියාවේ වෛද්‍ය උපාංග අංශයේ වර්තමාන වෙළඳපල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ගෝලීය වෛද්‍ය උපාංග වෙළඳපොලේ එහි කොටස 1.5% ක් ලෙස ගණන් බලා ඇත.

ඉන්දියානු ඖෂධ සමාගම් එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ බෙහෙත් වට්ටෝරු වෙළඳපොලේ සැලකිය යුතු කොටසක් ඇත. එක්සත් ජනපදයෙන් පිටත ඇමෙරිකානු අහාර සහ ඖෂධ අධිකාරිය අනුමත කරන ලද විශාලතම  සංඛ්‍යාව ඇත්තේ ඉන්දියාවේ ය.

ඒ අනුව බලන කල එක් සමාගමක් හෝ සමාගම් දෙක තුනකන් නිකුත් වූ ඖෂධයක් හෝ දෙකක සුළු ප්‍රශ්නයකින් ඉන්දියානු ඖෂධ කර්මාන්තයටම ගැරහීම සාධාරණ නැත.

මෑත කාලයේ විවිධ ප්‍රශ්න හේතුවෙන් භාවිතයෙන් ඉවත කරන ලද සියලුම ඖෂධ ඉන්දීය ඖෂධම නොවේ. ඒවා වෙනත් රටවල් කිහිපයකම නියෝජනයක් සංකලනයක් ඇත.

එබැවින් මෑත කාලයේ අසල්වැසියකු ලෙස තීරණාත්මක සහයක ලබා දුන් ඉන්දියාව සෞභාග්‍යයට ඔසවන ඖෂධ කර්මාන්තයට පහර ගසන්නට පෙර ඔලුවට ටොකු ඇණ ගත යුත්තේ අපමය. අප මෙම ඖෂධ ගෙන්වීමේදී ඒවායේ තත්ත්වය සහතිකකරණයේදී හෝ ගුණාත්මක බව තහවුරු කිරීමේදී මහාචාර්ය සේනක බිබිලේ වැනි අද්විතීය වෛද්‍ය පෞරුෂයන්  විසින් ගොඩනගන ලද ශක්තිමත් පදනම මත පිහිටා කටයුතු කරනවාද යන්නය. ඩොලර් නැති රටේ ඩොලර්වලට ගිජුව අන්ධයන් බිහිරන් සේ අත පත ගාන පාලකයන් සහ නිලදරුවන් සිටින සමාජයක මේ ප්‍රශ්නයට පිළිතුරු නැති විය හැකිය. එහෙත් අප ස්ථිර පිළිතුරක් සකසා ගත යුතුව ඇත.

 

Share69Tweet43
Previous Post

IPL  අවසන් මහා තරගය මහ වැස්සට  සේදී යයි ද?

Next Post

ඇෆ්ගනිස්ථානය සමග එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.