අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

by editor
දෙසැම්බර් 16, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා  –
ජ්‍යෙෂ්ඨ කථිකාර්ය, මනෝ විද්‍යා අධ්‍යයන අංශය, වෛද්‍ය පීඨය,  ශ්‍රී  ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය,

සාකච්ඡා කළේ – ජානක ලියනආරච්චි

  • මත්ද්‍රව්‍ය අරගෙන හෝ වෙනත් ඖෂධ අරගෙන මෙහෙම විකල් හැසිරීමකට කවදාවත් එන්න බෑ
  • එදා ඇතිවුණු තත්වය විග්‍රහ කරගතන්න පුලුවන් මනෝ විද්‍යාත්මකව විතරයි…

මහර බන්ධනාගාර සිදුවීම තවත් එක් සිද්ධියක් පමණක්ව මතකයෙන් ඈත් වෙමින් තිබේ.  රිවස් පෙත්තේ සිට නොදන්නා හිතළු සහිත කල්පිත හා උපකල්පන හරහා ඒ මොහොතේ සැබෑ තත්වය විකෘති වූවා පමණක් නොව, එවැනි සිද්ධියකින් ලබා ගත හැකි සමාජ අවබෝධය කුඩුපට්ටම් වී ගියේය. මහර බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරී ඉන්ද්‍රජිත් පනාවැන්න මත සියලුම දුර්දාන්තයන් පැටවිනි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තෙක් කතාව දුර ගියේය.

ඇත්තටම සිදුවූයේ කුමක් ද?. මෙවැනි තත්වයන් නිවැරදිව අවබෝධ කරගත යුතුවන්නේ කෙසේ ද?.  සිද්ධිය කල් ඉකුත් වී ඇති නිසා දැන් මේ පිළිබඳ සංවාදය පහසුය.  මේ සම්බන්ධ සාධනීය පැහැදිලි කිරීමක් සඳහා ලංකාසර හා එක් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ විද්‍යා අධ්‍යන අංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ විද්‍යා අධ්‍යන අංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා
  • මහර බන්ධනාගාරයෙ ඇති වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට ප්‍රධානම හේතුව කාරණා දෙකක් ඔස්සේ මතුවුනා. එකක් මේ අය පිටින් ගෙනැවිත් තිබුණු මත්ද්‍රව්‍ය භාවිත කළා කියන එක. අනෙක රෝහලේ මානසික රෝගීන්ට ගෙනා ඖෂධ භාවතා කරලා විකල් වුණා කියන එක. ප්‍රචණ්ඩත්වයට මත්ද්‍රව්‍ය බලපාන්නෙ කොහොම ද?

ඇබ්බැහි වීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන අය සුලභව භාවිත කරන හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය  පිළිබඳව සමාජයක් ලෙස අපි දන්නවා.    මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා  මානසික ව්‍යාකූලත්වයක් ඇතිවන වගත්    අපි දන්නවා.  හැබැයි මේ කාරණාව පැහැදිලි කරගන්න අවශ්‍යයයි.  ඔය මත්ද්‍රව්‍ය සියයක් දෙනා භාවිත කළොත්    ඉතාම සුළු පිරිසකට තමයි ප්‍රචණ්ඩත්වයට නැඹුරුවන   ව්‍යාකූලතා ඇති වෙන්නෙ. ඒ හැසිරීමත් විනාඩියක් දෙකක් ඇතුළත  මත්ද්‍රව්‍ය ඇඟට ගිය ගමන්  වෙන්නෙ නෑ. අප ගත්තොත් ගංජා වැනි මත්ද්‍රව්‍යයයක්  භෞතිකව එහි රසායනික ක්‍රියාකාරිත්වය ඇති වන්නේ පැය  ගණනක් ගිහින්… සමහර විට දවස් ගානක් ගිහින්…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි හිතමු  අයිස් කියන මත්ද්‍රව්‍ය බන්ධනාගාරයේ රැඳවියන් සියලු දෙනාම එකට භාවිතා කළා කියලා. ඒ වුනත්    මත්ද්‍රව්‍යවල රසායනික ක්‍රියාකාරිත්වය නිසා ඔය තරම් විශාල පිරිසක්  ඔය කියන විදිහට හැසිරෙන්න විදිහක් නෑ. එය මොන විදිහකින්වත් වෙන්න පුලුවන් වැඩක් නෙමෙයි.  සෛද්ධාන්තිකව එහෙම කියන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්න විදිහක් නෑ. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර කාංසාව වගේ තත්ව ඇති වෙන්න පුලුවන්. නමුත් ඔය කියන තත්වයන් නෙමෙයි… මත්ද්‍රව්‍ය භාවිතයෙන් මෙවැනි විකල්වීම් සිදුවෙනවා නම් අපේ මානසික රෝහල් පිරිලා ඉතිරිලා යන්න ඕන මත්ද්‍රව්‍ය ගන්න අයගෙන්.

