අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඇල්ප්ස් පාමුල වැජඹෙන කඩවසම් ගවයෝ හා රූප රාජිනී දෙන්නු

by editor
සැප්තැම්බර් 1, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර-
ජායාරූප ශෂි සුබ්‍රමනියම්-

  • එක් රූ රැජිණයක් දිනකට කිලෝ ග්‍රෑම් 70වත් 140ත් අතර ප්‍රමාණයක් ආහාර ගන්නවා…  වතුර ලීටර් 80ක් බොනවා…
  • කඩවසම් ගවයා, සුන්දර පියයුරු හිමි එළදෙන, යොවුන් එළදෙන, යොවුන් ගවයා, රූ රැජනට අමතරව තෝරනවා…
  • ස්විස් ගව රූ රැජන යුරෝපා ගව රූ රැජන තරගයට ඉදිරිපත් කරනවා… ගිය අවුරුද්දේ යුරෝපා රූ රැජන ස්විස්ටර් ලන්තයේ ලේඩි ගගා…

ඔක්තෝබර් මාසය ස්විස් වැසියන්ට, විශේෂයෙන් ග්‍රාමීය ස්විස් ජනතාවට වර්ෂයේ වැදගත්ම මාසයකි. ඒ ඔක්තෝම්බර් මාසයේදී ගමින් ගමට ,නගරයෙන් නගරයට රූප රැජිණියන් බිහි වන බැවිනි. රූප රැජිණියන්ට අමතරව කඩවසම් කුමරුන්, මෙන්ම සුන්දර පියයුරු වලට හිමිකාරියන්ද ඔක්තෝම්බර් මාසයේදී බිහි වීම විශේෂත්වයකි .

Viehschau
උත්සවය වෙනුවෙන් ගවයින් පෙළ ගස්වමින්…

ඔක්තෝම්බර් මුල් සතියේ සිට සති කිහිපයක් යනතුරා බොහෝ ස්විස් මාධ්‍යවල මුල් පිටුව සැරසෙන්නේ මෙම රූප රැජිනියන්ගේ ඡායාරූප වලින් හා ඔවුන්ගෙ පවුලේ සාමාජිකයන්ගෙනි. මෙම පවුලේ සාමාජිකයින් සිය ජයග්‍රහණ පිළිබඳව පුවත්පත් වලට හා රූපවාහිනී වලට සම්මුඛ සාකච්ඡා ලබා දෙන්නේ මහත් ආඩම්බරයකිනි. එම සම්මුඛ සාකච්ඡාවලින් බොහෝවිට තරඟයේ දී අසන්නට නොලැබුණු රසවත් හා බොහෝ පිරිස් අසන්නට කැමති තොරතුරුද හෙළිවේ. ජයග්‍රහයකයින් ගේ දෛනික ආහාර ප්‍රමාණය ,හා ජල ප්‍රමාණය ඒ අතර යම් විශේෂත්වයක් ගනී.

කඩවසම් කුමාරයෙක් තරගය සඳහා සූදානමින්…

සාමාන්‍යයෙන් එක් රූ රැජිණයක් දිනකට කිලෝ ග්‍රෑම් හැත්තෑ වත් 140 ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා අතර දිනකට ලීටර් 80ක ජල ප්‍රමාණයක් බීමට ගනියි .
මාස හතරක පමණ කාලයක් ඇල්ප්ස් කදු වැටියේ රසවත් ආහාර හා පිරිසුදු ජලය මෙන්ම නැවුම් වාතය භුක්ති විඳී මේ රූප රැජිනියන් හා කඩවසම් කුමරුන් සිය සුන්දරත්වය විදහා පාන අලංකාරතම උත්සවයක් ලෙස ගව ප්‍රදර්ශනය හැඳින්විය හැකිය. මෙමඋත්සවය හැඳින්වෙන්නේ (Viehschau) ෆීආෂවූ ලෙසය.

