සාකච්ඡාව
ශ්‍රියානි විජේසිංහ –
විශ්ව විද්‍යාල අන්‍යධන කාර්ය මණ්ඩල සාමාජිකයින් දින 10ක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලයන් හී අධ්‍යාපන ලබන දරුවන්ගේ ජිවිතවලට එල්ල වී ඇති බලපෑම කුමක්ද යන්න පිලිබද “ලංකාසර“ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.
![](http://lankasara.com/wp-content/uploads/2024/05/Barana.jpg)
ප්රශ්නය – මේ වන විට විශ්වවිද්‍යාල අන්‍යධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ශීෂ්‍යයින්ගේ අධ්‍යාපනය එල්ල වී තිබන බාධාව කොයි වගේද කියලා පැහැදිළි කළ හැකි ද?
පිළිතුර – මේ වැඩ වර්ජනය නිසා අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා . ප්‍රධාන වශයෙන් දේශන පවත්වාගෙන යාමට සහ ප්‍රායෝගික පුහුණුවට සැලකිය යුතු බලපෑම් එල්ල වෙලා තියෙනවා.
ඒ කොහොම නමුත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට බොහෝ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුවෙනවා. නමුත් විභාග පැවැත්වීම කල් දැමීමට සිදුවෙලා තියෙනවා. මාර්ගස්ථ ක්‍රමයට යම් ප්‍රමාණයකින් දේශන පැවැත්වුවාට ප්‍රායෝගික පරික්ෂණ කරගෙන යාමට මේ තත්ත්වය තුළ හැකියාවක් නෑ.
ප්රශ්නය – මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යාපන ලබද්දි ඇතැම් ශිෂ්‍යයින්ට එයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනව. මොකද ඇතැම් ගම්බද ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් නැහැ. ඒවගේම සමහර දරුවන්ට මූල්‍ය අර්බුද තියෙනවා. මෙවැනි දරුවන්ට අසාධාරණයක් වෙනවා නේද?
පිළිතුර – කොවිඩ් වසංගතය පැමිණි කාලේත් අවුරුද්දක් විතර අපි මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන්න සිදුවුණා. එතකොටත් මේ වගේ ප්‍රශ්න තිබුණා. එහිදි දරුවන් කන්ඩායම් වගේ එකතු වෙලා අධ්‍යාපනය ලබා ගත්තා. සටහන් හුවමාරු කර ගත්තා. මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් සාර්ථක නැහැ. සියයට පනහක් විතරයි සාර්ථක
ප්රශ්නය – එතකොට මේ දරුවන්ගේ අනාගතය කෙබදු වේවිද?
පිළිතුර – ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හැටියට අපි වර්ජනයේ නියැලෙන්නේ නැහැ. ඒ නිසා මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයෙන් අපි දරුවන්ට අධ්‍යාපන ලබා දීමට කටයුතු කරනවා. පරික්ෂණ කටයුතු සඳහා ආචාර්යවරුන්ගේ කාමර විවෘත කරලා තියෙනවා. නමුත් වැඩ වර්ජනය නිසා දේශන ශාලා වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් උත්සාහ කරයි මේ දරුවන් වෙනුවෙන් ප්‍රශ්න විසඳන්න. අපි අඛන්ඩවම අධ්‍යාපනය ලබා දෙනවා.
ප්රශ්නය – කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අන්‍යධන කාර්ය මණ්ඩල යෝජනවාට විසඳුමක් ලබා දීම තවත් කල් යනවා. ඒ නිසා මොවුන් කියනවා දැනට ස්වෙච්ඡාවෙන් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වෙන බව. මෙවැනි තත්තවයක් විශ්වවිද්‍යාලය තුළ උදා වුණොත් මොකද වෙන්නේ?
පිළිතුර – අත්‍යවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වුවොත් විශ්ව විද්‍යාලයන් තුළ සිටින සතුන්ට කෑම වතුර නොදුන්නොත් මිය යන්න පුලුවන්. ඒ වගේම පරික්ෂණවල වටිනා නියැදි තියනවා. විදුලිය බිදවැටීමක් කළොත් ඒ නියැදි සියල්ලම විනාශ වෙනවා.
ඒ නිසා අපි කියන්නේ රජයට හා වෘත්තීය සමිතිවලට පොදු එකඟතාවයකට පැමිණ මේ ප්‍රශ්න ඉක්මනින් විසදා ගන්න කියලා. අපි රජයට බලකර සිටිනවා ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දෙන්න කියලා.
අනධ්‍යන සේවකයින් පමණක් නොවේ රටේ සියලුම දෙනා ජිවත් වීමේ අපහසුවක සිටින්නේ. අපි හිතනවා අනධ්‍යන සේවකයින්ට ආර්ථික යුක්තියක් ඉටු විය යුතුයි කියලා.