අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

ප්‍රියමනාපබවට එපිටින් ඇති ගුවන් සේවිකාවකගේ වගකීම

by editor
දෙසැම්බර් 25, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

අප්සාරි තිලකරත්න –

කෙනෙක් හිතන්න පුළුවන් ගුවන් සේවිකාවක් හෝ සේවකයකු  වීමට තිබිය යුතු එකම සුදුසුකම සිත්ගන්නා සුළු පෙනුම, කඩවසම් බව පමණක් බව.   එහෙත්  එය ඒ සඳහා අවශ්‍ය  එක් සුදුසුකමක් පමණයි. කෙනෙකු සිතනවා ඇති ඇය හෝ ඔහුගේ රාජකාරිය මගීන්ට කාරුණිකව සංග්‍රහ කිරීම පමණක්ම බව. ඒ ඔබ ගුවන් මගියෙකු නම් ඔබ දකින දේ අනුවයි.

නමුත් බොහෝ අය නොදන්නා ගොඩක් දේවල් මේ වෘත්තිය තුළ තියනවා. මා ගුවන් සේවිකාවක ලෙස කටයුතු කළේ අනූව දශකයේයි. එකල මේ රැකියා අවස්ථාව සඳහා සුදුසුකම් ලැබීමට සම්මුඛ පරීක්ෂණ කිහිපයකිනුත්   ලිඛිත පරීක්ෂණයකිනුත් සමත් විය යුතුව තිබුණා.

ගුවන් සේවිකාවක වීමට උගත් කමත් සමග තිබිය යුතුයි. ඒ අතරෙ වඩාත්  සැලකිල්ලට ලක් වන කාරණා කීපයක් තිබෙනවා. ඔබ චතුර ලෙස විවිධ භාෂාවන් හැසිරවීමට දක්ෂතා ඇති අයෙක් වීම, විශේෂයෙන් සිංහල ,ඉංගිරිසි ,දමිල භාෂාවන් හැරුණු කොට වෙනත් විදේශීය භාෂාවක් ඔබ දැන සිටියහොත් එය වඩාත් ඉහළ සුදුසුකමක්. මෙමගින් ඔබට දෙස් විදෙස් මගීන් සමග අපහසුතාවකින් තොරව කතා බස් කිරීමට හැකිවනු ඇති. මා එලෙස අමතර භාෂාවක් ලෙස ජපන් බස හොදින් දැන සිටීම නිසා බොහෝ අවස්ථාවල මා ජපානය වෙත ගමන් ගන්නා ගුවන් යානාවලට රාජකාරිය සඳහා කැඳවනු ලැබුවා. ඒ ගුවන් මගීන්ගේ පහසුව සඳහා වැදගත් වන නිසායි.

