බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අනියම් පෙම රසවිඳින්න සොර සැමියා හා එක්වී එකම පුතා මරා වල දැමු අම්මා.

උසාවියෙන් ඇසුණු කතා

by editor
ජූලි 27, 2021
in සමාජ
මරා දැමූ දිනේෂ්ගේ සිරුර ගොඩගත් අයුරු....

මරා දැමූ දිනේෂ්ගේ සිරුර ගොඩගත් අයුරු....

Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර

  • පුතා මැරීමේ සැළසුමට විතරක් මව දුකරකතනයක් හා සිම් පතක්ද මිළදි අරන්.


අම්මලා දරුවන් ගණිකා වෘත්තියේ යොදවන කතා ඇසේ. ණය පියවා ගනු රිසිව දරුවන් මෙහෙකාරකමට යොදවන කතා ඇසේ. ඔවුන් තමන් ඇසුරේදීම දූෂණය වී ඇති බව ඒ හෙළිවන්නේ ඒ දැරියන් සිය දිවි නසාගත් පසුවය.

“සම සිදගෙන මස් දක්වාත්,මස් සිදගෙන ඇට දක්වාත්,ඇට සිදගෙන ඇට මිදුළු දක්වාත් දරු සෙනෙහස විනිවිදන සමාජය අපෙන් දුරස් වෙමින් ඇතිදොයි සිතේ.

මේ කියන්නට යන්නේ මීට වසරකට පෙර තිස්සමහාරාම පොලිස් බලප්‍රදේශයේ සිදුවූ කතාවකි. ඒ අම්මා සිය එකම දරුවා තමන්ගේ අනියම් ඇසුරට බාධාවක් වීම නිසා අනියම් සැමියා ලවා ඝාතනය කර වළ දමා තිබුණාය.

කතාව ඇසෙන්නේ තිස්සමාහාරාමයේ කාවන්තිස්ස පුරයෙනි. තිස්සමහාරාම, කාවන්තිස්සපුර, අංක 142 ලිපිනයේ පදිංචිව සිටි වල්පිට ගමගේ කුමාරි මානෙල් 46 වැනි වියේ පසු වු එක් දරු මවකි. වයස අවුරුදු 17 දී සුමතිපාල සමග විවාහ දිවියට ඇතුළත් වු මානෙල් විවාහයෙන් වැඩිකල් නොගොස්ම පිරිමි දරුවෙකු බිහි කළාය. මෙලොව එළිය දුටු පුංචි පුතු නිසා මානෙල්ගේත් සිය සැමියාගේත් පුංචි කැදැල්ල සතුටින් පිරි පැවතුණි. එම සතුට දෙදෙනා අතර පැවතියේ වසර දෙකකටත් අඩු කාලයක් පමණි. ඒ මානෙල්ගේ පැවති කාමුක ජීවිතය නිසාය. දරුවා මෙලොවට බිහි වී වසර දෙකක් යන්නටත් මත්තෙන් නිවසේ පැවති සතුට හොරු අරන් ගියා මෙන් වීය. දෙදෙනා අතර විවිධ ආරවුල් අඬ දබර දිනෙන් දින උත්සන්න වීය. සැමියා නිවසේ නොමැති සෑම අවස්ථාවකම මානෙල් කවුරුන් හෝ පිරිමියෙකුගේ පහස සොයා ගියාය. සැමියා කොතරම් රණ්ඩු කලත්, අවවාද උපදෙස් දුන්නත් ඒවා සියල්ල ගඟට කපන ඉණි මෙන් වීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනෙන් දින පුවුල් ආරවුල් දුරදිග යාමත්, මානෙල් සිය කාමුක ජිවිතය අත්නොහැරිමත් නිසා මානෙල්ගේ සැමියා වූ සුමතිපාල තීරණයක් ගත්තේය. ඒ වන විට දරුවාගේ වයස අවුරුදු 18කට ආසන්නය.

මානෙල්ගේත් සුමතිපාලගේත් එකම දරුවාගේ නම වුයේ එස්.එච්.නුවන් දිනේෂ්ය. 18 වැනි වියේ පසු වු දිනේෂ්ටද දෙමාපිය දෙදෙනා අතර පවතින ආරවුල් පිළිබද යම් වැටහිමක් පැවතියත් දිනේෂ්ගේ කීමද මව තුට්ටුවකට මායිම් නොකළාය. මේ නිසාම සුමතිපාල දරුවාත් බිරියත් අතහැර දමා නිවසින් ගියේය.

