සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අපායේ අඳුරට අභියෝග කර ස්වර්ගය දිනාගත් නයිජිරියාවේ දිරිය කෙල්ල – ඇවේලේ අයිඩියල්

කුඩම්මා සමහර දාට මුළු ඇඟේම ගම්මිරස් ගෑවා... බඩ ගින්න ඉවස ගන්න බැරිව බල්ලා ඉතිරි කළ බත් කෑවා..., සමහර දාට සිහි නැති වෙනකම් ගුටි කෑවා

by editor
මැයි 14, 2020
in ජීවිතය
awele idea

ඇවේලේ අයිඩියල්

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

නයිජීරියාවේ නොම්මර එකේ රූපවාහිනි රියැලිටි වැඩසටහන බිග් බ්‍රදර් නයිජා (Big Brother Naija ) පසුගිය වසරේ පැවැති සිවුවැනි අදියර නිමාවට පත්වුණේ ආන්දෝලනාත්මක සිදුවීමකින්. මේ තරගය ජයගනු ඇතැයි මුල සිටම අනාවැකි පළවූ 25 හැවිරිදි ටාචා (ඇනිටා නටාචා) අන්තිම මොහොතේ සිය ප්‍රතිවාදිනියක සමග ගැටුමක් ඇති කර ගැනීම නිසා තරගාවලියෙන් ඉවත් කළා. තරගය ජයගත්තේ ඇගේ පහර දීමට ලක්වූ මර්සි නම් වූ ප්‍රතිවාදිනියයි.

‘මගේ අම්මා නැතිවුණේ මීට අවුරුදු ගණනාවකට කළින්. මම හිතුවක්කාර විදිහට, නරක විදිහට හැදුණු ළමයෙක්. අම්මා කෙනෙක් හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑ.‘ තරගයෙන් ඉවත් කිරීමෙන් පසුව රූපවාහිනිය ඉදිරියේ හඬා වැටෙමින් ටාචා කියා සිටියා.

නයිජීරියාවේ ඉහළම සුදුසුකම් ඇති කීර්තිමත් නීතිඥවරියක වන ඇවේලේ අයිඩියල්ගේ සංවේදී හා දුක්බර කතාව දිග හැරෙන්නේ ඉන් පසුවයි.

‘ටාචාට මෙහෙම වුණේ අම්මා කෙනෙක් හිටපු නැති නිසා කියලා  කවුරු කවුරුත් කියනවා ඇහෙද්දී මට හිතෙන්නෙම නරක විදිහට හැසිරෙන්න, නොහික්මුණු විදිහට හැසිරෙන්න ඒක නිදහසට කාරණාවක් ද කියලයි.‘

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් නොනැවතුණු ඇය ඊළඟට කළේ අවුරුදු ගණනාවක් සිතේ ගුලිකරගෙන සිටි සිය ළමා වියේ අසුන්දර කතාව එළිපිටම කියා දැමීමයි.

‘මට ඕන කළේ අම්මලා නැති අනාථ දරුවන් නොහික්මුණු දඩබ්බර අය නෙවෙයි කියලා සමාජයට ඒත්තු ගන්වන්නයි.‘ සිය ජීවිත කතාව දිග හරිමින් ඇය එසේ කීවා.

ඇවේලේ අයිඩියල් ගේ ළමා කාලය

‘මගේ අම්මා මාව දාලා  යද්දි මට මාස 7දි.  මම හැදුණේ තාත්තායි, කුඩම්මයි ළඟ. කුඩම්මා මට කොහෙත්ම ආදරය කළේ නෑ. මම හිටියේ ගෙදර වැඩකාරියක් වගේ.‘

කවුරුත් ආශාවෙන් යළි යළිත් මතකයට නගන ළමා වියක් ඇයට නම් තිබුණේම නෑ. මේ යුවතිය සිය ළමාවිය එහෙම පිටින්ම ගෙවා දැමුවේ දැරියකට විඳිය නොහැකි පුදුමාකාර වේදනාවක් හා පීඩනයක් මැදයි.  මුළුමනින්ම කඳුළු සයුරක ගෙවුණු මේ අසරණ දැරියගේ ජීවිත කතාව බිග් බ්‍රදර් නයිජා මෙන්ම ගැටුමට මුල් වූ ටාචාගේ ජනප්‍රියත්වයක් අබිබවා ඉහළට මතුවුණා.