  • ඒත් අප දැක්කා ජනමාධ්‍ය හරහා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේදිත් කතා වුනා මේ රැඳවියන් ඖෂධ ගබාඩව කඩලා මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ භාවිත කරලා මෙහෙම විකල් විදිහට හැසිරුණ බව.

කතා කළ යුතුම මාතෘකාවක් මේක. මම ඔබේ ප්‍රශ්නයට  උත්තර දෙන්න කලින් අපට මේ ගැන මතුවුණු කාරණා කීපයක් විමසන්න වෙනවා.  .

පළමුවෙනි එක තමයි මිත්‍යා  මතයක් තියනවා මානසික රෝගවලට භාවිත කරන ඖෂධ මානසික රෝගයක් නැති අය භාවිත කළාම ඒ අය කලහකාරී විදිහට හැසිරෙනවා කියලා.  ඒක අවිද්‍යාත්මක ප්‍රලාපයක්. මෙතැනදි මට  මානසික රෝගවලට දෙන ඖෂධ  සම්බන්ධව කියන මේ අභූත චෝදනාව හා මිත්‍යා මතය ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන.

බොහෝ දෙනෙක් නොදන්නවට  මානසික  රෝගවලට භාවිත කරන ඖෂධ අවස්ථා කීපයක දි අපි මානසික රෝග නැති රෝගීනට ලබා දෙනවා.  ස්නායු සම්බන්ධ ලෙඩවලදි,  දියවැඩියාවෙන් ඇතිවන  පීඩාකාරී තත්ව වලදි වෛද්‍යවරු බොහෝ වෙලාවට මානසික රෝගවලට භාවිත කරන ඖෂධ රෝගීන්ට ලබා දෙනවා.    මානසික රෝග ඖෂධ කියලා වෙනම ඖෂධ කොට්ඨාසයක් තිබුණට ඒව භාවිත කරන්නෙ දරුණු මානසික රෝග තියන අයට විතරක් නෙමෙයි.

ඇත්තම කියනවා පහුගිය කාලෙ මේ ඖෂධ ගැන බරපතල ලෙස කතා කළ අයත් යම් යම් අවස්ථාවල දී  මානසික රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ ලබාගෙන තියෙන්න ඕන තරම් ඉඩ තියනවා. නින්ද යන්නෙ නැතිනම්, වේදනාව අඩු වෙන්න නැතිනම්, දියවැඩියා අඩු වෙන්නෙ නැතිනම්,  විතරක් නෙමෙයි,   සමහර අය හාට් ඇටෑක් හැදිලා අයි.සී.යූ හිටියා නම් අයි.සී.යූ එකේදිත් මේ ඖෂධ  දීලා ඇති.  ඉතින්  මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ ගත්තා කියලා ඔවුන් ප්‍රචණ්ඩ වුනු වගක් සැල වෙන්නෙ නෑ.