සිය සැමියා නිවසින් පිටව යාම මානෙල්ට ලොතරැයියක් ඇදුනා මෙන් වීය. කිසිදු බාධාවකින් තොරව තමන්ට රිසි සේ පරපුරුෂයන් සොයා යන්නට මෙන්ම නිවසටද ගෙන්වා ගැනීමට මානෙල්ට හැකිවිය. සිය සැමියා මානෙල් අතහැර යාමෙන් පසු නිළ නොලත් ලෙස කුමාරි විවිධ පුරුෂයන් සමග පවුල් කෑවාය.

මේ කාලය පුරාම ඇය වීරවිල, මෝලකැපුපතානේ පදිංචි ජයවීර නැමැති පුද්ගලයෙක් සමග සබඳතාවයක් ගොඩනගානෙ සිටියා. මේ අනියම් ඇසුරට වසර 20කට ආසන්න කාලයක් පැවතී තිබිණි.

මානෙල් අවස්ථා කිහිපයකදීම විදෙස් ගතවී වසර හාමාර රැකියාව කර ලංකාවට පැමිණි කාන්තාවකි. විදෙස් ගතව සිට පැමිණි නිසා මුදල් හදල් අතින්ද මානෙල්ට අඩුවක් නොවීය. කුමාරිගේ අනියම් සැමියා වු ජයවීරද විවාහ වී සිටි අතර ඔහුද දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු කතරගම ඩිපෝවේ බස්රථ කොන්දොස්තර වරයෙකු ලෙස සේවය කළේය.

මේ පරිසරයේ දී අධ්‍යාපනය කටයුතු අත්හැරිය දිනේෂ් තිස්සමහාරාමයේම පදිංචි සුරංගිකා චතුරංගි සමග විවාහ විය. විවාහයෙන් දුවලා දෙදෙනෙකුද දිනේෂ්ටත් චතුරංගිටත් ලැබුණි. විවාහයෙන් දිනේෂ් හා චතුරංගි වෙනම නිවසක ජීවත් වුවත් දිනේෂ් නිතර නිතර මව සිටි නිවසටද ආ ගියේය. මේ යන අතරතුරේ සිය මව ජයවීර සමග එකට නිවසේ සිටිනු දැක දිනේෂ් ඊට දැඩි විරෝධය පල කළේය. අවස්ථා කීපයක දී ජයවිර සමග රණ්ඩු විය. ජයවීරට පහර දුන්නේය.

මේ නිසා ජයවීර දිනේෂ් සමග පසු වුයේද දැඩි වෛරයකිණි. දිනේෂ්ගේ විරෝධය දිනේෂගේ මව තඹයකටවත් මායිම් නොකලාය. මානෙල් ඇයට රිසි සේ ජයවීර සමග පවුල් කෑවාය. ඒ ඔවුන් දෙදෙනාටම කරදඩු උස්මහත් වු දරුවන් සිටින බවද අමතක කර දමමිණි.

මේ වනවිට ජයවීරෙගෙත් මානෙල්ගේත් ප්‍රේම කතාවට ලොකුම බාධකය වුයේ මානෙල්ගේ පුතා වු දිනේෂ්ය. දිනේෂ් නිතර නිතර මව සිටි නිවසට පැමිණියේය. මවට හොඳ හැටි මුදල් හදල්ද විය. මව සිය පුතාගේ අවශ්‍යතා සඳහාද නිතර නිතර මුදල් ලබා දුන්නාය. නමුත් වැඩි කල් නොගොස් ඊට ජයවීර හරස් වීය. මේ නිසාම මානෙල් දිනේෂ්ට මුදල් ලබා දීම ප්‍රථික්ෂේප කලාය.

දිනේෂ් සිය අනියම් ඇසුරට දැඩි ලෙස බාධා කිරීමත් හා නිතර නිතර මුදල් ඉල්ලා කරදර කිරිමත් නිසා මානෙල් මේ පිළිබදව ජයවීරට පැවසුවාය.

“දරුවගෙන් බේරෙන්න බෑ.මොකක් හරි කරන්න වෙනවා“ මානෙල් ජයවීරට කීවාය. ඊට පිළිතුරු දුන් ජයවීර “මන් තැනක් කියන්නම්. ඔයා මට ඕකව ගෙනත් දෙන්න. මං බලාගන්නම් ඉතුරු ටික“ යැයි පැවසිය.

