ප්‍රවීණ චිත්‍රපට ටෙලි නාට්‍යය අධ්යක්ෂවරයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ගේය පද රචකයෙකු වන රොඩ්නි විධාන පතිරණ විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන” සුදු අප්පච්චි” මේ මස විසිවනදා (20) ජනගත කිරීමට සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ වැව් ආශ්රිත සුන්දර ගම්මානයක වෙසෙන කුඩා දරුවෙකු වටා සුදු අප්පච්චි දිවයයි.
මෙම චිත්‍රපටයේ ගාමිණී සමරකෝන්, ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ, රූපා පතිරණ, ස්ටැන්ලි ක්රිශ්ණරත්න , කැලුම් ධර්මදාස , රන්ජිත් රණසිංහ සහ එහි ප්‍රධාන ළමා චරිතයට පණ පොවන්නේ හඳුන්වා දෙන ළමා නලු අවිශ්ක විජේරත්න විසිනි. එසේම හඳුන්වා දෙන ළමා නළුවන් වන අරෝෂ විජේරත්න සහ නිශේධ ජයසිංහ ද රංගනයෙන් දායක වී ඇත.
මහේන්ද්‍ර සේනාරත්න කැමරාකරණයෙන්ද, පසත් සමරවීර සංස්කරණයෙන්ද, මාලන් විදානපතිරණ සහය අධ්‍යක්ෂණයෙන් ද දායක වන මෙම චිත්‍රපටයේ සංගීතය විශාරද මනෝජ් පීරිස් ගෙනි.
මෙහි රූගත කිරීම ඉතාලියේ හා ශ්‍රී ලංකාවේ සිදු කිරීම විශේෂත්වයකි. රොඩ්නි විදාන පතිරණ මහතා මීට පෙර “ඉර සේවය” හා “හිම තාරකා” යන චිත්‍රපට රිදී තිරයට එක් කළේය.
මෙම චිත්‍රපටය පසුගිය දිනක ඉන්දියාවේ නාග්පූර්හී පැවැත් වූ විදහර්භා ජාත්‍යන්තර සිනමා උළෙලේ (vidharbha international film festival ) තරගකාරී අංශයට තේරී පත් වුණි