බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

ෆේස්බුක් සමාගම රස්සාවක් දුන්නෙ නෑ... වසර 05කට පසුව  වට්ස් ඇප් එෆ්.බී එකට විකුණලා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ගියා...

by editor
ජනවාරි 20, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

  • ඉපදුණේ යුක්රේනයේ දුප්පත් ගමක
  • ඇමරිකාවට යුද අනාථයෙක් විදිහට ඇවිත් පිං පඩියෙන් එදා වේල පිරිමහ ගත්තා…
  • අවුරුදු 19 ක් වනතුරු තමන්ටම කියල පරිගණකයක්වත් නෑ
  • ජීවත් වෙන්න පොඩි පොඩි රස්සා කළා… යාහූ සමාගමේ පුංචි රැකියාවක් ලැබී පරිගණක ක්ෂේත්‍රය ගැන ප්‍රායෝගික අත්දැකීම් ගත්තා…

මෙය මීට කලකට පෙර කතාවකි. ඒ  අපේ සමාජය ස්මාට් දුරකථන භාවිතය හඳුනාගත් කාලයයි. දුර පළාතක සිටින ගැමියෙකු සමඟ මාධ්‍ය සඳහා සාකච්ඡාවක් පැවැත්වූයේ මගේ මිතුරියකි. අපට ඔහුගේ ඡායාරූපයක් ගැනීමට ත්‍රිකුණාමලයටත් එහා යන්නට සිදුව තිබිණ. මේ ගැන අප ඔහු සමඟ කතා කරමින් සිටින අතරේ ඔහු එක්වරම කීවේ මෙවැන්නකි.

“ප්‍රශ්නයක් නෑ. මට වට්ස් ඇප් තියෙනවා. මගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් එවන්නම්”. අප  පුදුම කරවමින් ඔහු ස්මාට් දුරකථනයක්   භාවිත කරමින් සිටියේය.

මේ මොන ඇප්ස්ද?… ඇත්තටම අපටත් වට්ස් ඇප් ගැන ඒ වනවිට ලොකු අවබෝධයක් තිබුණේ නැත. වට්ස් ඇප් නැමති මේ අපූරු ජගංම දුරකතන භාවිත මෘදුකාංගයට පවතින වටිනාකම කෙබඳුදැයි වටහා ගන්නට ගියේ නිමේෂයකි. මේ මෘදුකාංගය අපට කොළඹින් වාහනයක් කුලියට ගෙන ඡායාරූප ශිල්පියකු යැවීමට දිනයක් හමාරක් සහ විශාල මුදලක් වැය  වීමේ පැවති දැවන්ත දුෂ්කරතාව මඟ හැරී ගියේය.

අපට ඒ වෙලාවේ වට්ස් ඇප් කාගේද කොහේද යන්න සෙවීමට අවශ්‍යතාවක් වූයේ නැත. එහෙත් අද වට්ස් ඇප් මෘදුකාංගය භාවිත නොකරන ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි  කෙනෙක් නැති තරම්ය. අද වට්ස් ඇප් අයිති ෆේස්බුක් සමාගමටය. එහෙත් එය ලොවට බිහි කළේ ජෑන් කොවුම්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු මීට වසර කිහිපයකට  පෙර තම මෘදුකාංග සමාගම  ඩොලර් බිලියන 16කට  ෆේස්බුක් සමාගමට විකුණුවේය.   ඒ සමගම හදිසියේ ම ඔහු බිලියනපතියන් අතර ට එක් වූයේය.  මෙය ව්‍යාපාර ලෝකය් මෙන්ම පරිගණක ජංගම දුරකථන සමඟ බැඳුණු තොරතුරු තාක්ෂණ ලෝකයද හෙල්ලුම් කන අන්දමේ පුවතක් බවට පත් විය.