“එක්කගෙන එන්නම්. හැබැයි කරන දෙයක් දුකක් නැති විදියට කරන්න. විඳවන්න වෙන දෙයක් නම් කරන්න එපා. කරන දෙයක් එක සැරෙන්ම කරන්න ඕනේ“ යැයි මානෙල් ජයවීරගෙන් ඉල්ලුවාය. “හරි හරි ඔයා දිනේෂ් එක්ක ගෙන එන්න වීරවිල හේනට. එහේදී දිනේෂ්ට කරන්ට් එක අල්ලලා මරන්නම්. ඒක දුක් විඳින්න වෙන දෙයක් නෙමෙයි නේ“ යැයි ජයවීර මානෙල්ට පැවසීය.

දිනේෂ් ගොවිතැන් වැඩ කරන නිසා ඊට වතුර මෝටරයක් ගැනීමට මවගෙන් කීප විටක්ම මුදල් ඉල්ලා තිබුණි. වතුර මෝටරය අරන් දෙන මුවාවෙන් දිනේෂ් ඝාතනය කිරීමට ජයවීරත් මානෙලුත් සැළසුම් සකස් කළේය. මේ සැළසුම් සඳහා මානෙල් වෙනම දුරකතනයක් හා සිම් කාඩ් එකක්ද තිස්සමහාරාම නගරයෙන් මිළදී ගෙන තිබුනේ අපරාධයෙන් පසු කිසිදු සාක්ෂියක් ඉතුරු නොකළ යුතු නිසාය.

ඝාතන කුමන්ත්‍රණයට ජයවීරගේ තවත් ඥාති සහෝදරියක වු වීරවිල, කුඩා ගම්මාන 03හි පදිංචි 41 හැවිරිදි නදීකා ප්‍රියංගනීද එක් කරගත්තේය. පෙර දිනයේ තිස්සමහාරාම නගරයේදී ජයවීරත්, නදීකාත් හා මානෙලුත් එකට හමුවී සියල්ල සැළසුම් කලේය .තිදෙනා එක්ව කුමක් සැළසුම් කලත් ජයවීරගේ හිතේ තිබුනේ වෙන සැළස්මක් බව මානෙල් හෝ නදීකා දැන සිටියේ නැත.

දිනය 2020.05.26 ය. වේලාව පස්වරු 2.30ට පමණය. මානෙල් මිළදී ගත් නව දුරකතනයෙන් ජයවීරට කෝල් එකක් ගත්තාය.

“ ඔන්න දැන් මං පුතාව අරන් තිස්ස ටවුමට එනවා. කරන දෙයක් දරුවට වේදනාවක් ඇති නොවෙන්න කරන්න ඕනේ… හොදද“යැයි ජයවීරට පැවසුවාය. දුරකතනය විසන්ධි කළ මානෙල් අලුතින් මිලදී ගත් දුරකතනය හා සිම් කාඩ් එක කුඩු කර බාත්රුම් එකේ කොමඩ් එකට දමා වතුර ගැසුවාය. සැළසුම අනුව මානෙල් සිය එකම පුතු වු දිනේෂ්ට කතා කළාය.

“පුතාට වතුර මෝටරයක් ඕන කිව්වා නේද?. අඩුවට මෝටරයක් විකුනන්න තියෙනවා කියලා කෙනෙක් මට කිව්වා. ඕනේ නම් අපිට දැන් ගිහින් ඒක ගන්න පුළුවන්. මං සල්ලි දෙන්නම්. “ මානෙල් පැවසුවාය. මවගේ වචනය ගැන දෙපාරක් නොසිතූ දිනේෂ් ඔහුගේ ත්‍රි රෝද රථයෙන් මවද කැටුව තිස්සමහාරාම නගරයට ගියේය. නගරයට ගිය දෙදෙනා පළමුවෙන්ම ගියේ නගරයේ තිබු රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකටය. එහිදී මානෙල්ගේ අතේ තිබු රන් බ්‍රේස්ලට් එකක් උකස් කර ලබා ගත් මුදලින් රුපියල් 10,000ක් දිනේෂ් අත තැබුවාය.

අසල වු සීසීටීවී කැමරාවක සියල්ල පටිගත වි තිබුණි. ඒ වන විට වේලාව 3.12ට පමණය. මුදල් අතට ගත් දිනේෂ් මව සමග ත්‍රී රෝද රථයෙන් තිස්සමහාරාම බස් නැවතුම අසලට ගියේය. පෙර දින සිදුකළ සැළසුමට අනුව ජයවීර‍ගේ ඥාති සොහොයුරිය වු නදීකා බස් නැවතුමේ සිටියාය.

බස් නැවතුමේ සිටි නදීකා පෙන්වු දිනේෂ්ගේ මව “පුතේ මේ ඉන්නේ. මෙන්න මෙයා ලඟ තමයි මෝටරය තියෙනවා කිවුවේ“ යැයි පැවසුවාය. ඒ අනුව නදීකාවද ත්‍රි රෝද රථයට නංවාගෙන තිදෙනාම වීරවිල දෙසට ගියේ වතුර මෝටරය ඇති තැනට යන්නටය. යන අතරමග දී මානෙල් ත්‍රී රෝද රථයෙන් බැස ගියාය.