මේ ඇගේ කඳුළු කතාවයි….

‘මම කුඩම්මාගේ හැම හිංසාවක්ම, පීඩාවක්ම විඳ දරා ගත්තා. සමහර වෙලාවට මම දවස් ගාණක් තිස්සේ  නිරාහාරවයි හිටියේ.  ඇය මට කිසිම ආහාරයක් නොදුන් නිසා මට හිතුනේම දැන් දැන් මාව මැරේවි කියලයි. ඇත්තම කියනවානම් එක අවස්ථාවකදී  මම කුසගින්න ඉවසගන්න බැරිව අපේ බල්ලා ඉතුරු කළ ආහාර කෑමට ගත්තා. මම බල්ලාගේ කෑම කන බව අල්ලපු ගෙදර කොලු ගැටයා දුටුවා. කොලු ගැටයා ඒ ගැන එයාගේ අම්මාට කියලයි තිබුණේ.

එදා හවස ඒ අම්මා මට ඇගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළා. ඒ ගියාම තමන්ගේ පුතා දුටුවාය කියන කතාව ඇත්තද ඇහුවා.

මම කොයිතරම් බය වුණාද කියනවා නම් ඇය ඉදිරියේ වැඳ වැටිලා ඉල්ලුවා ඒ කතාව කුඩම්මාට නම් කියන්න එපා කියලා. කුඩම්මා දැනගත්තොත් මාව මරාවි කියලා. මේ කතාව ඇහුවා විතරයි ඒ අම්මා මාව තුරුල් කරගෙන හඬා වැලපෙන්නට පටන් ගත්තා. ඒ වගේම කුඩම්මාට හොරෙන් හැමදාම මට ආහාර දෙන බවට පොරොන්දු වුණා. අපි ඒ නිවසින් යනකල්ම ඇය ඒ පොරොන්දුව ඉටු කළා.

නිරාහාරව තැබීමෙන් මට දෙන දඬුවම ප්‍රමාණවත් නෑ කියලා හිතලා සමහර දවස්වලට කුඩම්මා මට ඇතිවෙනකල්ම අනුකම්පා විරහිතව පහර දුන්නා.  මම සිහිසුන් වනතුරුම ඇය  ඒ පහර දීම නතර කළේ නෑ.  ඒ විතරක් නෙවෙයි ඇය මගේ යෝනි මාර්ගයට, ඇස්වලට, කිහිලිවලට වගේම බෙල්ලටත් ගම්මිරිස් ගෑවා. කිසිම ආහාරයක් නොදී දවස්  ගාණක් තිස්සේ වැසිකිලියේ මාව ගැට ගහලා තිබ්බා.

ඇත්තම කියනවානම් ඇඳුම් හරියට හෝදන්නේ නැති, පිඟන් හරියට හෝදන්නේ නැති වගේ ළමයෙක් අතින් වෙන්න පුළුවන් සුළු වැරැදිවලටත්  කුඩම්මා මට ගම්මිරිස් ගෑම සතිපතාම වගේ සිද්ධවුණා. ඒක හරියට ඇය දුටුවේ හොරකම් කිරීම, බොරු කීම හෝ ලිංගිකව හැසිරීම වගේ බරපතළ වැරැදි විදියටයි.

මේ අඳුරු ජීවිතය නිසා මම මරණය ඉල්ලලා දෙවියන්ට කන්නලව් කරන්නට පටන් ගත්තා. ඒත් කවදාවත් මරණය මාව හොයාගෙන ආවේ නෑ.