ජෑන් කොවුන්

තවමත් තරුණ  මේ සුපිරි බිලියනපතියා පිළිබඳ ව ලෝකයා උන්නදු වූ තරමටම ඔහු පිළිබඳ තොරතුරු ද පළවන්නට විය. ඔහුට විවිධ අවස්ථා සඳහා ආරාධනා ලැබෙන්නට විය. එහිදී ඔහු විසින් දක්වන ලද අදහස් පසුව ව්‍යාපාර ලෝකයේ මාධ්‍යවලද පළවිය. එම මෘදුකාංග අපේ ස්මාර්ට් ජංගම දුරකථන හරහා පහසුවෙන් හැසිරවිය හැකි වුවද ඔහු  පැමිණි මඟ නම් එතරම් පහසු නැත. මේ ඒ කතාවය.

ජැන් කොයුම් උපත ලබන්නේ යුක්රේනයේ කුඩා ගම්මානයකය. ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය  වන්නේ 13 වැනි වියේදීය. තම දෙමාපියන් සමඟ යුක්රේනය අතහැර එන්නේ ද මේ ජීවත් වීමේ  දුෂ්කරතාව නිසාමය.

ඔහු තම යුක්රේන ජීවිතය පිළිබඳව මතකය අවදි කරන්නේ මෙසේය.

“ අපි ජීවත් වුණේ හරිම දුප්පත් ගම්මානයක. මේ ගමේ මට යන්න තිබුණු පාසලත් ඒ වගේම  ඉතා අඩු පහසුකම් සහිත එකක්. අඩුම තරමේ අපේ පන්තියට සම්බන්ධ යාබද වැසිකිළියක්වත් තිබුණේ නෑ. අපට යන්න තිබුණේ ගොඩනැගිල්ලෙන්  මඳක් පහළට වන්නට තිබූ වැසිකිලියට. හිතන්න සෘණ ගාණකට උෂ්ණත්වය අඩු වුණු හිම වැටෙන කාලෙදී ළමයෙක් කොහොමද මේ වැසිකිළියට එළියට බැහැල යන්නේ කියල. ඒත් අප මේ දුෂ්කරතා වින්දා. මට අඩුම තරමින් මගේ වයස අවුරුදු 19ක් වෙනකල් පරිගණකයක් අල්ලන්නවත් ලැබුණේ නෑ. මගේ නිවසේවත් අඩුම තරමින් උණු වතුර පහසුකම්වත් තිබුණේ නෑ. ඒ වගේ ජීවිතයක් තමයි අපට යුක්රේනයේ ගෙවන්නට සිදුවුණේ.”

ඔහු තම අතීතය ආවර්ජනයට කරන්නේ එසේය.

ජෑන් කොවුම්ලාට යුක්රේනයේදී පැවති තවත් ප්‍රශ්නයක් ඔහුගේ වට්ස් ඇප් නිර්මාණය වෙද්දී බලපෑවේය. යුක්රේනයේ වැඩිහිටියන් දුරකථන භාවිත කළේ ඉතා අඩුවෙනි. එයට හේතුවක් තිබිණ. ඒ එරට රජය ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙන්නේය යන  විශ්වාසයයි. මේ බිය නිසා ඔවුහු තම පෞද්ගලිකත්වය පිළිබඳ   දැඩි සැලකිල්ලක් දැක්වූහ. වට්ස් ඇප් තුළ ද පෞද්ගලිකත්වය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට ඔහු සෑම විටෙකම උනන්දුවක් දැක්වූ බව ඔහු පසු කාලීනව පවසා තිබුණි.“

පියාගේ මරණය

“1997 දී අපේ තාත්තා මිය ගියා. ඒ හදිසියේ. ඊට පසු අපි තවත් අසරණ වුණා. මේ කාලය වනවිට මට වයස අවුරුදු 16යි.  අම්මාත් මමත් දේශපාලනික වාතාවරණය පිට ඇමෙරිකාවට සංක්‍රමණය වුණා. අපි ආවේ ලොකු මුදල් හදල් එක්ක නොවෙයි. දේශපාලනික රැකවරණ මඟින්  පැමිණි අපට කැලිෆෝනියාවෙ කුඩා ගෙයක්  ලැබුණා. ඒ  රජයේ අනුග්‍රහයෙන්. අපට මේ කුඩා කාමර දෙකේ නිවස මහා මාලිගාවක් තරම් වුණා. අපට ඉන්න හිටින්න තැනක් ලැබුණත් ජීවත් වීම සඳහා අම්මාට අරගලයක් කරන්න වුණා. එක් අතකින් මා පාසල් යනවා.“

