1. ඇපල් පුඩිම්
අවශ්‍ය ද්‍රව්‍ය
- දිය කර ගත් බටර් කෝප්පයක්
සීනි කෝප්පයක්
පාන් පිටි කෝප්පයක්
බේකිං පවුඩර් තේ හැඳි 2ක්
පොතු හැර චොප් කර ගත් ඇපල් ගෙඩි දෙකක්
කුරු දු කුඩු තේ හැන්ඳක්
සීනි, පිටි, බේකිං පවුඩර් සහ කිරි හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් භාජනයක් ලිප තබා සීනි මේස හැන්ඳක් දමා සීනි ටික කැරමල් කර එයට ඇපල් සහ කුරුඳු කුඩු එක් කර මිශ්‍ර කරන්න. ඇපල් තරමක් පිසීගෙන එන විට ලිපෙන් බා කලින් සාදාගත් මිශ්‍රණයට එක් කර බටර් තවරා ගත් ට්‍රේ එකක දමා සෙල්සියස් අංශක 180 ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30 බේක් කරගන්න.
2. බනානා පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ආනමාළු හෝ ඇම්බුන් වර්ගයේ කෙසෙල් ගෙඩි 3ක්
සීනි මේස හැඳි 4ක්
දෙහි යුෂ ස්වල්පයක්
බනානා එසන්ස්
ජෙලටින් තේ හැඳි 3ක්
කහපාට කලරින්
විපින් ක්‍රීම්
කෙසෙල් ගෙඩි පෙති කපා සීනි හා දෙහි යුෂ එක් කර මද ගින්නේ තබා ස්ටූ කරගන්න. ජෙලටින් තේ හැඳි 2ක් දමා ඩබල් බොයිල් කර වතුර කෝප්ප බාගෙකට දමා බනානා එසන්ස් හා කලරින් දමා ජෙලි එකක් සකසා ගන්න. එයට ස්ටූ කරගත් කෙසෙල් එක් කර ශීතකරණයේ තබන්න.
3. චොක්ලට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 4ක්
ජෙලටින් තේ හැඳි 6ක්
බිත්තර 4ක්
චොක්ලට් පව්ඩර් මේස හැඳි 3ක්
සීනි ස්වල්පයක්
වැනිලා තේ හැඳි 3ක්
බිත්තර කහමදවලට සීනි එක් කර බීට් කරගන්න. එයට කිරි දමා ලිපේ තබන්න. මිශ්‍රණය උතුරන විට චොක්ලට් පව්ඩර් දමා කලවම් කර ලිපෙන් බාන්න.
ජෙලටින් ඩබල් බොයිල් කර කැටි නොගැසෙන්න හැඳි ගාන්න. එයටම වැනිලා එකතු කරන්න. බිත්තර සුදු මද ඝන වෙන තෙක් බීට් කර සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න. දැන් ශීතකරණයේ තබන්න. අවශ්‍ය නම් චොක්ලට් ග්‍රේට් කර පුඩිම සරසා ගන්න.
4. නූඩ්ල්ස් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් කෝප්ප 4ක්
බිත්තර 7ක්
ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2ක්
සීනි
වැනිලා ස්වල්පයක්
නූඩ්ල්ස් ටික පොඩියට කපාගන්න. බිත්තර සහ සීනි වලට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කර හොඳින් බීට් හෝ බ්ලෙන්ඩ් කරගන්න. බිත්තර මිශ්‍රණයට නූඩ්ල්ස් සහ වැනිලා එක් කරගන්න. සීනි ස්වල්පයක් හා වතුර ටිකක් එක් කර කැරමල් කරගෙන ස්ටීම් කළ හැකි භාජනයක අඩියට දමන්න. එයට සාදා ගත් මිශ්‍රණය එක් කර පියනකින් හොඳින් වසා ස්ටීම් කරගන්න.