ගව  ප්‍රදර්ශනයට සූදානම් වීම

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශාල පළාත් වල ඒ ඒ නගර සභා ආශ්‍රිතව ද, කුඩා පළාත්වල පළාත් වශයෙන් ද මෙම ගව ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. පළාතේ පවතින විශාල පිට්ටනියකට තරඟකරුවන් රැස් කෙරෙන අතර දවස පුරා විවිධ අංශ යටතේ තරග පැවැත්වේ.
ගව ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂීම වැදගත්කම වන්නේ ඊට සහභාගී වන තරඟ කරුවන්ට වඩා ඔවුන්ගේ හිමිකරුවන්ට එම උත්සවය   වැදගත් වීමය. එබැවින් තරගය පැවැත්වෙන දිනය කිරි ගොවීන්ට විශේෂිත වන්නාසේම ආතතියක් සහිත දිනයක් බව නොරහසකි. පාන්දරම අවදි වන කිරි ගොවීන්ගේ දවසේ ප්‍රධානතම කාර්යය වන්නේ එදින පෙරවරුවේ පැවැත්වෙන ගව තරගය සඳහා සිය තරගකරුවන් ප්‍රවාහනය කිරීමය . එසේත් නැත්නම් පා ගමනින් රැගෙන යාමය.

ලන්ස්ගෙමයින්ඩ් භූමිය තරගයට සූදානම්….

ග්ලාරුස් පළාතේ මෙම තරගය පැවැත්වෙන්නේ ඓතිහාසික ලන්ස්ගෙමයින්ඩ් භූමියේදීය.(ලන්ස්ගෙමයින්ඩ් යන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතවත් කරමින් අත් ඔසවා ඡන්දය ප්‍රකාශ කිරීමය. ඒ සඳහා ග්ලාරුස් ජනතාව මෙම භූමියට පැමිණෙති ). ගව ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයේ දී මෙම භූමිය ලන්ස්ගෙමයින්ඩය පැවැත්වෙන දිනට වඩා කාර්යබහුලය. එක් පසෙකින් පන්සියයකට ආසන්න ගවයින් හා එළදෙනුන්ය. අනෙක් පසින් ඔවුන් තරඟ සඳහා ඉදිරිපත් කරන විශේෂිත ස්ථානයකි. තවත් පසෙකින් ඔබ මොබ ගමන් කරන නරඹන්නන්ය. මේ සියල්ල කැටි කොට ගත් විට ගව ප්‍රදර්ශන භූමිය එක්තරා ආකාරයකට ඉරිදා පොලක සිරි ගනී .

තරග රටාව
කාණ්ඩ ගණනාවක් යටතේ පැවැත්වෙන තරගවලට විටින් විට තරඟකරුවන් ඒ සඳහා විශේෂයෙන් සැදූ ස්ථානයකට ඔවුන්ගේ අයිතිකරුවන් විසින් රැගෙන එනු ලැබේ. මෙය හුදෙක් තරගයක් පමණක් නොව සාම්ප්‍රදායික උත්සවයක් බැවින් ඇල්ප්ස් ගොවීන් හා ගෙවිලියන් බොහෝ විට පැමිණෙන්නේ සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වලින් සැරසීය.

සම්ප්‍රදායික ඇඳුමින් සැරසී තරගයට සතුන් රැගෙන එන දරුවෙක්

ගවයින් හා එළදෙනුන්ගේ සුන්දරත්වය වඩාත් පැහැදිලිව දැක ගැනීම සඳහා, ඊටම සුදුසුකම් හා පුහුණුවීම් පිරිසක් ගව ප්‍රදර්ශනය විනිසුරුවෝ ලෙස කටයුතු කරති. තරගයේ අපක්ෂපාතී භාවය රැක ගැනීම සඳහා බොහෝවිට විනිසුරුවන් පැමිණෙන්නේ පිට පළාත්වලිනි. එක පෙළකට තබනලද ගවයින් හො එළදෙනුන් දෙස මෙම නිරීක්ෂකයෝ බලා සිටින්නේ සැබෑ රූප රැජිනි තරගයකදී මෙන්ය.

ළමයින්ටත් දුම්පානයට අවසර
මනරම් පියයුරුත් ඇගයීමට ලක් වේ…

සතුන්ගේ ප්‍රමාණය ,හැඩරුව ,ජව සම්පන්න බව ,පියයුරු වල ප්‍රමාණය හා අලංකාරත්වය ,කුරවල අලංකාරත්වය ඔවුන්ගේ තියුණු ඇසට යොමු වන ප්‍රධාන අංගයන් වේ. තරඟයේ ප්‍රධානතම අංගය වන්නේ රූ රැජින තේරීමයි . රූ රැජින එදින කාගෙත් කතාබහට ලක්වන මාතෘකාවක් වන අතර ජනමාධ්‍ය වල ප්‍රධාන ඉලක්කය බවට පත්වේ. ඊට අමතරව කඩවසම් ගවයා, සුන්දර පියයුරු හිමි එළදෙන, යොවුන් එළදෙන, යොවුන් ගවයා, තෝරා ගැනේ .
ජයග්‍රහයකයින් සඳහා හිමි වන ප්‍රධානම තාග්‍ය වන්නේ පිත්තල වලින් නිම කළ විශාල ඝාණ්ටාරයකි. තරඟයේ නම හා තරඟය පැවැත්වූ ස්ථානය, ලබාගත් ස්ථානය එම ගන්ඨාරයේ කොටා තිබේ. මෙම ඝාන්ඨාර බොහෝවිට ඇල්ප්ස් ගොවීන්ගේ ගවගාල් වල එල්ලා තිබෙනු දක්නට ලැබේ. ඒවා ඔවුන්ගේ අමරණීය මතකයන් වන්නාක් මෙන්ම සාඩම්බරත්වයේ සංකේතයක් ද වන්නේය.