දෙවැනි කාරණාව මානසික රෝගයක් මුල් අවස්ථාවේ හෝ පැතිරී ඇති අවස්ථාවෙ අපේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික වෛද්‍යවරුන්ගේ  සිට විශේෂඥ වෛද්‍යවරු දක්වා අය ප්‍රතිකාර කරනවා. ඒක හොඳ දෙයක්. එක් වෙන්න ඕන. මොකද අපේ තියන සීමිත සම්පත් නිසා. ඒත් මේ ප්‍රතිකාර ක්‍රියාවලිය අතරමැදදි   සමහර අවස්ථාවල  අප දකිනවා ප්‍රතිකාර කරලා තියෙන්නෙ රෝග විනිශ්චයට අදාල රෝගයට නෙමෙයි කියලා.  ඒ තත්වය මානසික රෝග සම්බන්ධ මහාචාර්ය වරයෙක් අතින් වුනත් විය හැකියි. මොකද රෝග නිර්ණය වෙන්නේ   රෝගියා හා පවුලේ අය සමග ඇති වෙන සංවාදයක තොරතුරු මත නිසා.  අදාල  මානසික රෝගය  නැති අයටත් මානසික රෝග ඖෂධ දීලා තිබුණත් ඔවුන් ප්‍රචණ්ඩව විකෘති හැසිරීම් රටාවක ඉන්නවා අප දැකලා නෑ.

 

  • මහර රැඳවියන්ගේ මේ හැසිරීම මත්ද්‍රව්‍යවල රසායනික ක්‍රියාකාරිත්වයට අදාල වෙන්නෙ නෑ කියලා ඔබ කියනවා. මානසික රෝගීන්ට ලබා දෙන බෙහෙත් පානයට අදාල වෙන්නෙත්  නැති බව ඔබ කියනවා. එහෙම නම් මේ තත්වය ඇති වෙන්න හේතුව මොකක් ද?

මේක කාරණා කීපයක් මත සිද්ධ වෙච්චි  දෙයක්. මම මෙහෙම එය පෙළ ගස්වන්නම්.   පළමු කාරණාව තමයි බොරුව.  මේ හැසිරුණු අය මෙන්ම  මේ හැසිරීම විස්තර කළ අය ඔක්කොම කරන්නෙ බොරුව.  තමන්  දන්නැති  දෙවල් කියනවා. අනික තමන් දන්න දේවල් වහං කරලා බොරු කියනවා. ඒක තමයි හොඳටම පෙනෙන දේ.

ඔබ සමහර විට “ප්ලැසිබෝ ඉෆෙක්ට්“ කියන තත්වය අහලා ඇති.  මානසික රෝග නෙමෙයි, ඕනෑම ඖෂධයක්, අපි හිතමු පැරසිටමෝල් පෙත්තක් කියලා. එය ලබා දීලා අයෙකුට විශ්වාසනීය ආකාරයට  කිව්වොත් එහි බලපෑම මෙන්න මේ වගේ කියලා ඒ ආකාරයට ක්‍රියා කරනවා.  ඒ කියන්නෙ ඖෂධයේ රසායනික සංයුතිය මගින් ඇති නොකරන,    ඖෂධය ඇඟට ගිහින්  සිදුවන ක්‍රියාවලිය මගින් ඇති නොකරන  හැසිරීමක් ප්‍රකාශට පත් වෙනවා.   මේකට තමයි  ප්ලැසිබෝ ඉෆෙක්ට් කියන්නෙ. මේ සියල්ල විද්‍යාත්මකව තහවුරු කරලා තියන සාධක.

මම මේ කිව්ව  ප්ලැසිබෝ ඉෆෙක්ට් තත්වය  ඇල්කොහොල් ඇතුළු සියළුම මත්ද්‍රව්‍ය සම්බන්ධව ඇති වෙනවා.  ගංජා උරණ අය ගත්තොත් කට්ටියකට  ඒක බොහොම ශාන්ත දාන්ත හැඟීම් සහිත අත්දැකීමක්.  සමහර කට්ටියට ඒක ඒගොල්ලන්ගෙ හිතේ තියන අදහස්  උද්දීපනය වෙලා කලහකාරීත්වය ඇති  කරන තත්වයක්.

එහෙම දේවල් සිද්ධ වෙන්න තියන ඉඩකඩ විද්‍යාත්මකව පැහැදිලි කරන්නත් බෑ. මිනිස් මොළයෙ සිද්ධ වෙන රසායනික ක්‍රියාකාරිත්වය එකයි නම්  මේහෙම විවිධ හැසිරීම් අත්දකින්න විදිහක් නෑ. මේක විග්‍රහ කරගන්න පුලුවන් මනෝ විද්‍යාත්මකවම විතරයි.