නදීකා දිනේෂ්ව වතුර මෝටරය තියෙන තැනට කියා වීරවිල 08 කොළණියේ ගොඩ ඉඩමක් හා කුඹුරු ඉඩමක් සහිත ස්ථානයකට රැගෙන ගියාය. මව හඳුන්වා දුන් නදීකා සමග ගිය දිනේෂ්ට වැඩේ වැරදුණු බව දැනුනේ වතුර මෝටරය තියෙනවා කියු ස්ථානයට ගිය පසු එහි මවගේ අනියම් සැමියා වු ජයවීර සිටිනු දැකීම නිසාය.

නදිකා සමග ජයවීර අසලට යනවාත් සමගම ජයවීර ඒ අසල සගවා තිබු පොල්ලකින් දිනේෂ්ගේ ඔළු කට්ට පුපුරා යන්නට වැරෙන් පහර දෙකක් එල්ල කලේය. බිම වැටුණු දිනේෂ්ට තවත් පොළු පහරක් එල්ල කල ජයවීර ඒ අසල අඩි දෙක හමාරක් තුනක් පමණ ගැඹුරට වලක් හාරා දිනේෂ්ගේ සිරුර ඒ තුළට දැම්මේය.

දිනේෂ්ගේ බිරිද වු සුරංගිකා චතුරංගිද සිය සැමියා සවස් වන තුරුත් නිවසට නොපැමිණීම නිසා මවගෙන් ඒ පිළිබදව විමසුවාය.

“මම ටවුමේ ඉද්දී පුතා වීල් එකට කෑලි වගයක් ගන්න යනවා කියලා ගියා. මට පුතා හොයා ගන්න බැරි වුන නිසා මන් බස් එකේ ගෙදර ආවා. හවස් වෙනකොට පුතා ගෙදර ඒවි බන් “ යැයි මානෙල් සුරංගිට පැවසුවාය.

27 වන දින පෙරවරුව වන විටත් දිනේෂ් නිවසට නොපැමිණීම නිසා චතුරංගි මේ පිළිබදව තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කලාය. සිය මව සමග 26 දා තිස්සමහාරාමයට ගිය දිනේෂ් නිවසට නොපැමිණි බව ඒ පැමිනිල්ලේ සටහන්ව තිබිණි.

චතුරංගිගේ පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වු තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ එවකට හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.ජී.නිමල් මව පොලිසියට කැඳවා කට උත්තරයක් ගත්තේය.

“පුතා මාත් එක්ක ටවුමට ගියා.පුතා විල් එකට කෑලි වගයක් ගන්න යනවා කියලා වෙන කඩයකට ගියා. පුතා හොයා ගන්න බැරි වුන නිසා මං බස් එකෙන් ගෙදර ආවා“ යැයි ඇය කටඋත්තරයක් දුන්නාය.

දිනේෂ්ගේ බිරියගේ පැමිණිල්ලත් දිනේෂ්ගේ මවගේ කටඋත්තරයත් අනුව උසස් පොලිස් නිළධාරීන්ගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය. එහෙත් දිනේෂ් පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබුනේ නැත. තව තවත් දිනේෂ් සෙවීමේ පොලිස් විමර්ෂණ කටයුතු සිදුවෙමින් තිබියදී දිනේෂ්ගේ ත්‍රි රෝද රථය ඊට දින දෙකකට පසු හම්බන්තොට පැරණි රෝහල පාරේ දමාගොස් තිබියදී පොලිසිය සොයා ගත්තේය.

කුමක් හෝ පටලැවිල්ලක් සිදුව ඇති බව දැනගත් උප පොලිස් පරික්ෂක නිමල් ඇතුළු පොලිස් කණ්ඩායම නගරයේ සී.සී.ටී.වී. කැමරා එකින් එක පරීක්ෂා කළහ. එහිදී පරික්ෂණ මෙහෙය වු පොලිසියට හෝඩුවාවන් කිහිපයක් සොයා ගැනීමට හැකි වීය. දිනේෂ්ගේ මව දුන් කටඋත්තරත් සීසීටීවී දර්ශනත් අතර සැක සහිත දසුන් කිහිපයක්ම විය.

