බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

බලපත්‍ර සහිතව කරන්න යන විමලවීරලා ගේ වන අලි ඝාතනය…

අපරාධකරුවන් ආයුධ පෙන්වන්න ගෙන ගියා සේ මුරණ්ඩු අලින්ගේ ප්‍රශ්නය විසඳීමට සියල්ල සූදානම්...

by editor
සැප්තැම්බර් 29, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුපුන් ළහිරු ප්‍රකාශ්
කැඳවුම්කරු – ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

  • වනජීවී වැනි සංරක්ෂණ හා ආරක්ෂණ ප්‍රමුඛතා සහිත දෙපාර්තමේන්තුවකට ඊට කිසිදු සුදුසුකමක් නැති ඇමතිවරයෙක්, හමුදා ආකල්ප සහිත විශ්‍රාමික නිලධාරියෙක් සහ කොන්දක් නැති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කරගෙන ආණ්ඩුව මේ සූදානම් වන්නේ මෙරට ජීවත්වෙන සීමිත අලි ඇතුන් සම්පත සමූලඝාතනය කිරීමටද?

 

ශ්‍රී ලංකාව ආසියානු අලි ඇතුන් ජීවත්වන සීමිත රටවල් සංඛ්‍යාවෙන් එකක් වන අතර මෙරට ජීවත්වන අලි විශේෂය ආසියානු අලින්ගේ මෙරටට ආවේණික උප විශේෂයක් ලෙස පරිණාමය වී තිබේ.

අලි ඇතුන් ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජ ආර්ථික හා සංස්කෘතික පද්ධතීන් සමග තදින් බැඳී සිටින සත්ත්ව විශේෂයකි. මෙරට වනාන්තර සහ ඒවායේ ජීවත්වෙන සතා සිවුපාවාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අලි ඇතුන් ඉටුකරන පරිසර විද්‍යාත්මක කාර්ය භාරය ඉතා සංකීර්ණ සහ විශාල එකකි.  එහෙත් මෙරටට හිමි වටිනා සම්පතක් වන අලි ඇතුන් නොනිල ආකාරයට ඝාතනය කිරීමට අවශ්‍ය ඉඩකඩ සකසා දීමට මේ රටේ දේශපාලකයින් සහ උසස් නිලධාරීන් කටයුතුකර තිබේ.

හස්ති ඝාතන වියරුව

මිනිස් ජීවිත සහ දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ලවන වන අලින්‌ අල්ලා ඉවත් කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබන්ඩාරගේ අනුමැතිය යටතේ සකස් කර ඇති නව කාර්ය පටිපාටිය මගින් මෙම හස්ති ඝාතන වියරුවේ ඉඟි ඉතා ප්‍රකටව පෙනෙන්නට තිබේ. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළ   හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) පශු වෛද්‍ය තාරක ප්‍රසාද් යන අය විසින් සාකච්ඡා මාර්ගයෙන් මෙම කාර්ය පටිපාටිය සකස්කර තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අත්දැකීම් අඩු නිලධාරීන් අලි ඇල්ලීම සඳහා යෙදවීම, අල්ලාගනු ලබන අලින්ගේ ජීවිත වලට එල්ලවිය හැකි තර්ජන නොසළකා එම සතුන් ඇල්ලීමට අවසර ලබාදීම සහ මෙවැනි අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රම හේතුවෙන් සිදුවියහැකි අලි ඝාතන සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරීම සඳහා මෙම නව කාර්ය පටිපාටියෙන් ඉඩ සලසා තිබේ.

පසුබිම

මෙම හස්ති ඝාතන වියරුවේ ආරම්භය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතාන, කටුකැලියාව ප්‍රදේශයේ ජීවත්වූ වන අලියෙකු අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය නමින් පවත්වාගෙන යන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කිරීමය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම් දෙක මේ ආකාරයට වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිමේ හේතුවෙන් උසස් නිලධාරීන්ට මෙම අලියා ඇල්ලීම සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ ගැටලුවක් මතුවිය. මෙසේ හොරොව්පතාන හස්ති වධකාගාරයට අලි ඇතුල් අල්ලා ගෙනගොස් දැමීම වනජීවී නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයක් බව ප්‍රත්‍යක්ෂවී තිබීමය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත්කළ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පෙන්වා දී තිබේ.

මරණය අපේක්ෂාවෙන් සිටින සද්දන්තයෙක්…

අලි ඝාතක හොරොවුපතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. පහළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර (එම මරණ වලින් 10ක්ම මන්දපෝෂණය හේතුවෙන් සිදුවී ඇත) ඉතිරි අලින්ට සිදුවූ දෙයක් නැත. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති.

ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුළ අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවත් නොකිවමනාය.  ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිණි.

මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි – මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව අප සිහිතබාගත යුතුය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය. ඒ බව දැන දැනත් තවදුරටත් අලි ඇතුන්ට එම ඉරණමම අත්කර දීමට වනජීවී නිලධාරීන් අකමැතිවීම සාධාරණය.