“ මේ නිසා අම්මාට ඇමෙරිකාවට පැමිණ දහදුක් විඳින්නට සිදුවුණා. උදේට නිවසක දරුවන් බලා ගන්නට යන අම්මා සවස විශාල සුපිරි වෙළෙඳ සැළක් අතු ගාන්න යනවා. මේ මුදල්වලින් තමයි ඇය මා ජීවත් කරවූයේ. මට වයස අවුරුදු 19ක් වන තෙක් අඩුම තරමින් මටම කියා පරිගණකයක්වත් තිබුණේ නැති බව ඇසීම සමහර විට ඔබටත් පුදුම හිතෙන්න පුළුවන්.”

සුපිරි ඇමෙරිකාවේ ජීවත් වුවද ඔහු මුහුණ දුන්නේ මෙවැනි අප්‍රසන්න අත්දැකිම්වලටය.

මවගේ පිළිකාව

ඔහුගේ මේ ජීවිතයට තවත් බාධාවක් පැන නගින්නේ ඇමෙරිකානු ජීවිතය ආරම්භ කොට ටික දිනක් ගිය තැනය. ඒ මවට පිළිකාවක් වැළදී ඇති බව සැලවීමය. එයින් පසුව ඇයට රැකියාවකට යන්නට ඉඩක් ලැබුණේ නැත. මේ නිසා  කලක් ඔවුන්ට ජීවත් වන්නට සිදුවන්නේ රජයෙන් ආබාධිතයින්ට ලබා දෙන “පිං පඩියෙනි”.

පරිගණකයක් හිමිව නොතිබුණද ඔහුට පරිගණක ගැන තිබුණේ නොතිත් ආශාවකි. ඔහු පරිගණක ජාලකරණය පිළිබඳව තනිවම හැදෑරුවේය. ඔහු පරණ පොත් කඩවලට ගොස් අඩු මිලට මේ ගැන ඇති පොත් පත් මිලට ගත්තේය. ඒවා කියවමින් ජාලකරණය පිළිබඳව දැනුම වර්ධනය කර ගත්තේය. ඔහුගේ මේ දැනුම තවත් වර්ධනය වන්නේ කැලිෆෝර්නියාවේ ශාන්ත ජෝස් සරසවියට ගිය පසුවය.

“ කොතෙක් මුදල් දුෂ්කරතා තිබුණත් අපට කෙතරම් අමාරුකම් තිබුණත් මා ඉගෙනීම අත් හළේ නෑ. මට පුළුවන් වුණා, මේ විශ්ව විද්‍යාලයයේ ඉගෙන ගන්න. ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මා විවේක කාලයේ විවිධ පොඩි පොඩි  රස්සා කළා. මට අර්නස්ට් අන්ඩ් යන්ග් විගණන ආයතනයේ පරිගණක පද්ධති ආරක්ෂක පරීක්ෂකයකු ලෙස මෙලෙස අර්ධ කාලීන රැකියාවක් ලබුණා. මෙයින්  මට ඉගෙන ගන්න ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්නට පුළුවන් වුණා. මගේ රැකියාවේ එක් අංගයක් වුණේ යාහූ සමාගමේ වෙළෙඳ දැන්වීම් පද්ධතිය සමඟත් සම්බන්ධ වී වැඩ කිරීමයි. එහිදී තමයි මට බ්‍රයන් ඇක්ෂන් හමුවන්නේ. ඔහු යාහූ සමාගමේ 44 වන සේවකයා. ”

ඇක්ෂන්ගේ දැන හඳුනුම්කම් මත ජෑන් කොවුම් යාහූ සමාගමේ සේවයට යන්නේය. ඔහු යාහූ සමාගමේ වසර 9ක් පමණ සේවය කළේය.