සම්මානිත රූප සුන්දරී දෙනක්….

සංචාරක ආකර්ෂණ ඉලක්කයක්

ගව ප්‍රදර්ශනය බොහෝ පළාත්වල විශාල ප්‍රචාරයක් නොදී පැවැත් වුවත්, ඇතැම් ප්‍රදේශවල එය ඉතා උත්කර්ෂවත් අන්දමින් සංචාරකයින් ඉලක්ක කොට පැවැත්වීම සුවිශේෂී ලක්ෂණයකි. ස්විට්සර්ලන්තයේ ඇපන්සල්හි ගව ප්‍රදර්ශනය මේ අතර ප්‍රධාන තැනක් ගනියි.
ගව ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය සඳහා ඇල්ප්ස් ගොවීන් සිය ගවයින් සමග පැමිණෙන්නේ පෙරහැරක් ආකාරයෙනි. අලංකාර සම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු ඔවුහු සිය දරුවන් හා පවුලේ උදවිය සමග මෙම පෙරහැරේ ගමන් කරන්නේ තරමක ආඩම්බරයකිනි. එම දසුන එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාවේ පෙරහරවල ගමන් ගන්නා නිලමේවරුන් සිහිගන්වයි. මග දෙපස රැඳී සිටින ජනතාව හා සංචාරකයින් ඔවුන්ට ගෙන දෙන්නේ මහත් ශක්තියකි. විටින් විට ස්විස් සාම්ප්‍රදායික ජන ගී වලින් නරඹන්නන් ආනන්දයට පත්කිරීමට ද ඇතැම් ගොවීහු අමතක නොකරති .

ළමයින්ටත් දුම්පානයට අවසර

Viehschau
ලබා දුන් අවසරයෙන් දුම් පානයට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින දරුවෙක්…

මෙම ගව ප්‍රදර්ශනයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එදින පළාතේ ළමුන්ට හා තරුනයින්ට කිසිදු බාධාවකින් තොරව දුම්පානය සඳහා අවසරය ලැබීමය. ස්විස් වැසියන්ගේ සාම්ප්‍රදායික උත්සව අතර වැදගත් තැනක් උසුලන මෙම ගව ප්‍රදර්ශනය පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පමණක් අවසන් නොවේ. ඉන් අනතුරුව පැවැත් වන්නේ ජාතික මට්ටමේ රූප සුන්දරියන් තේරීමේ තරගයයි .ඊට පළාත් මට්ටමින් ජයග්‍රහණය කළ තරගකාරියන්, හා තරගකරුවන් ඉදිරිපත් කෙරේ .

ළමයින්ටත් දුම්පානයට අවසර
සම්මානිත ගවයෙක් හා හිමි කරුවන්….

ගවයින්ට යුරෝපයේ හිමි තැන කදිමට කියාපාන මෙම සාම්ප්‍රදායික උත්සවය ජාතික මට්ටමෙන් පමණක් අවසන් නොවන අතර එහි ඊළඟ අදිරය වන්නේ යුරෝපා රූ රැජින තරගයයි. පසුගිය වසරේ මෙම යුරෝපා රූ රැජින තරගය පැවැත්වූයේ බෙල්ජියමේ දීය . ඊට යුරෝපයේ රටවල් පහළොවක් නියෝජනය කරමින් තරගකරුවන් 190 විවිධ කාණ්ඩ යටතේ ඉදිරිපත් වූ අතර ජර්මනියෙන් ඉදිරිපත් කළ තරගකාරිය එහිදී ජයග්‍රහණය කළාය . ඇගේ නම ලේඩි ගගාය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

විස්කි අරන් වතුර දෙන දෙමටගොඩ චමින්දගේ මහා ජාවාරමක් හෙළිවෙයි

Next Post

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.