ඒත් මේ වේදනාකාරී අත්දැකීම් තිබියදිත් මම හොඳින් ඉගෙන ගත්තා. වඩ වඩාත් දෙවියන්ට, මිනිසුන්ට ආදරය කරන්න පටන් ගත්තා. මේ අපායෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය සාර්ථක අධ්‍යාපනය බවත් මම දැන හිටියා. ඒ නිසා මම කවදාවත් ඉස්කෝලේ නොගිහින් හිටියේ නෑ.

ඉතින් ඔබට තේරෙනවා නේද…මට හැම අතින්ම මිනිසුන්ට වෛර කරන, ඊර්ෂ්‍යා කරන ඒ වගේම මුරණ්ඩු ජීවිතයක් තමයි උරුම වෙලා තිබුණේ. ඒත් මම ඒ වෙනුවට ධනාත්මක බව, කරුණාව, සාමය හා ආදරය වැළඳ ගත්තා. ඒ වගේ උසස් ගුණාංගවලට නැඹුරු වුණා.

 awele ideal
ඇවේලේ අයිඩියල්

මගේ ජිවිතය සුන්දරයි. මම දැන් ප්‍රීතිමත් කාන්තාවක්. මම දෙවියන් වහන්සේගේ සෙවණේ හැදෙන සාමාකාමී දරුවෙක්. මම හොඳට මහන්සිවෙලා වැඩ කරනවා. මම ලස්සනයි. ඒ වගේම බුද්ධිමත්.

මට මගේ ඉරණම වෙනස් කරගන්න පුළුවන් වුණා නම්, කාත් කවුරුවත් නැති අසරණ දැරියක් විදියට අනාගතයක් ගැන කිසිම හීනයක්, බලාපොරොත්තුවක් නොතිබුණු කාලෙක ඒ හැම දුක් වේදනාවක්ම විඳ දරා ගෙන ජීවිතය දිනන්න පුළුවන් වුණා නම් හැම කෙනකුටම ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

මගේ කුඩම්මා මට කොයිතරම් නපුරු කම් කළත් මට හෙටත් අම්මා එයා. මොකද මම දන්න එකම අම්මා එයා විතරයි. මගේ කුඩම්මා දැන් අප අතරේ නෑ. ඇගේ ආත්මය සමාදානයේ සැතපේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.

මේ දිරිය දියණියගේ කතාව නිමාවට පත්වෙන්නේ එලෙසයි. කෙතරම් නපුරුකම් කළත් ඇය සිය කුඩම්මාට වෛර නොකිරීම ඇගේ උතුම් මානුෂිකත්වයට කදිම නිදසුනක්.

මාපිය සෙනෙහස, මිල මුදල්, අධ්‍යාපනය, සැප පහසුකම් උපරිමයෙන් තිබියදීත් ජීවිතය අකාලයේ විනාශ කරගන්නා තරුණ තරුණියන් අප අතරේ කොතෙක් ද…?

ඇවේලේ මේ කතාව කීවේ එදා රියැලිටි වැඩසටහනෙන් ටාචා ඉවතට විසිවීමේ සිදුවීමෙන් පසුව අනාථ දරුවන් මුරණ්ඩු බවට සමාජයේ පැතිර ගිය ආකල්පය වෙනස් කරන්නයි. එහෙම නොවූණා නම් අඳුරු ජීවිතය එළිය කරගත්තු මේ අපූරු යුවතියගේ කටුක අතීතය සමහර විට කාටත් හොර රහසේම වැලලෙන්නට ඉඩ තිබුණා.

 

Share69Tweet43
Previous Post

ප්‍රභල බුද්ධි තොරතුරු නොසලකා දේශබන්දු පාස්කු ප්‍රහාරයට ඉඩ දිලා

Next Post

කොළඹ ගම්පහ ඇඳිරි නීතිය යළිත් දීර්ඝයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.