“2000 වසරේ මගේ අම්මා නැති වුණාට පස්සේ ලෝකේ තනිවුණු මා බ්‍රයන් ඇක්සන් පවුලේ සාමාජිකයෙක් වුණා. මා අම්මාගේ මරණයෙන් පසු ව ජීවත් වුණේ බ්‍රයන්ලාත් එක්කයි.”

කෙසේ වුවද යාහූ සමාගමේ සේවයට ගිය ඔහු පරිගණක ලෝකය පිළිබඳ ව පැවැති දැනුම සහ අත්දැකීම් පුළුල් කර ගන්නේය.  ඊට යාහූ සමාගම විශාල ශක්තියක් වන්නේය. වසර නවයක් ගෙවුණි. ඔහු 2007 වසරේදී යාහූ සමාගම අතහැර යන්නට තීරණය කරන්නේ බ්‍රයන් ඇක්ෂන්ද සමගය. මේ වනවිට ඔහු ගේ බැංකු ගිණුම්වල ඉතිරි ව තිබුණේ ඩොලර් ලක්ෂ හතරක් පමණි.

“මම මුලින්ම කළේ දකුණු ඇමෙරිකාවේ සංචාරයක් යන එක. ඒ බ්‍රයන්න් ඇක්ෂන් එක්ක.

ජෝන් කොවුම් සහ බ්‍රයන් ඇක්ෂන්

නිකමෙක් ලෙස ගෙවූ 2008

2008 වසර ඔහු ගෙවා දමන්නේ ඇත්තටම නිකමකු ලෙසය.

“2008 වසරේදී පොඩි පොඩි දේ කරමින් මුදල් උපයා ගත්තත් මම පූර්ණ කාලීනව කිසිම දෙයක් කළේ නෑ. කෙමෙන් කෙමෙන් 2009 වසරත් උදා වුණා. බොහෝ අය මේ දවස්වල ඇපල් අයිෆෝන් භාවිත කරනවා මම දැකලා තිබෙනවා. මේ දුටු මා ත් ඇපල් අයිෆෝන් එකක් මිල දී ගත්තා. ඇත්තටම මෙය විප්ලවකාරී ජංගම දුරකථනයක්. ස්මාර්ට් ජංගම දුරකථනවලට තිබුණු මේ ඉල්ලුම සහ එහි භාවිතාවන්වල පවතින සුපිරි බව මට අලුත් අත්දැකීමක් වුණා. ස්මාර්ට් ජංගම දුරකථනත් හරියට කුඩා පරිගණකයක් වගේ නේ. එහි පවතින ඇප්ස් පිළිබඳව මටත් උනන්දුවක් ඇති වුණා. “වට්ස් ඇප්” බිහි වන්නේ මේ උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙනුයි.

කොවුම් පවසන්නේ ඔහුට වට්ස් ඇප් නිර්මාණය කිරීමට හේතු වන්නේ ප්‍රධාන වශයෙන් ඔහු පෙළුණු හේතු දෙකක් නිසා බවය.

“ මම ජිම් එකට ව්‍යායාම සඳහා යන විට එහි ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීම තහනම් කර තිබුණා. මේ වෙලාවේ අපට දුරකථනයක් හරහා නිහඬවම පනිවිඩයක් හෝ සන්නිවේදනයක් කිරීමට පැවැති අවස්ථාව මඟ හැරුණා. ඒ වගේම ස්කයිප් තිබුණත් මට පැවති ප්‍රශ්නයක් තමයි ඉක්මනටම ඒකේ පාස් වර්ඩ් එක අමතක වීම. මෙය ජංගම දුරකථනයක් භාවිත කිරීමේදී මට ගැටලුවක්. මේ ගැටලු දෙකට විසඳුමක් දෙන්නට මා වට්ස් ඇප් නිර්මාණය කළා. ඵය භාවිතය පහසු වූ නිසාම දෝ ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා.”

ඔහු ඔහුගේ මිතුරු ඇක්ෂන්ටත් මේ වනවිට ඉතා හොඳ වැටුප්වලට රැකියා පිරිනමා තිබුණි. ඇක්ෂන්ට ට්විටර් සමාගමෙන්ද ලොකු ඉල්ලුමක් තිබුණි. එහෙත් කොවුම් ඇක්ෂන්ට බල කළේ වෙනත් රැකියාවකට නොයා මෙම ඇප්ස් ව්‍යාපාරය දියුණු කරවමු යන්නය. ඇක්ෂන්ද ඔහුගේ ඉල්ලීමට අවනත වූයේය.

