අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලේ මිදෙන සීතලට අභියෝග කරන ස්විස්ටර්ලන්තයේ වර්ණවත් මිනිසා

by editor
මැයි 19, 2020 - Updated on මැයි 20, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

ජායාරූප. -ශෂි සුබ්‍රමනියම් –

සාමාන්‍යයෙන් යුරෝපයේ ජීවත්වෙන අපිට වසන්ත ,( spring)ගිම්හානය (summer)සරත් සමය(Autumn) සහ සීත සෘතුව(winter) යන සෘතු හතර හොඳින් දැනේ. එයිනුත් ආසියාතිකයන් වන අපට සීත ඍතුව එතරම් සුවදායක සනීප සෘතුවක් නොවේ. ඒ එම සෘතුවේදී අපගේ බොහෝ ජීවන රටාවන් සීමා වන බැවිනි. යුරෝපීයන්ට එම සෘතුවේදී හිම ක්‍රීඩාව වැනි විනෝදාස්වාද ජනක කටයුතු වල නිරත වීමට හැකියාව තිබුණත් අප ඒ සඳහා තවමත් නවකයින්ය.

එහෙත් මෙම සෘතු හතරම තමන්ට එක් සෘතුවක් ලෙස සලකන මිනිසෙකු අප ජීවත්වන ස්විස්ටර්ලන්තයේ ග්ලාරැස් ප්‍රදේශයේ සිටි. ඇතැම් විට ඔහු ස්විස්ටර්ලන්තයේ සිටින එවැනි එකම පුද්ගලයා ද විය හැකිය.

ඔහුට අනුව වසන්ත හා ගිම්හාන සෘතු රස්නය වැඩි සෘතුවයි. සරත් ඍතුව ඔහුට ගිම්හානයට වඩා රස්නය අඩු සෘතුවකි. ඉන් පසුව උදාවන්නේ ඊටත් වඩා රස්නය අඩු වසන්තයයි. අපේ කතානායකයාට අනුව සීත සෘතුව යනු රස්නය අඩුම වසන්තයයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජෝජ් බුලටොවික් (George Bulatovic) යනු ස්විස් ජාතිකයෙකු නොවේ. වයස අවුරුදු හැට හතක් වන ඔහු මොන්ට නීග්‍රෝ ජාතිකයෙකි. මොහුගේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ මුලින් කී ආකාරයට සෑම සෘතුවක දීම වසන්තයේදී මෙන් ක්‍රියා කිරීමත් ඇඳුම් පැළඳුම් වලින් සැරසී මත් ය. ඉන් අදහස් වන්නේ ඇතැම්විට උඩුකය නිරාවරණය වන ආකාරයෙන් සීත සෘතුවේ දීද ඔහු ගමන් බිමන් වල නිරත වීමය .

ස්විස්ටර්ලන්තයේ ඇතැම් ශීත කාල වලදී සාමාන්‍ය උෂ්ණත්වය සෘණ අගයක් ගන්නා අතර එය කිසිදු අයුරකින් මායිම් නොකරන ජෝජ් තමන්ට පුරුදු පරිදි
උඩුකය නිරාවරනව ගමන් කරයි.
ජෝඡ් ගැන නොදන්නා අයට එය එක්තරා ආකාරයක වික්‍රමයක් වැනිය. ශීත කාලයේදී ඇඳුම් තුන හතරකට වඩා ඇගලා එළියට යන අපට ඔහු දකින විට හැඟෙන්නේ විශ්මිත මිනිසෙකු ලෙසය.සීත හිම පතනයෙ පවා උඩු කය නිරාවරණය කරගෙන ගමන් කරන ඔහු දකින විට දැනෙන්නෙ ඇඟ කිලිපොළා යන හැඟීමකි .පයට පාවහන් පවා නොමැති ව ඔහු අධික හිම පතනයක් පවතින ග්ලාරුස් ප්‍රදේශයේ නිරතුරු ව ගමන් කරන අයුරු ග්ලාරුස් ජනතාවට නම් දැන් සුලභ දසුනකි .

එපමණක් ද නොවේ, ජෝජ් ජීවත්වන නිවස ද ඔහු මෙන්ම විශ්මිතය. අලංකාර කරන ලද ගෘහ භාණ්ඩ ඇතුළු නිවසේ ඇති සෑම දෙයක්ම විචිත්‍ර වර්ණ වලින් හැඩ ගන්වා ඇත. ඒ සෑම දෙයක්ම ඔහු අතින් විචිත්‍රවත් කර තිබීම විශේෂත්වයකි. විචිත්‍ර වර්ණ තමන්ට මානසික ශක්තිය සපයන බව ජෝජ් විශ්වාස කරයි. ග්ලාරැස් ජනතාව ඔහු හඳුන්වන්නේ වර්ණවත් මිනිසා ලෙසයි ….ඔහුගේ රැවුල ද වර්ණවත්ය. එපමණක් නොව තමන්ගේ පෙම්වතිය ලෙස තෝරාගෙන සිටින්නේ ද ජෝජ්ටම ගැලපෙන කාන්තාවකි. ඇය තම ජීවිතයේ නිවැරදිම තෝරාගැනීමක් බව ජෝජ් පවසන්නේ ඉමහත් ප්‍රීතියෙනි.
ඔහුට එක් සිහිනයක් තිබේ. ඒ තම නිවස කෞතුකාගාරයක් ලෙස නවීකරණය කර සංචාරකයින් සඳහා විවෘත කිරීමයි.

ජීවිතයේ අරමුණු ලෙස බොහෝදෙනා දකින්නේ ඉහළ තනතුරුවලට යෑම, ප්‍රසිද්ධ වීම හෝ මුදල් රැස් කිරීම් ආදි භෞතික දේවල්ය. එහෙත් සතුට යනු මේ කිසිවක් නොව තමන් කැමති ආකාරයකට අනිකාට බාධා නොවන ආකාරයට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම බව ජෝජ් සිය ජීවිතය හරහා කියා දෙයි.

 

Share69Tweet43
Previous Post

වැසි සමයත් එක්ක අප වැඩි දෙනෙක් ඉන්නෙ මී උණ වැළඳීමේ අවදානම් කලාපයේ

Next Post

කොවිඩ් ආසාදිත නාවික සෙබලු දෙදෙනෙක් නිසා රණවිරු සැමරුමේ සැලසුම වෙනස් වෙයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.