සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පුරා දශක දෙකක් නිද්‍රාවේ සිට අවසන් ගමන් ගිය සෞදි කුමාරයා…. දශක දෙකම ගත කළේ කෝමා තත්ත්වයකින් දැඩි සත්කාර ඒකකයක් තුළ!

by editor
ජූලි 20, 2025
in ජීවිතය
prince-al-waleed-sleeping-prince-
Share on FacebookShare on Twitter

පුරා දශක දෙකක කෝමා තත්ත්වයකින් පසු ලෝක ප්‍රකට “ස්ලීපින් ප්‍රින්ස් ” ඊයේ (19) දිවි සැරියෙන් සමු ගත්තේය.

“ස්ලීපින් ප්‍රින්ස්” ලෙස හැඳින්වූයේ සෞදි ආරාබියේ අල්-වලීඩ්බින් කලීඩ්බින් තලාල් අල්-සවුද් කුමරු ය. ඔහු 1990 අප්‍රේල් මාසයේදී රියාද් හි උපත ලැබූවේය. කුමාරයා වන කලීඩ්බින් තලාල්ගේ වැඩිමහල් පුත්‍රයා සහ සෞදියේ කෝටිපති කුමාරයා වන අල්වලීඩ්බින් තලාල්ගේ බෑණනුවන්ය.

කවදා හෝ ඔහු නැගී සිටිනු ඇතැයි වූ තාත්තාගේ අපේක්ෂාවෙන් ඒ තාත්තා අවුරුදු 20ක් තිස්සේ බලා සිටියේය. ඒ මුළු කාලය පුරාම අල් සවුද් කුමරු සිටියේ පූර්ණ කෝමා තත්ත්වයකිනි. පුරා දශක දෙකකට වැඩි කාලයක් කෝමා තත්වයෙන් පසු ඔහු මිය යන්නේ 36 වැනි වියේ දීය.

ඔහු 1990 අප්‍රේල් මාසයේදී රියාද් හි උපත ලැබූ වේය. අල් සවුද් කුමාරයා කලීඩ්බින් තලාල්ගේ වැඩිමහල් පුත්‍රයාය. කෝටිපති රජ කුමරෙක්වන අල්වලීඩ්බින් තලාල්ගේ බෑණනුවන්ය.තරුණ අල් වලීඩ් කුමරු අවුරුදු 15වන විට අධ්‍යාපනය ලබමින් සිටියේ ලන්ඩනයේ හමුදා ඇකඩමියකය. ඒ අතර වර්ෂ 2005 දී ඔහු බරපතල මෝටර් රථ අනතුරකට මුහුණ දුන්නේය. ඉන් මොළයේ රුධිර වහනයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති කළේය. එහි ප්‍රතිඵලය වූයේ කෝමා තත්ත්වයකි.

Prince-Khaled-bin-Talal-
ස්ලීපිං ප්‍රින්ස් සිය පියා සමග…

දශක දෙකක සත්කාරය.

අනතුරෙන් පසු අල්-වලීඩ් තරුණ කුමාරයා රියාද් හි කිං අබ්දුලාසීස් වෛද්‍ය ආයතනය වෙත රැගෙන ආවේය. ඒ කෝමා තත්ත්වයෙනි. එතැන් සිට ඔහු ඊයේ (19) දිනය දක්වා වසර 20 කට ආසන්න කාලයක් සිටියේ ජීවිත ආධාරකයේ රැඳී සිටිමිනි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

අල් වලීඩ් කුමරුගේ තාත්තා ප්‍රසිද්ධියේම සිය පුතා සවි කර ඇති වෙන්ටිලේටරයෙන් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළේය. දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටි තරුණ කුමාරයාට ඉහළ මට්ටමේ දැඩි සත්කාර සඳහා ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥයින්ගෙන් විශේෂඥ උපදෙස් ඔහු ලබා ගත්තේය. ඒ තාත්තා හිතුවේ කවදා හෝ සිය දරුවා සිහිය ලබනු ඇති කියාය. තරුණ කුමාරයාගේ ඇඟිලි ඇඹරීම වැනි ඉඳහිට සිදුවන කුඩා චලනයන් ඒ තාත්තාගේ බලාපොරොත්තු දැල්වූයේය.