5. බිස්කට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- මාරි බිස්කට් පැකට් 3ක්
අයිසින් සීනි ග්‍රෑම්300
බටර් ග්‍රෑම්150
චොකලට් පව්ඩර් මේස හැඳි 1 1/2ක්
වැනිල තේ හැන්ඳක්
ක්ෂණික කෝපි මේස හැන්ඳක්
මද රස්නෙන් යුතු වතුර කෝප්පයක්
චොකලට් සෝස් සහ අවශ්‍ය නම් උඩින් ඉසීමට කජු
බටර් වලට චොකලට් පව්ඩර්, වැනිලා සහ අයිසින් සීනි එක් කර හොඳින් බීට් කරගන්න. කෝපි වතුර කෝප්පයකට සාදා ගෙන, එයට බිස්කට් කීපය බැගින් එක් කර මදක් පොඟවා ගන්න. බඳුනකට පොඟවා ගත් බිස්කට් තට්ටුව දමා, ඒ මතින් සාදාගත් චොකලට් අයිසින් තට්ටුවක් දමා ගන්න. නැවත බිස්කට් තට්ටුවක් දමා චොකලට් අයිසින් තට්ටුවක් එක් කරන්න. අවසානයේ දී අයිසින් වලින්ම කවර් කරගන්න. එයට උඩින් කජු සහ චොකලට් සෝස් දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.
6. බිස්කට් – කේක් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රෑම්500 ක රවුම් බටර් කේක්
ඇඟිලි විස්කෝතු 25ක්
කොකෝවා කුඩු ග්‍රෑම් 150
බිත්තර 4ක සුදුමද
එළකිරි බොතල් 3/4
කේක් එකට වඩා තරමක් ලොකු බඳුනක් ගෙන එය තුළට කේක් එක දමන්න. පසුව ඇඟිලි විස්කෝතු කේක් එක වටේ රවුමට භාජනයේ ඇතුළත සිටුවා තියන්න. විස්කෝතු සහ කේක් එකේ උස සමාන විය යුතුයි. සෙමින් සෙමින් කේක් එක පෙඟෙන සේ කේක් එකට උඩින් කිරි වත් කරන්න. කොකෝ කුඩු වතුර ස්වල්පයකින් උණුකර කිරි වලට උඩින් කේක් එක මතුපිටට දමන්න. බිත්තර සුදු මද හොඳින් බීට් කර කේක් එක මත දමා විනාඩි 15ක් සෙල්සියස් අංශක 180 ට බේක් කරගන්න.
7. ලෙමන් මෙරූන් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- සිනී ග්‍රෑම් 200
කෝන්ෆ්ලා තේ හැඳි 1 1/2ක්
පිටි මේස හැන්ඳක්
වතුර කෝප්ප 2 1/2ක්
බිත්තර 3ක්
ලෙමන් යුෂ තේ හැඳි 5ක්
සිහින්ව ගා ගත් දෙහි ගෙඩියක ලෙලි
මාගරින් ග්‍රෑම්50ක්
අයිසින් සීනි ග්‍රෑම්100ක්
ලුණු ස්වල්පයක්
වතුර ස්වල්පයකට පිටි, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කරන්න. ඉතිරි ජලය උණුකර එම පිටි මිශ්‍රණයටම වත්කරන්න. මිනිත්තු 15 ක් පමණ ලිපේ තබා හැඳි ගාමින් පිසගන්න. මිශ්‍රණය බඳුනෙන් ඉවතට ගෙන සිසිල් කරන්න. මෙයට බිත්තර කහමද දමා හොඳින් ගසා නැවත විනාඩි 2 ක් පමණ ලිපේ තබා උණු කරගන්න. සිහින්ව ලියා ගත් දෙහි ලෙලි ද එක් කර ලිපෙන් ඉවතට ගන්න. බටර් දමා හොඳින් ගසා ගෙන බේක් කළ හැකි පුඩින් බඳුනකට දමාගන්න.
බිත්තර සුදු මද සහ සීනි වෙනම බඳුනක ඝණ වනතුරු බීට් කර පුඩින් මිශ්‍රණය මතට වත් කර මෙය 180°C ට මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න.