අයෙක් මට පැවසුවේ  හෝටල් සේවයේ යෙදී සිටි අයෙකු නම් ඒ අත්දැකීම සම්මුඛ පරීක්ෂණයේදී වැඩි ලකුණු ලබාගැනීමට හේතුවක් වන බවය. ඇත්තටම මා ඒ සුදුසුකමද සපුරා ගත්තේ කොළඹ තරු පහේ හෝටලයක සේවය කිරීමෙන්. එය එතරම් දිගු කාලයක් නොවුණත් මාස කිහිපයක පුහුණු කාලය තුළ ලැබූ අත්දැකීම් බොහෝ වැදගත් වුණා. විටෙක හෝදන ලද  සිය ගණනක් වතුර  වීදුරු, වයින් වීදුරු ඇඟිලි සලකුණු , පැල්ලම් නොසිටින සේ පිස දැමීමට සිදුවුණා. විවිධ අන්දමේ මෝස්තරවලට  නැප්කින් සිය ගණනක් නැමීමට සිදුවුණා. ඒ විවිධ උත්සව සඳහා මේස මත තැබීමට.   අමුත්තන් ආහාර ගෙන අවසන් වූ පසු පිඟන් කෝප්ප  නැවත අස් කිරීමට සිදුවුණා. සමහරකුට මෙය ලැජ්ජාවට කාරණයක් විය හැකියි. නමුත් කිසිවිටෙකත්  මෙවැනි  දේවල් සිදු කිරීම මට නම්   මදි කමක්  ලෙස දැනුණේ නෑ. ඒ මාගේ අරමුණ , ඉලක්කය සපුරාගැනීම පමණක් මා හට වැදගත් වූ නිසා. මාගේ සාර්ථකත්වයට මා ගොඩ නැංවීමට මෙවැනි සුළු දේ පවා විශාල අගයක් එක්කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගුවන් යානයට මගියෙකු ගොඩවූ වෙලාවේ පටන් නැවත බැස යන මොහොත දක්වාම ඔවුනගේ ආරක්ෂාව පවතින්නේ එහි කාර් ය මණ්ඩලය අතේ. එය ඉතාමත්ම බැරැරුම් වගකීමක්. හදිසි ගින්නක් , පිපිරීමක් , මුහුද උඩින් ගමන් ගන්නා විට හදිසි අවස්ථාවකදී දිය මත ගොඩබැස්වීමක්, නොමැතිනම් හදිසි අවස්ථාවකදී ගොඩබිම නැවතීමක් සිදුවුවහොත් මිනිත්තු කීපයක් තුළදී සියලූම මගීන් සහ කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් බැහැර කිරීම අත්‍යාවශ්‍යයි. මේ සඳහා මනා දැනුමක් සහ පුහුණුවක් අවශ්‍යයි. ඒ වාගේම ප්‍රථමාධාර , හදිසි ලෙඩකට ක්‍රියා කළ යුතු  අයුරු, කොටින්ම උඩුගුවනේදී දරු ප්‍රසූතියකට පවා ක්‍රියා කළ යුතු අන්දම දැන සිටිය යුතුය.

ගුවන් යානය තුළ ලබා දෙන ආහාර පාන පිළිබඳව   සියලූම දේ කාර්ය මණ්ඩලය ඉතා හොඳින් දැන සිටිය යුතුය. නිෂ්පාදිත රට, යොදාගන්නා අමු ද්‍රව්‍ය පවා දැන සිටීම අත්‍යාවශ්‍යයි . උදාහරණයකට පළමු පන්තියේ මගීන්ට   “කැවියාර්” නම් මාලු බිත්තර විශේෂයක් ලබා දෙනවා. මෙය ලොව මිල අධිකම ආහාර විශේෂයක්. එය ලබා ගන්නේ කැස්පියන් මුහුදේ වාසය කරන  ස්ට්‍ර්ජන් නම් මාලුවාගෙන් බවත් එය ලබා ගන්නා ආකාරය, ලබා ගන්නා ප්‍රදේශය ගැන අප දැනත් අප දැන සිටිය යුතුයි. විවිධ  වීස් වර්ග පිළිබඳවත් , එක එක වර්ගයට ගැලපෙන අනෙකුත් ආහාර, වයින් නිෂ්පාදනය වන අයුරු. සාදන ලද රට සහ වර්ෂය දැන ගැනීම තිබිය යුතුම දැනුමක් .

උස වඩාත් වැදගත් වන්නේ හදිසි අවස්ථාවකදී අත් දිගුකර  ගුවන් යානයේ ඉහළ ගබඩා කර ඇති විවිධ උපකරණ ලබාගැනීමට ඇති අවශ්‍යතාව  නිසායි.

මෙවැනි  දෑ පිළිබඳව හදාරා ඇති  දැනුම සහ ප්‍රායෝගික දැනුම අනුව අවසානයේ ගුවන් සේවයේ යෙදීමට සුදුසුකම් ලබනවා.  මෙය ඉතා වටිනා කමක් අගයක් ඇති වගකිම් බහුල රැකියාවක් බව දැනට කියන්නම්.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදයංගගේ රුසියානු සංචාරක‍යෝ 29 වැනි දා සිට එති

Next Post

හුදකලා කළ ප්‍රදේශවල හැර රටපුරා චිත්‍රපට ශාලා 01 සිට විවෘතයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.