අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

නවසීලන්තයේ විචිත්‍රත්වය සමග ජාත්‍යන්තරයට ගිය පච්චය

by editor
නොවැම්බර් 7, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සේමාලි කැල්ලපත – නවසීලන්තයේ සිට-

කාන්තා දෑතින් පාලනය වන රටවල් ලෝකයේ ඇත්තේ අතළොස්සකි. නවසීලන්තය කාන්තාවන් පාලනය කරන රටවල් අතරින් වත්මනෙහි වඩාත් නම කියැවෙන රටක් බවට පත්ව ඇත්තේය. නවසීලන්ත වත්මන් අගමැතිනී ජසින්ඩා ආඩර්න් නිසාය. පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත් ඇය පසුගියදා සිය කැබිනට් මණ්ඩලය පත් කළාය. ඒ සමඟින් දැන් යළිත් වතාවක් නවසීලන්තය ගැන ලොව පුරා කතාබහක් ඇරැඹී ඇත්තේය.

ලෝක මාධ්‍ය මෑතකදී නවසීලන්ත පාර්ලිමේන්තුව හැඳින්වූයේ ලොව වඩාත්ම විවිධාංගීකරණයට ලක්වූ පාර්ලිමේන්තු අතරින් එකක් ලෙසය. රටේ විවිධ සුළු ජනකොටස් නියෝජනය වනසේ ඇය පත්කළ නව කැබිනට් මණ්ඩලය ගැන කාගේත් ඇත්තේ සුබවාදී අදහසකි.

ජසින්ඩා සිය විදේශ ඇමතිනිය නනාලා මහුටා සමග

ජසින්ඩා ආඩර්න් අගමැතිනියගේ නව කැබිනට් මණ්ඩලය ගැන මෙලෙස ලොව පුරා කතාබහට ලක්වීමට ප්‍රධානම හේතුව වූයේ ඇගේ කැබිනෙට්ටුවේ විදේශ ඇමැතිවරිය යි. නවසීලන්ත ආදිවාසී ජනතාව වන මවුරි ජාතික කාන්තාවක විදෙස් ඇමැති තනතුරට පත් පළමු අවස්ථාව මෙය වෙයි. ඇය නනායියා මහුටා ය. මහුටා එරට පාර්ලිමේන්තුවට පත් පළමු මවුරි ජාතික කාන්තාවද වන්නීය. ඒ මීට සිවු වසරකට පෙරය. මීට පෙර ඇමැති තනතුරු ගණනාවක් දරා ඇති ඇය අවසන්වරට කටයුතු කළේ නිවාස හා මවුරි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිනිය ලෙසය. ආර්ඩන් අගමැතිනිය තම පෙර කැබිනෙට්ටුවේ  විදෙස් ඇමැති හා උප අගමැති ධූරය පිරිනමා තිබුණේ ද මවුරි ජාතිකයකු වන වින්ස්ටන් පීටර්ස්ට වීමද විශේෂයකි.

ජනවර්ග රැසක් ජීවත්වන නවසීලන්තයේ මවුරි ජාතිකයන් හඳුනාගත හැකි එක් සලකුණක් වන්නේ පච්චයයි. ශරීරයේ කාටත් පෙනෙන තැනක සම්ප්‍රදායික රටාවලින් යුතුව ඉතා සංකීර්ණ රූප ලෙස සලකුණු කරන පච්චයෙන්  සංස්කෘතික අංග ප්‍රකාශනය කරමින් මවුරි ජාතිකයකුවීමේ අභිමානය කියාපායි. පච්චා සලකුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර ඉන් ඇයගේ හෝ ඔහුගේ සමාජ තත්ත්වය, වෘත්තිය සහ පවුල් ඉතිහාසය පෙන්නුම් කෙරේ. පච්චා සලකුණු මගින් ඔවුහු සිය මුතුන්මිත්තන් හා සම්බන්ධ කෙරෙන බව මවුරි ජාතිකයෝ විශ්වාස කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නනාලා මහුටා ගේ මුහුණේ කොටා ඇති සම්ප්‍රදායික පච්ච සලකුණ

මවුරි බසින් පච්චය හැඳින්වෙන්නේ ‘මොකො’ නමිනි. පච්චා නොකෙටූ මවුරි ජාතිකයකු වේනම් ඒ කලාතුරකිනි. මවුරි ජාතික කාන්තාවන්ගේ සම්ප්‍රදායික පච්චා සලකුණ බොහෝවිට ඇත්තේ තොලෙහි හා තොලට යටින් නිකටේය. පිරිමි මුහුණේ, පාදයේ හා කලවා ප්‍රදේශයේ පච්චා සලකුණු කරති. 