පළමු වට්ස් ඇප් කාර්යාලය

“ අපි මුලින්ම යාහූ සමාගමේ සිටි අපේ යහළුවන්ගෙන් ඩොලර් ලක්ෂ දෙක හමාරක පමණ මුදලක් මේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා එකතු කර ගත්තා. මුලින්ම පොඩි ඉඩක අප කාර්යාලයක් ද දැම්මා. ඒක ඉතා සාර්ථක පියවරක් වුණා.

අපට මේ කාර්යාල ගොඩනැගිල්ල සුව පහසු එකක් වුණේ නෑ. එහි තිබුණේ ඉතා බාල තත්ත්වයේ කාර්යාල උපකරණ, ඒ වගේම ශීත කාලයේ දී  උණුසුම් වීමේ පහසුකම් තිබුණේ නෑ. මේ නිසා අපේ කණ්ඩායමට බ්ලැන්කට් පොරවාගෙන වැඩ කරන්න සිදුවුණා. මුලදී එවැනි කැප කිරීමක් කරමින් අපට මේ මෘදුකාංග දියුණු කළ හැකි වූ නිසාම අපට ඉතාම කෙටි කලක් තුළ දී ඇපල් සමාගම් ඇප්ස් එකතුවේ වැඩිම ඉල්ලුමක් සහිත ඇප්ස් 20  අතරට එන්නට හැකියාවක් ලැබුණා. මේ අනුව 2009 වසරේ ආරම්භ කළ අපේ සමාගම 2010 වසරේ මුල් කාලය තුළදීම සාර්ථකත්වයේ පෙර ලකුණු පහළ කළා.

මෙසේ දියුණු කළ වට්ස් ඇප් සමාගම 2014 වන විට ෆේස් බුක් සමාගමට ඔවුන් විකුණා දමන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 16කටය. මේ සමගම එක රැයින් ලෝකයේ ඉහළම ධන කුවේරයන්ගේ ලයිස්තුවට එක් වීමට ජෑන් කොයුම් සමත් වන්නේය. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8කට ආසන්න ය. එය ශ්‍රී  ලංකා රුපියල්වලින් සැලකුවහොත් රුපියල් බිලියන 880කට එනම් කෝටි 88000කට අධිකය.

එදා වේල කන්න ආහාර සලාකය දුන් ප්‍රජා ශාලාව

ජෑන් කොවුම් තම ඓතිහාසික ගනුදෙනුව සිදු කිරීමට අදාළ තැන තෝරා ගත්තේද විශේෂිත ආකාරයෙනි. ඒ සඳහා යොදා ගත්තේ තමන් ජීවත් වූ ප්‍රදේශයේ පිහිටි ප්‍රජා රැස්වීම් ශාලාවකි. මෙම රැස්වීම් ශාලාවේ විශේෂත්වය වුණේ ඔහු තම මවගේ පිළිකා රෝගයත් සමඟ ආහාර සහන මුද්දර ලබා ගැනීමට පෝලිමේ සිටි ප්‍රජා රැස්වීම් ශාලාව වීමය.

“ මම හිතුවා මගේ අධ්‍යාපනයේ එක් ප්‍රතිඵලයක් ලෙසින් ලෝකයේ ප්‍රධාන පෙළේ බිලියනපතියකු වෙන අවස්ථාවේ මට එදා වේල පිරි මහ ගන්න ආහාර මුද්දර ලබා දීමට සෙවණ වූ තැන මේ ගනුදෙනුවේ ලියකියවිලි අත්සන් කිරීමේ තැන බවට පත් කර ගන්න. ජෑන් කොවුම් පවසන්නේ තමන් ව්‍යවසායකයකු වීමට කිසිදු අපේක්ෂාවක් නොතිබූ බවය. ඔහු පවසන්නේ ඔහුට අවශ්‍ය වූයේ පැවති අවස්ථා හඳුනා ගැනීම සහ   එහිදී පැවති  ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම බවය.