බලාපොරොත්තුවේ පිරිවැය

නිශ්චිත වියදම් ප්‍රසිද්ධියට පත් නොකළද, රියාද් හි ඉහළම මට්ටමේ වෛද්‍ය පහසුකමක් යටතේ රෝගියෙකු දිගු කාලීනව වෙන්ටිලේටරයක රඳවා තබාගෙන සිටීම සඳහා දැරිය යුතු දැඩි සත්කාර ඒකකයේ පිරිවැය,  විශේෂඥ උපදේශන සහ පැය විසිහතර පුරාම හෙද සේවය ඇතුළුව සම්ථ වෛද්‍ය පහසුකම් සඳහා ඒ රජපවුල වසර 20ක් පුරා කළ වියදම ඩොලර් මිලියන ගණනක් වූයේය. කුමරුගේ පවුල කිසිදු අවස්ථාව වියදම ගැන කම්පා නොවීය. , ඔහුට දිය හැකි උපරිම ඉහළම මට්ටමේ සත්කාර ලබා දුන්නේය.

ස්ලීපිං ප්‍රින්ස් සිය පියා සමග…

ආදරයේ සහ විශ්වාසයේ උරුමය

“ස්ලීපන් ප්‍රින්ස් ” ලෙස නම් කරන ලද ඔහුගේ කතාව දෙමාපියන්ගේ නොසැලෙන විශ්වාසයේ,  භක්තියේ සහ ඇදහිල්ලේ සංකේතයක් බවට පත්විය. දහස් ගණනක් දෙනා #SleepingPrince යන හැෂ් ටැගය භාවිතා කරමින් යාඥා සහ උපහාර බෙදා ගත්හ

ඔහුගේ පියා බොහෝ විට ඊද් සහ රාමසාන් සමයේදී අල්-වලීඩ්ගේ කාමරය අලංකාර කළේය. යාච්ඤා සහ පාරායනය සඳහා තම පුතාගේ සුළු ප්‍රතිචාර මතකයන් බෙදා ගත්තේය. එහෙත් “ස්ලිපින් ප්‍රින්ස් ” යළි කවදාවත් අවදි වූයේ නැත. දෑස් ඇර ලෝකය දෙස බැලුවේ නැත.

2025 ජූලි 19 වන දින”ස්ලීපින් ප්‍රින්ස්”ගේ පියා කාලිඩ් කුමරු තම පුත්‍රයාගේ අභාවය ප්‍රකාශයට පත් කළේය.

“අල්ලාහ්ගේ නියෝගය විශ්වාස කරන හදවත් සමඟ … අපි අපගේ ආදරණීය පුත්‍රයා ගැන ශෝක වෙමු,” ඔහු කීවේය.

අද දින රියාද්හි ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේදී සිදුකළ වේදනාත්මක අවමංගල්‍ය යාඥාවෙන් අනතුරුව “ස්ලීපින් ප්‍රින්ස්” අවසන් ගමන් ගියේ.

ඔහුගේ මරණය සිද්ධ වෙන විට වයස අවුරුදු 36කි. ඒ කාලය පුරා දිවියෙන් අඩකට වඩා එනම් වසර 20ක් ඔහු සිටියේ කෝමා තත්ත්වයෙනි. “ස්ලීපින් ප්‍රින්ස්” හෙවත් අල්-වලීඩ් කුමරුගේ ජීවිතය කතාව බොහෝ දේ ලෝකයට සන්නිවේදනය කර තිබිණි.

පවුල් ආදරය, ඇදහිල්ල සහ ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තුවෙන් දෙමාපියන් ගත කරන කාලය ගැන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුරාවිද්‍යා නිලධාරීන් ලෙස පැමිණ නිධන් හෑරූ කම්බ හොරු 05ක් අත් අඩංගුවට…

Next Post

නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත් කරයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.