 

  • කුමක් ද විද්‍යාත්මකව පැහැදිලි කරගන්න බැරිබව ඔබ කියන මේ මනෝවිද්‍යාත්මක තත්වය ?

ඒ පැහැදිලි කිරීමේ එක ප්‍රධාන අංගයක් තමයි එක්පෙක්ටේෂන් කියන එක.  ඒ කියන්නේ ඕනම මත්ද්‍රව්‍යයක්  භාවිත කරන කෙනෙක් යමක් බලාපොරොත්තු වෙනවා.  ඒ අයගෙන් ඇහුවොත් මෙනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා කියාගන්නත් බෑ. ඔවුන්ට ඒ හැඟීම ඇතිවෙලා තියෙන්නෙ ඔවුන් ඒ ඇබ්බැහියට යොමු කරපු අනිත් භාවිත කරන්නන්ගෙන්. සමහර අවිද්‍යාත්මක ජනමාධ්‍ය ප්‍රචාණයන්ගෙන්. දැන් නම් තමන්ට මත්ද්‍රව්‍යවලින් බලාපොරොත්තු වෙන දේ  විශේෂයෙන්ම ජනමාධ්‍යවල පෙනී ඉන්න නිලධාරීන්ගෙන් හා බලධාරීන්ගෙනුත් දැනගන්න පුලුවන්.

ඒ කියන්නෙ මේ මත්ද්‍රව්‍ය භාවිත කරන අය මත්ද්‍රව්‍ය භාවිත කරලා බලාපොරොත්තු විය යුතු හැසිරීම ගැන පූර්වයෙන්ම දන්නවා.  ඒ හැසිරීම  බලාපොරොත්තුවෙන් තමයි ඔවුන් ඒ අදාල ද්‍රව්‍ය භාවිත කරන්නේ.     ඒ මානසික පරිසරය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන මුල් අවස්ථාවෙ සිට හැම අවස්ථාවකම  මේ ගොල්ලන්ට දැනෙන මේ පුද්ගලික හැඟීම බොරුවක් කියනවා නෙමෙයි.  නමුත් එය ලැබෙන්නෙ මත්ද්‍රව්‍යයේ හෝ ඖෂධයේ රසායනික බලපෑම නිසා නෙමෙයි.

වඩාත් පැහැදිලි කරනවා නම් කවුරුහරි මත්ද්‍රව්‍ය භාවිතා කරලා   ඒ අයගෙ පුද්ගලික අත්දැකීමේ  සත්‍ය වශයෙන්ම ජීවත් වෙනවා. නමුත්  සැබෑ ලෙසම  ඒ සිද්ධ වෙන්නෙ මත්ද්‍රව්‍ය වල රසායනික බලපෑම නිසා නෙමෙයි. එය ලබා ගත් පුද්ගලයින්ගෙ මානසික හැසිරීම මත.

අප මහර සිද්ධියෙදිත් දැක්ක ලොකුම වෙනස මෙයයි.

අනික් කාරණාව… මාස් හිස්ටීරියා කියලා තත්වයක් තියනවා. එය මේ වගේ… ඔබ ජනමාධ්‍යවලින් සමහරවිට අහලා ඇති ඉස්කෝලවල,  කර්මාන්ත ශාලාවල එක සමාන අත්දැකීම් වයස් මට්ටම්වල ඉන්න  තරුණ ළමයි  අතරෙ කෙනෙකුට ඔළුව කැක්කුම හුස්ම හිරවීම වගේ තත්වයක් ඇති වෙලා සමූහයටම ඒ රෝග ලක්ෂණ  පහළ වෙනවා.    මේක වෙන්නෙ මානසිකව.  ඒ හැමෝම බොරු කරනවා  නෙමෙයි. ඒ අයගෙ හැසිරීමේ ප්‍රධාන ලක්ෂණය අනික් අය කරන දේ කරන එක.  මහර බන්ධනාගාරය තුළ ඇති වුනෙත් මාස් හිස්ටීරියා වැනි තත්වයක්.  මේක කීයටවත් බෙහෙතක් හෝ මත්ද්‍රව්‍යයක් නිසා ඇති වුණු තත්වයක් නොවෙයි.   මහර අති විශාල විනාශයක් වෙලා  මිනිස්සු මැරිලා වෙච්ච දේ  විශාල පාඩමක් විදිහට අපි ගන්න ඕන. ඒත් ගන්න දෙන්නෙ නෑ. ඇත්ත වහනවා.