නවසීලන්ත දේශපාලනයේ පච්චා සලකුණු තවමත් දුර්ලභ නමුත් මුහුණේ පච්චා කෙටීම වත්මන් නවසීලන්ත සමාජයේ බොහෝ ව්‍යාප්ත වෙමින් පවතී. මුහුණේ නැතත් අතේ උඩ බාහුවේ මැණික් කටුව ආසන්නයේ පච්චා සලකුණු යෙදීම දැන් මෙරට තරුණියෝ පවා විලාසිතාවක් ලෙස කරති. එහෙත් ඒ් සැම මවුරි ජාතිකයෝ නොවෙති.

විදෙස් ඇමැතිනී මහුටාගේ පච්චා සලකුණු යෙදීමේ උත්සවය පවත්වා ඇත්තේ ඇය පාර්ලිමේන්තුවේ පළමු මවුරි මන්ත්‍රීවරිය ලෙස පත්වීමෙන් පසු 2016 වසරේදීය. ඇගේ මුවට යටින් තොල් දෙකද කළුපැහැ ගන්වමින් යොදා ඇති පච්චා සලකුණෙන් පුරාණ මවුරි රැජනකට ඇති ඥාති සබඳතාව පෙන්නුම් කරන බව පැවසේ.

නනාලා මහුටා පච්චය කොටාගන්නට පෙර

රටේ වගකිවයුතු තනතුරකට පත්වීමෙන් මහුටා දේශීය ජන සමාජයට ඉහළ වටිනාකමක් එක් කර ඇතැයි මවුරි ජාතිකයෝ අදහති.  මෙතෙක් නවසීලන්තය පමණක් දැනසිටි ඔවුන්ගේ ‘පච්චා සලකුණ’ මහුටා, නොසිතූ තැන්කරා එනම් ලොවපුරා ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන කරා ගෙනයනු ඇති බවටද ඔවුහු විශ්වාසය පළ කරති.

“ අපගේ සංස්කෘතිය දැන් ජාත්‍යන්තර මට්ටමට එක් වුණා. මවුරි පෙනුම මවුරි කතාව හා මවුරි හඬ ජාත්‍යන්තරයට යන පළමු අවස්ථාව මෙයයි. අපේ මුතුන්මිත්තන්ගේ සලකුණුවලින් සැරසුණු මහුටා මවුරි ජාතිකයන්ට යාහැකි දුරත් අපට සීමා මායිම් නොමැතිබවත් ලෝකයාටම පෙන්වා දේවි” 

නවසීලන්තයෙන් ලෝකයට යන පච්චා සලකුණ ගැන මෙලෙස මවුරි ජාාතිකයන් උදම් අනද්දී නවසීලන්ත ලේඛිකාවක මහුටාගේ පච්ච සලකුණ හෙළා දකිමින් කළ ප්‍රකාශයක් දැන් රටේ බහුතරයකගේ‌ උදහසට ලක්ව තිබේ. ඔලිවියා පියර්සන් නමැති ලේඛිකාව පච්චය රාජ්‍ය තාන්ත්‍රිකයකුට සුදුසු නොවන්නක් යැයි පවසා ඇත්තේ ප්‍රසිද්ධියේම මහුටාගේ පච්චා සලකුණ විවේචනය කරමිනි.

“මුහුණේ පච්චා කෙටීම විශේෂයෙන්ම කාන්තා රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ, කැත අශිෂ්ට ක්‍රියාවක්” යනුවෙන් ඇය සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කර තිබුණාය.