නමුත් එම යථාර්ථයට ඇහුම්කන් නොදෙන විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා දැන් සිදුකිරීමට යන්නේ අලි ඇතුනුත් වනජීවී නිලධාරීනුත් ජීවිත අවදානමකට ඇද දැමමින් තම වියරුව ඉටුකර ගැනීමටය.

වනජීවී නිලධාරීන්ගේ ජීවිත අනතුරේ

මෙතෙක් වන අලින්‌ ඇල්ලීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත්‌ කණ්ඩායමක විශේෂ රාජකාරියක්‌ ලෙස පැවතුනද එය සියලුම නිලධාරීන්ගේ‌ සාමාන්‍ය රාජකාරියක්‌ බවට මෙම කාර්ය පටිපාටිය මගින් පත්කර ඇත. එය හිතා මතාම වනජීවී නිලධාරීන්ගේ ජීවිත බිල්ලට දීමකි.

මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජකාරියේ යෙදී සිටියදී වනජීවී නිලධාරීන් ඝාතනයවූ අවස්ථා 81 ක් වාර්තාවී තිබේ. ඉන් 36 දෙනෙකු මරණයට පත්වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙනි. දෙවැනි වැඩිම නිලධාරීන් සංඛ්‍යාව වන 20ක් මරණයට පත්ව ඇත්තේ රාජකාරි අතරතුර සිදුවූ වන අලි පහරදීම් වලිනි. ඉදිරියේදී මෙම මරණ සංඛ්‍යාව තවත් සීග්‍රයෙන් ඉහළ යාමට ඇමතිවරයාගේ සහ ලේකම්වරයාගේ මෙම අත්තනෝමතික නියෝග හේතුවිය හැකිය.

එම තත්වය තුළ නිලධාරීන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහා අලි ඇල්ලීමට සහභාගීවන වනජීවී නිලධාරීන්ට ලබාදෙන අනතුරැ දීමනාව රුපියල්‌ 10,000 දක්වා ඉහළ දැමීමට ඔවුන් යෝජනා කර තිබේ. තම ජීවිත පරදුවට තබා හෝ වනජීවී නිලධාරීන් කටයුතු කරන්නේ අලි-මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් සාක්ෂාත් කරගැනීමට නම් අපට හිත හදා ගැනීමට ඉඩ තිබුණි. නමුත් මේ සිදුකරන්නට යන්නේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණට කිසිඳු සහයක් ලබා නොදෙන, වන අලි සංරක්ෂණය අතින් ඉතා අයහපත් නමුත් උසස් නිලධාරීන්ගේ උන්මාදයක්  සුවකර ගැනීම සඳහා නිලධාරීන්ගේ ජීවිත බිල්ලට දීමය.

අලි ඇතුන් නිර්වින්දනය කර මරා දැමීම

මිනිසුන් හෝ අලි ඇතුන් වැනි වන සතුන් හෝ නිර්වින්දනය කිරීම ඉතා අවදානම් කටයුත්තක් බව නොකිවමනාය. නමුත් ශල්‍යාගාර තුළ පූර්ව පරීක්ෂණ රැසකින් පසු ආරක්‍ෂිත තත්වය යටතේ මිනිසුන් නිර්වින්දනය කිරීම මගින් එම අවදානම අවම වේ. නමුත් වනාන්තරයේ ජීවත්වෙන අලියෙකු සම්බන්ධයෙන් එම තත්වය වෙනස්ය. අල්ලා ගැනීමට බලාපොරොත්තුවන අලියා හඳුනාගැනීමද අභියෝගයක් වන පසුබිමක අලි ඇතුන් තුළ  ඇති ශාරීරික සහ සෞඛ්‍ය ගැටලු  පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ප්‍රායෝගික නැත.

එසේම පශු වෛද්‍ය නිලධාරයා විසින්‌ ඔහුගේ අභිමතය පරිදි අලියාගේ ස්කන්ධය තීරණ කරමින්‌ අවශ්‍ය ඖෂධ මාත්‍රාව එන්නත්කරණය සඳහා කණ්ඩායම වෙත ලබාදීම සිදුකරයි. එය එම වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත තීරණය වේ. මාත්‍රාව වැඩි වීම අලියාගේ මරණයෙන් කෙළවර වේ.

නිර්වින්දන  ඖෂධ භාවිතයේ ඇති තවත් අවදානම් තත්වයක් වන්නේ නිර්වින්දනය වූ වන අලියා බිම ඇදවැටීමේදී පපුව හිරවීමෙන්‌, හොඬය යට වීමෙන් සහ ජලය සහිත ස්ථානය වැටීමෙන් අකාලයේ මියයාමයි.