  • මේ ආවේග ශීලීව හැසිරුණු රැඳවියන්ගේ  ස්වරූපය මනෝ විද්‍යාඥයෙක් විදිහට ඔබ විග්‍රහ කරගන්නේ කොහොම ද?

අපට එළියෙ ඉඳලා දකිනකොට මේ මිනිස්සුන්ගේ  මනස හැසිරුණු ප්‍රධානම කාරණාවක් ලෙස පේන්නෙ බිය.  කොවිඩ් සම්බන්ධව අපි ප්‍රවේසම් විය යුතුයි. ඒත් අපි ප්‍රවේසම් වීමට වඩා බය වෙලා ඉන්නේ. රැඳවියන් විතරක් නෙමෙයි, එළියෙ ඉන්න අපිත් පුදුමාකාර විදිහට බය වෙලා.  බහුතර සිර කරුවන්   මූලිකව ක්‍රියාත්මක වෙන්නෙ මේ බය කියන කාරණාවක එක්ක. එතනදි ඇති වෙනවා සමූහ හැඟීමක්. මුලින් පටන් ගත්ත  බය කියන  එක භාවිත වෙලා අති විශාල රැල්ලක් ඇති වෙනවා.  එය තමයි පේන්න තියන ලොකුම දේ. අනික් ගොඩක් දේවල් අපට කියන්න බෑ.

දැන් එක එක කතා වාර්තා වෙනවානේ. මේ ගැටුම අස්සේ පාටි දැම්මා වගේ කතා.  එහෙම   සිද්ධි ඇති වුනා නම් ඒ  වෙන්නෙ මත්ද්‍රව්‍ය නිසා වෙන්න බෑ. එහෙම මත්ද්‍රව්‍යයක් මේ ලෝකෙ නෑ.  අපේ මානසිකත්වයට ඔය ආකාරයේ ඉලක්ක ගත ප්‍රතිචාරයක් දක්වන බෙහෙතක් තිබුණා නම් වෙන කාටවත් කලින් අපි ඒ බෙහෙත් භාවිත කරනවා අපේ  රෝගීන්ගේ රෝග ලක්ෂණ යටපත් කරන්න.

  • එහෙත් අපට ඔප්පු වෙනවා මේ බෙහෙත් ගබඩාව කඩපු බව. මානසික රෝගීන් සඳහා දෙන ඖෂධ ඔවුන් කොල්ල කෑ බව. ඒ ඖෂධ පානය කරපු බවටත් තොරතුරු තියනවා.

වෙන්න පුලුවන්. මේ සිරකරුවො අතරෙ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්චි අය ඉන්නවා.  ඒ අය මානසික රෝග බෙහෙත්  ගන්න පුවන්. උදාහරණයක් විදිහට නිදි පෙති ගන්න පුලුවන්.  නිදි පෙති දෙන්නේ නිදාගන්න අපහසුතාවයක්  තියන අයට. මාංශ පේශීවල තද වීමක් තියනවා නම් දෙනවා.  ඔව්… ඔවුන් මේ බෙහෙත් ගබඩාව කඩලා ඒ බෙහෙත් භාවිත කළා වෙන්න පුලුවන්. ඒත් මා ඔබට පැහැදිලිව කිව්වෙ මේ බෙහෙත්වල රසායනික සංයුතිය මත මේ  සියලු හැසිරීම්  සිදුවන්නෙ නෑ කියන එකයි.

මේ ඖෂධවල ඇත්ත බලපෑම පැය ගණනක් ගිය පසු, ඒ කියන්නෙ පහුවදාට වගේ දැනෙනවා. ගොඩක් අයට එන්නෙ නිදිමත. ඇඟපත අමාරුව. එය තමයි බෙහෙත්වල ඇත්ත බලපෑම…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පළාත් සභා ඡන්ද හදිස්සියට බන්දුල – විමල් – උදය – සරත් විරුද්ධ වෙති

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධ අත්අඩංගුවට ගත් 267න් 33කට මිනී මැරම් චෝදනා පිට නඩු…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.