ලේඛිකාවගේ මේ ප්‍රකාශයට එල්ලවූ විරෝධය කෙතෙක් ද යත් මෙරට ප්‍රධාන පෙළේ වෙබ් අඩවියක් එම ලේඛිකාවගේ සියලුම කෘති සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කළේය. තවත් ආයතන ඇගේ පොත් විකිණීම අත්හිටවූයේය. මේ ප්‍රකාශය වහාම ඉවත් කරන ලෙසට ට්විටර් පරිහරණය කරන බොහෝ දෙනා ඇයට දොස් පවරමින් බල කළහ. එසේම නවසීලන්ත ජනවාර්ගික කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා එම සඳහන හෙළා දකිමින් “මහුටාග් පච්චා සලකුණ මවුරි ජාතිකයන්ට විශේෂ බවත් එය සැමරිය යුතු දෙයක්” බවත් පවසා තිබේ.

සියල්ලට ප්‍රතිචාර ලෙස ඔලිවියා පියර්සන් සඳහන් කරන්නේ පච්චා සලකුණ හෙළා දැකීම නිසා තමාට මරණීය තර්ජන එල්ලවී ඇති බවයි.

ඇතැම් විදෙස් මාධ්‍ය මහුටාගේ විදේශ ඇමැතිධූර පත්වීම සඳහන් කළේ ‘පච්චාවක් කෙටූ කාන්තාවක්’ යන්න ඇය ගැන හැඳින්වීමට යොදමිනි. මේ ගැන නවසීලන්තයේ කීර්තිමත් හිටපු අගමැතිවරියක වන හෙලන් ක්ලාක් සහ මවුරි කවුන්සලය පසුගියදා සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත්තේය.

පච්චය සහ ආදිවාසී සම්භය නිසා මහුටා හෙළා දකිමින් කතා කිරීමට ඇතැමුන් පෙලඹුණත් ඇය උගත් සහ තම වර්ගයා වෙනුවෙන් නිතරම පෙනී සිටින කාන්තාවකි. නවසීලන්ත ආදිවාසී ජනයා විවිධ ගෝත්‍රවලින් පැවැත එති. මහුටා අයත් වන්නේ වයිකටෝ ටයිනුයි නමැති ගෝත්‍රයටය. ඇය ඍජුවම ගෝත්‍රික රාජ පරම්පරාවකට සම්බන්ධ බව පැවසේ. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔ්ක්ලන්ත විශ්වවිද්‍යාලයෙන් මවුරි ව්‍යාපාර සංවර්ධන උපාධිය ලබාගත් ඇය එම විශ්වවිද්‍යාලයේම පර්යේෂණ නිලධාරිනියක ලෙස සේවය කළාය. මහුටා සමාජ මානව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිනියක ද වෙයි.

ආදිවාසී වාර්ගිකත්වය හුවා දක්වමින් තම සම්ප්‍රදායට අනුව යමින් නිකටේ පච්චා සලකුණ යොදා ගත් මහුටා ඒ සම්බන්ධයෙන් කවුරු මොනවා කීවත් ඒ කිසිවකටත් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්නීය.

ඇතැම් විදෙස් මාධ්‍ය මහුටාගේ විදේශ ඇමැතිධූර පත්වීම සඳහන් කළේ ‘පච්චාවක් කොටූ කාන්තාවක්’ යන්න ඇය ගැන හැඳින්වීමට යොදමිනි. මේ ගැන නවසීලන්තයේ කීර්තිමත් හිටපු අගමැතිවරියක වන හෙලන් ක්ලාක් සහ මවුරි කවුන්සලය පසුගියදා සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත්තේය.

සිය ආදීවාසී වාර්ගිකත්වය හුවා දක්වමින් තම සම්ප්‍රදායට අනුව යමින් නිකටේ පච්චා සලකුණ යොදා ගත් මහුටා ඒ සම්බන්ධයෙන් කවුරු මොනවා කීවත් ඒ කිසිවකටත් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්නීය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරැල්ල පොලිසියේ බේරුණේ අට දෙනයි ප්‍රදේශයේ රාජකාරියට පිටින් පොලිසිය ගෙනෙයි

Next Post

30 වැනි කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වේ… ඒ මණයත් කොළඹ නගර සීමාවෙ…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.