ඒ අනුව යළි දිනේෂ්ගේ මව තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට පත් දිනේෂ්ගේ මව මානෙල් හඬා වැළපෙමින් පුතු සොයා දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියාය. එහෙත් මේ වනවිට දිනේෂ්ගේ අතුරුදහන් වීමට මවගේ ඍජු සම්බන්ධතාවයක් ඇති බව පොලීසියට ඒත්තු ගැන්වී තිබුණි. මානෙල්ගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කළද මානෙල් එකම ස්ථාවරයක සිටිමින් කිසිවක් නොකීවාය.

මේ අතරේ පොලීසිය තිස්සමහාරාම නගරයේදී ත්‍රි රෝද රථයට ගොඩ වු නදීකාද අත්අඩංගුවට ගත්තේය. හදිසියේ නදිකාත් පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමග සියල්ල අවුල් වි ඇති බව දිනේෂ්ගේ මවට වැටහිනි. තව දුරටත් මේ රහස සඟවාගැනීමෙන් පළක් නොවීය. ඇය එකින් එක පොලිස් නිළධාරීන් ඉදිරියේ වමාරන්නට වුවාය.

“සර් පුතා දවස ගානේ මගෙන් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලමින් කරදර කළා. බේරෙන්නම බැරි තැන මොනවා හරි කරන්න කියලා මං ජයවීර කිවුවා “ මානෙල් පොලිසියට කීවාය.

එහෙත් ඇයගේ එම ප්‍රකාශය එක පයින් ප්‍රතික්ෂේප කළ දිනේෂ්ගේ බිරිය පොලිසිය හමුවේ දිනේෂ්ගේ මව කියන්නේ අමුලික බොරුවක් බවත් මෙම කාන්තාවගේ අනියම් ඇසුරට දිනේෂ් තදින්ම විරුද්ධ විම නිසා මෙලෙස ඝාතනය කර දමා ඇති බවත් පැවසුවාය.

දිනේෂ් ඝාතනය කර ඇති බව සහසුද්දෙන්ම දැනගත් පොලිසිය මෙම ඝාතනයේ මහ මොලකරු සොයා පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර ඒ වන විටත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි. නදිකාගේ මග පෙන්වීම අනුව දිනේෂ් ඝාතනය කළ ස්ථානයට ගිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව 2020.06.04 පස්වරුවේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර ඉදිරියේ සිරුර ගොඩ ගනු ලැබීය. ඒ වන විටත් දිනේෂ් ඝාතනයට ලක්ව දින 09ක් පමණ ගෙවී තිබුණි.

ගොඩ ගනු ලැබු දිනේෂ්ගේ සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වරයාට යොමු කරන ලෙස තිස්සමහාරාම පොලිසියට නියෝග කළාය. ඒ අනුව සිරුර පිළිබඳ වු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත සෙනෙවිරත්න සිය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කලේ මරණයට හේතුව මොට ආයුධයකින් හිසට එල්ල කල පහර හේතුවෙන් සිදු වූ බවට නිගමනය කරමිනි.

සිද්ධියට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි නදීකා හා දිනේෂ්ගේ මව වු මානෙල් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි. සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ජගත් කුමාර ජයවීර නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ඒ අනුව සිදුකල විමර්ශනවලදී කතරගම ප්‍රදේශයේ සැඟව සිටි මෙම අපරාධයේ ඝාතකයා වු ජයවීරද පොලිස් අත්අඩංගුවට පත් විය.

අපරාධයක් සිදුකර කවදාවත් සැගව සිටිය නොහැකිය. නිමක් නොමැති නොනිමි ආශාවන් නිසා අනියම් ඇසුරකට රස වැටුණු මානෙල්ට සිය පුතු අද අහිමි වි හමාරය. දිනේෂ්ගේ බිරියට සිය සැමියා අහිමිව ඇත. දිනේෂ්ගේ නව හැවිරිද දියණියට හා අවුරුදු එක හමාරේ දියණියට පියා අහිමිව තිබේ. පුතා මරා හෝ අනියම් සැප විදිමට උත්සාහ කළ මානෙල්ටත් ජයවීරටත් හා ඊට සහාය දැක් වු නදීකාටත් ජීවිතයේ අවසන් කාලයේ මහ උළු ගෙදර තපින්නට සිදු විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෘනාල් පාණ්ඩ්‍යට කොවිඩ්… අදට නියමිත ඉන්දියා – ශ්‍රී ලංකා 2වන 20යි විස්ස නවතී…

Next Post

එක් මාත්‍රාවකට කැමති බව අත්සන් ගෙන එන්නත් කළ ස්පුට්නික් දෙවැනි මාත්‍රාව අනිවාර්යයි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.