මෙම අවදානම අවම කිරීමේ සහ අල්ලාගනු ලබන සත්වයාගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙතෙක් සිදු කෙරුණේ අලි ඇතුන් නිදිගන්වා රැහැන් දැමීමය (Standing Sedation).  නමුත් ඒ ආරක්‍ෂිත ක්‍රමය නව පටිපාටිය මගින් බලධාරීන් ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට බරපතල සංකූලතා සහ මරණය පවා අත්කරදිය හැකි ආරක්‍ෂිත නොවන නිර්වින්දන ඖෂධයක් වන ඉටොර්පීන් යොදාගෙන අලි ඇතුන් නිර්වින්දනය කිරීමට ඔවුන් අවසර ලබාදී ඇත.

ආසියානු අලින් සඳහා නිර්දේශ කර නෑ…

අප්‍රිකානු අලි සහ රයිනෝසිරස් සතුන් සඳහා නිර්මාණය කර ඇති මෙම නිර්වින්දන ඖෂධය ආසියානු අලින් සඳහා නිර්දේශ කර නැත. එම ඖෂධය යොදා නිර්වින්දනය කරන සතුන් දිගුකාලීනව වකුගඩු සහ අක්මා වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ගේ සංකූලතා වලට ලක්වීමට සහ/හෝ මරණයට පවා පත්වීමට පවා හැකියාව පවතී.

එවැනි අන්තරායකර ඖෂධයක් යොදාගෙන අලින් ඇල්ලීම මගින් වනජීවී නිලධාරීන්ට යම්කිසි ආරක්ෂාවක් සැළසෙන නමුත් කිසිදු ප්‍රයෝජනවත් යමක් ඉටු නොවෙන කටයුත්තක් සඳහා බලධාරීන් මෙසේ අලි ඇතුන්ගේ ජීවිත අවදානමේ හෙළීම මගින් පැහැදිළි වන්නේ ඔවුන්ගේ මතය අලියා මියගියත් ගැටලුවක් නොවන බවය.

එළිමන් වධකාගාරයට අලි පැටවීම

අලි ඝාතනය වුණු පසු නීතියේ පිහිට පැතීමටත් ඉඩකඩ අහුරලා…

මෙසේ අලි ඇතුන්ට මෙන්ම වනජීවී නිලධාරීන්ට ජීවිත අවදානමක් ගෙන එමින් අලි ඇතුන් ඇලීමට නියෝග කරන උන්මන්තක වනජීවී බලධාරීන් ඒ සම්බන්දයෙන් අධිකරණයේ හෝ පිහිට පැතීමට මෙරට සිවිල් පුරවැසියන්ට ඇති අයිතියද අවහිර කරයි. ඒ මෙසේ අවදානම් ආකාරයෙන් අලි අල්ලන අවස්ථාවල අලින් මරණයට පතුවුවහොත් ඒවා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද රාජකාරියකදී ඇතිවූ සිද්ධියක් ලෙස සලකා, තුන්වන පාර්ශවයකට ඊට මැදිහත්විය නොහැකි ආකාරයෙන් අධිකරණයේ කරුණු වාර්තා කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙමිනි.

බලධාරීන් මෙසේ ඉතා අත්තනෝමතික, අසාධාරණ සහ අනුවණ ආකාරයෙන් මෙරට වනජීවී සම්පත් විනාශ කිරීමට කටයුතු කරන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න උභතෝකෝටිකයකි. ශ්‍රී

ලංකාවේ පසුගිය සමයේ පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථා වලදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම් අපට මතක. එසේම වර්තමාන තත්ත්ව යටතේ මිනිස් ජීවිත සහ දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ලවන වන අලි ඇතුන්ටද එකී ඉරණමම අත්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

එසේම මෙරට ඉතා පහසු සහ අවධානම් රහිත වනජීවී ජාවාරමක් වන අලි පැටවුන් ජාවාරම සඳහාද මේ හරහා දොරටු ප්‍රවේශ වීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සුළු පටු නැත. වනජීවී වැනි සංරක්ෂණ හා ආරක්ෂණ ප්‍රමුඛතා සහිත දෙපාර්තමේන්තුවකට ඊට කිසිදු සුදුසුකමක් නැති ඇමතිවරයෙක්, හමුදා ආකල්ප සහිත විශ්‍රාමික නිලධාරියෙක් සහ කශේරුකාව පිළිබඳව ගැටලු පවතින අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කරගෙන ආණ්ඩුව මේ සූදානම් වන්නේ මෙරට ජීවත්වෙන සීමිත අලි ඇතුන් සම්පත සමූලඝාතනය කිරීමටද යන්න විමසිය යුතුය.

 

 

 

Share69Tweet43
Previous Post

බුදු දහම විශ්වයටම පොදුයි… ජාති ආගම් භේද නැතිව හදාරන්න… බුද්ධාගමට ඒ ගත් අන්වර් ෆාතිමා ජිහානා දියණිය

Next Post

චීන පොහොර රටට ගෙන්වන්නේ නැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.