මේ වනවිට වට්ස් ඇප් භාවිත කරන්නන් මිලියන 700ක් පමණ සිටිනවා. පසුගිය මාස පහක කාලයක් තුළ පමණක් ක්‍රියාකාරී භාවිත කරන්නන් ගණන මිලියන 100කින් වැඩි වෙලා.  එයින්ම අපේ ජනප්‍රියත්වය දැක ගන්න පුළුවන්.

සකර්බර්ග් ගේ වට්ස් ඇප් පණිවුඩය

ජෑන් කොවුම් තම සමාගම ෆේස්බුක් සමාගම මඟ කළ ඓතිහාසික ගනුදෙනුව පිළිබඳව ද කතා කරන්නේ මෙසේය.

“ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් එයාගේ දුරකථනයටත් වට්ස් ඇප් දාගෙන. එයා මට මේ හරහා පනිවිඩයක් එව්වා. අපි මුලින්ම දිවා ආහාරයක් සඳහා හමුවුණා. ඒ අප්‍රසිද්ධියේ ජර්මානු අවන්හළක. එහිදී අප මූලික දේ කතා බහ කර ගත්තා. පසුව අපි මේ ගනුදෙනුව සිදු කර ගත්තා.”

වර්තමානයේ අපට අපේ පවුලේ සාමාජිකයන් හෝ අපේ හිත මිතුරන් සමඟ ළඟින් ඇසුරු කිරීමට තිබෙන කාලය සීමිතයි. ඒ නිසා එවැනි අයට තාක්ෂණය හරහා සමීප වන්නට අවශ්‍ය ඉඩකඩ සඳහා මෑත කාලයේ සමාජ වෙබ් අඩවි සහ ජංගම දුරකථන ඇප්ස් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබෙනවා.   එසේ නම් ඒ තුළ අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. මේ අවස්ථාව තමයි මා ප්‍රයෝජනයට ගත්තේ. මා හිතන්නේ ව්‍යවසායකයකුටත් මා මේ සාපේක්ෂව ඉතා කෙටි කලක් තුළ ලැබූ අත්දැකීම්වලින් ප්‍රයෝජනයක් ගත හැකියි. අප අවට පවතින අවස්ථා හඳුනා ගත යුතුයි. මේ අවස්ථා සඳහා ක්‍රමෝපායයික ව ඉතා සංවිධානාත්මකව ඇතුළු විය යුතුයි. එහිදී තාක්ෂණය තිබුණාද නැද්ද යන්න වැදගත් නෑ. වර්තමානයේ පවතින දේවලින් අප අනාගතය සැලසුම් කළ යුතුයි. කොවුන් සඳහන් කරයි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ නිදහස් ව නිර්මාණශීලීව සිතීමයි. ඒ අනුව ක්‍රියා කිරීමයි. එහිදි අප මූලික ඉලක්කය පිළිබඳව මිස එහිදී අප විඳිය යුතු සැප දුක් කළ යුතු කැප කිරීම් ගැන වැඩිපුර සිතිය යුතු නෑ. බොහෝ විට මා මගේ කාර්යාලයේ හිටියේ ආයතනයක අයිතිකරුවකු විදිහට නොවෙයි. බොහෝ වෙලාවට මා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ටීෂර්ට් එකක් ඇඳගෙන සෙසු කණ්ඩායම සමඟ හැඟීමෙන් යුතුව වැඩ කළා.

මීට වසර පහකට කලින් මට රැකියාවක් නැතිව ඉඳිද්දී මා ෆේස්බුක් සමාගමෙන් රැකියාවක් ඉල්ලුවාම ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.   නමුත් අද මට ෆේස්බුක් හවුල්කාරයකු බවට පත් වී ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් පත්ව ලෝකයේ බිලියනපතියකු බවට පත් ව තිබෙනවා. ඒ හුදෙක් වාසනාව නිසාම නොවෙයි. මගේ තිබුණ උනන්දුව  කැපවීම සහ දැක්ම නිසයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

Next Post

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.